ගල්මඩුව රජ මහා විහාරය, මහනුවර

විකිපීඩියා වෙතින්

මහනුවර -දිගන කුණ්ඩසාලේ පරේ මහනුවර සිට පැමිනෙන විට තැන්නෙකුඹුර පාලම පසුකර ඉදිරියට යන විට වම් පස කලාපුර පරේ මද දුරක් යනවිට හමුවන ගල්මඩුව විහාරය මහනුවර ඇති විශේෂ වටිනා බෞද්ධ සිද්ධස්ථානයකි.මහනුවර අවසන් රජු වන කීර්ති ශ්‍රී රජසිංහ රජු විසින් ක්‍රි.ව.1748-1782 කලසීමාව තුල ඉදිකරන ලද ගල්මඩුව විහාරය ශ්‍රී ලංකාව තුල පිහිටි එකම හින්දු කොවිල් අකෘතිය සහිත බෞද්ධ විහාරය වේ.සම්පූර්ණ ගලින් නිමවා ඇති මෙම විහාරය ගෙඩිගේ සම්ප්‍රදායට අයත් විහාරයක් ලෙසද සැලකේ.ගලින් නිමවා ඇති චතුරස්‍රාකාර ගෘහයක් බවින් ගල්මඩුව නම ලැබී ඇති බවද සැලකේ.කීර්ති ශ්‍රී රජසිංහ රජුගේ බිසවගේ ඉල්ලීමකට අනුව මෙය නිර්මාණය කර ඇති බවද සැලකේ.මෙතුමා උපතින් නයක්කාර වංශිකයෙක් වූ නිසාද එතුමාගේ බිසව හින්දු කාන්තාවක් වූ නිසාද මෙම විහාරය දකුණු ඉන්දීය පල්ලව සම්ප්‍රදායට අනුව ඉදිවී ඇත.නමුත් මෙම විහාරයේ බාහිර හින්දු කොවිල් සැකැස්ම නිසා මහනුවර බෞද්ධ ජනතාව ඊට වන්දනා කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ බව රජුට ද දන්වා ඇත .එම නිසා ඉදිවෙමින් පැවැති මෙම විහාරයේ වැඩකටයුතු නවත්වා ඒ වෙනුවට දෙගල්දොරුව රජ මහා විහාරය ඉදිකර ඇති බවට ඉතිහාසයේ සදහන් වේ. (කසුන් ප්‍රදීප් චාමර , මල්පාන)