ජනාධිපති විද්‍යාලය, මිනුවන්ගොඩ
| ජනාධිපති විද්‍යාලය - මිනුවන්ගොඩ | |
|---|---|
| ස්ථානය | |
![]() | |
| , 11550 | |
| ඛණ්ඩාංක | 7°09′33.7″N 79°56′45.6″E / 7.159361°N 79.946000°E |
| තොරතුරු | |
| පැරණි නම | ජාපාලවත්ත මධ්‍ය විද්‍යාලය, මිනුවන්ගොඩ |
| වර්ගය | 1AB (පළාත් පාසල) |
| ආදර්ශ පාඨය | "අභිමානයෙන් පෙරට යමු" |
| ආරම්භ කලේ | 1979 පෙබරවාරි 09 |
| ආදිකර්තෘ | බෙනට් ගුණසේකර |
| පාසල් අංකය | PCM |
| විදුහල්පති | කේ. ඒ. යූ. සංජීව සිසිරබන්දු |
| ගුරුවරු | 80 |
| ශ්‍රේණි | 6 - 13 |
| බාලක/බාලිකා | බාලක සහ බාලිකා |
| වයස් පරාසය | 11 - 19 |
| සිසුන් ගණන | 2,350 |
| නිවාස | මයුර තිසර පරවි ලිහිණි |
| වර්ණ(ය) | රතු දුඹුරු සහ රන් |
| වෙබ් අඩවිය | නිළ වෙබ් අඩවිය |
ශ්‍රී ලංකාවේ මිනුවන්ගොඩ පිහිටා ඇති ජනාධිපති විද්‍යාලය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පරිපාලනය වන පාසලකි.
පාසල් ගීතය
[සංස්කරණය]සිරි ලකඟන පැළඳුව රන් තැල්ලේ
ඔබත් සු රත් මිණි කැටයකි දිදුලන
සැරදේ සැරදේ ජනපති විදුහල්
මෑණි සිරින් සැමදා…//
කලාව විදු සාහිත දම් සිප්වර
ලබනෙමු සිරස නමා ගුණ සිහිකර
අපි වන්නෙමු එක හුය බැඳි මුතුහර
වොරදෙමු ඔබෙ රූ මනාව හැඩකර
සැරදේ සැරදේ ජනපති විදුහල්
මෑණි සිරින් සැමදා…//
දැය සනසන යහගුණ පිරි තරු වන්
නිජබිම සිරිතට සිත බැඳි සඳ වන්
අභිමන් වඩනා හෙළඹර හිරු වන්
එබඳු ය නිබඳ ව ඔබ වැඩු දරුවන්
සැරදේ සැරදේ ජනපති විදුහල්
මෑණි සිරින් සැමදා…//
දෙගුරුන් නැමදා ගුරු සිත් නොබිඳා
මෙත් සිත් පහදා බැති පෙම් උපදා
ඔබ කිතු සමුදා රකිමින සැමදා
මිනිසෙකු වෙමි මම ඔබ සෙවණේ
සිරි ලකඟන පැළඳුව රන් තැල්ලේ
ඔබත් සුරත් මිණි කැටයකි දිදුලන
සැරදේ සැරදේ ජනපති විදුහල්
මෑණි සිරින් සැමදා…//
