ගැබා ක්‍රීඩාංගණය (ක්‍රිකට්)

විකිපීඩියා වෙතින්

1896 වසරේදී ඉදිකරන ලද මෙම “වූලුන්ගැබා” (Woolloongabba) කී‍්‍රඩාංගණය වඩාත් ප‍්‍රකට “ගැබා” යන නමිනි. එහි මුලින්ම ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 1931 වසරේ ඔස්ටේ‍්‍රලියාවත් දකුණු අපි‍්‍රකාවත් අතරය. 1960 වසරේ පවත්වන ලද එක්තරා අපූරු ටෙස්ට් තරගයක් නිසා “ගැබා” කී‍්‍රඩාංගණයේ නාමය කි‍්‍රකට් වංශ කතාවේ නොමියෙන ලෙස සටහන් වී තිබේ.

මෙම ඓතිහාසික ටෙස්ට් තරගය පවත්වා ඇත්තේ 1960 වසරේ දෙසැම්බර් 9, 10, 12, 13 හා 14 යන දිනවල ඔස්ටේ‍්‍රලියාවත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායමත් අතරය. කිසියම් ටෙස්ට් තරගයක කණ්ඩායම් දෙකේ ඉනිම හතරේ ලකුණු එකතුව සමාන වීමෙන් එම ලකුණු තත්ත්වයෙන් අවසන්වීම (Tied) ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ ඉතාමත් දුලබ සිදුවීමකි.

ටෙස්ට් ඉතිහාසයේ මෙවැනි තරග පිළිබඳව වාර්තා වන්නේ කලාතුරකිනි. ඕස්ටේ‍්‍රලියාවත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායමත් අතර “ගැබා” කී‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගය ඉතිහාසයට එක් වූයේ ලකුණු එකතුව සම වූ ලොව ප‍්‍රථම ටෙස්ට් තරගය ලෙසය.

“ටයි” (Tied) ටෙස්ට් තරගය ලෙස ලෝ පසිඳු වූ මෙම අපූරු තරගයේ කතාන්තරය කෙටියෙන් මෙසේ සඳහන් කළ හැකිය.

මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 453 ක් ලබා ගත්තේය. ගාෆීල්ඩ් සෝබර්ස් හතරේ පහර 21 ක් සමඟ අගනා ලකුණු 132 ක් ලබා ගත්තේය.

ඊට පිළිතුරු වශයෙන් ඕස්ටේ‍්‍රලියාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 505 ක් රැස් කළේය. ඔ’ නීල් ලකුණු 181 ක්ද, බොබ් සිම්සන් ලකුණු 92 ක් ද රැස් කළේය. බටහිර ඉන්දීය කොදෙව් පිලට සිය දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 284 ක් පමණි.

ෆෑන්ක් වොරල් ලකුණු 65 ක්ද, රොහාන් කන්හායි ලකුණු 54 ක්ද ලබාගත් අතර, ඕස්ටේ‍්‍රලියා වෙනුවෙන් අනගි පන්දු යැවීමක යෙදුණු ඇලන් ඩේවිඩ්සන් ලකුණු 87 ට කඩුලු 6 ක් බිඳ හෙළීය. ඔහු පළමු ඉනිමේදීද ලකුණු 135 ට කඩුලු 5 ක් ලබා ගත්තේය.

ජයග‍්‍රහණය සඳහා ඕස්ටේ‍්‍රලියානු පිලට පැය පහක කාලයකදී ලකුණු 233 ක් ලබාගත යුතු විය.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අසරණ තත්ත්වයකට පත් කරමින් ලකුණු පුවරුවේ ලකුණු 92 ක් පමණක් සටහන්ව තිබියදී බොබ් සිම්සන්, නීල් හාර්වි, සී. සී. මැක්ඩොනලඩ්, ඕ’නීල්, ෆලැවෙල් මැකී යන ප‍්‍රබල පිතිකරුවෝ දැවී ගියහ. මේ අතර ඇලන් ඩේවිඩ්සන් හා රිචී බෙනෝ ඕස්ටේ‍්‍රලියානු පිලට නව ජීවයක් ලබාදෙමින් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක වටිනා සබඳතාවයක් පිහිටවූහ.

රිචී බෙනෝ ලකුණු 52 ක්ද, ඇලන් ඩේවිඩ්සන් ලකුණු 80 ක්ද රැස් කළහ. ඩේවිඩ්සන් අවාසනාවන්ත ලෙස දැවී ගිය පසු රිචී බෙනෝට එක් වූයේ ග‍්‍රවුට්ය. ජයග‍්‍රහණය සඳහා තවත් අවශ්‍යව තිබුණේ ලකුණු 7 ක් පමණි.

ග‍්‍රවුට් ඉක්මන් ලකුණක් කරා දිව ගියේය. අවසාන ඕවරය යැවීම බාර වූයේ එකළ ලොව සිටි වේගවත්ම හා බිහිසුණු පන්දු යවන්නකු ලෙස ප‍්‍රකට වූ වෙස්ලි හෝල්ය. එකල ඕවරයකට පන්දු 8 ක් ඇතුළත් විය.

හෝල්ගේ ප‍්‍රථම පන්දුව ග‍්‍රවුට්ගේ පා ආවරණයේ පතිත වූ අතර එයට අතිරේක ලකුණක Leg Bye ලැබිණි. දැන් ජයග‍්‍රහණය සඳහා තවත් අවශ්‍ය ලකුණු 5 ක් පමණි. හෝල්ගේ ඊළඟ පන්දුව බිහිසුණු බවුන්සරයකි. එය බෙතෝගේ පිත්තේ කොනක පතිත වී කඩුලු රකින ඇලෙක්සැන්ඩර් අතර පත් විය. තීරණාත්මක මොහොතක බෙනෝ ලකුණු 52 ට දැවී ගියේය.

නවක පිතිකරුවා වූයේ මෙකිෆ්ය. ඔහු මුහුණ දුන් පළමු පන්දුවට ආරක්ෂාකාරී පහරක් එල්ල කළේය. ඊළඟ පන්දුව පා ආවරණයේ වැදී ගිය අතර, පිතිකරුවෝ එක් ලකුණක් සඳහා පැති මාරු කර ගත්හ. දැන් පන්දු හතරකදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 4 ක් ලබාගත යුතුය.

වෙස්ලි හෝල් යළි දිව එයි. ග‍්‍රවුට් “ස්ක්වයර් ලෙග්” දෙසට පහරක් එල්ල කරමින් ලකුණක් කරා දිව යයි.

දැන් ජයග‍්‍රහණය සඳහා ඕස්ටේ‍්‍රලියානු පිලට පන්දු තුනකදී ලකුණු තුනක් ලබාගත යුතුය. “ගැබා” කී‍්‍රඩාංගණයට රැස්ව සිටි හතළිස් දහසකට ආසන්න පෙ‍්‍ර්ක්ෂකයෝ මීයට පිම්බාක් මෙන් නිසල වී සිටිති. සියල්ලෝම කුමකින් කුමක් වේදෝයි ඇසිපිය නොහෙලා බලා සිටිති.

ඊළඟ පන්දුවට මෙකිෆ් මිඩ් විකට් දෙසට වේගවත් පහරක් එල්ල කළේය. පිතිකරුවන් ලකුණු තුනක් ලබා ගැනීමට උත්සාහ කළත් කොන්රඩ් හන්ට් විදුලි වේගයෙන් පන්දුව රැකගෙන කඩුලු රකින ඇලෙක්සැන්ඩර් වෙත එල්ල කළ අතර ඔහු සාර්ථකව කඩුල්ල බිඳ දැමීමෙන් ග‍්‍රවුට් දැවී ගියේය.

දැන් ලකුණු තත්ත්වය සම සමය. ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය එකම එක ලකුණක් පමණි.

වෙස්ලි හෝල්ගේ ඕවරයේ තවත් පන්දු දෙකක් ඉතිරිව ඇත. මෙකිෆ්ට එක් වූ නවක පිතිකරුවා ක්ලයින්ය. “ස්ක්වයර් ලෙග්” දෙසට පහරනක් එල්ල කළ මෙකිෆ් ක්ලයින්ට එක් ලකුණක් කරා දිව එන ලෙස සංඥා කළේය.

දෙදෙනා අතිශයින් තීරණාත්මක එක්් ලකුණ කරා දිව ගියද ජෝ සොලමන් මීටර් 20 ක පමණ දුරක සිට කෙළින්ම පන්දුව කඩුල්ල වෙත එල්ල කරමින් මෙකින් දුවද්දී දැවී යෑමට හසුකර ගත්තේය. තරගය ලකුණු මට්ටම සම සම වීමන් ජය පරාජයෙන් තොරව අවසන් විය. 453+284=505+232=737

ටෙස්ට් ඉතිහාසයේ මෙවැනි අපූරු සම සම (Tied) ටෙස්ට් තරගයක් පිළිබඳව වාර්තා වූ ප‍්‍රථම අවස්ථාව එය විය. මෙය සිදුවූයේ ලොව ප‍්‍රථම අවස්ථාව එය විය. මෙය සිදුවූයේ ලොව ප‍්‍රථම ටෙස්ට් තරගය පවත්වා වසර අසූතුනකට පමණ පසුය. ටෙස්ට් ඉතිහාසය පුරා තරග 500 කටත් වැඩියෙන් පැවැත්වීමෙන් අනතුරුවය.

එදා ඕස්ටේ‍්‍රලියාවට හෝ බටහිර ඉන්දීය කොදෙව් පිලට ජය අත්වූයේ නම් එම තරගය මෙසේ ඉතිහාසයේ අමරණීය මතක සටහනක් බවට පත්වන්නේ නැත.