ජීවීන් වර්ගීකරණය සහ නාමකරණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Biogeographic timetable of Madagascar - journal.pone.0062086.g003.png

මිහිතලය මත වු ජිවින් අතර අතිමහත් වු විවිධත්වයක් පවති. ඔවුන් එකිනෙකා සෛල සංඛ්‍යාවෙන්, සෛල සංවිධානයෙන්, බාහිර රූපකායෙන්, ව්‍යුහමය සැකැස්මෙන් පමණක් නොව ප්‍රවේණික ද්‍රව්‍යයේ සහ අණුක සැකැස්මෙන්ද එකිනෙකට වෙනස්වේ.

මේ අකාරයේ විවිධත්වයක් ජිවින් අතර පවත්නා හෙයින් ඔවුන් පිළිබඳ අධ්‍යයනය කිරිමට මනාව සකස්කරන ලද වර්ගීකරණයක් අවශ්‍යය වේ. ජිවි වර්ගිකරණය කිරිම සදහා

  • කෘතිම වර්ගීකරණ ක්‍රම
  • ස්වාභාවික වර්ගීකරණ ක්‍රම
  • වර්ගීකරණ ධුරාවලි

භාවිත කරනු ලබයි.

එකම ජිවියකු සදහා ලෝකයේ විවිධ තැන්වල මෙන්ම එකම රටක විවිධ ප්‍රදේශවලද වෙනත් නාමයන් භාවිත කිරිම නිසා ජිවින්ගේ අනන්‍යතාවය පිළිබඳ ගැටලු මතු වි තිබේ. එවන් ගැටලු මඟ හරවා ගැනිම සදහා සියලුම ජිවින්ට පොදු වු පද 2කින් යුත් අන්තර්ජාතික නාමකරණයක් හදුන්වා දෙනලදි. මෙය ද්විපද නාමකරණය ලෙස හදුන්වයි.

ද්වීපද නාමකරණය[සංස්කරණය]

විද්‍යාවේ හා ජීව විද්‍යාවේ දියුණුව හා දැනුම පුඵල් වීමත් සමග විවිධ විද්‍යාඥයින්, උද්භිද විද්‍යාඥයින් හා සත්ත්ව විද්‍යාඥයින් නාමකරණ හා වර්ගීකරණ සඳහා වෙනස් වූ ක්‍රම භාවිත කළහ. 18 වන ශත වර්ෂය දක්වා බොහෝදුරට බහුපද නාමකරණයක් භාවිත විය. ලොව පුරා පිළිගත් ද්වීපද නාමකරණ පද්ධතිය කැරොලස් ලිනේයස් (1707 - 1778) විසින් යෝජනා කරන ලද්දකි.

ජීවියකුගේ නාමය කොටස් දෙකකින් යුක්ත වේ.

ප්‍රථම කොටස ගණ නාමය වන අතර දෙවන කොටස සුඵ නාමය වේ. ගණ නාමය බොහෝවිට නාමපදයක් වන අතර සුඵ නාමය යම් ලක්ෂණයක් විස්තර කරන විශේෂණ පදයක් වේ.
නිදසුන් :- Homo sapiens - Homo යනුවෙන් හඳුන්වන්නේ මිනිසා වන අතර sapiens යනු බුද්ධිමත් බවයි.

එකිනෙකට බන්ධුතා දක්වන ජීවීන්ට එකම ගණ නාමය සමග වෙනස් වූ සුඵ නාම යෙදේ.
නිදසුන් :- Dipterocarpus zeylanicus හා Dipterocarpus grandiflorus -

  • Dipterocarpus zeylanicus - යනු පියාපත් දෙකක් සහිත ඵල හා ශ්‍රී ලංකාවේ හමු වූ යන්නයි.
  • Dipterocarpus grandiflorus - යනු පියාපත් දෙකක් සහිත ඵල හා විශාල පුෂ්ප සහිත වූ යන්නයි.

වර්ගීකරණ පද්ධති[සංස්කරණය]

මුල් කාලීන වර්ගීකරණ පද්ධති සියල්ල කෘත්‍රිීම වර්ගීකරණ පද්ධති වේ. බහුලව මේවා මිනිස් භාවිත අනුව සැකසුනි. ජීවීන් විද්‍යාත්මක ව වර්ගීකරණය කළ පළමු තැනැත්තා වන්නේ ඇරිස්ටෝටල් ය. ඔහු ජීවීන් ශාක හා සතුන් ලෙස වර්ගීකරණයකළේය. සතුන් තවදුරටත් විවිධ නිර්ණායක එනම්, සංචරණ විධි, ප්‍රජනන විධි, රතු රුධිර සෛල ඇති නැති බව ආදියට අනුව වර්ග කරන ලදී. එලෙසම ඇරිස්ටෝටල්ගේ ශිෂ්‍යයකු වන තියොප්‍රැස්ටස් විසින් විලාසය අනුව ශාක වර්ගකරන ලදී.

නිදසුන් :ගස්, පඳුරු හා පැලෑටි ලෙස සහ ජීවන කාලය අනුව (වාර්ෂික හා ද්විවාර්ෂිකහා බහුවාර්ෂික.)

ලිනේයස් ගේ කාලය තෙක් විද්‍යාඥයින් විවිධ ක්‍රම භාවිත කළහ. ස්වීඩන් ජාතික උද්භීද විද්‍යාඥයකු වන කැරොලස් ලිනේයස් (1753) ද්විපද නාමකරණය හඳුන්වා දුන් අතර ඔහු ශාක 6000ක් පමණ තක්සෝන ධූරාවලියකට අනුව වර්ගකරන ලදී. එනම් විශේෂය, ගණය, ගෝත්‍රය හා වර්ගය ලෙසය. සපුෂ්ප ශාකවර්ගීකරණයේ දී ඔහු පුෂ්පයක අඩංගු රේණු හා කීල ගණන පදනම් කර ගත්තේ ය. ඔහු ශාක හා සත්ව යන ජීවි රාජධානි දෙකක් හඳුනා ගත්තේ ය.ක‍ෂුද්‍රජීවීන් සොයා ගැනීමත් සම`ගම ඔවුන් ශාක හෝ සතුන් ලෙස වර්ගීකරණය කළනො හැකි බව විද්‍යාඥයෝ තේරුම් ගත්හ. මෙම ගැට`ඵව විසඳා ගැනීම සඳහා අර්නස්ට් හේකල් (1866) තුන් වන රාජධානියක් හඳුන්වා දුන්නේ ය. එනම් ප්‍රෝටිස්ටා රාජධානිය යි. තවද ඔහු වංශය යන තක්සෝනය හඳුන්වා දීබොහෝ ජීවීන් වර්ගීකරණය කළේය.

ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ සොයා ගැනීමත් සමග ජීව විද්‍යාඥයින් විසින් ප්‍රාග්න්‍යෂ්ටික හා සුනන්‍යෂ්ටික ෙසෙලීය සංවිධාන, හඳුනා ගන්නා ලදී. රොබට් එච්. විටෙකර් (1969), රාජධානි පහේ වර්ගීකරණය හඳුන්වා දුන්නේය. එම රාජධානි පහ,

  1. මොනෙරා
  2. ප්‍රෝටිස්ටා
  3. දිලීර
  4. ප්ලාන්ටේ
  5. ඇනිමාලියා ය.

ඔහුගේ වර්ගීකරණයෙ සෙලීය සංවිධානය, ඒක ෙසෙලික බහුෙසෙලික බව, පෝෂණ විධි මත පදනම් විය.