ගූගල් මැප්ස් නැවිගේෂන්

විකිපීඩියා වෙතින්

ගූගල් මැප්ස් නැවිගේෂන් යනු ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් හා අයිඕස් සඳහා නිර්මාණය කරන ලද හැරවුමෙන් හැරවුමට හඬ නගා ගමනාන්තයට ළඟාවීමට උපදෙස් දෙන යෙදවුමකි. මෙය අන්තර්ජාල සබඳතාවක් තුලින් ලබාගන්නා සිතියමක් සමග ජීපීඑස් තාක්ෂණයෙන් ලබාගන්නා පිහිටුම තුලින් මෙම සේවාව සපයයි. පසුව මෙය ගූගල් මැප්ස් (ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම) සමග ඒකාබද්ධ කළ අතර එම යෙදවුම ඇන්ඩ්‍රොයිඩ් මත පමණක් ක්‍රියා කරයි.[1]

මෙහිදී පරිශීලකයා ඇතුලත් කළ ගමනාන්තයට ජීපීඑස් තාක්ෂණයෙන් ලබාගන්නා පිහිටුම සිට සිතියමේ ඇති මාර්ගය ඔස්සේ එක් එක් හැරීම මග පෙන්වීම කරන අතර, මග දිගේ පරිශීලකයා පැමිණ ඇති දුර ද දක්වයි.

ඉතිහාසය[සංස්කරණය]

මෙම යෙදවුමේ බීටා සංස්කරණය 2009 ඔක්තොම්බර් 28 දින ඇන්ඩ්‍රොයිඩ් ඉක්ලෙයා සඳහා මෝටොරෝලා මයිල්ස්ටෝන් දුරකථනය සමග එළිදැක්වීය.[2]).[3] ගූගල් මැප්ස් නැවිගේෂන් බීටා සංස්කරණය මුලින් ඇමරිකාවදී එළිදැක්වීය.[4] යෙදවුම පසුව (4.2 සංස්කරණය) 2010 අප්‍රේල් 20 එක්සත් රාජධානියේ ද, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ ස්විට්සර්ලන්තය සඳහා 2010 ජූනි 9 දින ද නිකුත් කරන ලදි.[5]

විශේෂාංග[සංස්කරණය]

සෙවුම[සංස්කරණය]

ලිපිනයක් හෝ වීදියක නමක් සෙවීමට අමතරව නම අනුවද ස්ථාන සෙවිය හැක උදාහරණයක් ලෙස "Restaurant" යන්න ලබාදුන් විට ළඟ ඇති අවන්හලකට මාර්ගය සොයාගත හැක. තවද "a place with burgers" යන්න ලබාදුන් විට ආසන්න බර්ගර් සහිත අවන්හලකට මග සොයාගත හැක.[6] මෙම යෙදවුමට උපාංගය මත ටයිප් කර ගමනාන්තය ලබාදීමට අමතරව හඬ මගින්ද ආදාන ලබාදිය හැක.

බහුවිධ දර්ශන[සංස්කරණය]

  • ට්‍රැෆික්: මෙමගින් සිතියමේ මග දිගට ඇති මාර්ග තදබදය විවිධ වර්ණ ආශ්‍රයෙන් දක්වයි.[7]
  • සැටලයිට්: මෙහිදී උකුසු ඇස මෙන් චන්ද්‍රිකා ඡායාරූප පෙන්වයි.
  • ස්ට්‍රීට්: ගූගල් ස්ට්‍රීට් වීව් ආධාරයෙන් මග ම්නිසෙකුට පෙනෙන ලෙසින්ම ස්වංක්‍රීයව මාර්ගය පෙන්වයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ඔටෝබන් මතත් සතුට: ගූගල් මැප්ස් නැවිගේෂන් තවත් රටවල් 11ක". GoogleMobile.BlogSpot.com. සම්ප්‍රවේශය 5 February 2013.
  2. "Motorola MILESTONE – Full phone specifications". GSMArena.com. සම්ප්‍රවේශය 5 February 2013.
  3. Arrington, Michael. "Google Redefines GPS Navigation Landscape: Google Maps Navigation For Android 2.0". TechCrunch.com. සම්ප්‍රවේශය 5 February 2013.
  4. 1216.php "Google Maps for mobile announce Navigation Beta for Android 2.0 – GSMArena.com news". GSMArena.com. සම්ප්‍රවේශය 5 February 2013. {{cite web}}: Check |url= value (help)
  5. Schroeder, Stan. "ගූගල් මැප්ස් නැවිගේෂන් දැන් බොහෝ යුරෝපීය රටවල හා කැනඩාවේ ක්‍රියාකරයි". Mashable.com. සම්ප්‍රවේශය 5 February 2013.
  6. Lam, Brian. "Google Maps Navigation: A Free, Ass-Kicking, Turn-by-Turn Mobile App". Gizmodo.com. සම්ප්‍රවේශය 5 February 2013.
  7. Nosowitz, Dan. "Google Maps Crowdsources Traffic by Measuring Your Miserable Commute". Gizmodo.com. සම්ප්‍රවේශය 5 February 2013.