ගැහැණු ළමයි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගැහැණු ළමයි
Madagascar Kids 6 (4818206700).jpg
Children Reading Pratham Books and Akshara - Flickr - Pratham Books (16).jpg
IMG 6609 - My 7 yrs niece's missing teeth - Foto Giovanni Dall'Orto March 2007.jpg
Uzbeki girl.jpg
Girl of Tibet.jpg
Mam people.jpg
Anuak Girls, Dimma (10399695426).jpg
Aodai-nonla.jpg
Girl from Egypt.JPG

ගැහැණු ළමයෙකු යනු උපතේ සිට වැඩිවිය දක්වා වයසේ සිටින  ස්ත්‍රී ලිංගයට අයත් මානවයන්ය වශයෙන් දැක්විය හැක.මොවුන් ළමා අවධියේදී ගැහැණු ළමයින් ලෙසත් පරිනත අවධියට පත්වූ විට ගැහැණිය ලෙසත් හදුන්වයි.තරුණ ස්ත්‍රිය යන තේරුමෙන්ද ගැහැණු ළමයා ලෙස හදුන්වයි.[1] 

නිරුක්තිය[සංස්කරණය]

ඉංග්‍රීසි බසින් ගැහැණු ළමයා යන්න හදුන්වන girl යන වචනය මධ්‍යතන යුගයේදී එංගලංතයේ විසූ ඇංලෝ සැක්සස්වරුන්ගේ බසේ පැවති gerle යන වචනයෙන් බිදී ආවකි..[2] ඇංලො සැක්සස්වරුන්ගේ මෙම වචනයේ අරුතවී තිබුනේ ඔවුන් භාවිතකල ඇදුමක නමකි.

අවිවාහක ස්ත්‍රියන් හැදින්වීමටද ඇතැම්විට ගැහුණු ළමයා යන යෙදුම යොදාගනී.සිංහල බසින් දැරිය,ළදැරිය,කෙල්ල,ළමිස්සි,මානවිකාව,බාලිකාව,ගැටිස්සී,පැටික්කී,යුවතිය,කුමරිය,සිසුවිය ආදී නාමයන්ද භාවිතවේ

වැඩිහිටි ගැහුණු ළමයි[සංස්කරණය]

ඇතැම් විට ලිංගිකව පරිනතවූ ස්ත්‍රීන්ටද ගැහැණු ළමයා ලෙස ආමන්ත්‍රණය කරන අවස්තා ඇත.විශේෂයෙන් තරුණ ස්ත්‍රීන්ට මෙසේ අමතයි.මෙය සමාජයේ පවතින භාෂා ව්‍යවහාරයන් අනුව තීරණයවේ.

ලේඛනයේදී ලේඛකයා විසින් තමාගේ අභිමතය පරිදි තරුණ ස්ත්‍රීන්ට ගැහැණු ළමයි ලෙස ව්‍යවාහාරකලහැක.විශේෂයෙන් කාව්‍ය හා හීත වැනි සෞදර්‍යාත්මක නිර්මානයන්හිදී තරුණ ස්ත්‍රීය ගැහැණු ළමයෙකු ලෙස දැක්වීමට කවියන් වැඩි කැමැත්තක් දක්වයි.පරිණත ස්ත්‍රියකට වඩා ගැහැණු දරුවකුතුල සෞදර්‍යාත්මග අගයක් ඇතිබව පිළිගැනේ.

ඉතිහාසය[සංස්කරණය]

නෙෆච කුමරිය ඇගේ මවු ඇකයේ සිට ශිල්ප උගනිමින්.

අධ්‍යාපනය[සංස්කරණය]

පළමු එළිසබත් රැජින වයස අවුරුදු 13 දී

අතීතයේ ඊජිත්තුවාසීන් අතර ගැහැණු ළමයින්ටද හොද අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව සැළසී තිබිණ.ඊජිත්තු රජ කුමරියකවූ නෙෆච ඇගේ මව යටතේ ශිල්ප හැදෑරීය.ඊජිත්තුවේ රාඣ්‍ය විචාලූ රැජිනියන් කිහිප දෙනෙක් පිළිබඳව ඉතිහාසයේ සඳහන්වේ.ඊජිත්තු වාසී කාන්තාවන් එකළ ඉහළ සමාජ මට්ටමක් සහිතව වැජබිණ..[3] නයිල් නිම්න ශිෂ්ටාචාරයේ කාන්තාවන්ට හා පුරුෂයන්ට වඩා හොස සමාජ මට්ටමක් තිබුනද ලිංගිකත්වය මත පදනම්වූ ශ්‍රම විභජනයක්ද පැවතින.කාන්තාවන් බොහෝවිට ගෘහාශිත වැඩවල නිරවිය.එහෙත් ඉහළ පැලැන්තියට අයත් ස්ත්‍රීන් ව්‍යාපාර කටයුතු වලද නිරතවිය.ගැහැණු හා පිරිමි දරුවන් අතර අධ්‍යාපනය ලබාදීමේ වෙනසක්ද පැවතිණ.පිරිමි දරුවන්ට විධිමත් පාසැල් අධ්‍යාපනයක් ලැබුන අතර ගැහැණු ළමුන්ට නිවසේ සිට අධ්‍යාපනය ලැබීමට සිදුවිය.[4][5]

දකුණු අසියාවේ අතීත වෛදික යුගයේ පිරිමි ළමුන්ට පමණක් අධ්‍යාපනය ලබාදුන් අතර ගැහැණු ළමයින්ට එවන් අවස්ථා අහිමිව තිබිණ.පිරිමි දරුවන් පමණක් ගුරුවරයෙකු වෙත ගොස් ගුරුවරයාගේ නිවසේ රැදී සිටිමින් ඔහුට උදවු උපකාර කරමින් ශිල්ප උගතයුතුවිය.ගැහැණු ළමුන්ට කිසිදු වේද මන්ත්‍රයක් ඉගෙනීමට අවසර නොතිබින.ඔවුන් ළමා කාලයේ පියා යටතේද,තරුණ අවධියේ සැමියා යටතේද,මහළු අවධියේ පුතුන් යටතේද සිටියයුතුවිය.ඇයට කිසිදු ස්වාධිනත්වයක් නොලැබිණ.

හංගේරියාවේ පාසැල් සිසුවියන්(1939)

ගැහැණු ළමුන් සදහාද විධිමත් අධ්‍යාපනයක් ලැබාදීම ආරම්භ කෙරෙන්නේ යුරෝපා සමාජයේය.18 වන සියවස වනවිට යුරෝපය පුරා විධිමත් පාසැල් ආරම්භවිය.ඇතැම් පාසැල් පෞද්ගලික පාසැල් විය.ප්‍රංශ විප්ලවයෙන් පසු ප්‍රංශය තුලද අධාපනයේ දියුණුවක් ඇතිවිය.[6] කෙසේ නමුත් යුරෝපයේ බිහිවූ මෙම විධිමත් පාසල් අධ්‍යාපන ක්‍රමය තුලද ගැහැණු ළමුන්ට ලැබුනේ ප්‍රාථමික අධ්‍යාපනය පමණකි.ද්වීතීය අධ්‍යාපනය ඔවුන්ට අහිමිව තිබිණ.19 වන සියවසයෙන් පසු යුරෝපයේ මෙම ක්‍රමය වෙනස්වී ගැහැණු ළමුන්ට ද ද්වීතීය අධ්‍යාපන අවස්ථා හිමිවිය.

යටත් විජිතකරණයත් සමග විධිමත් පැසැල් අධ්‍යාපනය දකුණු අසියාව තුලද ව්‍යාප්තවිය.මුල් යුගයේ වැඩි වශයෙන්ම පිරිමි ළමුන්ට පමණක් අධ්‍යාපන අවස්ථා ලැබුන අතර පසුව ක්‍රමයෙන් ගැහැණු ළමුන්ටද අධ්‍යාපන අවස්ථා විවරවි

වැඩිවිය පැමිණිම[සංස්කරණය]

ගැහැණු ළමයෙකු මුලින්ම පල්ලියට යාම
නිකරගුවාවේ ගැහැණු ළමයෙක්

ගැහැණු ළමුන්ගේ වැඩිවිය පැමිණීමේ චාරිත්‍ර විවිධ සංස්කෘතීන් තුල දක්නට ලැබේ.ජපානයේ ගැහැණු ළමුන්ගේ වැඩිවියට පැමිණීමේ චාරිත්‍රය මෙසේ සිදු කරයි.මෙම සාම්ප්‍රධායික උස්සවය ෂි ගෝ සන් නමින් හදුන්වයි.මෙහි අරුත හත පහ තුන යන්නයි.මේ සදහා අවුරුදු පහ සහ හත වයස්වල පසුවන ගැහැණු ළමුන් හා වයස අවුරුදු තුන හා පහ යන වයස්වල පිරිමි ළමුන්ද සහභාගීකරගනී.මෙම උස්සවය නොවෙම්බර් 15 දිනකදී සිදුකරයි.මෙහිදී ගැහැණු ළමුන් සාම්ප්‍රධායික කිමෝනාවකින් සැරසෙයි.පසුව ඇය තම පවුලේ අය සමග පන්සලවෙත ගමන්කරන්නෝය.මෙසේ පන්සලට යන ඇය ආගමික වතාවත්වලට සහභාගී වන්නීය..

බොහෝ වැඩිවිය පැමිණීමේ චාරිත්‍ර ආගමික හා සාම්ප්‍රධායික විශ්වාස මත පිහිටා සිදුකරනු ලබයි.කතොලික ආගම් අදහන ඇතැම් සංස්කෘතීන් තුල මුල්වරට ගැහැණු ළමයෙකු පල්ලියට යාම උස්සවාකාරයෙන් සිදුකරයි.මෙය සිදුවන්නේ වයස අවුරුදු හතේදී පමණය.මෙහිදී ඇයට සුදු ඇඳුමින් සැරසී සිටී.කුවා වේලයක්ද පළඳී.හිස මල්වලින් සරසයි.

ඇතැම් රටවල මුල්ම ඔපස්වීම උස්සවාකාරයෙන් සමරනු ලබයි.මෙහිදී පළමු ඔපස්වීම දැනගත්විය ඇයව කාමරයක රඳවා තබයි.මෙම කාලය තුල පිරිමින් සමග කිසිදු සංනිවේදනයක් කිරීම තහංචිය.ඇය රඳවා සිටින කුටියට පිරිමින් යෑම තහනම්ය.මෙම කාලය තුල ඇයට විශේෂිත ආහාර පමණක් ලබාදෙයි.ස්නානය කිරීමද නොකරයි.චාරිත්‍රාණුකූලව ඇගේ මව හෝ වෙනත් ස්ත්‍රියක් විසින් ජොතිෂ්‍යෙව්දියකු වෙතගොස් මල්වර මංගල්‍ය පැවැත්වියයුතු දිනය දැනගනී.නැකැත්කරු විසින් නියම කරනලද දිනයේදී ඇයව නහවා අදුත් වස්ත්‍ර අන්දවා උස්සව සභාවට කැදවාගෙන එනු ලබති.දකුණු ආසියාතික රටවල පවතින මෙම මල්වර උස්සවයේ චාරිත්‍ර චාරිත්‍ර ඒඒ ප්‍රදේශයන්ට ආවේනික චාරිත්‍ර මත සිදු කරයි.ආගමික විශ්වාස කුලය ජාතිය ප්‍රෙද්ශය මත මෙම චාරිත්‍රවල වෙනස්කම් පවතී.

ලතින් ඇමරිකානු රටවල ගැහැණු ළමුන්ගේ පහලොස්වන උපන්දිනය උස්සවාකාරයෙන් සමරති.මෙය වෙත් උපන්දින වලින් වෙනස්ව විශේෂිත අයුරින් සමරති.[7]

ගැහැණු ළමුන් විවාහයට සූදානම් කිරීම[සංස්කරණය]

ගැහැණු ළමුන් සදහා ඉවුම් පිහිම් වැඩ උගන්වන පංතියක්.

බොහෝ ආසියාතික සමාජවල ගැහැණු ළමයෙකු විවාහකර දීමට පෙර විවිධ දෑ උගතයුතු විය.මෙම කාරණා බොහෝවිට ආගමික සංස්කෘතික හා ආර්ථික කාරණාවිය.ආසියාතික සමාජයන් පුරුෂ මූලික සමාජවූ බැවින් ස්ත්‍රීන්ට ස්වාධීනව කටයුතු කිරීම වෙනුවට තම සැමියාට යටත්ව ජීවත්වීමට සිදුවේ.එහිදී තම සැමියාගේ ඕනෑ එපාකම් පිරිමැසීම,දරුවන් හදාවඩා ගැනීම,ඉවුම් පිහුම් කටයුතු ගෙදරදොර කටයුතු සිදුකිරීම බොහෝ කර්‍යයන් රැසක් ආසියාතික සමාජවල ස්ත්‍රීන් අතින්ම සිදුවේ.

අතීත ග්‍රීක ශිෂ්ටාචාරයේ හා එක්සත් රාජධානියේ 19 වන සියවස දක්වා කාලය තුල විවාහ අපේක්ෂිත ගැහැණු ළමුන්ට ගෙදරදොර කටයුතු,මැහුම් ගෙතුම්,ආහාර පිසීම,ගෙවතු වගාව,ප්‍රථමාධාර වැනි කටයුතු ඉගැන්වීම සිදුකරන ලදී.මෙම ක්‍රියාකාරකම් පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආ චාරිත්‍ර ලෙස පැවතිය.පවුලේ වැඩිහිටි කාන්තාවන් තරුණ ගැහැණු ළමුන්ට දැනුම බෙදාදීම සිදුකළහ.

අතීත චීනයේ ටැං රාජවංශයේ පටන් ගැහැණු ළමුන්ගේ දෙපා බැඳීමේ චාරිත්‍රයක් පැවතිණ.මෙම චාරිත්‍රය වංශවත් පවුල්වල බහුලව සිදුවිය.මෙසේ කකුල් බැඳීම මගින් දෙපා කුඩා වීම ඉතා යහපත් දෙයක් ලෙස ඔවුන් විශ්වාස කළහ.කුඩා කකුල් සහිත ස්ත්‍රීන්ට සාර්ථක විවාහ දිවියක් ගතකලහැකිබව ඔවුන් තුල පැවති අදහසවිය.මෙම චාරිත්‍රය 20 වන සියවස දක්වාම පැවතිණ.වයස අවුරුදු හතේදී පමණ මෙම දෙපා බැඳීම සිදු කරඇත..[8]

මීට අමතරව චීන ස්ත්‍රීන් අවිවාහක තත්වයේ පසුවන්නේ නම් කොන්ඩ කැරලි දෙකකට බෙදා ගොතනු ලබයි.විවාහවූ පසු තනි කොණ්ඩයත් ලෙස ගොතනු ලබයි.[9]

ඇතැම් සංස්කෘතීන් තුල විවාහයට ප්‍රථම ලිංග ඡෙදනය සිදුකරනු ලබයි.මෙහිදී වැඩිවියට පත් ගැහැණු ළමුන්ගෙ යොනි තොල් හා භගමනිය කපා ඉවත් කරයි.මෙම චාරිත්‍රය ඉතා භයානය ක්‍රියාවලියකි.මෙම නිසා ඇතිවන තුවාල හේතුවෙන් දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටළු ඇතිවේ.ඇතැම්විට මරණය පවා සිදුවේ.මෙම බොහෝ රටවල තහනම් කරඇති චාරිත්‍රයකි.ඇතැම් අප්‍රිකානු හා අරාබි රටවල මෙය තවමත් පවතී.

ජනවිකාශනය[සංස්කරණය]

ගැහැණු හා පිරිමි පරතරය ඉතා බරපතලලෙස චීනයේ දක්නට ලැබේ.
World map of birth sex ratios, 2012

ඇමරිකා එක්සත් ජනපදයේ සමීක්ෂණ අනුව එරට පිරිම් ළමුන්ගේ අනුපාතය ගැහැණු ළමුන්ට වඩා වැඩිය.පිරිමි දරු උපත් 105 කට ගැහැණු දරු උපත් 100 ලෙස වාර්ථාවී ඇත,[10] එහෙත් ගැහැණු ළමුන්ගේ ළදරු මරණ අනුපාතය පිරිමි ළමුන්ට වඩා යහපත් තත්වයක් ගනී.[11][12]

ඉන්දියාවේ ජනසංඛාලේඛන වාර්ථා අනුව පිරිමි ළමුන්ට සාපේක්ෂව ගැහැණු ළමුන්ගේ අනුපාතය පහළ අගයක් ගනී.[13] පිරිමි ළමුන් 1000 කට ගැහැණු ළමුන් 927 ලෙස වාර්ථාවේ.ඉන්දියානු සංස්කෘතියතුල ගැහැණු කලල ගබ්සා කිරීමේ චාරිත්‍රද පවතී.එරට ඇතැම් ආගමික හා සංස්කෘතික මතයන්ට අනුව ගැහැණු දරුවකු ඉපදීම අවාසනාවක් ලෙස සැළකේ.චීනයේ ග්‍රාමීය පෙදෙස්වල පිරිමි ළමුන්ට සාපේක්ෂව ගැහැණු ළමුන්ගේ අනුපාතය අඩුය.පඑම අනුපාතය පිරිමි ළමුන් 1000 කට ගැහැණු ළමුන් 794 ලෙස වාර්ථාවේ.අසල්බයිජානයේද පිරිමි ළමුන් 1000 කට ගැහැණු ළමුන් 862 ලෙස වාර්ථාවේ.[14] චීනයේ මිලියන විසි පහක් පුරුෂයන්ට විවාහවීම සදහා එරටින් මනාලියක් සොයාගැනීමට නොහැකිවී ඇතැයි වොෂින්ටන්හි ජනගහන පර්යේෂණ ආයතනය පවසයි.ඇතැම් තරුණයන් මනාලියන් සොයා විදෙස්ගතවේ.ඇතැම් විට ස්ත්‍රී පුරුෂ පරතරය හේතුවෙන් විරුද්ධ ලිංගිකයන් හා විවාහ වීම වෙනුවට ඇතමුන් සමලිංගික විවාහයන්ට යොමුවේ.ලෝකයේ බොහෝ රටවල ස්ත්‍රී පුරුෂ ජනගහනයේ විෂමතාවයක් ඇතිවීමට ඇතැම් ආගමික සංස්කෘතික හා සම්ප්‍රධායික ආකල්ප බලපා ඇතිබව මානව විද්‍යාඥයන් පෙන්වාදෙයි.මෙයාකාරයෙන් ආගමික හා සාම්ප්‍රධායික මතවාදතුල ගිලී සිටීම නිසා ගැහැණු හා පිරිමි අනුපාතයයේ පරතරය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.ඇතැම් සාම්ප්‍රධායික මත ගරුකරන සමාජ නවීන විද්‍යාවේ සොයාගැනීම් පවා යොදා ගනිමින් ගැහැණු දරුවන් මවුකුසේදීම ඝාතනය කරනු ලබයි.උදාහරණ ලෙස ඉන්දියාව දැක්වියහැක.[15]

ශ්‍රී ලංකාවේ ජනගහන සංඛා ලේඛන අනුව 1871 සිට 1981 දක්වා පැවැත්වූ සංගණන අනුව මුළු ජනගහනයෙන් පුරුෂ ප්‍රතිශතය ස්ත්‍රී ප්‍රතිශතයට වඩා වැඩි අගයක් ලෙස වාර්ථාවී ඇත.පසුව ශ්‍රී ලංකාවේ පැවති යුධ වාතාවරනය නිසා ජන සංගණන සිදු කිරීමට නොහැකිවූ අතර 2001 දී උතුරු නැගෙනහිර හැර අනෙත් පලාත් ආවරණයවනසේ පැවැත්වූ සංගණනයට අනුව පුරුෂයන් 100 කට ස්ත්‍රීන් 99.1 සේ වාර්ථාවී ඇත.එය ප්‍රතිශතයක් ලෙස 50.2% වේ.මුළු දිවයිනම ආවරණය වනසේ පැවති 2012 ජන සංගණනයේදී පුරුෂයින් 100 කට ස්ත්‍රීන් 93.8 ලෙස වාර්ථාවී ඇත.එය ප්‍රතිශතයක් ලෙස 51.6% වේ.ඒ අනුව ශ්‍රී ලංකාව තුල පිරිමි ළමුන්ට සාපේක්ෂව ගැහැණු ළමුන්ගේ අනුපාතය ඉහළ මට්ටමක පවතිනබව කිවහැක.

ජීව විද්‍යාව[සංස්කරණය]

කැනඩාවේ ගැහැණු ළමුන් සදහා සකස්කළ විචිත්‍රවත් සෙල්ලම්බඩු

ගැහැණු ළමුන්ට ස්ත්‍රී ප්‍රජනන පද්ධතියට අයත් අවයව ජීව විද්‍යානුකූලව පිහිටා ඇත.ගැහැණු ළමුන් ළදරු අවස්ථාවේදී බාහිර ලිංගික අවයවයන්ගෙන් පමණක් වෙනසක් පෙන්වයි.එනම් ළදරු අවදියේදී මිනිස් දරුවකු බාහිර පෙනුමෙන් ඔහු ගේ හෝ ඇයගේ ලිංගික අනන්‍යතාවය හදුනාගත නොහැකිය.එහෙත් ලිංගික පරිනත අවදියට පත්වන විට ගැහැණු දරුවකුගේ බාහිර පෙනුමේ පැහැදිලි වෙනස්කම් පෙන්වයි.ගැහැණු දරුවන් වයස අවුරුදු 10 ත් 14 අතර කාලය තුල ප්‍රථම ඔපස්වීමේ අද්දැකීම ලබයි.එහෙත් මෙම කාලය තරමක් වෙනස්විය හැක.මෙම අවදියේදී ගැහැණු දරුවකු උසින් හා බරින් වැඩිවීම,මුහුණෙ කුරුළෑ ඇතිවීම,කලවා හා අත්ගොබ මහත්වීම,පියයුරු වර්ධනය වීම,උකුල පළල් වීම,ලිංගේන්ද්‍රිය විශාල වීම,ඉකිළි,කිහිළ හා ලිංගේන්ද්‍රිය අවට රෝම වැඩීම,ලිංගික උත්තේජනයේදී ලිංගික ස්‍රාව පිටවීම ඇතිවේ.මෙම ද්වී ලිංගික ලක්ෂණ ඇතිවීමට ඊස්ට්‍රජන් හෝමොනය හේතුවේ.[16][17][18][19]

ලිංගිකත්වය හා පරිසරය[සංස්කරණය]

ගැහැණු ළමයෙකුවීම නිසාම ඇතැම් සමාජවල දැරියන් දැඩි පීඩනයන්ට හා නොසැළකිල්ලට කොන් කිරීමට ලක්වේ.ආගමික හා සම්ප්‍රධායික හේතු මත දැරියන්ගේ අයිතිවාසිකම් අමු අමුවේ කප්පාදු කරග ආගමික හා සංස්කෘතික මත ඇත.ඒ අතර ගැහැණු ළමුන්ගේ අධ්‍යාපන අයිතිය,ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය,ලිංගික නිදහස,විවාහ සහකරුවකු තොරා ගැනීමේ අයිතිය වැනි බොහෝ අයිතීන් ආගමික සංස්ථාව මගින් අවහිරකරනු ලැබූ සමාජ දක්නට ලැබේ.

ඉහළ,ඇෆ්ගනිස්ථානයේ පාසැල් අද්‍යාපය ලබන ගැහැණු ළමයි.මැද,පාසැල් යන ඇමරිකානු සිසුවියන්.පහළ,හයිටි රාජ්‍යයේ පාසැල් සිසුවියන්

බොහෝ රටවල ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඇතත් ඇතැම් දැඩි ආගමික මතවාද රජයන සමාජවල ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය සීමා කර ඇත නැතහොත් කිසිදු අයුරකින් අධ්‍යාපනය ලැබීම ප්‍රතික්ෂේප කරනුලැබ ඇත.ලිංගිකත්වය නිසා අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කරනු ලැබු සමාජ අතර මැද පෙරදිග හා දකුණු අසියානු රටවල් මුල්තැන ගනී.යුරෝපය හා සංවර්ධිත රටවල ගැහැණු පිරිම් දෙපාර්ෂවයටම සමාන අයුරින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය ලැබී ඇත.[20] ඇතැම් ආසියාතික රටවල ප්‍රාථමික අධ්‍යාපනය ලිංග භේදයකින් තොරව ලබන්නට හැකිවුවද ද්වීතිය අධ්‍යාපනය ලැබීමේ අයිතිය ගැහැණු ළමුන්ට අහිමිවී ඇත.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් සෑම ගැහැණු ළමයෙකුටම නිසි අධ්‍යාපනය ලබාදීමට උස්සාහ ගනී.එහෙත් ඇතැම් ආගමික කණ්ඩායම් මගින් මෙයට එරෙහිව නැගී සිටිනු දක්නට ලැබේ.

අධ්‍යාපනය හා අභියෝග[සංස්කරණය]

පාසැල් අධ්‍යාපනය ලැබීම නිසා තලෛයිබාන් අන්තවාදීන්ගේ ප්‍රහාලයට ලක්වූ මලාලා යූෂුෆ්.[21]

ඇතැම් බුද්ධි පරීක්ෂණයන්ට අනුව ගැහැණු ළමුන්ට වඩා පිරිමි ළමුන් ඉහළ පරිසාධන මට්ටමක් පෙන්වා ඇත.මෙසේ ගැහැණු ළමුන්තුල ඇතිවූ මෙම දුර්වලතා වලට හේතුව ඔවුන් කුඩා කාලයේ සිටම දැඩි නිති රීති චාරිත්‍ර හික්මීම් යටතේ දැඩි පීඩනයට ලක්වීම හා ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව මෙම නිසා අහිමිවීම බව මනෝ විද්‍යාඥයන් සොයා ගන්නා ලදී.ඒ අනුව දැඩි ශික්ෂණයක් යටතේ හැදී වැඩෙන පෙරදිග දැරියන්ට වඩා නිහස් දිවියක් ගෙවන බටහිර දැරියන් බුද්ධි මට්ටම අතින් ඉහල බව සොයාගන්නා ලදී.[22] .[23] ආගමික හා සංස්කෘතික හේතුමත දැඩි පීඩනයකට ලක්වන දැරියන් අධ්‍යාපනික වශයෙන් දුර්වලතාවයක් පෙන්වයි.

