ගිරා සන්දේශය
Jump to navigation
Jump to search
පසුබිම[සංස්කරණය]
ගිරා සන්දේශය ලියැවී ඇත්තේ ක්‍රි.ව. 1457 - 1465 දක්වා කාලය අතරතුරය. මෙහි කතුවරයා කවුරුන්දැයි පැහැදිලි නැත. එහෙත් ඔහු විසුවේ ජයවර්ධනපුර මහාවිහාරයක බව විශ්වාස කෙරේ. එලෙසම කතුවරයා ගිරවා නික්මවන්නේ තමන් විසූ වෙහෙරින් වන බැවින් ඔහු සඟනමක් බවද පැහැදිලි වන්නකි. පරෙවි, කෝකිල, සැළලිහිණි ආදී මේ වන විට ලියැවී තිබූ සන්දේශ කාව්‍යයන් හි දූතයන් ගියේ දෙවියන් වෙතය නැතහොත් දෙවියන්ගෙන් ආසිරි රැගෙන රාජ්‍ය නායකයන් වෙතය. එහෙත් මෙම සන්දේශ කාව්‍යයේ දූතයා වන ගිරවා යනුයේ තොටගමුවේ විජයබා පිරිවෙන්පති වෙතය. ශ්‍රී සංඝබෝධිවිජයබා නමින් මේ ග්‍රන්ථයෙහි දැක්වෙන මෙම පිරිවෙන්පති, රහල් හිමියන් බව පිළිගෙන ඇත.