Jump to content

ගයාත්‍රි ඩයස්

විකිපීඩියා වෙතින්
ගයාත‍්‍රි ඩයස්
Gayathri Dias
උපත
වැකුණුගොඩ ගයත්‍රී ඉරෝෂා ඩයස්

ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවනිළිය, නිරූපිකාව
සක්‍රීය වසර1994–වර්තමාන
කලත්‍රයා(යන්)චන්න පෙරේරා (m. 1996)
දරුවන්මල්ෂා පරින්ධ්‍යා සහ දුආෂා ආදිත්‍
දෙමව්පියන්
  • රංජිත් හෙන්රි ඩයස් (පියා)
  • ඉයුජින් අලහප්පෙරුම (මව)

වැකුණුගොඩ ගයාත‍්‍රි ඉරෝෂා ඩයස් (උපත 1974 අප්‍රේල් 16), හෙවත් ගයාත‍්‍රි ඩයස්, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නිලියකි. රංගනයට අමතරව ඇය රූ රැජිනක්, නිවේදිකාවක්, රූපලාවන්‍ය ශිල්පිනියක් සහ ව්‍යවසායිකාවක් ද වේ.[1]

පෞද්ගලික ජීවිතය

[සංස්කරණය]

ගයාත්‍රි ඩයස් 1974 අප්‍රේල් 16 වන දින ශ්‍රී ලංකාවේ මාතරදී රංජිත් හෙන්රි ඩයස් සහ ඉයුජින් අලහප්පෙරුම යුවළට පවුලේ දෙවන දරුවා ලෙස උපත ලැබීය.[2] ඇයට වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් සිටී. ඇයගේ පියා රංජිත් විශ්‍රාම යන තුරුම සේවය කළේ චෙකොස්ලෝවැකියා තානාපති කාර්යාලයේය. ගයත්‍රි අධ්‍යාපනය සඳහා පාසල් කීපයකටම ගියාය. මෙතෝදිස්ත විද්‍යාලය, සමුද්‍රදේවි සහ කරුණාරත්න බෞද්ධාලෝක මහා විද්‍යාලය ඉන් කිහිපයකි. ඇගේ මව ඉයුජින් අලහප්පෙරුම 2021 ජුනි 13 වන දින කොවිඩ්-19 හේතුවෙන් මිය ගියාය.[3]

ඇය විවාහ වී සිටින්නේ ජනප්‍රිය නළු සහ අධ්‍යක්ෂක චන්න පෙරේරා සමඟයි. ඇයට චන්න මුණගැසෙන්නේ මකර විජිතය ටෙලිනාට්‍යයේදීය. ඔවුන් විවාහ වූයේ 1996 සැප්තැම්බර් 26 වැනිදාය.[2] මෙම යුවළට දියණියන් දෙදෙනෙක් සිටී - මල්ෂා පරින්ධ්‍යා සහ දුආෂා ආදිත්‍ය. වැඩිමහල් දියණිය මල්ෂා මියුසියස් විද්‍යාලයයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළාය. දුආෂා දැනට Royal Institute හි ඉගෙනුම ලබයි.

වෘත්තීය ජීවිතය

[සංස්කරණය]

වයස අවුරුදු 17 දී අ.පො.ස උසස් පෙළ කරන අතරතුර ටී.එන්.එල් හි පිළිගැනීමේ නිලධාරිනිය ලෙස පත්වීමක් ලැබුවාය. ඇයගේ මංගල ටෙලිනාට්‍ය රංගනයට පිවිසියේ අලුත් අවුරුදු ටෙලිනාට්‍යය වන උදාර ගීතය හරහාය.[2] ඇයගේ මංගල සිනමා අත්දැකීම 2001 දී වී. සිවදාසන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔබ මගේ වැව චිත්‍රපටයේ සහායක චරිතයක් හරහා පැමිණියාය.[4] ඇයගේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් ලෙස සුවඳ දෙනුන ජීවිතේ, යමරජ සිරි සහ සේයා හැදින්විය හැක.

රංගනයෙන් ඔබ්බට

[සංස්කරණය]

ඇය 1992 වසරේ ශ්‍රී ලංකා රූ රැජින තරඟයට සහභාගී වූ අතර 'මිස් ෆොටෝජනික්' කිරුළ දිනා ගත්තාය. 1994 දී ඇය මහරාජා කැපිටල් විසින් මෙහෙයවන ලද ‘සිරස රූ රැජින’ බවට පත් වූවාය.[2]

හෙයා ඒෂියා පැසි‍ෆික් 2003 තරඟය අතරතුර, ඩයස් "නේල් ආර්ට්" කාණ්ඩයේ කුසලානය මෙන්ම පළමු අනුශූරතාවයද දිනා ගත්තේය.[5]

මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් 2016 රූ රැජින තරගයට ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළාය. තරඟයේදී ඇය නවීන උඩරට නර්තන අංගයක් සඳහා වූ ‘මිසිස් ටැලන්ට්’ නම් තරගය ජය ගත්තාය. ඇය තරඟයේ පස්වන ස්ථානයට පත්විය.[6]

  1. ^ "Go-getter!". Daily News. සම්ප්‍රවේශය 10 August 2019.
  2. ^ a b c d "Patience and tolerance - Two remedies for marital problems". Sunday Observer. සම්ප්‍රවේශය 9 August 2018.
  3. ^ "Actress Gayathri Dias makes emotional appeal from public after losing mother to Covid". newswire. සම්ප්‍රවේශය 15 June 2021.
  4. ^ "Gayathri Dias filmography". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 10 August 2019.
  5. ^ "Lanka does well at Hair Asia Pacific 2003". The Island. සම්ප්‍රවේශය 10 August 2019.
  6. ^ "'Mrs Talent' Gayathri Dias". Mirror Arts. සම්ප්‍රවේශය 10 August 2019.
[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ගයාත්‍රි_ඩයස්&oldid=676083" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි