ගල්ෆ් යුද්ධ සින්ඩ්‍රෝමය

විකිපීඩියා වෙතින්
ගල්ෆ් යුද්ධ සින්ඩ්‍රෝමය
වර්ගීකරණය සහ බාහිර සම්පත්

ගල්ෆ් යුද්ධ සින්ඩ්‍රෝමය එසේත් නැත්නම් ගල්ෆ් යුධ සින්ඩ්‍රෝමය ({{|Gulf War syndrome, Persian Gulf War syndrome) යනු 1991 දී පර්සියානු ගල්‍ෆ් යුද්ධ යේදී සටන් වැදුනු හමුදා සේවයේ නිරත වුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් හා උපත් ආබාධ ඇති කරන ලද රෝගී තත්වයකි. මෙම රෝග ලක්ෂණ ඇතිවීම සදහා ගල්ෆ් යුද්ධ ය බලපෑමක් ඇති කරත්ද ගල්ෆ් යුද්ධ යෙහි නිරත වු හමුදා නිලධාරීන් අනෙකුත් අයට වඩා වැඩිපුර අවධානමක් තිබිණිද යන්න අපහැදිලි ය.

දිගු කාලීන තෙහෙට්ඩු ගතිය, මාංශ පේශීන් හි පාලනය අඩාලවීම , හිසරදය , කැරකැවිල් ල සිරුරේ සමතුලිතතාව නැතිවීම , මතකයෙහි ඇති අර්බුද , මාංශ පේශී , හන්දිපත්වල රුදාව , ආහාර අජීර්ණය , සමේ රෝග , හුස්ම ගැනීමේ අපහසු‍තාව සහ ඉන්සියුලින් හෝර්මෝන ය සදහා සිරුරේ ඇති ප්‍රතිරෝධීතාව මෙහි විවිධාකාරවු රෝග ලක්ෂණ වේ. මොළයේ පිළිකා නිසා ඇතිවන මරණ , චාලක ස්නායු වල ඇතිවන රෝගී තත්වයක් වන ඒමයෝට්‍රොපික් ලැටරල් ස්ක්ලෙරෝසිස් හෙවත් Gehrig’s disease සහ ෆයි‍බ්රොමයැල්ජියා නම් රෝගී තත්වයන් ගල්ෆ් යුද්ධ ය හා ආශ්‍රිතව ඇතිවන්නක් බව ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් හදුනාගෙන ඇත. ගල්ෆ් යුද්ධ ය අවසානයේ සිට එක්සත් ජනපද හමුදා නිලධාරීන්ගේ පාලක මණ්ඩලය සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මගින් ගල්ෆ් යුද්ධයෙහි නිරතවු හමුදා නිලධාරීන් පිළිබදව අධ්‍යයනයන් ගණනාවක්ම කර ඇත. නුතන අධ්‍යයනයන් මගින් හෙලිවී ඇත්තේ යුද්ධයෙහි නිරත වු හමුදා නිලධාරීන්ට හා නිරත නොවු හමුදා නිලධාරීගේ ශාරීරික සෞඛ්‍ය අතර වෙනසක් නොමැති බවයි. වාර්ථා වී ඇති අන්දමට ගල්ෆ් යුධ සින්ඩ්‍රෝමය හා ආශ්‍රිතව ෆයිබ්‍රොමයැල්ජියා , දිගුකාලීව ශාරීරික තෙහෙට්ටුව ඇති වීම , සමෙහි ඇතිවන කැසීම හා ආහාර අජීර්ණය යන රෝග ඇතිවන බවයි. යුද්ධයෙහි නිරත හමුදා නිළධාරීන් අතර මරණ අනුපාතිකය ඉහල වන අතර ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වාහනවල සිදුවන හදිසි අනතුරු වේ.


රටවැසිභාවය අනුව හමුදා නිලධාරීන්ගේ වෛද්‍ය ගැටළු[සංස්කරණය]

“ඩෙසර්ට් ස්ට්‍රෝම්” නම් මෙහෙයුමේ සාරාංශකි. පෙබරවාරි 24 – 28 1991

ඇමරිකානු සේනාංකය මගින් පිහිටුවන ලද ගල්ෆ් යුද්ධය හා ආශ්‍රිත දත්ත ගබඩාවෙහි 700,000 ක්වු ගල්ෆ් යුද්ධ යෙහි නිරත ඇමරිකානු කාන්තාවන් හා පිරිමින්ගෙන් 30% ක් පමණ ලියාපදිංචි වී ඇත. ඇතැමුන් තවමත් අවුල් සහගත බැරෑරුම් සෞඛ්‍ය ගැටළු වලින් පීඩා විදිති. පහතින් දක්වා ඇති වගු මගින් නිරූපනය වන්නේ යුද්ධ යෙහි නිරත වු ඒකාබද්ධ සේනාංකයන්හි දත්තයි. එක් එක් ජාතීන් වල හමුදා නිළධාරීන් විවිධ භූ‍ගෝල විද්‍යාත්මක තත්ව වලට අනුරූපව ඔරොත්තු දී ඇති බැවින් ඒ පිළිබදව අධ්‍යයනය කරන විශේෂඥයින් මෙම සංඛ්‍යා දත්ත උපයෝගි කර ගනිමින් විවිධ අවස්ථාවන් වලට මුහුණ දුන් පුද්ග ලයින් පිළිබදව සොයා බැලේ.

ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ අධික ප්‍රතිශතයකින් යුක්තව රෝගී තත්වයන් වාර්ථාවී ඇත්තේ අනෙකුත් ජාතීන් හා සන්සන්දනය කරනවිට එහි අධිකව කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතා කිරීම , ඇන්ත්‍රැක්ස් එන්නත භාවිතා කිරීම හා ඉහල ප්‍රතිශතයකින් යුක්තව තෙල් දුම ආඝ්‍රාණ කිරීම හේතුවෙනි. ‍ප්‍රංශය ඉතා අවම කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතා නොකිරීමත් නිසා ඉතා පහල රෝගී ප්‍රතිශතයක් වාර්ථා වේ. ප්‍රංශ සේනාංක උතුරු නැගෙනහිර හා අනෙකුත් ප්‍රධාන සටන් මෙහෙයුම්වල සේවයේ නියුතු වී සිටිති.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

වර්ගීකරණය