ගමන් බලපත්‍ර වලංගු කාලය

විකිපීඩියා වෙතින්

ගමන් බලපත්‍ර වලංගු කාලය යනු, එහි කල් ඉකුත් වීම සිදුවන්නට පෙර, වෙනත් රටකට ගමන් කිරීමට හෝ නිකුත් කල රට තුල හෝ එයින් පිටත හෝ හඳුනාගැනීමෙහි වලංගු ක්‍රමයක් ලෙසින් හෝ ගමන් බලපත්‍රයක් භාවිතා කල හැකි කාල සීමාවෙහි ප්‍රමාණය වෙයි.

වැඩිහිටි ගමන් බලපත්‍ර වලංගු කාල සිතියම[සංස්කරණය]

ලොව පුරා වැඩිහිටි ගමන් බලපත්‍ර වලංගු කාලයන්

වැඩිහිටි ගමන් බලපත්‍ර[සංස්කරණය]

සාමාන්‍ය වශයෙන්, එක්සත් රාජධානි ගමන් බලපත්‍රයක්, එක්සත් ජනපද ගමන් බලපත්‍රයක්, නවසීලන්ත ගමන් බලපත්‍රයක් හෝ ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍රයක් වැනි අවස්ථාවන්හිදී වසර දහයකටද, පපුවා නවගිනි ගමන් බලපත්‍රයක් හෝ වර්තමානයෙහිදී ඉන්දුනීසියානු ගමන් බලපත්‍රයක් අරභයා පවතින වැනි අවස්ථාවන්හිදී වසර පහක කාලසීමාවකටද යන වශයෙන් වැඩිහිටි ගමන් බලපත්‍රයක වලංගු කාලය වෙයි. සමහරක් රටවල් විසින් වසර පහක් සහ දහයක් අතර කාලසීමාවකට වලංගු වන පරිදී වැඩිහිටි ගමන් බලපත්‍ර නිකුත් කරන අතර, එවැන්නක් ලෙසින් වසර හයකට වලංගු කියුබානු ගමන් බලපත්‍රය දැක්විය හැකිය.

වෛකල්පික වලංගු කාලසීමාව[සංස්කරණය]

වැඩිහිටි අයදුම්කරුවන්ට ගමන් බලපත්‍ර වලංගු කාලය තෝරාගැනුමට සමහරක් රටවල් විසින් ඉඩ සලසන අතර, එම මනාපය සාමාන්‍යයෙන් වසර 5 හෝ 10 වෙයි. නිදසුනක් වශයෙන් කැනඩාව, හංගේරියාව, ජපානය, මෙක්සිකෝව (3, 6 හෝ 10), රුසියාව හෝ දකුණු කොරියාව දැක්විය හැකිය.

ලමා සහ යෞවන ගමන් බලපත්‍ර[සංස්කරණය]

ලමුන් සහ යෞවනයන් සඳහා බොහෝ රටවල් විසින් වසර පහකට වලංගු කාලයක් සහිත ගමන් බලපත්‍ර නිකුත් කරන අතර, ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බලපාන මූලලේඛ පරිදී ලමයෙකුගේ හෝ යෞවනයෙකුගේ ගමන් බලපත්‍රයක් අර්ථ දැක්වෙන්නේ, එක්සත් ජනපද ගමන් බලපත්‍රයක් සඳහා වසර 16 කට අඩු, ජපාන ගමන් බලපත්‍රයක් සඳහා වසර 19 කට අඩු, ක්‍රොඒෂියන් ගමන් බලපත්‍රයක් සඳහා වසර 21 කට අඩු, ජර්මානු ගමන් බලපත්‍රයක් සඳහා වසර 24 කට අඩු හෝ ස්පාඤ්ඤ ගමන් බලපත්‍රයක් සඳහා වසර 30 කට අඩු යන ආකාරයෙනි.

ළදරු ගමන් බලපත්‍ර[සංස්කරණය]

ළදරු භාවයෙහි සිට වයස පහ වන දක්වා කාලසීමාව තුල ලමුන්ගේ මුහුණුවර සීඝ්‍රයෙන් වෙනස් වන බැවින්, ළදරු ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙහිදී ඔස්ට්‍රියානු ගමන් බලපත්‍ර වැනි අවස්ථාවන්හිදී සමහරක් රටවල් විසින් එය වසර දෙකකට නිකුත් කරන අතර, කොරියානු ජනරජ ගමන් බලපත්‍රය වැනි අවස්ථාවන්හිදී එය එක් වසරක වලංගුතාවයක් සහිතව නිකුත් කෙරෙයි.

ජ්‍යෙෂ්ඨ ගමන් බලපත්‍ර[සංස්කරණය]

ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දිගු වලංගු කාලයක් සහිත ගමන් බලපත්‍ර නිකුත් කිරීම සමහර රටවල් විසින් සිදුකෙරෙන අතර, නිදසුනක් වශයෙන් වයස අවුරුදු 60 ක් වන හා ඊට වැඩි අයදුම්කරුවන්ට ලැට්වියානු ගමන් බලපත්‍ර නිකුත් කෙරෙනුයේ වසර 10 ක වලංගු කාලයකට වන අතර වයස අවුරුදු 70 කට වැඩි පුරවැසියන්ට නිකුත්කෙරෙන ස්පාඤ්ඤ ගමන් බලපත්‍රයක් කිසිදිනෙක කල් ඉකුත් නොවෙයි.