Jump to content

ග්‍රහ චලනය පිළිබඳ කෙප්ලර්ගේ නියම

විකිපීඩියා වෙතින්
ජොහැන්නස් කෙප්ලර් වෙත පරිහරණය සඳහා නොතිබුණු, වඩාත් නූතන ගණිතමය අංකන සහ සංකල්ප මෙම ලිපිය විසින් භාවිතා කෙරෙයි. වඩාත් ඓතිහාසික ප්‍රවේශයක් සඳහා, විශේෂයෙන්, ඇස්ට්‍රොනොමියා නෝවා සහ එපීටොමේ ඇස්ට්‍රොනොමියේ කොපර්නිකානේ ලිපි බලන්න.

තාරකා විද්‍යාවේ, ග්‍රහ චලනය පිළිබඳ කෙප්ලර්ගේ නියම යනු, සූර්යයා වටා ග්‍රහ ලෝක වල චලනය විස්තර කරන විද්‍යාත්මක නියම තුනකි.කෙප්ලර්ගේ නියම වර්තමානයේ සාම්ප්‍රදායික ලෙසින් සංඛ්‍යාත්මකව විස්තර කෙරෙනුයේ මෙලෙසිනි:

රූපය 1: කෙප්ලර්ගේ නියම තුන, ග්‍රහ කක්ෂ දෙකක් වෙතින් සන්නිදර්ශනය කිරීම.
(1) කක්ෂ ඉලිප්ස වන අතර, පළමු ග්‍රහ ලෝකය සඳහා නාභි ලක්ෂ්‍යයන් ƒ1 සහ ƒ2 වන අතර දෙවන ග්‍රහ ලෝකය සඳහා ƒ1 සහ ƒ3 වෙති. සූර්යයා පිහිටන්නේ නාභි ලක්ෂ්‍යය ƒ1 හීය.

(2) A1 සහ A2 යන අඳුරු කල කොටස් එකම පෘෂ්ඨීය වර්ගඵලය සහිත වන අතර, A1 ඛණ්ඩය තරණය කිරීමට ග්‍රහ ලෝකය 1 සඳහා ගතවන කාලය හා A2 ඛණ්ඩය තරණය කිරීමට ගතවන කාලය සම වෙති.

(3) ග්‍රහ ලෝකය 1 සහ ග්‍රහ ලෝකය 2 සඳහා සම්පූර්ණ කක්ෂ කාලයන් අතර අනුපාතය a13/2 : a23/2 වෙයි.
  1. ග්‍රහ ලෝකයක කක්ෂය ඉලිප්සයක් වන අතර, සූර්යයා පිහිටන්නේ නාභි දෙකෙන් එකකය.
  2. ග්‍රහ ලෝකයක් සහ සූර්යයා යා කරන රේඛා ඛණ්ඩයක් විසින්, සම කාල පරිච්ඡේද තුලදී පිරිසරන්නේ සම වර්ගඵල ප්‍රමාණයන්ය.[1]
  3. ග්‍රහ ලෝකයක කක්ෂීය කාලාවර්තයෙහි වර්ගය, එහි කක්ෂයෙහි අඩ-මහා අක්ෂයෙහි ඝනයට සමානුපාතික වෙයි.

බොහෝ ග්‍රහ ලෝක කක්ෂ ඉතා කිට්ටුවෙන් වෘත්ත වන අතර, ඒවා සත්‍ය වශයෙන්ම ඉලිප්ස බව නොපෙනෙයි. අඟහරු ග්‍රහ ලෝකයේ කක්ෂය පිළිබඳ ගණනයන් සිදු කිරීමේදී පළමුවෙන්ම කෙප්ලර්ට එහි ඉලිප්සාකාර හැඩය පිළිබඳ අවබෝධ වූ අතර, සූර්යයාගෙන් ඈතින් පිහිටි ඒවාද ඇතුළුව, අනෙකුත් ආකාශගත වස්තූන් සතුව පවා, ඉලිප්සාකාර කක්ෂ ඇති බව ඔහු අනුමානය කලේය. කෙප්ලර්ගේ කාර්යයන්, පෘථිවිය විසින් සූර්යයා වටා පරිභ්‍රමණය වූ බව තරයේ ප්‍රකාශ කර සිටි නිකොලස් කොපර්නිකස්ගේ සූර්යකේන්ද්‍රීය වාදය පුළුල් ලෙසින් අනුගමනය කෙරිණි. ග්‍රහ ලෝකයන්ගේ වේගයන් විචල්‍ය වන බවද, ඒවා විසින් අපිචක්‍රයන් සහිත වෘත්තාකාර කක්ෂ ඔස්සේ නොව ඉලිප්සාකාර කක්ෂ ඔස්සේ චලනය වූ බවද පැහැදිලි කිරීමට ඒවා විසින් මං සැලසීය.[2]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ බ්‍රයන්ට්, ජෙෆ්; පව්ලික්, ඔලෙක්සන්ඩර්. "කෙප්ලර්ස් සෙකන්ඩ් ලෝ", වුල්ෆ්‍රම් ප්‍රදර්ශන ව්‍යාපෘතිය. සම්ප්‍රවේශනය දෙසැම්බර් 27, 2009.
  2. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Holton නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි