ජාත්‍යන්තර අවිහිංසා දිනය

විකිපීඩියා වෙතින්
ජාත්‍යන්තර අවිහිංසා දිනය
Observed byසියළු එජා සාමාජීක රාජ්‍යයන්
Date2 ඔක්තොම්බර්

මෝහන්දාස් ගාන්ධිගේ උපන්දිනය වන ඔක්තොම්බර් 2 දිනදී ජාත්‍යන්තර අවිහිංසා දිනය සිහිකෙරෙයි. ඉන්දියාවේ මෙම දිනයට ව්‍යවහාර වන්නේ ගාන්ධි ජයන්ති යන නාමයයි.

ජාත්‍යන්තර අවිහිංසා දිනයක් පිළිබඳව, පැරිසියේදී ජාත්‍යන්තර ශිෂ්‍යයන්ට හින්දි භාෂාව උගැන්වූ ගුරුවරයෙකු තුල ජනිතවූ අදහසක්, 2004 ජනවාරි මසදී, ඉරානියානු නොබෙල් ත්‍යාග ලාභී ෂිරීන් ඒබෝඩි විසින් බොම්බායේ ලෝක සමාජ සංසදය වෙත ඉදිරිපත් කෙරිණි. ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයෙහි ("අහිංසා ෆයින්ඩ්ස් ටීන් වොයිස්", ද ටෙලිග්‍රාෆ්, කල්කටා) සමහරක් නායකයන්ගේ අවධානයට මෙම අදහස කෙමෙන් පත්වූ අතර, එහි මස්තකප්‍රාප්තිය වශයෙන්, 2007 ජනවාරි මස, නවදිල්ලියේ පැවති සත්‍යග්‍රහ සම්මේලනයෙහිදී සෝනියා ගාන්ධි සහ අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ යන අයගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ මෙම අදහස පිළිගන්නා ලෙසටයි.[උපහරණ ඇවැසිය]