එක්සත් රාජධානියේ සිදුකළ සමීක්ෂණයකට අනුව එරට පිරිමි ළමුන්ට වඩා වැඩි ලකුණු ප්‍රතිශතයක් ලබාගනිමින් දැරියන් ඉහළ අධ්‍යාපන හැකියා පෙන්නුම්කර ඇත.[24] 1996 දී එක්සත් ජනපදයේ සිදුකළ පරීක්ෂණයකට අනුව ගණිතය ප්‍රශ්න පත්‍රයට පිරිමි ළමුන්ට වඩා අඩු ලකුඛු මට්ටමක් ගැහැණු ළමුන්ට ලැබී ඇත.අවකාශ භාවිතය සිතියම් භාවිතය වැනි ඇතැම් ගැටළු වලදී පිරිමි ළමුන්ට වඩා ගැහැණු ළමුන් දුර්වල බව සොයාගෙන ඇත.එහෙත් සන්නිවේදනය හා සංවේදනය අතින් ගැහැණු ළමුන් ඉදිරියෙන් සිටී.[25].[26][27] ගැහැණු ළමුන්ගේ ඔපස්වීම සිදුවී දින 21 ත් 28 ත් අතර කාලය හෝමොන මට්ටමේ පවතින අසමබරතාවය නිසා මෙම කාලයේදී ඔවුන්ට ශාරීරිකව මෙන්ම මානසිකව පීඩාකාරී තත්වයක් ඇතිවන අතර මෙම කාලයතුල ඔවුන් කලහකාරී වන බවත් අධ්‍යාපනික කටයුතුවලට බාධා ඇතිවන බවත් නාරි විශේෂඥයන් පෙන්වා දෙයි.මෙම අවධිය තුල ඔවුන් විභාග වලින් අසමත්වීම හා අඩු ලකුණු ලබා ගැනීම් සිදුවන බව පර්යේෂකයන් පවසයි.අවකාශ භාවිතය අතින් ගැහැණු ළමුන් පිරිමි ළමුන්ට වඩා දුර්වලය.ඒහෙත් ඔවුන්ගේ සංවේදී බව ඉතා තියුණුය.පෙනීම ඇසීම ගඳ සුවඳ දැනීම හා රස දැනීම අතින් ගැහැණු ළමුන් පෙරමුණ ගනී.එසේම එකවර කාර්‍ය රැසක් සිදුකිරීමටද ගැහැණු ළමුන් දක්ෂය.ගැහැණු ළමුන් ලෝකය ත්‍රිමානව දකින අතර පිරිමි ළමුන් ද්විමානව දකී.

අධ්‍යාපනික බාධක[සංස්කරණය]

ආගමික හා සම්ප්‍රධායික මතවාද දැඩිව පවතින රටවල ගැහැණු දරුවන්ට නිසි අධ්‍යාපනය ලැබීමේ අයිතිය නොලැබී යයි.ළමා විවාහ,කුඩා කාලයේදී ගැබිනියකවීම,ආගමික හා සංස්කෘතික විශ්වාස මේ අතර මුල්තැන ගනී.ගැහැණු දරුවකු වීම නිසාම බොහෝ සාම්ප්‍රධායික මතවාද පවතින රටවල ගැහැණු දරුවන් ලිංගික ක්‍රියාවලින් ඈත්කර තැබීමට පාසැල් බාධාවක් ලෙස සළකති.එබැවින් ගැහැණු දරුවන් පාසැල් යැවීමෙන් වැළකී සිටිති.කුඩා අවධියේදීම විවාහකරදීමට පෙළඹෙ එමනිසා අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමිවී යයි.බටහිර දියුණු සමාජවල ලිංගිකත්වය වැනි කාරණා බරපතල ලෙස තැකීමට භාජනය නොවන බැවින් අධ්‍යාපන නිදහස හොදින් ලැබේ.ඇතැම් ආගම් තුල ගැහැණිය යනු පුරුෂයාගේ ලිංගික අවශ්‍යතා සම්පූර්ණ කිරීම හා දරුවන් වැදීම දරුවන් හදාවඩා ගැනීම ආදී කාරණා වලට පමණක් සීමා වියයුතු බව පෙන්වා දෙයි.ඇයට ස්වාධිනවීමට නොදියයුතුබව උගන්වයි.සමස්තයක් ලෙස බෞද්ධ,හින්දු,කතොලික හා මුස්ළිම් යන ප්‍රධාන ආගම් හතර තුල ම පවා ගැහැණිය පුරුෂයාට වඩා පහත් තත්වයකට ඇදදමා ඇත.මීට අමතරව සංවර්ධනය වෙමින් පවතින රටවල දුගී බවද ගැහැණු දරුවන් පාසලෙන් ඈත්කර තබයි.[28][29][30]

ලිංගික ස්ථරායනය[සංස්කරණය]

අෆ්ගනිස්ථාන් ගැහැණු ළමයෙක්.ලිංගික කොන්කිරීම් හෙවත් නොසලකාහැරීම් අතින් අෆ්ගනිස්ථානය ප්‍රමුඛ රාජ්‍යයකි.

ජීව විද්‍යාත්මක,නීතිමය,සංස්කෘති ආදී වශයෙන් මිනිසා ලිංගික බෙදීමකට ලක්කර ඇත.මානව සමාජය තුල බිහිවූ මුල්ම සමාජ ස්ථරායනය ලෙස ගැහැණු පිරිමි භේදය බව ඒංගල්ස් වැනි දාර්ශනිකයන් පවසයි.අතීත මානවයන් ගැහැණු පිරිම් දෙපාර්ෂවයම තමාට අවශ්‍ය ආහාර එක්රැස්කරගත් අතර පසුව පිරිමි මානවයා විසින් තම ශක්කිය මගින් වැඩි ආහාර ප්‍රමාණයක් නිපදවීමට හැකිවිය.පසුව මෙම ශ්‍රමයේ අතිරික්තය පිළිබද ඇතිවූ හැගීම මගින් පුරුෂයා ගැහැණිය අභිබව තම බලය තහවුරුකර ගැනීමට යොමුවිය.පිරිමියාට වඩා ගැහැණියට ජීව විද්‍යාත්මක බාධාවන් රැසක් මධ්‍ය යේ තම කටයුතු කරගෙන යාමේදී ශක්තිමත් පුරුෂයාගේ රැකවරණය ලැබීමට සිදුවිය.මෙසේ ගැහැණු පිරිම් සමාජ ස්ථරායනයට ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතී.සාමන්‍යයෙන් බොහෝ සමාජවල ස්ත්‍රී පුරුෂ ස්ථරායනය හා ශ්‍රම විභජනය වැඩිවිය පැමිණීමත් සමග ආරම්භ කරයි..[31] ඇතැම් සාම්ප්‍රධායික සමාජවල ගැහැණු පිරිම් සමාජ භූමිකා නිර්මානයේදී ගැහැණියට අඩු වරප්‍රසාද,අඩු අයිතිවාසිතම්,වැඩි වගකීම් ආදී විවිධ අසාධාරනයන්ට ගැහැනියට ලක්වීමට සිදුවේ.විශේෂයෙන් මෙම අසාධාරන ලිංගික බෙදීම් කෙරේ ආගමික විශ්වාස හේතුවේ.[32][33] මුස්ළිම් හින්දු සමාජවල හා දකුණු ආසියාතික රටවල ස්ත්‍රීන් මෙලෙස දැඩි පිඩනයකට පත්වීම සිදුවේ.[34] ආගමික විශ්වාස මත ඇතැම් ගැහැණු දරුවන්ට හා ස්ත්‍රීන්ට තම සිරුර සම්පූර්ණ වැසෙනසේ ඇඳුම් ඇදීමට සිදුවේ.තමා කැමති විලාසිතා අනුව ඇඳුම් ඇඳීමට ඔවුන්ට අවසර නැත.සිරුර නිරාවරණය වන ඇඳුම් ඇඳීම අධික උෂ්ණත්වය පවතිනවිට පවා මෙසේ සිරුර ආවරණය කරගෙන සිටීමට සිදුවීම නිසා ඔවුන් දැඩි ශාරීරික වදයකට ලක්වේ.ඒසේම මෙම රටවල ස්ත්‍රීන්ගේ අස්ථිවල ශක්තිය ඉතා අඩුය.ඉක්මනින් ඔස්ට්‍රියෝපොරෝසියස් වැන් රෝග වලට පහසුවෙන් ගොදුරුවේ.හිරු එළියන් ලැබෙන විටමින් D පවා ලබාගැනීමට ඔවුනට නොහැකි වන්නේ තම සිරුර මෙසේ ආවරණයකරගෙන සිටීමට සිදුවන නිසාය.

ගැහැනු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය[සංස්කරණය]

ලෝකයේ බොහෝ රටවල ගැහැණු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මකවේ.ඒ අතර ගැහැණු ළමුන් ගබ්සා කිරීම,ලිංග ඡෙදනය,ළමා විවාහ,ළමා අපයෝජන,නම්බුව උදෙසා කරන මිනී මැරුම් ප්‍රධානය.මෙයින් බොහෝ අපරාධ ආගම සංස්කෘතිය හා සම්ප්‍රධායන් මත සිදුවේ.

ගැහැණු කලල ගබ්සා කිරීම ඇතැම් අග්නිදිග ආසියාතික රටවල,දකුණු ආසියානු රටවල මැද පෙරදිග රටවල මෙන්ම ඇතැම් යුරෝපා රටවල පවා ක්‍රියාත්මකවේ.ආගමික හා සාම්ප්‍රධායික විශ්වාසයන් අනුව ගැහැණු දරුවකු උපත ලැබීම අවාසනාවක් ලෙස සළකනු ලබයි.ආගමික හා සංස්කෘතික හේතුමත ගැහැණු දරුවකු හදාවඩා ගැනීම පවුලට බරක් ලෙස සළකයි.ආගමික හා සම්ප්‍රධායික මතයන්ට අනුව ගැහැණු දරුවකු හදාවඩා ගැනීමේදී දෙමාපියන්ට හා ඇගේ පවුලේ ඥාතීන්ට විවිධ ගැටළු රැසකට මුහුණ දීමට සිදුවේ.ඇයව පුරුෂයන්ගෙන් ආරක්ෂා කරගැනීම වැඩිවිය පැමිනීම ආදියේදී විවිධ උස්සව චාරිත්‍ර සිදු කිරීම විවාහයේදී දෑවැදි ලබාදීම,විවාහයෙන් පසු ඇය වැන්දඹුවක් වුව හොත් සමාජයෙන් ලැබෙන පීඩනය ආදී ගැටළු රැසකට සාම්ප්‍රධායිත ගතානුගතික අදහස් රජයන සමාජවල දෙමාපියන්ට විඳදරා ගැනීමට සිදුවේ.මෙවන් ප්‍රශ්න නිසා කලල අවධියේදීම ස්ත්‍රී කලල විනාශ කිරීම ඉන්දියාව වැනි රටවල බහුලව සිදුවේ.ඇතැම් විට දියණියක් උපත ලැබුන පසු ඇයව ළදරු අවධියේදීම මරා දැමීමද දකුණු ආසියාතික හා මැදපෙරදිග රටවල සිදුවේ.

ලිංග ඡෙදනයද සම්ප්‍රධායික සමාජවල පවතින ඉතා අමානුෂික ආගමික චාරිත්‍රයකි.මෙහිදී ගැහැණු ළමුන්ගේ බාහිර ලිංගික අවයවයට අයත් යෝනි තොල් හා භගමනිය කපා ඉවත් කරයි.මේ සදහා බ්ලේඩ් තල වැනි සියුම් අයුධ යොදාගනී.මෙම ක්‍රියාවලියේදී දරියන් දැඩි වෙදනාවකට ලක්වන අතර මෙම තුවාල වර්ධනයවී දරුණු ආසාධන තත්වයන්ට ගොදුරුවේ.ඇතැම්විට මෙම නිසා මරණය පවා සිදුවේ.මෙම ලිංග ඡෙදන ආගමික චාරිත්‍රය රටවල් 28 පමණ පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.බොහෝ රටවල මෙම ආගමික චාරිත්‍රය තහනම් කර ඇත.

ළමා විවාහයන්ද ගැහැණු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පෙන්වා දෙයි.මෙහිදී ඉතා කුඩා වයසේ පසුවන දැරියන් එම වයසේම පසුවන පිරිමි දරුවකුට විවාහකරදීම හෝ එසේත් නැතිනම් කුඩා දැරියක මහළු පුද්ගලයෙකුට විවාහකරදීම මෙහිදී සිදුවේ.ඇතැම් අවස්ථාවලදී කුඩා දැරියන් වැඩිහිටි පුරුෂයෙකුට විවාහ කර දුන්විට මදු සමයේදීම දැරිය බරපතල ලිංගික හිංසනයන්ට ලක්වී මරුමුවට පත්වීම පවා සිදුවේ.

