ජැක්සනියානු ප්‍රජාතන්ත්‍රවාදය

විකිපීඩියා වෙතින්
තෝමස් සලි විසින් 1824දී නිර්මාණය කෙරුණු ඇන්ඩෲ ජැක්සන්ගේ ආලේඛ්‍ය චිත්‍රයක් .

ජැක්සනියානු ප්‍රජාතන්ත්‍රවාදය යනු ඇමරිකානු දේශපාලනඥ ඇන්ඩෲ ජැක්සන් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් නියෝජනය කෙරුණු හා පොදු ජනතාවට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදය ලඟා කර දීම සඳහා වු දේශපාලන ව්‍යාපාරයකි. පූර්ව දේශපාලන යුගය තුල බලපැවැත්වූ ජෙෆර්සනියානු ප්‍රජාතන්ත්‍රවාදය පැවති යුගයට අනතුරුව ජැක්සන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් විය. ජෙෆර්සනියානුවන්ගේ ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පක්ෂය 1820 ගණන් වලදී බිඳී යෑමට පටන් ගති. ජැක්සන්ගේ අනුගාමිකයන් විසින් නූතන ඩිමොක්‍රටික් පක්ෂය පිහිටුවා ගැනීම ඇරඹිනි; ඔවුන් ගැටුම් ඇති කර ගත්තේ විරුද්ධවාදී ඇඩම්ස් සහ ජැක්සනියානු-විරෝධි කොටස් සමග වූ අතර, එම කොටස් විගසින් විග් වරු ලෙසින් ඒකාබද්ධ වූහ.

වඩාත් පුළුල් ලෙසින් ගත් කල, දෙවන පක්ෂ ක්‍රමය (1830 ගණන් වල මැද භාගය–1854) කාලසීමාව මෙම පදයෙන් අදහස් වන්නේ, එම යුගයේ භාවාර්ථය ලෙසින් ප්‍රජාතන්ත්‍රවාදී ආකල්ප පැවතුනු නිසාය. ජෙෆර්සනියානු ප්‍රජාතන්ත්‍රවාදයෙහි ගති ලක්ෂණ හා සමග සැසඳූ කල මෙහි පැහැදිලි වෙනස්කම් දැකිය හැකි විය. ප්‍රභූ පිරිස් විසින් රාජ්‍ය පාලනයේ "ඒකාධිකාරයක්" පවත්වා ගෙන යෑම යැයි ඔහු විසින් සඳහන් කල දේ නිමා කිරීම හා සමගම ජැක්සන්ගේ තුලිත දේශපාලන ප්‍රතිපත්තිය "ජැක්සනියානු ප්‍රජාතන්ත්‍රවාදය" ලෙසින් හැඳින්වීම ඇරඹිණි. පරවේණි ප්‍රභූන් කෙරෙහි ජෙෆර්සනියානුවන්ගේ විරුද්ධත්වය පලවුවද අධ්‍යාපනය ලද්දන් කෙරෙහි ඔවුන් වැඩි රුචිකත්වයක් දැක්වූ අතර ජැක්සනියානුවන් අධ්‍යාපනයට එතරම් බැරක් නොයෙදුහ. පාසැල් හා විද්‍යාල සඳහා ප්‍රමුඛතාවය දැක්වීම අතින් සැලකූ කල ජේෆසර්නියානු ප්‍රජාතන්ත්‍රවාදයෙහි උරුමක්කාරයන් ලෙසින් විග් වරුන් සැලකිය හැකි වෙයි.[1] ජැක්සනියානු යුගය තුලදී, සමස්ත (පමණ) සුදු පුරුෂ වැඩිහිටි පුරවැසියන් ආවරණය වන පරිදි ඡන්ද බලය ව්‍යාප්ත කෙරිණි.

ජෙෆර්සනියානු යුගයට හාත්පසින්ම විරුද්ධ අයුරින් ක්‍රියා කල ජැක්සනියානු ප්‍රජාතන්ත්‍රවාදය විසින් කොංග්‍රස් මණ්ඩලයෙහි බලය අඩු කරමින් ජනාධිපතිගේ හා විධායක කොටසෙහි බලය ඉහළ දැමූ අතරම රාජ්‍ය පාලනය තුල මහජන සහභාගිත්වය පුළුල් කිරීමට යත්න දැරීය.

සටහන්[සංස්කරණය]

  1. Mark Groen, "ද විග් පාටි ඇන්ඩ් ද රයිස් ඔෆ් කොමන් ස්කූල්ස්, 1837–1854," ඇමරිකන් එඩියුකේෂනල් හිස්ට්‍රි ජර්නල් වසන්තය/ගිම්හානය 2008, වෙළුම. 35 නිකුතුව 1/2, පිටු 251–260