ජලාප්‍රවාහණ ද්‍රෝණිවල වැදගත්කම

විකිපීඩියා වෙතින්

ජලාප්‍රවාහණ ද්‍රෝණිවල වැදගත්කම

භූ දේශපාලනික සීමා ලෙස

සීමා නිර්ණයේදී ඓතිහාසිකවම ජලාප්‍රවාහණ ද්‍රෝණි වැදගත් වී ඇත. විශේෂයෙන්ම ජලය හරහා සිදු කරන වෙළඳාම වැදගත් වන ප්‍රදේශවලදීය. උදාහරණයක් වශයෙන් ඉංග්‍රීසි අධිරාජ්‍ය හඩ්සන් බොක්ක ආයතනයට හඩ්සන්බොක්ක දියබස්නාවේ සම්පූර්ණ ඉන්දීය වෙළදාමේ ඒකාධිකාරය පවරා දෙන ලදී. එම ප්‍රදේශය Rupwrt භූමිය ලෙස හැඳින්විණි. මෙම ආයතනය පසුව ආක්ටික් සාගරයේ උතුරු ඇමෙරිකානු දියබස්නාව අත්පත් කර ගන්නා ලදී. (වයඹ දිග භූමිය) මෙම වයඹ දිග භූමීන් පසුකාලීනව කැනඩාවේ කොටස් බවට පත්විය. ඒවා කැනඩාවේ භූමියෙන් බහුතරය අයත්කරගෙන සිටී.

වර්තමා‍නයේ Sistan ද්‍රෝණිය ඇෆ්ගනිස්ථානය හා ඉරානයේ දකුණු ප්‍රදේශ හරහා පැතිර පවතී. Shangrial විල පකිස්ථානයේ Skardu හිදී.

අද ජෛව ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍ර වාදය විශේෂිත ජලාප්‍රවාහණ ද්‍රෝණියක් ආරක්ෂා කිරීමට එකඟතා අන්තර්ගත කරගත හැකිය. මේවා මහාවිල් කොමිසම අන්තර්ගත කර ගනී.


ජලවිද්‍යාව


මිසිසිපි ගංගාවේ ජලාප්‍රවාහන ද්‍රෝණියේ කොටසක් වන ඔහියෝ ගංගාවේ ජලාප්‍රවාහන ද්‍රෝණිය

ජල විද්‍යාවේදී ජලාප්‍රවාහන ද්‍රෝණි ජලචක්‍රය තුළ ජලයේ චලන අධ්‍යයනය සඳහා තාර්කික ඒකකයකි. ද්‍රෝණිය මත පතිතවන වර්ෂා පතනය මගින් ද්‍රෝණියෙන් විසර්ජනය වන ජලයේ බහුතරයක් සමන්විත වන නිසාවෙනි. ජලාප්‍රවාහන ද්‍රෝණියට යටින් භූගත ජලපද්ධතියට ජල ප්‍රමාණයක් එකතු වී වෙනත් ජලාප්‍රවාහණ ද්‍රෝණියක් කරාගලායයි. ඒ භූගත ජල ගැලීමේ දිශානතියන් පිටත ජලාප්‍රවාහණ ජාලයට හැමවිටම ගැළපීම සිදු නොවන බැවිණි. ද්‍රෝණියේ මුව විට තබන ලද ප්‍රවාහ ආමාණයක් මගින් ද්‍රෝණියෙන් විසර්ජනය වන ජල ප්‍රමාණය මැන ගත හැක.

ජලාප්‍රවාහණ ද්‍රෝණියක් මතට වැටෙන මුළු වර්ෂාපතනය මැනීමට වර්ෂා ආමාන යොදා ගනී. එම දත්ත ලබාගැනීමට වෙනත්ක්‍රමද ඇත. නියත වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශයක ආමාණ රාශියක් එකාකාරීව පැතිරී ඇත්නම් අංක ගණිතමය මධ්‍යන්‍ය ක්‍රමය වඩා හොඳ ප්‍රතිඵල ලබාදේ. Thiessen බහු අස්‍ර ක්‍රමයේදී දිය බස්නාව බහු අස්‍රවලට බෙදෙන අතර ප්‍රධාන ආමානය සෑම බහුඅස්‍රයකම මැද පිහිටුවා ඇත. එය එම ප්‍රදේශයේ වර්ෂාපතනයට නිදර්ශකයක් ලෙස ක්‍රියාකරයි. මෙම බහු අස්‍ර ආමාන අතර රේඛා ඇඳීමෙන් නිර්මාණය කෙරේ. අනතුරුව බහුඅස්‍රවල සිට ඒවාට ලම්භ සමච්ඡේදකයක් නිර්මාණය කරයි. සම වර්ෂා රේඛාක්‍රමය භාවිතයේදී සමාන වර්ෂාවක් වැටෙන සමොච්ච රේඛා සිතියමක අඳිනු ලැබේ. එම චාපයන් අතර වර්ගඵලය ගණනය කොට ජලපරිමාව එකතු කිරීම කල්ගත වන ක්‍රියාවකි.

පරිසර විද්‍යාවේදී



එක්සත් ජනපද ගංගාවක විශාලතම වර්ගඵලය අයත් වන්නේ මිසි සිපි ගංගා ද්‍රෝණියටයි. ඉන් වැඩි ප්‍රමාණයක් කෘෂිකාර්මික ප්‍රදේශ වේ. කෘෂි කාර්මික අපව‍ාහයන් හා වෙනත් ජල දුෂණ කාරක මෙක්සි‍කෝ බොක්කේ මළ කලාපයක් ඇති කිරීමට හේතු වී ඇත. ජලාප්‍රවාහණ ද්‍රෝණි පරිසර විද්‍යාවේදී ද වැදගත් මූලකාරකයන් වේ. පොළව හරහා ගලායන ජලය පෝෂක අවසාධක හා දුෂක එකතුකර ගත හැකි බැවිනි. ජලය මෙන්ම ඒවාද ද්‍රෝණියේ පිටත විවරය දෙසට ගලායයි. ඒවා සිය ගමන් මග තුළ පරිසර විදයාත්මක ක්‍රියාකාරකම්වලට බලපෑම් ඇති කරවන අතර ඒ අතර තුරදීම ජල ප්‍රභවය ලැබීමේදී ද බලපෑම් සිදු කළ හැකිය.

කෘත්‍රීම පොහොරවල වර්තමාන භාවිතයේදී නයිට්‍රජන් පොස්පරස් හා පොටෑසියම් භාවිතය දියබස්නාවල මුවවිට වෙත බලපෑම් ඇති කොට ඇත. ඛණිජ දියබස්නාව මගින් එහි මුවවිට දක්වා ගමන්කරවන අතර එහිදී තැන්පත් වේ. එය ස්වාභාවික ඛණිජ තුලනයට බාධා කරයි.

සම්පත් කළමණාකරණයේදී

‍ජල විද්‍යාත්මක දැක්මට අනුව ජලාප්‍රවාහන ද්‍රෝණි සංක්ෂිප්ත වස්තූන් වන බැවින් තනි ද්‍රෝණි පදනම මත ජල සම්පත් කළමනාකරණයට පොදුවේ යොදා ගනී. Minnesota එක්සත් ජනපද ප්‍රාන්තයේදී මෙම ක්‍රියාව සිදු කරන රාජ්‍ය වස්තූන් හැඳින්වෙන්නේ දියබස්නා දිස්ත්‍රික්ක ලෙසය. නවසීලන්තයේදී ඒවා හැඳින්වෙන්නේ ජලධාරක මණ්ඩල වශයෙනි. කැනඩාවේ පොන්ටෙරියෝහිදී සංසන්දනාත්මක ප්‍රජා කණ්ඩායම් සංරක්ෂණ අදිකාරීන්නම් වේ. උතුරු ඇමෙරිකාවේදී මෙම ක්‍රියාව දියබස්නා කළමනාකරණය නම් වේ. බ්‍රසීලයේදී ජල සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය නම් වේ. එය විධිවිධාන කොට තිබෙන්නේ 1997 9.433 පනතෙනි. ඒ අනුව ජලාප්‍රවාහණ ද්‍රෝණි බ්‍රසීලීය ජල කළමනාකරණයේ භෞමික බේදීම් ලෙස එළි දක්වා ඇත.