දකුණු අසියාතික රටවල බෞද්ධ හා හින්දු සංස්කෘතීන් තුල කිල්ල පදනම් කරගනිමින් දැරියන්ට පිඩා සිදුකිරීම දක්නට ලැබේ.විශේෂයෙන් මල්වරවීම හා අර්ථවය පදනම් කරගෙන මෙම සංකල්ප ක්‍රියාත්මකවේ.දරු උපත,මල්වරවීම හා මරණය ප්‍රධාන කිලි ලෙස සළකන අතර මාසික ඔපස්වීම හා කන්‍යාභාවය අහිමිවීමද කිලි සහිත බව පැවසේ.මල්වරවීම සිදුවන දිනවල නිවසක මුල්ලක රදවා තබාගැනීම ඇයට ඇතැම් ආහාර පාන නොදීම විශේෂ ආහාර පමනක් ලබාදීම,පුරුෂයන්ට සම්මුඛවීම වැළැක්වීම,නෑම වැනි පිරිසිදු කිරීම් සිදු නොකිරීම ආදි බොහෝ තහංචි වලට කල් කිරීම සිදුවේ.මෙම චාරිත්‍ර බොහෝමයක විද්‍යාත්මක පදනමක් නැතිබව නාරි හා ප්‍රසව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

ගැහැණු ළමුන් අපයෝජනයට පත්කිරීම් සෑම රටකින්ම පාහේ වාර්ථාවේ.ඒ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල ළමා අපයෝජන වැඩිබව සමාජ විද්‍යාඥයන්ගේ අදහසයි.වැඩිහිටියන් විසින් කුඩා දැරියන් දූශනයට පත්කිරීම සිදුවේ.මෙවන් සිදුවීම් වලදී වැඩි වශයෙන්ම දැරියන් දූශනයට ලක්වී ඇත්තේ ඉතා හිතවත් ඥාතීන් අතින්වීම ඉතා කණගාටු දායකය.ඇතැම්විට පියා විසින් දුව දූශනය කිරීම,සහෝදරයා විසින් දූශනයට ලක්වීම හෝ සමීපතම ඥාතීන් අතින් අපයෝජනයට ලක්වීම් වාර්ථාවේ.සුළු වශයෙන් සමලිංගිකව අපයෝජනයට ලක්වන දැරියන්ද සිටී.

දැරියන් ළමා ගණිකා වෘතියේ නිරත කරවීමද බොහෝ අසියාතික රටවල දක්නනට ලැබේ.වයස අවුරුදු 18ට අඩු කුඩා දැරියන් ළමා ගණිකා වෘතියේ නිරත කරවීම තායිලන්තය කාම්බෝජියාව වැනි රටවල බහුලව පවතී.මෙම ජාවාරම් සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සිදුවේ.

ගැහැණු ළමුන්ට එරෙහිව සිදුවන ආගමික හා සංස්කෘතික හේතු අලලා ඇවන ප්‍රචණ්ඩත්වයන් අතරින් නම්බුව උදෙසා මරා දැමීම් ඇතැම් රටවල සිදුවේ.ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගැනීම,විවාහ පූර්ව ලිංගික සම්භන්දතා ඇතිවීම,දූශනයට ලක්වීම,කන්‍යෘභාවය අහිමිවීම,අනියම් සම්බන්දතා අසම්මත විවාහ ආදියට වරදකරුවන් වන දැරියන් මරා දැමීම මැදපෙරදිග,අප්‍රිකානු හා දකුණු ආසියාව වැනි සංවර්ධනය වෙමින් පවතින දැඩි ආගමික හා සම්ප්‍රධායික සමාජවල මේ තත්වය දක්නට ලැබේ.පවුලට සිදුවන අගෞරවයෙන් වැළකීමට ඇගේ පවුලේ ඥාතීන් විසින්ම මෙසේ දැරියන් ඝාතනය කරයි.දැඩි ආගමික විශ්වාස පවතින සමාජවල මෙය සිදුවේ.

සෞඛ්‍ය[සංස්කරණය]

ඇතැම් සංස්කෘතීන් තුල පිරිම් දරුවන්ට වඩා අඩු වටිනාකමක් ගැහැණු ළමුන්ට ලබා දෙයි.ඒම නිසා ඔවුන් කොන් කිරීමකට ලක්වේ.මෙවන් සංස්කෘතීන් තුල අඩු වයසේ පසුවන ගැහුණු දරුවන් විවාහකරදීම සිදුවේ.මෙසේ විවාහවන ඇතැම් ගුහුණු දරුවන් ලිංගික හිංසනයන්ට ගොදුරුවීම සිදුවේ.අඩු වයසේදී ගැබ් ගැනීම නිසා දරුණු සෞඛ්‍ය ගැටළු වලට හා මතෘ මරණයන්ට ගොදුරුවේ.ඇතැම් සංස්කෘතීන් තුල කන්‍යාභාවය වැනි ආකල්ප නිසා දැර්යක යමෙකු අතින් දූශනයවූ විට එම දූශකයාටම බලහත්කාරයෙන් විවාහකරදීම සිදුවේ.ආගමික සංස්කෘතික හා සම්ප්‍රධායික මතවලින් ගහන දියුණු වෙම්න් පවතින රටවල මෙම තත්වයන් බහුලය.ලිංග ඡෙදනය වැනි ආගම්ක චාර්ත්‍ර හේතුවෙන් ලොව පුරා බොහෝ දැරියන් දැඩි සෞඛ්‍යමය අවධානමකට ලක්වේ.

ළමා ශ්‍රමිකයින්[සංස්කරණය]

බොහෝ දියුණු වෙම්න් පවතින රටවල ගෘහාශ්‍රිත කාර්‍යයන් සදහා වැඩි වශයෙන් ගැහැණු ළමුන් යොදාගනී.මෙසේ ළමා ශ්‍රමිකයන් ලෙස දැරියන් යොදා ගැනීම නිසා ඔවුන්ගේ ළමා අයිතිවාසිකම් උල්ලංගනය වේ.ඇතැම් දෙමාපියන් මෙසේ ගැහැණු දරුවන් මෙහෙකාර සේවයේ යොදවන්නේ අනාගතයේ විවාහ ජීවිතය සාර්තකව ගෙනයාමට පෙර පුහුණුවක් ලෙස සළකාය.බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවග ගැහැණුන් නිවසතුල පවතින කාර්‍යභාරයන් සදහාම වෙන්වී ඇතැයි එම සංස්කෘතින්වල පිළිගැනීමයි.ඔවුන්ට ස්වාධීනත්වය අහිමිකර ඇති අතර සැමියාගේ මෙහෙකාරිය බවට පත්වී ඇත.

ළමා අයිතිවාසිකම්[සංස්කරණය]

කලාව සහ සාහිත්‍ය[සංස්කරණය]

ජනප්‍රිය සංස්කෘතිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආගමික චාරිත්‍රයක් ලෙස ලොවපුරා මිලියන ගණනක් ගැහැණු දරුවන්ගේ ලිංග ඡෙදනය සිදු කරනු ලබයි. මෙම චාරිත්‍රය අප්‍රිකාව,[35] මැදපෙරදිග ,[36][37] හා මලයාසියාව ඉන්දුනීසියාව වැනි ඇතැම් මුස්ළිම් රටවල සිදු කෙරේ.[38][39] ලොවපුරා මනව හිමිකම් සංවිධාන මෙම ආගමික චාරිත්‍රයට එරෙහිව හඩනගමින් සිටී

මූලාශ්‍ර[සංස්කරණය]

  1. dictionary.com, girl, retrieved 2 January 2008
  2. Webster's Revised Unabridged Dictionary (1913), girl Archived 2009-01-22 at the Wayback Machine., retrieved 2 January 2008
  3. Tyldesley, Joyce. Chronicle of the Queens of Egypt. p.98 Thames & Hudson. 2006. ISBN 0-500-05145-3
  4. Empty citation (help) 
  5. Empty citation (help) 
  6. Melton, James Van Horn. (2001). The Rise of the Public in Enlightenment Europe. Cambridge: Cambridge University Press. 
  7. U.S. Conference of Catholic Bishops.
  8. Empty citation (help) 
  9. Perkins, Dorothy (2000). Encyclopedia of China: The Essential Reference to China, Its History and Culture.. New York, NY: Checkmark Books. 
  10. Empty citation (help) 
  11. James WH (1987). "The human sex ratio. Part 1: A review of the literature". Human Biology. 59 (5): 721–752. PMID 3319883. සම්ප්‍රවේශය August 2011.  More than one of |author= and |last= specified (help); More than one of |accessdate= and |access-date= specified (help); More than one of |pmid= and |PMID= specified (help); Check date values in: |access-date= (help)
  12. James WH (1987). "The human sex ratio. Part 2: A hypothesis and a program of research". Human Biology. 59 (6): 873–900. PMID 3327803. සම්ප්‍රවේශය August 2011.  More than one of |author= and |last= specified (help); More than one of |accessdate= and |access-date= specified (help); More than one of |pmid= and |PMID= specified (help); Check date values in: |access-date= (help)
  13. CHILD SEX RATIO IN INDIA Archived 2013-12-03 at the Wayback Machine. Dr C Chandramouli, Registrar General & Census Commissioner, India (2011)
  14. Empty citation (help) 
  15. Karabin, Sherry (13 June 2007). "Infanticide, Abortion Responsible for 60 Million Girls Missing in Asia". Fox News. සම්ප්‍රවේශය October 11, 2011. 
  16. (Tanner, 1990).
  17. Anderson SE, Dallal GE, Must A (April 2003). "Relative weight and race influence average age at menarche: results from two nationally representative surveys of US girls studied 25 years apart". Pediatrics. 111 (4 Pt 1): 844–50. PMID 12671122. doi:10.1542/peds.111.4.844. 
  18. "Age at menarche in Canada: results from the National Longitudinal Survey of Children & Youth". BMC Public Health. BMC Public Health. 10: 736. 2010. PMC 3001737Freely accessible. PMID 21110899. doi:10.1186/1471-2458-10-736.  More than one of |pmc= and |PMC= specified (help); More than one of |pmid= and |PMID= specified (help); More than one of |DOI= and |doi= specified (help)
  19. Hamilton-Fairley, Diana. "Obstetrics and Gynaecology" (PDF) (Second ed.). Blackwell Publishing. 
  20. Empty citation (help) 
  21. Peer, Basharat (10 October 2012), "The Girl Who Wanted To Go To School", The New Yorker
  22. Emory University website, Women's work?, September 2005, retrieved 2 January 2008
  23. PBS.org, Nature vs. nurture, 20 October 1998, retrieved 2 January 2008
  24. literacytrust.org, Literacy achievement in England, including gender split Archived 2008-12-09 at the Wayback Machine., 2007, retrieved 7 December 2008
  25. ABC News, John Berman, Girls Achieve Rare SAT Scores, 30 August 2006, retrieved 2 January 2008
  26. harrisschool.uchicago.edu, Girl-Dominated Classrooms Can Improve Boys’ Early School Performance Archived 2007-08-19 at the Wayback Machine., retrieved 2 January 2008
  27. "India baby girl deaths 'increase'". BBC News. 21 June 2008. 
  28. Empty citation (help) 
  29. Empty citation (help) 
  30. Empty citation (help) 
  31. Salomone, Rosemary C. "Are Single-Sex Schools Inherently Unequal? Same, Different, Equal: Rethinking Single-Sex Schooling." "Michigan Law Review." 102(6):1219-1244
  32. The World Bank. 2012. "Gender Equality and Development: World Development Report 2012." Washington, D.C: The World Bank.
  33. Nussbaum, Martha C. 2003. "Women's Education: A Global Challenge." "Signs: Journal of Women in Culture and Society" 29(2): 325–355
  34. Wilkinson-Weber, Clare M. (25 March 1999) (Englishයෙන්). Embroidering Lives: Women's Work and Skill in the Lucknow Embroidery Industry. SUNY Press. පි. 74. ISBN 9780791440889. "Purdah regulates the interactions of women with certain kinds of men. Typically, Hindu women must avoid specific male affines (in-laws) and Muslim women are restricted from contact with men outside the family, or at least their contact with these men is highly circumscribed (Papanek 1982:3). In practice, many elements of both "Hindu" and "Muslim" purdah are shared by women of both groups in South Asia (Vatuk 1982; Jeffery 1979), and Hindu and Muslim women both adopt similar strategies of self-effacement, like covering the face, keeping silent, and looking down, when in the company of persons to be avoided." 
  35. Female Genital Mutilation/Cutting Archived 2013-12-03 at the Wayback Machine. UNICEF, (July 2013)
  36. FGM - Where is it practiced? European Campaign on FGM & Amnesty International (2012)
  37. Tackling Female Genital Mutilation in the Kurdistan Region Sofia Barbarani, The Kurdistan Tribune (March 4, 2013)
  38. World Health Organization, Female genital mutilation: an overview. 1998, Geneva: World Health Organization
  39. William G. Clarence-Smith (2012) ‘Female Circumcision in Southeast Asia since the Coming of Islam’, in Chitra Raghavan and James P. Levine (eds.), Self-Determination and Women’s Rights in Muslim Societies, Brandeis University Press; ISBN 978-1611682809; see pages 124-146

සිංහල මූලාශ්‍ර[සංස්කරණය]

  • අබේපාල රෝලන්ඩ් (2014) සාර ප්‍රකාශන කොට්ටාව
"https://si.wikipedia.org/w/index.php?title=ගැහැණු_ළමයි&oldid=418777" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි