ඉලිප්සය

විකිපීඩියා වෙතින්
ආනත තලයක් වෙතින් කේතුවක් ඡේදනය කිරීමෙන් ලබාගත් ඉලිප්සයක්.
සෙනසුරුගේ වළලු වෘත්තාකාර වුවත්, මෙම රූපයේ පරිදී මඳක් කෙළවරට වන්නට දර්ශනය කල විට, ඒවා වෘත්තාකාර නොවන ඉලිප්ස ලෙසින් පෙනෙයි. එයට අමතරව, ග්‍රහලෝකයද ඉලිප්සාභයක් වන්නේ, සමකයෙහිදීට වඩා ධ්‍රැව අතර පැතලි වන නිසාය. රූපය ESO වෙතිනි

ගණිතයෙහි, ඉලිප්සයක් යනු, නාභිය ලක්ෂ්‍යයන් දෙකක් වට කොට පිහිටන සහ තලයක පිහිටන වක්‍රයක් වන අතර, එක් නාභියක සිට වක්‍රයෙහි ඕනෑම ලක්ෂ්‍යයකට ඇඳි සහ යළිත් අනෙක් නාභිය ලක්ෂ්‍යයට ඇඳි සරල රේඛාවන්, වක්‍රයෙහි සෑම ලක්ෂ්‍යයන් සඳහාම එකම දිග දරයි. එබැවින්, එය වෘත්තයක සාධාරණිකරණයක් වන්නේ, වෘත්තයක් යනු නාභිය ලක්ෂ්‍යයන් දෙකම එකම ස්ථානයක පිහිටන, ඉලිප්සයක විශේෂ ආකාරයක් වන බැවිනි. ඉලිප්සයක හැඩය (එය කෙතරම් 'දිගටිද' යන බව), එහි උත්කේන්ද්‍රියතාව වෙතින් නිරූපණය වන අතර, ඉලිප්සයක් සඳහා මෙම අගය, 0 (වෘත්තයක සීමාකාරී අවස්ථාව ) සිට 1 ට අභිමත ලෙසින් සමීප එහෙත් එයට අඩු යන පරාසය තුල ඕනෑම සංඛ්‍යාවකට සමාන විය හැක.


සටහන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඉලිප්සය&oldid=317723" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි