ගාමිණී ලොකුගේ
ගාමිණී ලොකුගේ | |
|---|---|
| Gamini Lokuge | |
2019 වසරෙහි ගාමිණී ලොකුගේ මහතා | |
| බලශක්ති අමාත්‍ය[1] | |
| තනතුර දරමින් 2022 මාර්තු 3 – 2022 අප්‍රේල් 3 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| පූර්වප්‍රාප්තිකයා | උදය ගම්මන්පිල |
| අනුප්‍රාප්තිකයා | කංචන විජේසේකර[N 1] |
| විදුලිබල අමාත්‍ය[2] | |
| තනතුර දරමින් 2021 අගෝස්තු 16 – 2022 මාර්තු 3 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| පූර්වප්‍රාප්තිකයා | ඩලස් අලහප්පෙරුම |
| අනුප්‍රාප්තිකයා | පවිත්‍රා වන්නිආරච්චි |
| ප්‍රවාහන අමාත්‍ය | |
| තනතුර දරමින් 2020 අගෝස්තු 12 – 2021 අගෝස්තු 16 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| පූර්වප්‍රාප්තිකයා | මහින්ද අමරවීර |
| අනුප්‍රාප්තිකයා | පවිත්‍රා වන්නිආරච්චි |
| නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 2019 නොවැම්බර් 27 – 2020 අගෝස්තු 12 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| අමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| අනුප්‍රාප්තිකයා | නාලක ගොඩහේවා |
| කම්කරු අමාත්‍ය | |
| තනතුර දරමින් 2018 නොවැම්බර් 9 – 2018 දෙසැම්බර් 15 | |
| ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| Deputy | මනූෂ නානායක්කාර |
| පූර්වප්‍රාප්තිකයා | රවීන්ද්‍ර සමරවීර |
| අනුප්‍රාප්තිකයා | දයා ගමගේ |
| තනතුර දරමින් 2010 අප්‍රේල් 23 – 2015 ජනවාරි 12 | |
| ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
| පූර්වප්‍රාප්තිකයා | අතාවුද සෙනෙවිරත්න |
| අනුප්‍රාප්තිකයා | එස්. බී. නාවින්න |
| ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය | |
| තනතුර දරමින් 2007 ජනවාරි 28 – 2010 අප්‍රේල් 23 | |
| ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
| පූර්වප්‍රාප්තිකයා | ජීවන් කුමාරණතුංග |
| අනුප්‍රාප්තිකයා | සී. බී. රත්නායක |
| සංචාරක අමාත්‍ය | |
| තනතුර දරමින් 2001 දෙසැම්බර් 12 – 2004 අප්‍රේල් 8 | |
| ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
| පූර්වප්‍රාප්තිකයා | ලක්ෂ්මන් කිරිඇල්ල |
| අනුප්‍රාප්තිකයා | අනුර බණ්ඩාරනායක |
| පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව | |
| තනතුර දරමින් 1989 මාර්තු 9 – 2024 සැප්තැම්බර් 24 | |
| ඡන්ද කොට්ඨාසය | කොළඹ දිස්ත්‍රික්කය |
| තනතුර දරමින් 1983 මැයි 18[3] – 1988 දෙසැම්බර් 20 | |
| පූර්වප්‍රාප්තිකයා | ධර්මසේන ආටිගල |
| ඡන්ද කොට්ඨාසය | කැස්බෑව |
| බහුතරය | 27,821 |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ගාමිණී කුලවංශ ලොකුගේ 8 මැයි 1943 පිළියන්දල, බ්‍රිතාන්‍ය ලංකාව (දැන් ශ්‍රී ලංකාව) |
| විපත | 30 June 2025 (aged 82) කොළඹ, ශ්‍රී ලංකාව[4] |
| ජාතිකත්වය | |
| දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (2019–2025) |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (2019–2022) එක්සත් ජනතා නිදහස් සන්ධානය (2007–2019) එක්සත් ජාතික පක්ෂය (1960–2007) |
| උගත් ශාස්ත්‍රාලය | ආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | ව්‍යාපාරික |
ගාමිණී කුලවංශ ලොකුගේ, (ඉංග්‍රීසි: Gamini Lokuge; 1943 මැයි 8 - 2025 ජූනි 30), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වෙයි.[5][6]
ළමා අවධිය
[සංස්කරණය]ලොකුගේ 1943 මැයි 8 වැනිදා පිළියන්දලදී මධ්‍යම පාන්තික දෙමාපියන්ට දාව උපත ලැබීය. ප්‍රාථමික අධ්‍යාපනය පිළියන්දල දී ලැබූ ඔහු උසස් අධ්‍යාපනය හැදෑරුවේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙනි.
දේශපාලන ජීවිතය
[සංස්කරණය]ගාමිණී ලොකුගේ මහතා දේශපාලනයට පිවිසියේ 1960 දී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙසය. ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1983දී කැස්බෑව ආසනයේ පැවති අතුරු මැතිවරණයකදීය. එම ඡන්ද විමසීමේදී ඡන්ද 27,821 ක ජනවරමක් ලැබූ ඒ මහතා, කෑස්බෑව මන්ත්‍රීවරයකු ලෙස ඔහු එම ආසනය නගර සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටි බවට ප්‍රසිද්ධ විය.[3] 1989දී එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරය ගාමිණී ලොකුගේ මහතාට පිරිනමන ලදී. 1994 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජයෙන් පසු, ඔහු විපක්ෂයේ අසුන්වල අසුන් ගැනීමට සිදුවිය.[7]
2001 මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂය සාර්ථකව ආණ්ඩු බලය ලබා ගැනීමේ පසුබිම තුළ, එවක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගාමිණී ලොකුගේ මහතා සංචාරක අමාත්‍ය ධුරයට පත් කළේය.[8]
2006දී ඒ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට එක්විය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ඔහු ප්‍රබල තනතුරු කිහිපයක් හෙබවීය.[5] 2007 ජනවාරි මාසයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගාමිණී ලොකුගේ මහතා ක්‍රීඩා හා පොදු විනෝදාස්වාද අමාත්‍ය ධුරයට පත් කළ අතර 2010දී ඔහුගේ විෂය කම්කරු අමාත්‍යවරයා බවට වෙනස් වුණි. 2015 ජනාධිපතිවරණය තෙක් ඒ මහතා එම තනතුර දැරීය.[5] ඔහු 2010 සහ 2015 දී නැවත තේරී පත් විය. 2019 නොවැම්බර් 27 වන දින ඔහු නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. 2020 අගෝස්තු 12 වන දින ඔහු ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. ලොකුගේ 2020 පෙබරවාරි මාසයේදී ව්‍යවස්ථාදායක ස්ථාවර කමිටුවට පත් කරන ලදී.
සටහන්
[සංස්කරණය]- ^ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසය
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Minister Gamini Lokuge appointed as the Minister of Energy". Hiru News (ඉංග්‍රීසි බසින්). 3 March 2022. සම්ප්‍රවේශය 1 July 2025.
- ^ "Minister Gamini Lokuge contracts COVID-19". Ada Derana. 23 November 2021. සම්ප්‍රවේශය 1 July 2025.
- ^ a b "RESULTS OF THE PARLIAMENTARY BY ELECTIONS HELD BETWEEN 1947 – 1988" (PDF). Election Commission of Sri Lanka. සම්ප්‍රවේශය 1 July 2025.
- ^ "Former Minister Gamini Lokuge passes away". Dinamina. 30 June 2025. සම්ප්‍රවේශය 1 July 2025.
- ^ a b c "හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි". Hiru News. 30 June 2025. සම්ප්‍රවේශය 1 July 2025.
- ^ "ගාමිණී ලොකුගේ: හොඳ, නරක සහ ආන්දෝලන". BBC. 1 July 2025. සම්ප්‍රවේශය 3 July 2025.
- ^ Schaffer, Howard B. (May 1995). "The Sri Lankan Elections of 1994: The Chandrika Factor". Asian Survey. 35 (5). JSTOR: 409–425. doi:10.2307/2645745. JSTOR 2645745.
- ^ "New Ministers". Daily News. 13 දෙසැම්බර් 2001. 2 පෙබරවාරි 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.