චිරහාරා පාලම කඩාවැටීම

විකිපීඩියා වෙතින්

2018 ජනවාරි 15 දිනදී, කොලොම්බියාවෙහි චිරහාරාහී පාර්ශව වශයෙන් තනා තිබූ පාලමක් කඩා වැටීමෙන්, කම්කරුවන් අවම වශයෙන් 10 දෙනෙක් මිය ගොස් තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. කුන්ඩිනමර්කා පළාතෙහි පිහිටා ඇති, 446-මීටර (1,463 අඩි) දිගැති මෙම පාලම, 2018 මාර්තු මාසයෙහිදී විවෘත කිරීමට නියමිතව තිබුණු, බොගෝටා සහ විජ්ජවිසෙන්සියො අතර, ජාතික මහාමාර්ගය 40 දිගුකිරීමෙහි කොටසකි.[1] ගිරිකඳුරක් උඩින්, 280 මීටර (920 අඩි) උසකින් දිවෙන මෙම පාලම, කුළුණු දෙකක් වෙතින් ඇදුණු රුකුල් කේබල මගින් දරා සිටින අතර, කඩා වැටී ඇත්තේ මෙම කුළුණු දෙකින් එකකි.[2]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=චිරහාරා_පාලම_කඩාවැටීම&oldid=426802" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි