ගෝලයන් සැත්තෑදෙන

විකිපීඩියා වෙතින්
අපෝස්තුළුවරුන් සැත්තෑදෙනගේ අයිතොනය.

ගෝලයන් සැත්තෑදෙන හෝ ගෝලයන් සැත්තෑදෙදෙන ( නැගෙනහිර ක්‍රිස්තියානි සම්ප්‍රදායෙහි අපෝස්තුළුවරයන් සැත්තෑදෙන ලෙසින් හැඳින්වෙන) යනු ලූක් තුමන්ගේ සුබඅස්නෙහි 10:1–24 දක්වන පරිදී ජේසුස් වහන්සේගේ මුල් ශිෂ්‍යයන් වූහ. ඔවුන් පිළිබඳ දැක්වෙන එකම සුබඅස්න වන ලූක් තුමාගේ සුබඅස්න පරිදී, ජේසුස් තුමන් විසින් ඔවුන් පත් කොට ඔවුන් යුගල වශයෙන් පිටත් කොට යැවුවේ, ග්‍රන්ථ පෙළෙහි දැක්වෙන විශේෂිත මෙහෙයුම් සඳහාය. බටහිර ක්‍රිස්තියානි ආගමෙහි ඔවුන් සාමාන්‍යයෙන් දැක්වෙන්නේ, ගෝලයන් ලෙසින් වන අතර,[1] නැගෙනහිර ක්‍රිස්තියානි ආගමෙහි ඔවුන් සාමාන්‍යයෙන් දැක්වෙන්නේ අපෝස්තුළුවරයන් ලෙසිනි.[2]

මුල් ග්‍රීක වචන භාවිතා කළ විට, මෙම අභිධාන දෙක පැහැදිලි ලෙසින් විස්තර කළ හැකි වන අතර, ඒ අනුව අපෝස්තුළුවරයෙක් වන්නේ කිසියම් ධර්මප්‍රචාරයක් සඳහා යැවූ තැනැත්තෙක් (ග්‍රීක භාෂාවෙහි භාවිතා වන ක්‍රියා පදය: ඇපෙස්ටේලියන්) වන අතර ගෝලයෙක් යනු ශිෂ්‍යයෙක් වුවද, සම්ප්‍රදායයන් දෙක විසින් මෙම අපෝස්තුළු සහ ගෝලයා යන වචන සඳහා වෙනස් තේරුම් දී ඇත.


ආශ්‍රිත[සංස්කරණය]

  1. කැතලික් එන්සයික්ලොෆීඩියා: ඩිසයිප්ල්: "The disciples, in this disciples, in this context, are not the crowds of believers who flocked around Christ, but a smaller body of His followers. They are commonly identified with the seventy-two (seventy, according to the received Greek text, although several Greek manuscripts mention seventy-two, as does the Vulgate) referred to (Luke 10:1) as having been chosen by Jesus. The names of these disciples are given in several lists (Chronicon Paschale, and Pseudo-Dorotheus in Migne, P.G., XCII, 521-524; 543-545; 1061-1065); but these lists are unfortunately worthless."
  2. ඕරතඩොක්ස් චර්ච් ඉන් ඇමරිකා: සිනැක්සිස් ඔෆ් සෙවන්ටි ඇපෝස්ටල්ස්
"https://si.wikipedia.org/w/index.php?title=ගෝලයන්_සැත්තෑදෙන&oldid=271049" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි