ජානක පෙරේරා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මේජර් ජෙනරාල්

කේ.ජනක සී.පෙරේරා

RWP,RSP,VSV, USP
Janaka Perera 1.JPG
උතුරු මැද පලාත් සභාවේ විපක්ෂ නායක
හිටපු ශ්‍රි ලංකා ඔස්ට්‍රෙලියා මහ කොමසාරිස් සහ ශ්‍රි ලංකා ඉන්දුනීසියා තානාපති
Personal details
උපතපෙබරවාරි 1, 1946(1946-02-01)
මරණයOctober 6, 2008(2008-10-06) (වයස 62)
අනුරාධපුර, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රි ලංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
දරුවන්දනුක්ෂි,ෂෙහාරා සහ අශන්ත
උගත් ශාස්ත්‍රාලයපානදුර සිරිල් ජෑන්ස් විද්‍යාලය,කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය,පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය
රැකියාවහමුදා නිලධාරි,දේශපාලනඥ
වෘත්තියමිලිටරි
සම්මානරණ වික්‍රම පදක්කම
රණශූර පදක්කම
විශිෂ්ට සේවා විභූෂණ
උත්තම සේවා පදක්කම
විදේශ සේවා පදක්කම
හමුදා සේවය
පක්ෂපාතිත්වයශ්‍රී ලංකාව
සේවය/ශාඛාවයුද්ධ හමුදාව
සේවා වසර1966-2001 (වසර 35 ක් )
අනුස්ථීතියමේජර් ජෙනරාල්
ඒකකයකොමාන්ඩෝ ‍රෙජිමේන්තුව
ශ්‍රි ලංකා ඉංජීනේරු බල ඇනිය
ආඥාපතිත්වයවැලිඔය ප්‍රදේශ ආඥාපති
කොමාණ්ඩෝ රෙජිමේන්තුවේ ආඥාපති
53 සේනාංකාධිපති
51 සේනාංකාධිපති
මින්නේරිය 23 සේනාංකාධිපති
යුද්ධ/සටන්1971 ජ.වි.පෙ කැරලි කෝලාහලය
1987-89 කැරලි කෝලාහලය
ශ්‍රි ලංකා සිවිල් යුද්ධය

මේජර් ජෙනරාල් කේ. ජනක සී. පෙරේරා උපන් දිනය - 1946 පෙබරවාරි 1 දෙමාපියන් - පියා ආතර් පෙරේරා මව මෙවිස් දිසානායක. පාසල - පානදුර සිරිල් ජෑන්ස් විද්‍යාලය. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය. විෂය බාහිර ක්‍රියා - රගර් කණ්ඩායමේ නායකත්වය. ශිෂ්‍ය භට කණ්ඩායම නියෝජනය.්‍ අධ්‍යාපනය - ගණිත අංශයෙන් උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරීම. විවාහය - 1983 බිරිය - වජිරා පෙරේරා (යුධ හමුදා කාන්තා බළකා ලුතිනන්වරියකි) දරුවන් තිදෙනයි - වැඩිමහල් දියණිය දනුක්ෂි, මද්දුමිය ෂෙහාරා, පුත්‍රයා අශන්ත. ශ්‍රීලංකා යුද්ධ හමුදාවට ඇතුලත් වූ දිනය - 1966.12.20 බඳවාගැනීම් අංකය:කැඩෙට් 0/50478 මූලික පුහුණුව - රාජකීය සෑන්ඩස් මිලිටරි ඇකඩමිය එංගලන්තය පළමු කාරක රෙජිමේන්තුවට. දෙවැනි ලුතිනන්වරයෙක් වීම - 1968.12.19 ලුතිනන් වරයෙක් වීම 1970.06.19 කපිතාන්වරයෙක් වීම 1976.06.19 මේජර්වරයෙක් වීම 1977.11.15 ලුතිනන් කරනල්වරයෙක් වීම 1986.05.01 කර්නල් ධූරයට පත්වීම 1988.12.26 බ්‍රිගේඩියර් ධූරයට පත්වීම 1994.06.01 මේජර් ජනරාල් ධූරයට පත්වීම 1996.04.15 යුධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී 1999.04.23 යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී 2000.06.15 ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති (2007 අප්‍රේල් දක්වා) රණ වික්‍රම (R.W.P) රණශූර (R.S.P) විශිෂ්ට සේවා විභූෂණ (V.S.V) උත්තම සේවා පදක්කම (U.S.V) පූර්ණ භූමි පදක්කම රිවිරැස පදක්කම වඩමාරච්චි පදක්කම උතුරු නැඟෙනහිර මෙහෙයුම් පදක්කම. ශ්‍රී ලංකා හමුදා සේවා පදක්කම (1972) ශ්‍රී ලංකා හමුදා මෙහෙයුම් පදක්කම දීර්ඝ සේවා පදක්කම (1979) ජනාධිපති ප්‍රදානය (1978) ඇතුළු යුද හමුදා පදක්කම් රැසක් දිනා ඇත.

යුද හමුදාවේ දැරූ තනතුරු[සංස්කරණය]

  • දියතලාව යුධ හමුදා විද්‍යා පීඨයේ ප්‍රධාන පුහුණු උපදේශක (1980)
  • පළමු කාර්ය ඉංජිනේරු රෙජිමේන්තුවේ අණ දෙන්නා (1989)
  • අතිරේක ප්‍රහාර බලකායන්හි ප්‍රධාන අණ දෙන්නා (1989 දෙසැම්බර්)
  • වැලිඔය ප්‍රදේශ ආඥාපති (1995 මැයි)
  • කොමාණ්ඩෝ රෙජිමේන්තුවේ ආඥාපති (1996 අප්‍රේල්)
  • 53 සේනාංකාධිපති (1996 අගෝස්තු)
  • 51 සේනාංකාධිපති (1996 දෙසැම්බර්)
  • මින්නේරිය 23 සේනාංකාධිපති (1998 පෙබරවාරි)
  • උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ධූරයට පත්වීම 2008 අගෝස්තු 24


කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1966දී යුද හමුදාවට බැඳුනු ජානක පෙරේරා 1968දී දෙවන ලුතිනන් තත්ත්වයට උසස් වීම ලැබීය. මේ අයුරින් උසස්වීම් ලබමින් ඉහලට ගිය ඔහු විශ්‍රාම යනවිට වසර 35ක කාලයක් තම සේවය රට වෙනුවෙන් ඉටු කර තිබුනේය. මෙසේ දශක තුනකටත් අධික කාලයක් රට වෙනුවෙන් සේවය කළ එතුමා විශ්‍රාම ලබන අවධිය වනවිට හමුදාවේ ලැබිය හැකි ඉහළම තනතුරක්වන මේජර් ජනරාල්වරයෙකුව ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්ව සිටියේය. 3වන ඊලාම් යුද්ධයේදී යාපනය මුදා ගැනීමේ අරමුණින් සිදු කළ රිවිරැස මෙහෙයුමට බ්‍රිගේඩියර්වරයෙකු වශයෙන් තම දායකත්වය ලබා දුන් ඔහු මෙහෙයුම සාර්ථකව නිමා කළේ, රත්නවික්‍රම,රණශූර විශිෂ්ට සේවා විභූෂණ හා උත්තම සේවා පදක්කම්වලින් පුද ලබමිනි. ත්‍රස්තවාදීන් 503කට මරු කැඳවමින් ජයග්‍රාහීව අවසන් කළ ඵේතිහාසික 1997 ජූලි 27 වැලිඔය මුදාගැනීමේ සටනේ ගරුත්වය හිමිවන්නේද ජානක පෙරේරාටය. කොටි ත්‍රස්තවාදීන් ජානක පෙරේරා යන නමට වෛර බැඳීමටද හේතුව මෙම සටනය. ත්‍රස්තවාදීන් 503ක් ඝාතනයක කළ මේ සටනේදී අහිමිවූයේ සෙබළුන් 2ක් පමණි.

එමෙන්ම සිය හමුදා දිවියේ ශත පහක්වත් සොරකම් නොකර විශ්‍රාම ලැබූවෙකි ජානක පෙරේරා යනු. හමුදා දිවියේද ආශ්චර්යයක්ම වූ ජානකගේ දිවියේ ආරම්භයත් මහා ආශ්චර්‍යක්ම විය. ඔහු මව්කුස සිටි ඒ අවධියේ මේවිස් දිසානායක මහත්මියට ප්‍රථිකාර කිරීමට වෛද්‍යවරයෙකුද සිටියේය. එවන් පහසුකම් එකල සියල්ලන්ටම තිබුණේ නැත. ආතර් සහ මේවිස් යුවල සිය තෙවැනි දරුවා දැකීමේ බලාපොරොත්තුවෙන් සිටි එදවස උදාවිය. එහෙත් ඇයට ප්‍රථිකාර කළ වෛද්‍යවරයා පවා නොදැනුවත්ව යමක් සිදුවී තිබුණි. ඒ කාරණය නම්, මේ සිදුවන්නට යන්නේ එක්දරු උපතක් නොව නිවුන් දරු උපතක් බව ඔහු නොදැන සිටීමය. එහෙයින් පළමු බිළිඳා ලැබුණු පසු අත සේදීමට වෛද්‍යවරයා ගිය මොහොතේදී මේවිස් මහත්මිය ලඟ සිටි වින්නඹු මාතාව දුටුවේ තවත් දරු උපතක පෙරනිමිතිය. මේ ආරංචිය කන වැකුණු විගස වෛද්‍යවරයා වහා පැමිණ දෙවැනි දරුවාට මෙලොව එළිය දැකීමට සැලැස්වූවේය. එහෙත් වෛද්‍යවරයා පැවසූවේ හැඬීමටවත් ශක්තියක් නොමැතිවූ ඒ බිළිඳා ජීවත්වන්නේ සතියක් බවය. එහෙත් මහා පෙළහරක් කරමින් ඒ බිලිඳා මරුවා හා සටන් කොට ජීවත්වීමේ අයිතිය ජයගත්තේය. රටම ඔහු හඳුනන්නේ ජානක කියාය. එහෙත් දෙමව්පියෝ ඔහුට තැබූ සැබෑ නම ජනක වෙයි. පානදුර මඩකුඹුර සිය ජන්ම භූමිය කරගත් ජානකගේ මුල්ම තක්ෂිලාව වන්නේ ජෑන්ස් විදුහලය. පසුව ඔහු කොළඹ ශාන්ත ජෝශප් විදුහලට ගියේය. පාසල් වියේ අධ්‍යාපනයට මෙන්ම රග්බි සහ මලළ ක්‍රීඩාවලටද ඔහු දැක්වූයේ ඉතා දක්ෂ කමකි. ක්‍රීඩා පමණක් නොව අධ්‍යාපනයේද අතිසමර්ථයෙකුවූ ඔහු පේරාදෙණිය සරසවියේ, ඉංජිනේරු පීඨයට යෑමට සමත්වන්නේ, ඒ විශිෂ්ට අධ්‍යාපන කුසලතාවන්හි ප්‍රතිඵලයක් ලෙසිනි. ඉංජිනේරුවෙකු වීමට මාර්ගය පෑදුනද, එකල පැවති සිසු අරගල හමුවේ විශ්ව විද්‍යාල වැසීම නිසා, ඔහු යලි සිය ගම බලා පැමිණියේය. මේ සිද්ධිය නිසා ගමට වී කාලය නිකරුණේ ගතකිරීමට ඔහුට සිදුව තිබුණි. එය දුටු ඔහුගේ පියා තම සමාගමට පැමිණ, එහි සේවය කරනලෙස ඔහුට උපදෙස් දෙන ලදී. ඔහුගේ පියාගේ සමාගම වූයේ ලංකාවේ ප්‍රථම ජෑම් නිපදවන සමාගම වූ කේ.ඩබ්ලිව් සන්ස් ආයතනයය. එහි සේවය කිරීමට යන මුල්ම දිනයේදී, ඔහු ලකලැහැස්ති වූයේ ගෙලවටා ටයිපටියකුත් දමාගනිමින්ය. එහෙත් පියාගේ විධානය මත එය ගැලවීයන්නේ ඔහු මවිත කරවිමිනි. ඉක්බිති කාර්යාලයට පැමිණි ඔහුට ලැබුණු තනතුර වූයේ කාර්යාල සේවක කමය ! දහවල් ආහාරය ගැනීම සඳහා විධායක ශ්‍රේණියේ කෑම කාමරයට ගිය ඔහුට සිය පියා පැවසූවේ පියන් තනතුර දරන්නන්ට මෙහි පැමිණීමට අවසර නොමැති බවය. තාත්තාගේ කම්පැණිය වූවත් පියන් කෙනෙකු වූ නිසා ඔහුට එහි සිට ආහාරය ගැනීමට ඉඩ ලැබුනේ නැත‍. දුක් මහන්සියෙන් උපයන මුදලේ ඇති වටිනාකම එයින් ඔහුට තව තවත් පැහැදිලි විය. කෙසේ වූවද එම රැකියාව ඔහුගේ සිත් ගත්තේ නැත. එක් දිනෙක සමාගමට ගෙනා ඉංග්‍රීසි පුවත් පතක් කියවමින් සිටි ජානකගේ ඇස නතර වූයේ හමුදාවට ආධුනික කැඩෙට් නිලධාරීන් බඳවාගන්නා බවට පල කර තිබූ දැන්වීමක් ලඟය.

ඉන් අනතුරුව සිය මෑණියන්ගේ ආශිර්වාදය සහ පියානන්ගේ දැඩි විරෝධය මධ්‍යෙය් ඔහු හමුදාවට එක්වූවේය. ඒ 1966.12.20 ය. 71 කැරැල්ල සමයේදී ජානක ලුතිනන් වරයෙකි. ලුතිනන්වරයෙකු ලෙස, කැරැල්ල දරුණුවටම පැවති ඇල්පිටියට ගිය ඔහු, කැරැල්ල මැඩපවත්වා. ජවිපෙ ප්‍රාදේශීය නායක රත්නසිරිවද ජීවග්‍රහයෙන් අල්වාගත්තේය. පොලීසියට ඕනෑවූයේ රත්නසිරිව ඝාතනය කිරීමටය. එහෙත් ලුතිනන් ජානකගෙන් එයට ඉඩක් ලැබුනේ නැත.

එසේ ජානකගෙන් අභයදානය ලද රත්නසිරි හමුදා අත්අඩංගුවේ පසුවන විට, රත්නසිරිගේ බිරිඳ පුතෙකු බිහිකර තිබුණි. එය දැනගත් ජානක, තමාගේ මුදලින්ම තෑගිබෝගත් රැගෙන රත්නසිරිව තම වාහනයට නංවාගෙන ඇය සිටි ගිණිදුම දක්වා ගියේය. රත්නසිරි දුටු ඔහුගේ බිරිය බොහෝ වෙලාවක් ඔහුව වැලඳගෙන හැඬුවාය. අනතුරුව ජානක දෙසට හැරුණු කැරලි නායකයා පැවසූයේ “සර් මම මගේ පුතාට ජානක කියලා නම දානවා කියාය.” මේ සිද්ධිය වන තුරුම, රත්නසිරිගේ බිරිඳ, ඥාතීන් ඇතුළු සියල්ලන්ම සිතා සිටියේ ඔහු ඝාතනය කර ඇතැයි කියාය. එසේ බලාපොරොත්තු හැර දමා සිටි අවස්ථාවක, තම සැමියා අනපේක්ෂිතලෙස දුටු විට ඇයට ඇතිවූ හැඟීම කෙබඳුදැයි සිතාගැනීමට නොහැක. ජානක පෙරේරා යනු එවැනි උතුම් මිනිසෙකි. ජානක යන නාමය සමග ගසට පොත්ත සේ බැඳී පවතින නාමයි වැලිඔය. වැලිඔය නම් ජානක යන පටබැඳීමට හේතුව ඇති ඉතිහාසය දන්නෝ ස්වල්පයකි. ඒ නිසා එය මෙසේ ගෙනහැර දක්වමු. ගාමිණී දිසානායක මහතා මහවැලි ඇමතිව හුන් සමයේ වැලිඔය හමුදා සම්බන්ධීකරණ නිලධාරියාවූයේ ජානක පෙරේරාය. ඉංජිනේරු රෙජිමේන්තුවේ අයෙකු වූ නිසා සංවර්ධනය පිළිඹඳ ඔහුට තිබූ දැණුම උපයෝගී කරගෙන ඔහු වැව් 7ක් අළුතින් ගොඩනැගීය. ගම් සංවර්ධනය කළේය. ඒ අයුරින් එකල මහවැලිය යටතේ එහි ගොඩනැගූ අවසාන ජනපදයට රජයේ නිලධාරීන් දුන්නේ ඇමතිවරයාගේ නමය. ඒ නිසා ගමට දැමූ නම වූයේ “ගාමිණීපුර” කියාය. ගම විවෘත කරන දවසේ, ඇමතිවරයා පැමිණ, සමරු ඵලකය විවෘත කරන විට. අපූරු යමක් සිදුව තිබිණ. ගැමියෙකු විසින් අඟුරු කැබැල්කින් ගාමිණීපුර යනුවෙන් ලියා තිබූවට උඩින් ජනකපුර යනුවෙන් ලියා තිබුණේය. මේ විපර්යාසය ගැන විමතියට පත්වූ ඇමතිට ගම්මුන්ගෙන් පිළිතුරු ලැබිණි. “ගම හැදුවේ ජානක පෙරේරා මහත්තයායි.” ඒ කතාව ඇමතිවරයා පිළිගත්තේය. ඔහුගේ නාමය ඵලකයටම සීමා විය. ජනකපුර යනුවෙන් එය ආණ්ඩුවේ පොත්පත්වලද ලියැවිණි. පසු කාලෙක රාජ උදහසට ලක්ව දඬුවම් මාරුවක් ලබා, ඔහු නැවත වැලිඔයට පැමිණ සිටියේය. එහිදීය 95.ජූලි.27 කොටි ප්‍රහාරය එල්ලවූයේ. ඒ අවස්ථාවේදී, ජානක පෙරේරාගේ නායකත්වය යටතේ හමුදා සෙබළුන් මහා විස්කම් පෑහ. කොටි 503ක් මරා දැමීමට ඔවුන් සමත්ව තිබිණි. මෙය ඊලාම් යුද්ධයේ අප ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණයයි. මන්ද යත් මේ සටනේදී අප පාර්ශවයෙන් මිය ගොස් සිටියේ සෙබළුන් දෙදෙනෙකු පමණක් බැවිණි.

ඔහුගේ ශක්තියෙන් පෑ පෙළහර එතනින් කෙළවර නොවේ. 93 නැගෙනහිර බලය යලි අත්පත් කරගැනීම සඳහා ලකී අල්ගම හා සටනට පෙරමුණගත්තේ ජානකය. නැගෙනහිර ජයග්‍රහණයෙන් පසු යාපනය ජයගැනීමට අප සිදුකළ රිවිරැස මෙහෙයුමේදී, හමුදාවේ ප්‍රබලම ප්‍රහාරක සේනාංකයවන 53 සේනාංකයට අණ දුන්නේ ජානකය. ඒ බ්‍රිගේඩියර්වරයෙකු වශයෙනි. ඔහුගේ නායකත්වයෙන් 93.12.02 යාපනය අත්පත් කරගන්නේද 53 සේනාංකයය. ජානකගේ අවසන් මෙහෙයුම ගැනත් සඳහනක් නොකර බැරිය. මිනිස් රැළි ප්‍රහාර එල්ල කරමින් කොටි අලිමංකඩ 54 සේනාංකය වනසා දමා යාපනය සිටි තිස්පන්දහසක සෙබළුන් ජීවිතක්ෂයට පත්කිරීමට සැලසුම් කළ මොහොතේ, එවකට ජනාධිපතිනියගේ මතකයට ආවේ ජානකය. හමුදා මූලස්ථානයේ පසෙකට කර සිටි ජානක යළි කරලියට එන ලදී. මෙහොතකින් ඔහු ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති බවට පත්කෙරුණි. ඒ සමගම යාපනය ආඥාපති ලෙස සරත් ෆොන්සේකා මහතා පත් කෙරුණි. ‍ “අපි එකා මෙන් නැගිට සටන් කරමු. එසේ නැතිනම් මාගේ ඇටකටුද යාපනය පොළොවට පොහොර වීමට ඉඩ දෙමි” යයි ඔහු සිංහනාද කළේය. ජානක පෙරේරා, සරත් ෆොන්සේකා සුසංයෝගයෙන් බලගැන්වුණු හමුදා සෙබළු කොටි මුහමාලේට පලවා හැර යාපනය රැකගත්හ. පසු කළෙක කොමාන්ඩෝ පුහුණුවද ලැබූ ඔහු, කොමාන්ඩෝ භටයෙකුද විය. එහෙත් ඔහුගේ හැඩි දැඩි බාවයට යටින් තිබුනේ මෘදු නිහතමානී බාවයයි. එය මැනවින් දර්ශණයවූ අවස්ථාවකි රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීම හා බැඳුනු සිද්ධි දාමය. උලපනේ ශාන්ත මේරි වතුයායේ සැඟවසිටි විජේවීර අත්අඩංගොඩ ගත්තේ ජානක පෙරේරා විසිනි. පොලීසියට ඕනෑ වූයේ විජේවීර මරා දැමීමටය. එහෙත් ජානකගෙන් එයට ඉඩක් නොලැබින. ඔහු තමා විසින්ම වතුයායේ සිට කොළඹ දක්වා විජේවීර රැගෙන ආවේය. ඒ වෙනතුරු තමා රැගෙන ආවේ කවුදැයි රෝහණ විජේවීර දැනසිටියේ නැත.

කොළඹට පැමිණි පසු විජේවීර මෙතෙක්කල් තමා භාරව හුන් නිලධාරියා අමතා තමාව, මේජර් ජෙනරාල් ලකී අල්ගම නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ හා කර්නල් ජානක පෙරේරා යන නිලධාරීන් තිදෙනාගෙන් හැර ඕනෑම අයෙකුට භාර දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ මොහොතේ ජානක මෙතෙක් වේලා විජේවීර භාරව සිටි තමා කවුදැයි හඳුන්වා දුන්නේය. ජානකගේ ජීවිත කතාව මෙතෙකින් ලියා නිම කළ නොහැක. ඒ කතාව කියා හමාර නැත. මතු සබැඳිය.



  • පාදඩ "දේශපාලනයේ" තවත් එක් ගොදුරක් වූ දක්ෂ සටන්කාමියා-මේජර් ජෙනරාල්-ජානක පෙරේරා-(1946.02.01-2008.10.06).-(Y.W.B).
=========================================[සංස්කරණය]
  • පුද්ගලික විස්තර(සිවිල් තොරතුරු).
==============[සංස්කරණය]
  • 1946 පෙබරවාරි 1දා මෙලොව එළිය දුටු ජානක පෙරේරා මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හැදෑරීය.
  • ඉගෙනීමෙහිලා දක්ෂයකු වූ ජානක පෙරේරා කලා අංශයෙන් උසස් පෙළ සමත්වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා උපාධිය හැදෑරීමට වරම් ලැබුණද විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස ඔහුගේ සිත වඩාත් ඇදී යන්නේ විශ්වවිද්‍යාල දිවියට නොව හමුදා දිවියටයි.
  • හමුදා දිවිය(රාජකාරි තොරතුරු).
============[සංස්කරණය]
  • 1966දී තම විශ්වවිද්‍යාල දිවියට තිත තියන ජානක පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවට එකතු වන්නේ කැඩෙට් නිලධාරියකු ලෙසයි.
  • එංගලන්තයේ සුප්‍රකට සෑන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියෙන් (Royal Military Academy of Sandhurst) සිය පුහුණුව ලබන ජානක පෙරේරා දෙවන ලුතිනන්වරයකු ලෙස පළමුවන ඉංජිනේරු ක්ෂේත්‍ර බලකායට අනුයුක්ත කෙරිණි.
  • බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අධ්‍යයනයන් සම්බන්ධ රාජකීය කොලීජියෙන් (Royal College of Defence studies) මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා විද්‍යාපීඨයෙන් ඔහු ශිල්ප තර කරගන්නා ලදි.
  • දෙවන ලුතිනන් ජානක පෙරේරා පළමුවරට හමුදා නිලධාරියකු ලෙස රණවිරුකම් පානුයේ 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට මුහුණ දීමටයි.
  • ඉන් වසර දෙකක ඇවෑමෙන් කපිතාන්වරයකු ලෙස උසස් වීමක් ලැබීමට තරම් 27 හැවිරිදී ජානක පෙරේරා භාග්‍යවන්තයකු විය.
  • කමාන්ඩෝ නිලධාරි.
=====[සංස්කරණය]
  • අතිදක්ෂ කාර්යශූර නිලධාරියකු ලෙස පෙඳෙන් පෙඳ හමුදාවේ හිණිපෙත්තට ඇදී යන ජානක පෙරේරා 1983 ඇරැඹෙන ඊළාම් යුද්ධයේදී දැඩි ලෙස ක්‍රියාකාරී වනුයේ ජ්‍යේෂ්ඨ හමුදා නායකත්වයේත් දේශපාලන යාන්ත්‍රණයේත් නොමසුරු ඇගැයීමට පාත්‍ර වෙමිනි.
  • 1980දී ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් දියත් කිරීමට නිර්මාණය වූ කමාන්ඩෝ බලකායට අනුයුක්ත වී සිටි ජානක පෙරේරා ත්‍රස්ත විරෝධී සටනේ ප්‍රමුඛ සෙන්පතියකු බවට පත්වෙමින් තිබුණි.
  • කොටි ත්‍රස්තවාදීන්ට මහත් හිසරදයක්වූ කමාන්ඩෝ බලකාය එතරම් සවිබල සම්පන්න බලකායක් කිරීමෙහිලා ජානක පෙරේරාගෙන් ලැබුණු මෙහෙවර අතිශයින්ම ප්‍රශංසනීයය.
  • "මායිම් ගම්මාන".
===[සංස්කරණය]
  • 1980 දශකයේ මුල් භාගය වන විට පදවිය, වැලිඔය, ශ්‍රීපුර වැනි මායිම් ගම්මාන කොටි ත්‍රස්තවාදයේ අඛණ්ඩ තර්ජනයට ලක්ව තිබුණි. කෙන්ට් සහ ඩොලර් ෆාම් සමූල ඝාතනයන් හරහා මායිම් ගම්මානවල කොටි ත්‍රස්තයින් තම අණසක පතුරුවමින් තිබුණු අතර "මායිම් ගම්මාන" වල සිංහල පදිංචිකරුවන් රැසක් සිය ගම්බිම් අතැර ඒමේ අවාසනාවන්ත ප්‍රවණතාවක් උද්ගත වෙමින් තුබුණි. මෙම තත්ත්වය මැඩ පැවැත්වීම උදෙසා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තෝරා ගත්තේ එවක ලුතිනන් කර්නල් නිලයේ කටයුතු කළ ජානක පෙරේරාවය.
  • සිය වගකීම භාරගත් ජානක පෙරේරා ගම්බිම්වල ආරක්ෂාව සහ තම භට පිරිස් කළමණාකරණය දෙකක් නොව එකක් බව මනාව වටහා ගත්තේය. හමුදා කූඩාරමක දිවි ගෙවමින් ප්‍රදේශය ගැන සොයා බැලූ ජානක වැව් ප්‍රතිසංස්කරණය කරමින්, මංමාවත් පිළිසකර කරමින්, යුද හමුදා ජෙනරේටර් යොදා රෝහලට විදුලිය සපයමින් ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය නගා සිටුවීය.
  • ශ්‍රමදාන සංවිධානය කරමින් මේ කටයුතු වලට ප්‍රදේශවසීන්ගේ සහය දිනාගත් තුරුණු ලුතිනන් කර්නල්වරයා සෑම සති අන්තයකම ප්‍රදේශයට කොළඹින් විශේෂඥ වෛද්‍යවරුන්, බේත්හේත් ගෙන්වා වෛද්‍ය සායන සංවිධානය කළේ ප්‍රදේශවසීන්ගේ නිරෝගීකම වැදගත් සාධකයක් බව අවබෝධ කරගනිමිනි.
  • අඛණ්ඩව පැවැති කොටි තර්ජන හමුවේ "මායිම් ගම්මාන" සුරකිමින් පමණක් නොව අස්වද්දමින්, දේශපාලනඥයන් යුද බිය නිසා පා නොතබන "මායිම් ගම්මාන"වලට නායකත්වය සපයමින් ඒ ප්‍රදේශවල අසරණ ජනතාවට ඔහු පිළිසරණක් විය.
  • නිතර දෙවේලේ ජනතාව අතරට යමින් බිය සැක දුරු කළ ජානක ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂය, ගුරුවරුන්, ඉංජිනේරුවරු, සෞඛ්‍ය සේවකයින්, වැඩිහිටියන් සමඟ තම කූඩාරමේදී ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වූයේ ප්‍රදේශයේ සංවර්ධනය අරමුණු කරගෙනය.
  • ජානක පෙරේරා නිතරම මායිම් ගම්මානවල ජනතාවට “මගේ මිනිස්සු” කියා අමන්ත්‍රණය කිරීමෙන් ඔහු තුල ජනතාව කෙරේ තුබූ භක්ත්‍යාදරය මනාව පිළිඹිබු වේ.
  • මීට කෘතගුණ දැක්වීමක් ලෙස ඒ ප්‍රදේශයේ ජනතාව “ජනකපුර” නමින් ගම්මානයක් නම් කර සංවර්ධනය කරනු ලැබූයේ තමන් කොටි ග්‍රහණයෙන් මුදා සෞභාග්‍යයට පාර පෙන්වූ ඔහු කෙරේ ඔවුන් තුල පැවැති භක්තිය නිසාය.
  • වඩමාරච්චි මෙහෙයුම.
======[සංස්කරණය]
  • 1987 සුප්‍රකට වඩමාරච්චි මෙහෙයුම හෙවත් විමුක්ති මෙහෙයුමට (Operation Liberation) සක්‍රීයව දායක වන ජානක පෙරේරා ට එහිදී ඩෙන්සිල් කොබ්බෑකඩුව,විජය විමලරත්න ආදී ශූරවීර රණනායකයන් සෙවනේ හමුදා පන්නරය හිමිවේ.මේ වනවිට ත්‍රස්තවාදයට එරෙහිව වූ සටනේ දිගින් දිගටම වීර විකුම් පෑ ජානක පෙරේරා කර්නල් නිලය දක්වා උසස් කර තිබුණි.
  • කෙටි කාලයක් තුල යාපන අර්ධද්වීපය දෙවනත් කරමින් ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය වඩමාරච්චි ප්‍රදේශයට කොටු කිරීමට වීර හමුදාවෝ සමත් වුවත් ඉන්දියාව මැදිහත්වීමෙන් කොටින් දිවි ගලවා ගත්හ.
  • කොටින්ට ආහාර, පාන, සහ ආයුධ සපයමින් ඉන්දියාවේ රාමේෂ්වරන් වරායෙන් එවූ නෞකා ත්‍රිත්වය ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් හරවා යැවුණු කළ ඉන්දියාවේ බැංගලෝරයෙන් පිටත් කෙරුණු ඇන්ටනොව් 32 යාන දෙකකින් ආහාර පාන, ලාම්පු තෙල් ආදිය යාපන අර්ධද්වීපයට හෙළීය.
  • එම ඇන්ටනොව් 32 යානා දෙකට පරිවාර ලෙස මිරාජ් ප්‍රහාරක යානා එවුණු අතර ශ්‍රී ලංකා හමුදා එම යානාවලට පහර දුනහොත් ප්‍රතිප්‍රහාර දීමට පමණක් නොව ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට ඉන්දියාව සූදානම්ව සිටි බව ඉන්දීය ලේඛක එම්.ආර්. නාරායන් ස්වාමි සිය ලංකා කොටි ග්‍රන්ථයේ සඳහන් කරයි.
  • ඔහු කියන පරිදි ජනාධිපති ජයවර්ධන, අගමැති ප්‍රේමදාස, ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා මෙන්ම මෙහෙයුම් අණදෙන නිලධාරී නලීන් සෙනෙවිරත්න යන සියල්ල අත්අඩංගුවට ගැනීමට සියළු කටයුතු ඉන්දීය ආරක්ෂක අංශ සූදානම් කර තිබී ඇත.
  • එහෙව් වාතාවරණයක් තුල රටේ පැවැත්ම උදෙසා අකමැත්තෙන් වුව පසුබැසීම හැර අන් විකල්පයක් නොවීය.
  • ජවිපෙ කැරැල්ල.
==[සංස්කරණය]
  • "එවක කැපීපෙනෙන තරුණ හමුදා නිලධාරියකු ලෙස සිටි ජානක පෙරේරා 88-89 ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල මැඩලීමේ අභියෝගයට යෙදවීමට රජය තීන්දු කළහ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අල්ලා ගැනීමේ භාරධූර කර්තව්‍ය ජානක පෙරේරාට පැවරිණි. ජානක පෙරේරා බුද්ධිමත්, සූක්ෂම නිලධාරියකු වූ අතර ඔහුට බුද්ධි තොරතුරු එක් රැස් කිරීමේ සහජ හැකියාවක් තිබුණි.
  • තමන්ට ලැබෙන හෝඩුවාවන් ඔස්සේ රෝහණ විජේවීර වලපනේ බංගලාවක ගම්ලත්(අත්තනායක) නම් වූ වතු අධිකාරීවරයකු ලෙස වෙස් වලාගෙන සිටින බවට කර්නල් ජානක පෙරේරාට ඒත්තු ගියේය.
  • වලපනේ වත්තට ගිය ජානක පෙරේරා තමන්ව හඳුන්වා දී ගම්ලත් (අත්තනායක) යනුවෙන් පෙනී සිටි රෝහණ විජේවීර සමඟ සතුටු සාමීචියකට පුල්පන්නේය, මේ සතුටු සාමීචය අස්සේ ඉතා සූක්ෂම ලෙස ප්‍රශ්න නගමින් ජානක පෙරේරා සෑහෙන වේලාවක් ගම්ලත් නමින්(අත්තනායක) පෙනී සිටින්නා හා දොඩමළු විය.
  • ගම්ලත් ගෙන් විජේවීර ගැනත් ජවිපෙ ගැනත් ඇසූ විට ඔහු ඉතා දක්ෂ ලෙස ඒ ගැන කිසිවක් නොදත් බව අඟවමින් රඟපෑ නමුත් ජානක පෙරේරාට මේ රෝහණ විජේවීරමයි යන විශ්වාසය ඇති වෙමින් තිබුණි. උණුසුම් තේ කෝප්පයක් රස විඳීමෙන් පසු ගම්ලත්ට ඔහුගේ ආගන්තුක සත්කාරවලට ස්තූති කර ආපසු නික්මීමට අවසර පතා දොරකඩ දක්වා සාමාන්‍ය ගමනින් කර්නල්වරයා ගමන් කළේය.
  • ඕනෑම කෙනෙකු කොච්චර දක්ෂ ලෙස බොරුවක් රඟදැක්වුවද එය කරන්නේ විශාල ආතතියකිනි, එම බොරුවෙන් අත් මිදුණු කළ එකී ආතතිය පහව ගොස් එම පුද්ගලයා සැහැල්ලු වන්නේය. විජේවීර සහෝදරයාද තමන් අසුවේදෝ යන ආතතියෙන් පෙළෙමින් ගම්ලත් චරිතය රඟපාන්නට ඇත, නමුත් කර්නල් ජානක පෙරේරා නික්ම යන විට ඔහුට විශාල සහනයක් දැනී අරක් ගෙන සිටි ගම්ලත් චරිතයෙන් ඉබේටම අත්මිදෙන්නට ඇත.
  • මේ මානව හැසිරීම් රටාව අවබෝධ කරගෙන සිටි ජානක පෙරේරා දොරකඩදී එකවරම ආපසු හැරී “ඇත්ත කියනවා… උඹ නේද රෝහණ විජේවීර??” කියා දැඩි විශ්වාසයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළ බව කියැවේ.
  • මේ හදීසි හැසිරීමෙන් තිගැස්සුණු රෝහණ විජේවීර ගේ මුහුණේ අංග ලක්ෂණ වලින් ගම්ලත් චරිතය පුස්සක් බවත් ඔහු සැබැවින්ම රෝහණ විජේවීර බවත් ජානක පෙරේරාට වැටහෙන්නට ඇත.මේ අනුව තමා රෝහණ විජේවීර ලෙස පිළිගත් වතු අධිකාරීවරයා කර්නල් ජානක පෙරේරා විසින් අත්අඩංගුවට ගත්තේ තමන් කරන්නේ තම රාජකාරිය බව සිහිපත් කරදෙමිනි.
  • විජේවීර ජානක පෙරේරාගෙන් තම බිරිඳට සහ දරුවන්ට ආරක්ෂාව දෙන ලෙස ඉල්ලීමක් කළ බව වාර්තා වන අතර එම ඉල්ලීම ඉටු කිරීමට ජානක පෙරේරා ක්‍රියාත්මක විය. රෝහණ විජේවීර කැටුව කොළඹ ආ ජානක පෙරේරා ඔහුව අදාල නිලධාරීන්ට භාර දී තම රාජකාරිය ඉටු කළේය.
  • පසුව රෝහණ විජේවීර කෲර ලෙස ඝාතනය වූ අතර ඊට ජානක පෙරේරා සම්බන්ධ යැයි චෝදනා එල්ල වුවද පසුකාලීනව ජානක පෙරේරා ඊට සම්බන්ධ නැති බවත් ඔහු කළේ ඔහුගේ රාජකාරිය බවත් ජනතා විමුක්ති පෙරමුණ පිළිගත්තේය.
  • කෙසේ වෙතත් රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමේ පිළිවෙතින් ඔප් නැංවෙන්නේ ජානක පෙරේරා තුල මිනිස් හැසිරීම් රටාව කෙරේ තුබූ අවබෝධයත් ඔහුගේ බුද්ධිමත්භාවය සහ සංවේදීභාවයයි".
  • (සැ:යු-මෙම සිද්ධි දාමය පිළිබදව විවිධාකාර වූ කතන්දර තිබේ.මෙහි සදහන් කළේ ඉන් එක් කතන්දරයකි කෙසේ නමුත් රෝහණ විජේවීර අත් අඩංගුවට ගැනීමට ගිය හමුදා ක්ෂණික විහිදුම් බලකාය මෙහෙය වූයේ ජානක පෙරේරා බවත් ගාමිණී හෙට්ටිආරච්ච් හා බුද්ධි අංශයේ මුතාලිෆ් වැනි නිලධාරීන්ද එම කණ්ඩායමේ සිටි බවත් සත්තකි).
  • නැගෙනහිර.
=[සංස්කරණය]
  • 1993දී තොප්පිගලින් හමුදාව දියත් කළ මෙහෙයුම අඛණ්ඩව ගෙන යෑමට රජය උත්සුක වූ අතර මේ ක්‍රියාන්විතයේ ප්‍රධාන නියමුවකු ලෙස බ්‍රිගේඩියර් ජානක පෙරේරා කැපී පෙනුණි. තොප්පිගල කැලයෙන් ඇරැඹි මෙම මෙහෙයුම කෙටි කලෙකින් මුළු නැගෙනහිරම කොටි ග්‍රහණයෙන් නිදහස් කරගනිමින් අවසාන කරගැනීමට ජානක ඇතුළු හමුදාව හපන්කම් පෑහ.
  • වැලිඔය.

==[සංස්කරණය]

  • මුහුදු කොටි.

  • වැලිඔය ආඥාපතිව සිටියදී මුහුදු කොටින් විසින් කෝකිලායි, කොක්කුතුඩුවායි ප්‍රදේශ ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයද සාර්ථක ලෙස ජයගැනීමට ජානක පෙරේරා ප්‍රමුඛ හමුදාවෝ සමත් වූයේ අනේකවිධ අගහිඟකම්, දුෂ්කරතා මැදය.
  • මුහුදු කොටින් 300ක් පමණ මරු තුරුලට යැවූ මෙම සටනේදී කොටින් මළ සිරුරු 200ක් පමණ සටන් බිමේ දමා ගොස් තිබිණි. ඒ සියල්ල රතු කුරුසයට භාරදෙමින් ඔහු තම වගකීම් නොපිරිහෙලා ඉටු කළේය. නමුත් ඊටත් වඩා එහා ගිය අභියෝගයකට නුදුරේදීම මුහුණදීමට ජානක පෙරේරාට සිදුවුණි.
  • වැලිඔය ප්‍රහාරය.
==[සංස්කරණය]
  • ලංකා යුද ඉතිහාසයේ සුවිශේෂී ප්‍රහාරයක නියමුවා ලෙස ජානක පෙරේරා ඉතිහාස ගතවේ. එක රැයකින් කොටි ත්‍රස්තවාදීන් 500කට අධික පිරිසක් මරු තුරුලට යැවූ එම සටනින් මළ සිරුරු 503ක් සොයා ගැනුණු අතර එය ලක් යුද ඉතිහාසයේ එක් රැයකදී වැඩිම ත්‍රස්තවාදීන් පිරිසක් විනාශ කර දැමූ සටන ලෙස වාර්තා වී ඇත.
  • එවක වැලිඔය ආඥාපතිවරයාව සිටි ජානක පෙරේරාට විශේෂ මූලාශ්‍රයකින් වැලිඔය හමුදා කඳවුරට ප්‍රහාරයක් නොබෝ දිනෙකින් එල්ල කිරීමට කොටි සංවිධානය සූදානම් වන බව තහවුරු වී තිබුණි.
  • ජානක පෙරේරා කඳවුරේ සෙබලුන් හා සුපුරුදු පරිදි කල් ගෙවීය. නිවාඩු ඉල්ලා තුබූ සොල්දාදුවන්ට නිවාඩු ලබාදෙමින් තමාට කොටි ප්‍රහාරය ගැන කිසිඳු හෝඩුවාවක් ලැබී නැතැයි හඟවමින් කොටින් ඇන්දවීම ජානක පෙරේරාගේ අරමුණ විය.
  • එල්ටීටීඊ ප්‍රහාරය එල්ල වීමට නියමිතව තුබූ දිනයේ රාත්‍රී ජාමය වනවිට ජානක පෙරේරා තම සොල්දාදුවන් හෙමෙන්සීරුවේ වැලිඔය කඳවුරෙන් ඉවත් කර කඳවුර වටා කැලයේ ඉතා සූක්ෂම ලෙස ස්ථානගත කළේය.
  • ශ්‍රී ලාංකේය හමුදා සමූල ඝාතනය කර වැලිඔය කඳවුර අත්පත් කරගැනීමේ අරමුණෙන් කඳවුරට කඩා වැදුණු කොටින්ගේ විශ්මයට කඳවුර අතැර දමා තිබුණි. සිදුවන්නේ කිමෙක්දැයි අදහා ගැනීමටත් පෙර සිව්දෙස කැලයෙන් කොටින්ට එල්ල වූයේ දැඩි ප්‍රහාරයකි.
  • රැය පහන්වන තුරු ඇවිලුණු දරුණු සටන් නිමා වූයේ කොටි මළසිරුරු 503ක් එම භූමියට පතිත කරවමිනි.
  • මුළු සටන පුරාම ජීවිතක්ෂයට පත්වූයේ හමුදා භටයින් 20කට අඩු ගණනකි.
  • මෙම සටනේදී මුලින් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ජානක පෙරේරා විසින් වැලිඔය ආරක්ෂාව වඩාත් තර කිරීම සදහ කමාන්ඩෝ බලඝණයක් එවන ලෙස කීප වරක්ම හමුදා මූලස්ථානයෙන් ඉල්ලා සිටි නමුත් එම තොරතුරු මූලාශ්‍ර තහවුරු නැතැයි කියමින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරුණි.එහිදී තමන්ට තිබූ පාභල බලඇණි හා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබළුන් යොදා ගනිමින් සියළු ආරක්ෂක විදිවිධාන යෙදීමට ඔහු ඇතුළු පිරිසට සිදි විය.අවසානයේ සටන ඇවිලී බොහෝඅ වෙලා ගිය පසු වෙනත් ගමනක් ගොස් එමින් සිටි කමාන්ඩෝ භට පිරිසක් එතැනට බැස්සවීමට නම් අදාළ ඉහල බලධාරීන් කටයුතු කළහ.
  • එයින් පැහැදිලි වන්නේ ජානක පෙරේරාට වැලිඔය බාර දුන්නේ ඔහුව පරාජයකට ලක්කර ඔහු ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට බැව් නොවේද...? නමුත් එය කණපිට හරවා ගැනීමට ඔහුට එහි සිටි සියළු සෙනීන්ගේ දායකත්වයෙන් හැකිවීම තුළ බලධාරීන්ට කපන්න බැරි අත ඉඹින්නා සේ ජානක පෙරේරාට වගකීම් දීම හැර වෙනත් විකල්පයක් නොමැති විය.
  • මෙම සටනේදී කර්නල්-වජිර විජේගුණවර්ධන ඇතුළු අනෙකුත් නිලයන් හා සෙසු නිලයන් ඒකාබද්ධව දැක්වූ දායකත්වයද කිසිසේත්ම අමතක නොකළ යුතුය.
  • මේ ජයග්‍රහණයෙන් අනතුරුව ජානක පෙරේරා ජනමාධ්‍යවේදීන්ට පැවසූයේ-“අවුරුදු 14 ළමුන් මරා සතුටු විය හැක්කේ මොන සොල්දාදුවාටද? මේත් මගේ රටේම මිනිස්සු, ඔයගොල්ලො තමුන්ගෙම මිනිස්සු මරණවද?”කියාය. මේ කියමන සැබැවින්ම ඉතා ගැඹුරු අර්ථයකින් හෙබි ප්‍රකාශයක් නොවන්නේද? කොටි සංවිධානය වෙනුවෙන් ආයුධ අතැතිව හමුදාවට ඒ ආයුධයෙන් පහර දුන්නේද මේ රටේම පුරවැසියන්ය යන යාථාර්ථය ඔහු මැනැවින් අවබෝධ කරගෙන තිබූ සෙයකි.
  • වැලිඔය සංග්‍රාමික මෙහෙයුම හමුදාවන්ට සුවිශේෂී විජයග්‍රහණයක් විය. උතුරත් නැගෙනහිරත් කොටි ක්‍රියාකාරකම් සම්බන්ධ වූයේ වැලිඔය හරහාය. උතුරින් නැගෙනහිරටත්, නැගෙනහිරින් උතුරටත් කොටි සෙබලුන් ගමන් ගත්තේ වැලිඔය හරහාය. එම ගමන්මගට වැලිඔය කඳවුර සහ ජානක පෙරේරා බාධාවක් වුණි. එම බාධාව ඉවත් කිරීමට එල්ල වූ ප්‍රහාරයෙන් කොටින් ලැබුයේ සුළු පටු පරාජයක් නොවන වග නම් පැහැදිලිය.
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා කොටි ත්‍රස්ත නායකයකු ලෙස සැලසුම් කළ ප්‍රහාර අතුරින් ඔහු අන්තම පරාජයක් ලැබූ අවස්ථාව 1996 වැලිඔය ප්‍රහාරයේදී සනිටුහන් වූයේ මේජර් ජෙනරාල් ජානක පෙරේරා අතිනි.
  • ජානක පෙරේරා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වන දිනයේදීම කරුණා අම්මාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම කෙතරම් දෛවෝපගත අහම්බයක්ද...?
  • යාපන අර්ධද්වීපය.
===[සංස්කරණය]
  • යාපනය මුදා ගැනීමට මත්තෙන් පලාලි කඳවුර අවට භූමිය අත්පත් කරගැනීමේ ඉදිරි පිම්ම මෙහෙයුම අසාර්ථක වී තිබුණි. යාපනය නැවත අත්පත් කරගැනීමේ අරමුණට වැදගත් වූ පලාලි අවට භූමිය දිනාගැනීම උදෙසා නැවත වරක් බ්‍රිගේඩියර් ජානක පෙරේරා යටතේ අකුණු පහර මෙහෙයුම ක්‍රියාවට නැගුණු අතර එය මල්ඵල දැරීම යාපන අර්ධද්වීපයේ විජයග්‍රහණයට ප්‍රධාන සාධකයක් වූවාට සැක නැත.
  • 1995 දියත් කෙරුණු යාපන අර්ධද්වීපය කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමේ අභිලාෂයෙන් යුතු වූ ජයග්‍රාහී රිවිරැස මෙහෙයුමේ ප්‍රධාන භූමිකාවක් ඒ වන විට බ්‍රිගේඩියර් නිලයට උසස් වී සිටි ජානක පෙරේරා විසින් රඟදක්වන ලදි.
  • වසර ගණනකින් පසුව යාපනය නගරය රජයේ පාලනයට නතු කල රිවිරැස මෙහෙයුම 90 දශකයේ බලවේගය, ජයසිකුරු වැනි මෙහෙයුම් අතුරින් සුවිශේෂීත්වයක් ඉසිලීය.
  • එවක බ්‍රිගේඩියර් ජානක පෙරේරා සුප්‍රකට 53වන සේනාවේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
  • යාපන කොටුව කොටින්ගෙන් මුදාගැනීමේ තීරණාත්මක මෙහෙයුම මෙහෙයවන ලද්දේ බ්‍රිගේඩියර් ජානක පෙරේරා විසිනි. අතිශය උද්වේගකර සටනකින් පසුව යාපන කොටුව හමුදා ග්‍රහණයට නතු කර ගැනීමට ජානක පෙරේරා ප්‍රමුඛ 53වන සේනාංකය සමත්විය.
  • ජයග්‍රහණයෙන් උද්දාමයට පත් අනුරුද්ධ රත්වත්තේ යාපනයේ ජාතික කොටි ඔසවන විට ඔහු-“අපි කොඩි උස්සන්න ඕනෙ අපේ නොවන භූමියක් ඇල්ලුවම, මේත් අපේ භූමියමනෙ” කියා ඇති බව වාර්තා වේ. මෙවැනි කියමන් වල සැබෑ ගැඹුරුතර අරුතක් තිබුණද බොහෝ දේශප්‍රේමීන් යැයි ලේබල් අලවා ගන්නා උදවියට නම් මේවා නොරුස්සනවා විය හැක. ජානක පෙරේරාගේ "අවංකත්වය" ඔහුගේ හොඳට මෙන්ම නරකටද හේතු සාධකයක් වූ බව තතු දත්තෝ පවසති.
  • මේ ජයග්‍රහණයට පරම වීර විභූෂණයෙන් පුද ලද වරලත් නිලධාරී පසන් ගුණසේකර ඇතුළු සෙබලුන් චිරුතිව් දූපතේ සිට කොටි බෝට්ටි සැපයුම් දාමය කඩා බිඳලීමට කළ කැපකිරීමද ප්‍රධාන හේතුකාරකයක් වූ අතර එයද අප අමතක නොකළ යුතුය.
  • නොනවතින රැල්ල.
====[සංස්කරණය]
  • වැලිඔයින් පසු 23වන, 51වන සහ 53වන සේනාංකාධිපතිධුර ඉසිලූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා 1999 වන විට කොමාන්ඩෝ සහ විශේෂ බලකා වල සේනාංකාධිපතිවරයා ලෙසට පත්ව සිටියේය.
  • වසර 2000 වන විට හමුදාව උතුරු යුද බිමේ පරාජයන් හමුවේ පරාජයන් ලබමින් මානසිකව ඇද වැටෙමින් පැවැතිණි. පුනරින්, කිලිනොච්චි, මුලතිව් හමුදා කඳවුරු කොටින් අත්පත් කරගෙන තුබූ අතර A9 මහාමාර්ගයේ බහුතර පාලනයද කොටි සන්තක විය.
  • අලිමංකඩ.

==[සංස්කරණය]

  • ඔයාදු අලෛහාල් (නොනවතින රැල්ල/Unceasing Waves) නමින් ප්‍රහාර මාලවක් දියත් කර තුබූ කොටි සංවිධානය කිසිදා හමුදාව අතින් ගිලිහී නොගිය, හසලක ගාමිණී වන් වීර සෙබලුන් දිවි දී රැකගත් අලිමංකඩ කඳවුරද ඉතා සූක්ෂම ලෙස අත්පත් කර ගනු ලැබූයේ එහි ජල සැපයුම ඇනහිටුවමිනි. අලිමංකඩ සමඟම හමුදා සොල්දාදුවන් රැසකගේ ජීවිතද අහිමිව ගිය අතර කොටි සංවිධානය යාපනය නගරය ඇතුළු සමස්ථ අර්ධද්වීපයම අත්පත් කරගැනීමේ තර්ජනය දැඩිව පැවැතුණි.
  • යාපනයේ හමුදා මෙහෙයුම්වල කොඳු නාරටිය බඳු වූ පලාලි කඳවුරද දැඩි තර්ජනයකට මුහුණ පා තිබුණේ කොටින්ට බර අවි, යුද ටැංකි සහ මල්ටි බැරල් රොකට් ලෝන්චර් (MBRL) රැසක් අලිමංකඩ බිඳ වැටීමත් සමඟ අත්පත්ව තිබූ හෙයිනි. මේ බර අවි නිසි ලෙස ස්ථානගත කිරීමේ අවස්ථාව කොටින්ට හිමි වුණි නම් පලාලි ගුවන්තොටින් ගුවන් යානා ගොඩබෑමට හෝ පිටත් කිරීමට නොහැකි වනු ඇත.
  • හමුදා සෙබලුන් 1000කට අධික ප්‍රමාණයකට මරු කැඳවද්දී කොටි ත්‍රස්තයින් 35ක් පමණක් මරු වැළැඳගත් අලිමංකඩ ප්‍රහාරය යුද හමුදා ඉතිහාසයේ විශාලතම පරාජය ලෙස ඉතිහාසගතව ඇත.
  • හමුදා සෙබලුන් 40,000ක් පමණ ස්ථානගතව සිටි යාපන අර්ධද්වීපය මුළුමනින්ම රජයේ ග්‍රහණයෙන් ගිලිහී යෑමේ දැඩි අවදානමක් හට ගෙන තුබුණි. එම සෙබලුන් 40,000ට ඇති සැපයුම් මාර්ග (උදා – පලාලි) අහුරා ක්‍රමිකව හමුදාව අසරණ කර යාපන අර්ධද්වීපය දිනීම කොටින්ගේ උපක්‍රමය විය.
  • මේ උපක්‍රමය සාර්ථක වීමේ සම්භාවිතාව කොතෙක්ව තිබුණිද යත් එවක ජනාධිපතිනිය ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හමුදා සෙබලුන් යාපන අර්ධද්වීපයෙන් ඉවත් කර ගැනීමට නෞකා සපයන ලෙස ඉන්දීය රජයෙන් සහය ඉල්ලා සිටියාය. ශ්‍රී ලංකා නාවුක හමුදා යාත්‍රා හමුදා සෙබලුන් යාපන අර්ධද්වීපයෙන් ඉක්මන් පසුබැසීමකට ප්‍රමාණවත් නොවුණු නිසා ඉන්දියාවෙන් කළ මෙම බැගෑපත් ඉල්ලීම එරට රජය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තත්ත්වය තවදුරටත් බැරෑරුම් අඩියකට පත්විණි.
  • යාපන අර්ධද්වීපයේ හමුදා සෙබලුන් 40,000කගේත් රාජ්‍ය පාලනයේත් අනාගතය තීරණය කෙරෙන හමුදා මෙහෙයුමට නායකත්වය සඳහා මේජර් ජෙනරාල්වරු දෙපලක් තෝරාගන්නා ලදි. ඉන් එක් අයෙකු වූයේ එවක හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ජානක පෙරේරායි අනෙකා එවක සාමාන්‍ය මාණ්ඩලික අධ්‍යක්ෂ ජනරාල් (DGGS) සිටි මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකාය.
  • මෙහිදී ජානක පෙරේරා සමස්ථ මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙසත් යාපනයේ ආරක්ෂක සේවා ආඥාපති ලෙස පත්වීම් ලත්තේය. යාපනයේ සිට ස්වාධීන රූපවාහිණි සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ මේජර් ජෙනරල්-ජානක පෙරේරා එහිදී ඕනෑම පරිත්‍යාගයක් කොට යාපනය රැක ගැනීමට සුදානම් බවත් හමුදාව හැරගිය සියළු දෙනාට තමන් හා එකතු වී අභීතව සටන් වදින ලෙසත් ප්‍රකාශ කළේය.මේ සටනේදී කොටි සංවිධානයේ මෙහෙයුම් නායකයා වූයේ කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් ය
  • හමුදා සැලසුම් කෙටුම්පත් කළ මේජර් ජෙනරාල්වරු යාපන අර්ධද්වීපයත් තම සෙබලුන්ගේ ජීවිතත් ආර්ක්ෂා කරගනු වස් දිවිහිමියෙන් කැපවිණි. වේගයෙන් යාපනය කරා ඇදෙමින් තිබූ කොටින්ට යාපන නගරයට කි.මි.45ක් නැගෙනහිරින් පිහිටි චාවකච්චේරියේදී දරුණු ලෙස පහරදෙමින් කොටි ගමන අඩාල කළද තර්ජනය දිගින් දිගටම පැවැතුණි.ඊටද කඩිනම් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඒ සියල්ලට අභීතව මුහුණ දෙමින් කොටින් මැඩපවත්වමින් වටිනා ජීවිත රැසක් ආරක්ෂා කිරීමටත් යාපනයේ රජයේ පාලනය තහවුරු කිරීමටත් ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා යන මේජර් ජෙනරාල්වරු දෙපල උත්සාහ කළහ.
  • යාපනය අර්ධද්වීපය රැක ගැනීම සඳහා දියත් කෙරුණු මෙහෙයුම බොහෝ අගහිඟකම් මැද, අවාසි සහගත තත්ත්වයක,හමුදා සෙබලුන්ගේ චිත්ත ධෛර්යය බිංදුවට බැස තිබූ සහ කොටින්ගේ චිත්ත ධෛර්යය උපරිමයක්ව තුබූ මොහොතක ජයගැනීමට මේජර් ජෙනරාල්වරුන් දෙපල උත්සාහ කළහ.
  • මෙහිදී සරසාලේ සටන තීරණාත්මක සටනකි.එතෙක් එක දිගට ඉදිරියට එමින් සිටි එල්.ටී.ටී.ඊ සටන් කරුවන් පරාජය කර ආපසු හැරෙව්වේ තීරණාත්මක සරසාලේ සටනෙනි. ලුතිනන් කර්නල්-සුමේද පෙරේරා ගේ මෙහෙයවීමෙන් සටන් කළ (53 සේනාංකයට අයත් 533 බලසේනාව) එම සටන ජයග්‍රාහීව කෙළවර නොකරන්නට යාපනය බේරා ගැනීම ඉතාමත් අසීරු වීමට තිබූ ඉඩ බොහෝය.මෙහිදී 533 බලසේනාධිපති ලෙස ලුතිනන් කර්නල්-සුමේද පෙරේරා ත් එය අයත් 53 සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල්-සීවලී වණිගසේකර ත් කටයුතු කරන ලදි.
  • නමුත් අවසානයේදී ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා දෙදෙනා අතර ඇති වූ මතබේදයක් බල අරගලයක් දක්වා දුරදිග ගිය අතර එය දඩමීමා කරගත් පාලන අධිකාරිය මුලින්ම ජානක පෙරේරත් ඉන් පසුව සරත් ෆොන්සේකාවත් එම තණතුරු වලින් ඉවත් කර දමා වෙනත් නිලධාරීන් පත් කළහ.එම සිදුවීම් මාළාව අවසන් වූයේ එසේය.
  • එහිදී සිදු වූයේ පාලන අධිකාරිය විසින් ජානක පෙරේරාට එරෙහිව සරත් ෆොන්සේකාව යොදා ගැනීමයි.පෙරේරාට එරෙහි ෆොන්සේකා සටනේ අවසන් ප්‍රතිපලය වූයේ දෙදෙනාම දං ගෙඩියට යාමයි.
  • එහිදී පාලන අධිකාරියේ ලනුව ගිල්ල ෆොන්සේකාද අවසානයේදී එහිම බිල්ලක් විය.බිලී බෑමට යොදා ගන්නා ඇම දඩයම තුළ තමන්ද බිල්ලක් වන බැව් නොදැනීම පුන පුනා සිදුවන විෂම චක්‍රයකි.එය තේරුම් නොගන්නා තාක් කල් එම තුච්ඡ දේශපාලු සෙල්ලම පක්ෂ පාට මාරු කරමින් සැමවිටම සිදුවේ.සරත් ෆොන්සේකා පමණක් නොව ජානක පෙරේරා ද එය තේරුම් ගත්තේ නැත.
  • අසාධාරණය.
==[සංස්කරණය]
  • ජානක පෙරේරා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ දෙමළ තරුණයින් හමුදාවට බඳවා ගත යුතු බව දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේය. ඔහු ඒ ගැන පවසා ඇත්තේ මෙපරිද්දෙනි
  • “යුද්ධයේ සැබෑ පරමාර්ථය වෙන්න ඕනෙ දෙමළ මිනිස්සුන්ව කොටි ග්‍රහණයෙන් ගලවන එක, ඒක එහෙම වෙන්නනම් දෙමළ මිනිස්සුන්වත් මේ හමුදාවේ කොටස්කාරයො කරගන්ට ඕනෙ, උතුර අල්ලගෙන ඒක සිංහල සෙබලුන්ගෙ පාලනය යටතේ තිබ්බොත් ඒ මිනිස්සු අපිව විශ්වාස කරන්නෙ නැහැනෙ.”
  • මේ තර්කය ඔහු සාධාරණීකරණය කළේ 1945 මිත්‍ර පාක්ෂික හමුදා නට්සි හමුදා පරදා ලෝක යුද්ධය නිමා කිරීමට ප්‍රංශයේ නෝමැන්ඩියට ගොඩ බසින විට පෙරටුව ගමන්ගත්තේ ජෙනරාල් ඩි ගෝල්ගේ නායකත්වයෙන් යුත් ප්‍රංශ හමුදා බව උපුටමිනි. ජානක පෙරේරා තමන්ගේ අදහස්වලට අනුව මේ යුද්ධයට දුටු විසඳුම නම් බහුතර සිංහල ජනතාවගේ සිතුම් පැතුම් සමඟ සුළුජනයාගේ සිතුම් පැතුම් සංතුලනය කළ යුතු බවයි.
  • කළ නොහැකියැයි හැඟෙන මෙහෙයුම් සඳහා යොදා ගැනුණු රට වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගත්තද පොදුජන එක්සත් පෙරමුණු රජයෙන් ජානක පෙරේරාට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය.
  • එවකට චන්ද්‍රිකාගේ පාලනය තුළ සටන මෙහෙය වූ අනුරුද්ධ රත්වත්තේ ට කොහොමත් ජානක පෙරේරාව රිස්සුවේ නැත.
  • රත්වත්ත+දළුවත්ත සංයෝගය විසින් ජානක පෙරේරාව කොන්කර දමමින් ඔහුට පල නොකියා පලා බෙදීම තුළ ඉතිහාසයේදී එ.ජා.ප පාලනය තුළ ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිදුන්ට අත් වූ ඉරණමට සමාන ඉරණමකට ලක් වීමට පොදු පෙරමුණු පාලනය තුළ ජානක පෙරේරා සෙන්පතිදුන්ට ද සිදුවිය.
  • සුදුසු කම් අනුව ලැබිය යුතුව තිබූ හමුදාපති නිලය ඇස් පනාපිටම අහිමි කරගනිමින් හමුදාවෙන් සමුගත් ජානක පෙරේරාට එයට වන්දි ලෙස සලකාදෝ කාටත් වගේ දෙන විදෙස් තානාපති සංතෝෂමක් චන්ද්‍රිකා විසින් විසිකරන ලදි.එය බාර නොගෙන සිටිය යුතුව තිබුණත් ඔහු කිසියම් හේතුවක් නිසා එය බාර ගත්තේය.
  • තානාපති සේවය.
==[සංස්කරණය]
  • කෙසේ හෝ බාරගත් තානාපති තණතුරේ අනිත් උන් සේ පුටු රත් කරමින් නොසිටි ජානක පෙරෙරා එම වගකීමද කරටම ගනිමින් හොද මෙහෙවරක් කරමින් සිටියදී පුටු රත් කරමින් පිං පඩි ගත් පෙන්දන්ට ඔහුගේ මෙහෙවර රිස්සුවේ නැත.ඒ අනුව සුපුරුදු ලාංකීය පන්දම් ක්‍රීඩාව යළිත් ක්‍රියාත්මක විය.පන්දම් හා කේළාම් ඉහ මුදුනින්ම දොහොත් මුදුන් දී බාර ගෙන ඇද ගන්නා චන්ද්‍රිකා නැවත වරක් ජානක පෙරේරා ගේ වැඩ වලට ඇගිලි ගසමින් පල නොකියා පලා බෙදන්නට වූවාය.
  • පිං පඩි ගනිමින් පුටු රත් කරන මෙලෝ රහක් නැති හිගන පෙන්දන් තානාපති සේවයම නිගාවට හෙළමින් වැඩ බැරුව පන්දම් අල්ලමින් පහරද්දී ලැබුණු දෙයින් උපරිම මෙහෙවරක් කිරීමට උපරිම උත්සාහ ගත් ජානක පෙරේරාට නැවත වරක් ලාංකීය තුච්ඡ දේශපාලනයේ ගොදුරක් වීමට සිදු විය.
  • ජරාජීර්ණ දේශ්පාලනයට.
========[සංස්කරණය]
  • නේක විධ කකුලෙන් ඇදීම් හා කකුල් මාට්ටු හමුවේ දුෂ්කර මෙහෙයක් ඉටු කළ ජානක පෙරේරා ඕස්ට්‍රේලියාවේ හා ඉන්දුනීසියාවේ රාජකාරි කර නැවත වරක් සිය රට පැමිණ ජීවිතයේ ගත් මෝඩම තීන්දුව ගත්තේය එනම් ජරාජීර්ණ දේශ්පාලනයට පය ගැසීමයි.
  • ජානක පෙරේරාට චන්ද්‍රිකාගේ පාලනය තුළ දිගින් දිගටම සිදුවූ පල නොකියා පලා බෙදීමත් ඉන් පසුව පත් වූ මහින්ද විසින්ද ඔහුව නොසලකා හැරීමත් තුළ රනිල් සිය බල වුවමනාවන් ඉටු කරගැනීම සදහා ජානකව ඉත්තෙක් හෙවත් ඇමක් ලෙස යොදා ගැනීමට තීරණය කළේය රනිල් කොහොමත් එවන් බළල්ලු ලවා කොස් ඇට බෑවීමේ නූල් සූත්තර "දේශපාලනය" ට ඉතා දක්ෂයෙකි.ජානක පෙරේරාද රනිල් දුන් දිරච්ච ලණුව ගෙඩිය පිටින්ම ලුණු නැතුවම ගිල දැම්මේය. අවසානයේ ඔහුට එය දිරවා ගැනීමට නොහැකි විය.
  • නොමරාම මැරූ ජානක ව මරලාම දැමීම...!.
=====================[සංස්කරණය]
  • එ.ජා.ප යෙන් උතුරු මැද මහ ඇමැති අපෙක්ෂකයා ලෙස තරග කරමින් ජරාජීර්ණ වූ ලාංකීය දේශපාලනයට පය තැබූ ජානක පෙරේරා එතැන් සිට "යූඑන්පී කාරයින්" ගේ " වීරයා" බවටත් "සංධාන කාරයින්" ගේ "ද්‍රෝහියා" බවටත් පත් විය.එතෙක් කල් නොමරා මැරූ ජානක පෙරේරා ව මරලාම දැමීමේ කුමත්‍රණය ආරම්භ වන්නේ එතැනිනි.
  • "සිංහයන්" ට අමතක වූ "වීරයා" "කොටින්" ට අමතක නොවීම හෙවත් ජානක පෙරේරා ව මරු තුරුලට යැවීමේ කුමන්ත්‍රණය.
====================================[සංස්කරණය]
  • "දේශපාලනය" ට ඒමෙන් පසුව ජානක පෙරේරාට විවිධාකාර වූ මරණ තර්ජන එල්ල වන්නට වූ අතර ඒ අතර "කොටි" පමණක් නොව "කොටි" හා "සිංහ" වෙස් ගත් හිවලුන් හා සුනඛයන් ද බොහෝ වූහ.
  • එම තත්ත්වය තුළ ඔහු පැවැති මහින්ද රාජපක්ෂ පාලනයෙන් සිය ජීවිතාරක්ෂාව පතා ඉල්ලීම් කරන ලදි.නමුත් සිදු වූයේ කුමක්ද...?"ජානක පෙරේරාට ආරක්ෂාව ලබා දීමට තරම් මරණ තර්ජනයක් නැතැයි" කියමින් එම ඉල්ලීම් කුණු කූඩයට දැමීමයි.
  • ඉන් පසුව ඔහු තමා දශක කීපයක්ම රාජකාරි කළ යුද හමුදාවෙන් විශ්‍රාමික හමුදා නිලධාරියෙක් ලෙස ආරක්ෂාව ඉල්ලා සිටියේය.නමුත් ප්‍රතිපලය පෙරට වඩා කිසිම වෙනසක් නොවීය ඔවුන් ගේ පිළිතුර වූයේ "හමුදා සේවයෙහි නොමැති අයවලුන්ට ආරක්ෂාව දීමට හමුදාව බැදී නොමැති" බවයි.
  • අන්තිමේ ඔහු හමුදා මූලස්ථානයෙන් තමාගේ පුද්ගලික ආරක්ෂාව සදහා පිස්තෝලයක් ඉල්ලුම් කළේය.එයට හමුදා මූලස්ථානයේ ලැබුණු පිළිතුර වූයේ "දීමට තරම් සුදුසු මට්ටමේ පිස්තෝලයක් හමුදාවේ ආයුධ ගබඩාව සතුව නැති" බවයි.එවකට හමුදාධිපති කම දැරූ සරත් ෆොන්සේකාට එසේ කරන ලෙස ඉහළින් නියෝග ආවා විය හැකිය.නැති නම් ඔහුට ජානක පෙරෙරා සමග තිබූ පරණ කෝන්තර මතක් වූවා විය හැකිය.කුමක් කෙසේ සිදු වූවත් අවසානයේ සිදු වූයේ තමා විසින් දශක කීපයක්ම රාජකාරි කළ හමුදාවෙන් ජානක් පෙරේරාට ආරක්ෂාවට කුඩා පිස්තෝලයක් වත් හිමි නොවීමයි.
  • මේ සියලු ප්‍රවණතා දෙස ඉතා සියුම්ව නිරීක්ෂණය කළ ප්‍රභාකරන් ගේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ඔවුන්ගේ ඉලක්කය එනම් මූලෝපායික වශයෙන් දීර්ග කාලීනව තක්සේරු කරද්දී තමන් ගේ අරමුණට බාධාවක් විය හැකි ජානක පෙරේරා ව කරළියෙන් ඉවත් කිරීමට එනම් මරා දැමීමට උපාය සැළසුම් කළහ.සිංහල ෆොන්සේකලා ට අනුව විශ්‍රාම ගිය පසු ආරක්ෂාව වුවමනා නැති වූ හෙවත් කිසිම වටිනා කමක් නැති වූ ජානක පෙරේරා ප්‍රභාකරන් ට එසේ වූයේ නැත.ඔහුගේ යුද නියාට අනුව ජානක පෙරේරා යනු ඔවුන් ගේ අරමුණට මූලෝපායික තර්ජනයකි."සිංහයන්ට" වැදගත් නොවූ ජානක පෙරේරා "කොටින්ට" වැදගත් වූයේ එසේය.
  • සිංහල දේශපාලුවන් "යූඑන්පී-ශ්‍රීලංකා" කියමින් අංක ගණිතයෙන් ගණන් හදද්දී වේළුපිලෙයි ප්‍රභාකරන් දීර්ග කාලීන මූලෝපායික යුද තක්සේරු ඔස්සේ ශුද්ධ ගණිතයෙන් ගණන් හැදීම තුළ අවසාන ප්‍රතිපලය වූයේ සැමදාමත් සිදුවූවාක් මෙන් රටට ජාතියට විශාල මෙහෙවරක් කළ හා තවත් එවන් මෙහෙවරක් කළ හැකිව සිටි වටිනා මානව සම්පතක් වූ මේජර් ජෙනරාල්-ජානක පෙරේරා ඔහුගේ බිරිද හා තවත් අනුගාමිකයන් පිරිසක් සමග 2008 ඔක්තෝබර් 6 වනදා අනුරාධපුරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වී මිය පරලොව යාමයි.
  • අවසානයේ එසේ මරා දමන ලද ජානක පෙරේරා ගේ සිරුර අනුරාධපුරයේ සිට කොළඹට ගෙන ඒමට හෙලිකොප්ටරයක් ලබා දීමත් මහින්ද රාජපක්ෂ පාලනාධිකාරිය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.
  • අවසන් විග්‍රහය.
=[සංස්කරණය]
  • 1995 සිට මරා දැමුනු 2008 දක්වාම ලාංකීය "දේශපාලනයේ" තුච්ඡ බෙලි කැපීම්,පාවිච්චි කිරීම් හා නින්දිත පාවා දීම් වලට ලක් වුණු ජානක පෙරේරා නැමැති දක්ෂ සෙන්පතියා ගේ මළ මිණිය විකුණාගෙන කෑමට ඔහුව පාවිච්චි කළ ඔහුව පාවා දුන් ඔහුට පල නොකියා පළා බෙදූ හා ඔහු මරු කටට යන තෙක් බලා සිටි කිසිම දේශපාලුවෙකුට කිසිම අයිතියක් නැත.එය චන්ද්‍රිකාට,මහින්දට,ෆොන්සේකාට,අනුර කුමාරට පමණක් නොව ඔහුව කැත විදිහට පාවිච්චි කර ඔහුව ඉවත දැමූ රනිල් වික්‍රමසිංහට ද එලෙසින්ම අදාළය.උන් සියලු දෙනාටම ජානක පෙරේරා පමණක් නොව තවත් අනිකුත් එවන් චරිත සියල්ල උන්ගේ වාසියට වුවමනා වූ කල පාවිච්චි කර වුවමනා දේ ඉටු කරගත් පසු කැත විදිහට පාවාදී ඉවත ලන තුරුම්පුම පමණි.
  • චන්ද්‍රිකා+චන්ද්‍රානන්ද+රත්වත්ත+දළුවත්ත සිව් කට්ටුව.
============================[සංස්කරණය]
  • 1995 සිට 2005 දක්වා වූ යුගයේදී ජානක පෙරේරාට චන්ද්‍රිකා පාලනය තුළ ලැබුණු කුඩම්මාගේ සැළකිලි පිළිබදව ඉහතින් ලියා ඇත.යම් අසීරු අවස්ථාවක් ආවිට ඔහුව ඉදිරියට දමා එය විසදුනු පසුව දුන් පොරොන්දු සියල්ල අමතක කර ඔහුව කුණු කූඩයට දැමීම එම යුගයේදී වරක් දෙවරක් නොව කීප වරක්ම සිදු විය.
  • ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිදුන්ට උඩරට රදළ කම හා සිරිමාවෝ මැතිණිය සමග තිබූ නෑ කම මෙන්ම පවුල් පසුබිම හරහා ඇති වූ "ශ්‍රීලංකා කාරයෙක්" යන ලේබලය එ.ජා.ප පාලනය තුළදී විශේෂයෙන් ප්‍රේමදාස යුගයේදී හරහට හිටියාක් මෙන්ම ජානක පෙරේරාට ඔහු පෙරේරා කෙනෙක් වීම හා පවුල් පසුබිම තුළින් "යූඑන්පී කාරයෙක්" වීම හරහාට හිටියේ සංධාන පාලන සමයේදීය.
  • කොබ්බෑකඩුව ගේ "උඩරට ප්‍රභූත්වය" කෙරෙහි හීන මානයක් හා දැඩි හුඹස් බියක් ඇති කරගත් "පහත රට" හීනමාන කාරයෝ ඔහුගෙන් පළි ගත්තේ යම් සේද ජානක පෙරේරා ගේ පෙරේරා කමට බිය වූ "උඩරට" අධිමාන කාරයෝ එය ඉදිරියට දමමින් ඔහුගෙන් පළි ගත්තේ කුල ගෝත්‍ර ආදී පටු මායිම් ද පෙරට දමමිනි.රටේ අවාසනාවට උන් එකෙක්ට වත් කොබ්බෑකඩුවගේ අගය හෝ ජානක පෙරේරා ගේ අගය ඔවුන් ජීවත්ව සිටින තාක් කල් වැටැහුණේ නැත.
  • මෙවන් පටු වර්ගවාදී මායිම් තුළින් ප්‍රයෝජන ගත් වැඩ බැරි ටාසන්ලා හැමදාමත් ගතු කේළාම් කියමින් උන්ගේ නොහැකියාව වසාගෙන ගොටු,පන්දම් අල්ලා සෑම ආණ්ඩුවක් යටතේම ඉහල තණතුරු ගත්තේ කොබ්බෑකඩුවලා,විමලරත්නලා,ජානක්ලා අකාලයේ වළපල්ලට යවමිනි.නිවට පාලකයන්ද උන්ට උඩ ගෙඩි දුන්නේ තමන්ගේ පැවැත්මට එවන් නිවටයන් වඩාත් ගැලැපෙන බැවිනි.රටක් වටින මිනිසුන් රටට අහිමි වූයේ එලෙසිනි.
  • මහින්ද+ගෝඨාභය+බැසිල් තුන් කට්ටුව.
==================[සංස්කරණය]
  • බලයට ඒමට පෙර මහින්ද චන්ද්‍රිකාගේ පාලනයෙන් ජානකට එරෙහිව සිදුවන කෙණහිලි කම් පිළිබදව කණගාටුව පළ කරමින් ජානකව රකින බවක් පෙන්වමින් රගපෑ නමුත් 2005 දී ඔහු බලය ගත් පසු ඒ සියල්ල අමතක කර ජානක පෙරේරාට පල නොකියා පළා බෙදීම දියත් කළේය.ජානක ගේ තානාපති සේවය දීර්ග නොකළ මහින්ද ඔහු මෙරටට ආපසු ඔහුගෙන් ගත හැකිව තිබූ කිසිම සේවයක් නොගෙන ඔහුව කුණු කරෝල කෑල්ලක් සේ පසෙකට කළේය.ජානක දේශපාලනයට පැමිණි පසුව ඔහුව ප්‍රධාන හතුරෙක් සේ සලකමින් ඔහුට කිසිම ආරක්ෂාවක් නොදුන් ආකාරය ඉහතින් දක්වා ඇත.
  • කිසිම කමකට නැති මර්වින් සිල්වා මැරකම් කිරීමට ගොස් ආණ්ඩුවේම රූපවාහිනිය තුළ ගුටි කද්දී ඔහුව බේරා ගැනීමට ගජබා රෙජිමේන්තුවේ බලඇණියක්ම වහාම පිටත් කිරීමට පසුබට නොවූ මහින්ද රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ ජානක පෙරේරා ගේ ආරක්ෂාවට එක සෙබලෙක් වත් දුන්නේ නැත.
  • අශුද්ධව කතරගම කැලෑ වල රිංගීමට ගොස් හිර වූ විමල් වීරවංශ ගේ ගෑණිව බේරා ගැනීමට වහාම කමාන්ඩෝ භටයන් හා හෙලිකොප්ටර් යැවීමට පසුබට නොවූ මහින්ද කමාන්ඩෝඅ රෙජිමෙන්තුව දියුණු කිරීමට විශාල උත්සාහයක් දැරූ ජානක පෙරේරා ගේ දිවි රැක ගැනීමට කමාන්ඩෝ තබා ග්‍රාමාරක්ෂක භටයෙක් වත් දුන්නේ නැත.
  • රටට විශාල විනාශයක් කළ කරුණා අම්මාන්ට හා විමල් ගේ ගෑනිටත් ලැබුණු ප්‍රභූ හෙලිකොප්ටර් තබා ප්‍රවාහන හෙලිකොප්ටරයක් වත් අවම වශයෙන් ජානක ගේ මිණිය ගෙන ඒමටවත් දුන්නේ නැත.කොතරම් තිත්ත වුවත් ඇත්ත එයයි.
  • රනිල්+ෆොන්සේකා දෙකට්ටුව.
============[සංස්කරණය]
  • ජානක පෙරේරා ගේ සංකේත ප්‍රාගධනය හෙවත් ප්‍රසිද්ධිය හා ජනප්‍රිය තාවය තමන්ගේ "දේශපාලන" බල අරමුණු උදෙසා පාවිච්චි කිරීමට සිතූ රනිල් වික්‍රමසිංහ එහිදී ජානක පෙරේරා නැමැති මෝරාව බිලී බෑමට යෙදූ ඇම වූයේ උතුරු මැද පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධූරයයි.
  • රනිල් පිළිබදව හරි හැටි නොදන්නා කම හෝ තමාට සිදු වූ අසාධාරණ කම් හෝ වෙනත් අප නොදන්නා ජානක පෙරේරා පමණක් හරියටම ඇත්ත දන්නා හේතුවක් නිසා ඔහු එම ඇම ගෙඩිය පිටින්ම ගිල්ලේය.එය ඔහු විසින් ජීවිතයේ ගත් මෝඩම තීරණය විය යුතුය.
  • කෙසේ වෙතත් එතැන් සිට ඔහු රනිල් ගේ ඉත්තෙක් ලෙස කෙලින්ම අර්ථ ගැන්වුණු අතර ඒ තුළ ඔහුගේ සමස්ත අතීත මෙහෙවරම මර්වින් සිල්වා වැනි පෙන්දන් ගෙන් පවා වේදිකා තුළ අවතක්සේරුවට ලක් කිරීම ආරම්භ විය.කුණු වී ගද ගසන ලාංකීය කාඩ දේශපාලනය තුළ එය වැළැක්විය නොහැක.මහත් හොරුන්ට මිස මහත්වරුන්ට එහි කිසිම තැනැක් නැත.
  • ජානක පෙරේරාව මරා දැමීමෙන් පසුව ඔහුගේ මළ මිණිය වේදිකාවක් වේදිකාවක් ගානේ විකුණමින් ඉන් දේශපාලන වාසි උපරිම ලෙස ලබා ගැනීමට මාන බැලූ රනිල් ප්‍රමුඛ නඩය ඔහු ජීවත්ව සිටියදී ඔහුව රැක ගැනීමට කළේ කුමක්ද...?පුවත් පත් සාකච්චා පවත්වමින් කෑගැසුවා හැර තමන්ගේ බල වපසරිය තුළ කළ හැකිව තිබූ සුළු දෙයක් වත් කළේද...?පිළිතුර නැත යන්නයි.
  • රටට පෙනෙන්නට මොන නාඩගම් නැටුවද රනිල් පුද්ගලිකව ඉල්ලන දෙයක් චන්ද්‍රිකා හෝ මහින්ද නොදී සිටින්නේ නැත.රනිල් ගේ සිරිකොත වටලා ඔහුට පහර දීමට ඔහුගේම පාක්ෂිකයන් වරක් උත්සාහ කරද්දී හදිසියේම මහින්ද රාජපක්ෂට සිරිකොත හරහා යන මාර්ගයක් අලුත් වැඩියා කිරීමට එදාම සිතෙන්නේ හුදු අහම්බයකින් නොවේ.
  • එසේ එදා සිරිකොත හරහා යන පාර එදාම අලුත් වැඩියා කිරීමට මහින්දට සිතුණා නම් රනිල් නිකමට දුරකතන ඇමැතුමක් දුන්නා නම් රනිල්ට ජානකව රැක ගැනීමට අවංක වුවමනාවක් තිබුණා නම් මහින්ද එදා සිරිකොත පාර අලුත්වැඩියා කළාක් මෙන් ජානක වෙනුවෙන් නැතත් ඔහු යන තැන් වලටවත් හදිසි ආරක්ෂක මුරයක් දමනවා නොවේද...?නමුත් ඒ කිසිවක් එසේ සිදුවූයේ නැත.
  • ඉන් පැහැදිලි වන්නේ රනිල්ට වුවමනා වූයේ ජානක පෙරේරාව රැක ගැනීමට නොව ඔහුගේ මිණිය හෝඅ පාවිච්චි කර තමන් ගේ බල අරමුණු මුදුන්පත් කරගැනීමට ම පමණක් බැව් නොවන්නේද...?කොටින් ම කිවහොත් රනිල්ට වඩාත් වටින්නේ ජීවත්වන ජානක පෙරේරා නොව මරා දැමූ ජානක් පෙරේරා කෙනෙක්ය.එවන් රනිල්ට හෝ ඔහුගේ හෙංචයියන්ට ජානක ගේ මරණය වෙනුවෙන් කිඹුල් කදුළු හෙලීමට කිසිම අයිතියක් නැත.රනිල් ඊට පෙර ලක්ෂමන් අල්ගම හෙවත් ලකී අල්ගමට කළේද මෙයමය කවදා හෝ සරත් ෆොන්සේකාට කරන්නේද එයමය.
  • අද රනිල් සමග එකතු වී ඇමැති කට්ටක් ලබාගෙන සිටින සරත් ෆොන්සේකාද කීප තැනකදී ජානක පෙරේරා ගේ මරණය ගැන යම් යම් ප්‍රකාශ කර තිබෙනු පෙනුනි.ඔහු මහින්ද ගෝඨා සංධානය තුළ හමුදාධිපති ලෙස සිටිද්දී ජානක ගේ ආරක්ෂාව අරභයා ක්‍රියා කළ ආකාරය ඉහතින් ලියා ඇත.එහෙව් ෆොන්සේකා අද කිසිවක් නොදන්නා තොත්ත බබෙක් ලෙස දොඩන "බබා උක්කුං" බස් විකාරය.එදා ජානක පෙරේරා අවසන් වශයෙන් තමාගේ ආරක්ෂාවට හිටපු හමුදා නිලධාරියෙක් ලෙස පිස්තෝලයක් වත් දෙන ලෙස ඉල්ලද්දී චීනයෙන් තොග පිටින් ආයුධ සතියෙන් සතියට ගෙනවිත් පුරවා තිබූ ෆොන්සේකා ගේ ආයුධ ගබඩාවේ කුඩා පිස්තෝලයක් වත් තිබුණේ නැත.අදෝමැයි...!.
  • එදා එසේ කටයුතු කළ ෆොන්සේකාට ඉන් වසර දෙකක් ගත වීමටත් පෙරම තමාගේ ආරක්ෂාව පතා විශාල අරගලයක් කිරීමට සිදු වීම කොතරම් නම් ඛේදවාචකයක්ද...?එදා ඔවුන් එකතු වී ජානක පෙරේරාට දමා ගැසූ පිළිතුරු වලින්ම මහින්දලා ෆොන්සේකාට දමා ගසද්දී ඔහුට සිය අතීතය සිහිපත් වූවාට සැකයක් නැත.ලාංකීය කාඩ දේශපාලනයේ යතාර්ථය එයයි.වරක ඉත්තා වෙන කෙනාම නැවත බිල්ලක් බවට පත්වේ.
  • ජ.වි.පෙ භූමිකාව.
==[සංස්කරණය]
  • ජ.වි.පෙ ට ලංකාවේ අනිකුත් බොහෝ ප්‍රශ්න සම්බන්ධයෙන් මෙන්ම ජානක පෙරේරා අරභයාද තිබුණේ කලින් කලට පලින් පල කියන්නා සේ ඔවුන්ගේ වාසියට වරින් වර වෙනස් කර ගන්නා විග්‍රහයක් හා මැදිහත් වීමකි.ඔහුගේ මූලිකත්වයෙන් දකුණේ ත්‍රස්තවාදියා විජේවීර අත් අඩංගුවට ගනිද්දී ඔහු "විප්ලවයට එරෙහි වූ මර්ධනකාමී ද්‍රෝහියෙකි යූඑන්පී හෙංචයියෙකි",ඔහුම වැලිඔයේදී දෙමළ ත්‍රස්තවාදීන් 500 ක් පමණ විනාශ කර ඉන් පසුව රිවිරැස ආදී මෙහෙයුම් හරහා සිංහල සමාජය තුළ ජනප්‍රිය වෙද්දී ඔහු "රට රැක ගත් වීරයාය".ඒ ආදී වශයෙන් ජ.වි.පෙ ස්ථාවරය අවස්තාවාදීව වෙනස් වූ එකකි.මුලින් විජේවීර මැරුවේ ජානක යැයි චෝදනා කළ උන්ම පසුව ජානකගේ ප්‍රතිරූපය විශාල ලෙස ඉහල යද්දී එම චෝදනාව වෙනස් කර ගත්තේද එම සන්දර්භය තුළය.ජානක පෙරේරා පිළිබදව පමණක් නොව සමස්ත ජනවාර්ගික ප්‍රශ්නය පිළිබදවම ඔවුන්ගේ ප්‍රතිපත්තිය එසේම විය."කන්න හිතුනාම කබරයා තළගොයා" නියාය ලෙස එය හැදින්විය හැකිය.
  • සමාප්ති සටහන.
==[සංස්කරණය]
  • සමස්තයක් ලෙස ගත් කල අවසන් වශයෙන් නිගමනය කළ හැක්කේ එල්.ටී.ටී.ඊ සංවිධානය හැර වෙනත් කිසිම ලාංකීය දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් ජානක පෙරේරා ව නිවැරැදිව හදුනා ගත්තේ නැති බවයි."කොටි" සංවිධානය නිවැරැදිව ජානක පෙරේරා ව හදුනා ගත් බැවින් දීර්ග කාලීනව සැළසුම් කර ඔහුව කරළියෙන් ඉවත් කළේය.
  • "කොටින්ට" ජානක පෙරේරා පිළිබදව සැමදාමත් තිබුණේ වෙනස් නොවූ ස්ථීරසාර ප්‍රතිපත්තියකි.නමුත් "සිංහයන්" යැයි කියා ගන්නා දකුණේ නිවටයන් ට එවන් ස්ථීර දැක්මක් කිසිදාක තිබුණේ නැත.උන්ට අනුව ප්‍රභාකරන් ටත් වඩා හතුරා වූයේ ජානක පෙරේරාය.ප්‍රභාකරන් උතුර නැගෙනහිර අල්ලා ගත්තත් උන්ට කම් නැත ජානක පෙරේරා මහ ඇමැති නොවී යන්න උන්ගේ අදහස විය.
  • මෙහිදී ප්‍රභාකරන් ට දොස් කියා පලක් නැත මක් නිසාද යත් සතුරා ගේ ඉලක්කය වන්නේ නිතරම වැදගත් පුද්ගලයන් විනාශ කිරීම වන බැවිනි යුද්ධයේ සොබාවය එයයි.වරද කරේ සතුරා නිවැරැදිව හදුනා ගත් ඉලක්කය ආරක්ෂා කර ගැනීමට දකුනේ දේශපාලුවන්ට වුවමනාවක් නොතිබීමයි.උන්ට රටට වඩා වැදගත් වූයේ උන්ගේ බලය හා පක්ෂයයි.
  • ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිදුන් සෑම සියළු පංතියක් තුළම එකසේ ජනප්‍රිය වෙද්දී එය නොරිස්සූ හීනමාන කාරයින් ඔහුගෙන් පළි ගත්තේ ඔහුත් සමග තවත් එවැනිම වටිනා සෙම්පතියෙක් වූ විජය විමලරත්න මෙන්ම ජයමහ,පලිපාන,ලංකාතිලක වැනි සෙන්පති වරුන් රාශියක් එක වාහනයක් තුළම අමු අමුවේ මරා දමමිනි එය "කොටි" කළාද...? "අලි" කළාද ...?එසේත් නැති නම් "නරි" කළාද...?කියා අදටත් ඒක මතියක් නැත.
  • ඉන් පසුව වඩාත් කතා බහට ලක් වූ හා ජනප්‍රිය වූ හමුදා චරිතය ලෙස අවිවාදයෙන් හදුන්වා දිය හැකි සෙන්පති ජානක පෙරේරාට ද අත් වූයේ කොබ්බෑකඩුව සෙන්පතිදුන්ට අත් වූ ඉරණමම වේ.
  • මෙහිදී අහිමි වූයේ කොබ්බෑකඩුව කෙනෙක් ද...?

විමලරත්න කෙනෙක්ද...?පෙරේරා කෙනෙක්ද...?යන්න නොව ඔවුන් කෙතරම් මේ රටට ජාතියට වැදගත් සේවයක් කළේද...?කළ හැකිව තිබුණාද...?යන්නයි වඩා වැදගත් වන්නේ-අප්පුහාමිද...?හරමානිස්ද...?පොන්නසාමිද...?මොහොමඩ්ද...?උඩ රටද...?,පහත රටද...?,සිංහලද...?,දෙමළද...?,මුස්ලිම්ද...? යන්න නොව මේ රටට ජාතියට තිබෙන වැදගත් කම කුමක්ද...? යන්නයි.නමුත් කරුමේට අපේ උන් බලන්නේ ඌ "යූඑන්පීද"...?,"ශ්‍රීලංකාද"...?."ජේවීපීද"...? කියා මිස සමස්තයක් ලෙස රටේ අනාගතය නොවේ.

  • කොබ්බෑකඩුවෙලා,විමලරත්නලා,පෙරේරලා,ලෆීර්ලා,කදිරගාමර්ලා ආදී සියලු වටිනා කම් සහිත චරිත රැක ගැනීමට මේ රටට නොහැකි වූයේ එම තුටු දෙකේ ජරා දේශපාලනය නිසාවෙනි.
  • ඉන්දියාව වැනි රටවල කොතෙක් බෙදීම් තිබුණද ඔවුන්ගේ ජාතිකත්වය දේශපාලන බල අභිලාශ වලට වඩා ඉහලින් ස්තාපිත කර ඇත.එනිසා ඒ රටේ එක් "සිං" කෙනෙක් අගමැතිනිව මරා දැමුවද වෙනත් සුදුසු කම් සැපිරූ "සිං" කෙනෙකුට අගමැති වීමට කිසිම බාධාවක් නැත.ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිව් කොනේ සටන් වදිද්දීත් මුස්ලිම් කෙනෙකුට රටේ ජනාධිපති වීමට පමණක් නොව රටේ තීරණාත්මකම වියාකෘතිය වන පරමාණු අවි වැඩපිළිවෙල මෙහෙය වීමටද කිසිම බාධාවක් නැත.ඒ ඔවුන් මූලිකව සික් වරුන් වත් මුස්ලිම් වරුන් වත් හිංදූන් වත් නොව ඉන්දියානුවන් වන බැවිනි.
  • නමුත් අපේ....?කොතරම් රටට වටිනා කෙනෙක් වූවත් අනිත් පක්ෂයට ගියහොත් "ඌ ද්‍රෝහියෙකි"."රට වනසන ත්‍රස්තවාදීන් ටත් වඩා ත්‍රස්තවාදියෙකි,එනිසා ත්‍රස්තවාදීන් සමග එකතු වී හෝ ඌව විනාශ කළ යුතුය",ත්‍රස්තවාදීන් ට රටම දුන්නත් ඌට හෝ උගේ පක්ෂයට වාසි අත් වීමට ඉඩ නොදිය යුතුය".කොතරම් තිත්ත වූවත් ඇත්ත එයයි.
  • අවසන් වශයෙන් ලිවිය යුත්තේ ලංකාවේ "දේශපාලනයට" යම් වැදගත්,දැනුමක්,බුද්ධියක්,හැකියාවක් ඇති අවංක කෙනෙක් එනවා නම් එම පුද්ගලයා විසින් නොකළ යුතු මූලිකම දෙය වන්නේ එනම් "දේශපාලනයට" පැමිණීමේදී කරන මුල්ම වැරැද්ද වන්නේ-:"දේශපාලනයට" පැමිණීමයි.(Y.W.B).
"https://si.wikipedia.org/w/index.php?title=ජානක_පෙරේරා&oldid=431032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි