ගෝඩුන්න

විකිපීඩියා වෙතින්

ගෝඩුන්න ගම්මානය ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව ආසනයේ පිහිටා ඇත. ගම්මානය අවට කුඩා ගම්මාන ලෙස උණගොල්ල,වාසනාගම,තුන්නෑව,හාපත්ගමුව,මීගහඇල්ල ආදී ගම්මාන පිහිටා ඇත.කෘෂිකර්මය මුල් කරගත් ආර්ථිකයක් දැකිය හැක. වී වගාව,ඉරිඟු වගාව,ගම්මිරිස්,කුරුඳු,දුම්කොළ,එළවළු හා පළතුරු මෙහි වගා කරන බෝග අතර මුල් තැනක් ගනී.

ගම්මානයේ සිට කිලෝ මීටර් තිස් තුනක් දුරින් ආසන්නම නගරය වන බදුල්ල පිහිටා ඇත.ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කන්දකැටිය වන අතර කන්දකැටිය ප්‍රාදේශීය සභාව යටතේ පවතී.මුහුදු මට්ටමේ සිට උස සාමාන්‍ය වශයෙන් අඩි දෙදහසක් පමණ වේ.කඳුකර වියළි කලාපයට අයත්ය.රජයේ ආයතන වශයෙන් ගෝඩුන්න මහා විද්‍යාලය, ආයුර්වේද බෙහෙත් ශාලාව, සායන මධ්‍යස්ථානය හැඳින්විය හැක.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගෝඩුන්න&oldid=379688" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි