Jump to content

චන්ද්‍රිකා චක්‍රාවාට

විකිපීඩියා වෙතින්
ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය එහි සඹිපතම චන්ද්‍රිකා චක්‍රාවාට දෙක වන M32, සහ M110 සමග.
විශාලතම චන්ද්‍රිකා චක්‍රාවාටය සහ, ප්‍රාදේශීය කාණ්ඩයෙහි සතරවන විශාලතමය වන, මහා මැගලැනික් වලාව.

ගුරුත්වාකර්ෂණය නිසා, විශාල චක්‍රාවාටයක් වටා කක්ෂගතව පවතින චක්‍රාවාට චන්ද්‍රිකා චක්‍රාවාට නම්වේ. [1] චක්‍රාවාටයක් තැනී ඇත්තේ, එකිනෙක හා සම්බන්ධ නොවූ වස්තූන් විශාල සංඛ්‍යාවකින් ( තාරකා, ග්‍රහලෝක සහ, නිහාරිකා වැනි) වුවද, එක් එක් සංරචක වස්තුවෙහි පිහිටුම් ස්ථානයන්හී (ස්කන්ධය අනුව) භරිත මධ්‍යකය නිරූපන්‍ය කරන්නාවූ ස්කන්ධ කේන්ද්‍රයක් එයට ඇත. මෙය, අප එදිනෙදා භාවිතා කරන වස්තූන් අරභයා වුවද, ඒවායේ සියළු සංරචක පරමාණු වල පිහිටුම් වල භරිත මධ්‍යකය වන්නාවූ ස්කන්ධ කේන්ද්‍රයක් ඇති ලෙසින්ම වෙයි.[1]

කක්ෂගතව ඇති චක්‍රාවාට යුගලයක, එක් චක්‍රාවාටයක් අනෙකට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් කුඩා නම්, විශාලතමය "ප්‍රාථමිකය" ලෙසින්ද කුඩාතමය චන්ද්‍රිකාව ලෙසින්ද හැඳින්වෙයි. [1] කක්ෂගත චක්‍රාවාට දෙකම බෙහෙවින් එකම ප්‍රමාණයෙන් යුතු නම්, එවිට ඒවායින් නිර්මානය වන්නේ ද්ව්‍යංගි පද්ධතියකි.

සමහරක් දිශාවලින් චක්‍රාවාට එකිනෙකා මුණගැසෙන විට ඒවා අන්තර්ක්‍රියාකාරක විය හැක: ගැටීම, ඒකාබද්ධය, එකිනෙකා ඉරා දැමීම හෝ, සමහරක් සංරචක වස්තූන් මාරු කර ගැනීම. මෙවන් අවස්ථාවන්හිදී, එක් චක්‍රාවාටයක් අවසන් වන්නේ කුමන තැනකින්ද සහ අනෙකක් ඇරඹෙන්නේ කුමන තැනකින්ද යන්න පැවසීම අපහසු වෙයි. චක්‍රාවාට අතර "ගැටීම්" වලදී, එක් චක්‍රාවාටයක ඇති වස්තූන් වෙනත් චක්‍රාවාටයක ඇති වස්තූන් සමග ගැටීම් අනිවාර්යයෙන්ම සිදු නොවන්නේ, චක්‍රාවාටයන්හී බොහෝ විට ඇත්තේ හිස් අවකාශය නිසාය. ඒ වෙනුවට, සමීප පදාර්ථ වලාවන් විසින් එකිනෙකා විපරිමාණ කිරීම සිදු විය හැකි අතර, එක් චක්‍රාවාටයකින් ස්කන්ධ ගොන්නක් තවත් චක්‍රාවාටයකට ගෙන යෑම සිදු විය හැක.

අපගේ චක්‍රාවාටය වන, ක්ෂීරපථයෙහි, චන්ද්‍රිකා චක්‍රාවාට.


මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c "සැටලයිට් ගැලැක්සීස්". mpg.de. සම්ප්‍රවේශය 17 අගෝස්තු 2013.

මෙයද බලන්න

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍රිකා_චක්‍රාවාට&oldid=306228" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි