ඡායාරූපකරණය-නිවැරදි අනාවරණය

විකිපීඩියා වෙතින්

නිවැරදි අනාවරණය

ෆයර් පොයි බෝල් නැටුමක තත්පර 2ක අනාවරණයක්.

ඡායාරූපයක් සඳහා නිවැරදි අනාවරණය තීරණය කරනු ලබන්නේ යොදා ගත් මාධ්‍යයේ සංවේදීතාව අනුවය. ඡායාරූප පටයක් සඳහා සංවේදීතාව පට වේගය ලෙස පරිශීලනය වන අතර සම්මතකරණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානය (ISO)මඟින් ප්‍රකාශයට පත් කළ පරිමාණයක් මත දී මනිනු ලැබේ. වේගවත් පටි වලට අඩු අනාවරණ අවශ්‍ය වන අතර වැඩි ISO ශ්‍රේණිගත කිරීමකින් යුක්ත වේ. අනාවරණය යනු කාලයේ හා ප්‍රකා‍ශ සංවේදී ද්‍රව්‍ය මඟින් ලබා ගන්නා දීප්ති මට්ටමේ එකතුවකි. අනාවරණ කාලය කැමරාවක දී ෂටර වේගය මඟින් පාලනය වන අතර දීප්ති මට්ටම කාච විවර මඟින් පාලනය වේ. මන්දගාමී ෂටර වේග (මාධ්‍යයට දිගු කාලයක් තිස්සේ නිරාවරණය කිරීම) හා විශාල කාච විවර (වැඩි ආලෝකයක් ලබා ගන්නා), විශාල අනාවරණය කිරීම් නිපදවයි.

ISO 100 පටලයක් යොදා ගෙන ප්‍රසන්න දිනයක දී දළ වශයෙන් නිවැරදි අනාවරණයක් ලබා ගැනීම සඳහා තිබිය යුතු විවර ප්‍රමාණය හා ෂටර වේගය වන්නේ පිළිවෙලින් f/16 හා තත්පරයෙන් 1/100ය. මෙය සනී 16 නීතිය ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රසන්න දිනයක දී f/16 විවරයක් යොදා ගැනීමේ දී ගැලපෙන ෂටර වේගය වන්නේ පටල වේගයට වඩා එකක් වැඩි අගයයි. (හෝ ආසන්නම සමාන අගයක්)

කෙසේ නමුත් නිවැරදි අනාවරණය ලෙස දෙයක් නොපවතී. මන්ද යත් ඡායාරූපකරුවෙක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ආචරණ මත පදනම්ව දර්ශන බොහොමයක් ආකාරවලින් අනාවරණය කළ හැක.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Exposure_%28photography%29#Correct_exposure