කලාගුරු ටුක්කා වඩු ගුණදාස

විකිපීඩියා වෙතින්
කෝලම් නාට්‍ය
කලාගුරු ටුක්කා වඩු ගුණදාස ගුරුතුමා

කලාගුරු ටුක්කා වඩු ගුණදාස ගුරුන්නාන්සේ .1903 අගෝස්තු 11 වැනිදා අම්බලන්ගොඩ මහඅම්බලන්ගොඩ ප්‍ර දේශයේ තුඩුවෙගෙදර වත්ත (වත්මන් තුඩුවමුල්ල ග්‍රාමයේ ටුක්කා වඩු ගෙදර යනුවෙන් ප්‍රදේශවාසීන් විසින් එවකටත් හදුන්වා ලැබූ නිවසෙහි උපත ලැබීය.  ජාතිය සිංහල ආගම බුද්ධාගමය පියා එවකට මහඅම්බලන්ගොඩ ප්‍ර දේශයේ අති සුප්‍රරසිද්ධව සිටි කෝලම් නාට්‍ය ශිල්පියාවන ටුක්කා වඩු පෑලිස් ද සිල්වා ය. මව කරුණාකලගේ ලොකුහාමි නම් වූවාය. මිය යන විට කලාගුරු ගුණදාස ගුරුන්නාන්සේගේ වයස අවුරුදු 73කි.  එතුමා මියගියේ 1977 අප්‍රියෙල්  04 දාය.

1829 දී ජෝන් කැලවේ පියතුමා විසින් රචිත ”යකුන් නටනවා සහ කෝලම් නටනවා”10 යනුවෙන් ඉංග‍්‍රීසියට පෙරළා රචිත කෘතිය කෝලම් නාටකයේ මුල් ස්වරූපය වටහා ගැනීමට ඇති විශ්වාස කටයුතු සාක්‍ෂියකි. මෙම ග‍්‍රන්ථයේ කෝලම් පිටපතට අනුව මුලින්ම ඇතුලත් කර ඇති ප‍්‍රාරම්භ ශ්ලෝක කවි කලාගුරු ගුණදාස ගුරුන්නාන්සේගේ අත්පිටපතේ එලෙසම ස`දහන් වී තිබේ.  එපමණක් නොව කැලවේ ගේ ග‍්‍රන්ථයේ මෙන් කලාගුරු ගුණදාස ගුරුන්නාන්සේගේ අත්පිටපතේ ද අණබෙරකරු පැමිණෙන්නේ හේවා කෝලමට පසුවයි.11 ජෝන් කැලවේ පියතුමා 19 වන සියවස මුල්භාගයේ ගාල්ල, මාතර යන ප‍්‍රදේශවල ආගමික කටයුතුවල යෙදුණු වෙස්ලියානු මීසමේ පූජකයෙකි

කලාගුරු ගුණදාස ගුරුන්නාන්සේ වෙළදාම ස`දහා වෙස්මුහුණු නිර්මාණය නොකිරීම ඔහු සතු විශේෂ ගුණය විය.  ඔහු කිසිවිටෙක තම කලාව විකුණුවේ නැත.  රුපියල් ශත වල ග්‍රහණයට හසුව අපෙA සංස්කෘතික ලක‍ෂණයන් ද ජාතික සිතුම් පැතුම් ද ක්‍රමයෙන් බි`ද වැටෙමින් පැවති යුගයෙක තම ස්ථාවරයන් ආරක‍ෂා කර ගනිමින් අභීතවත් අදීනවත් ජීවත් වූ මෙතුමාගේ පරමාර්ථය වූයේ සම්ප්‍රදායික වෙස්මුහුණු කලාව පවත්වා ගැනීමය.  පැරණි භාරතීය ප`ඩිවරුන් පරිසමාප්ත කලාවේදියකු සතු ගුණාංග හැටියට සැලකූ ප්‍රතිභාව ව්‍යුත්පත්ති මෙන්ම සතතාභ්‍යාසය ද ඔහුගේ වෙස්මුහුණු නාටක කලාව තුළ විද්‍යාමාන විය.  

වෙස්මුහුණක හැඩය, භුනඥනයේ ප‍්‍රභවය, අතිමානුෂ බලවේග හා සම`ග සංනිවේදනය කර ගැනීමේ ශක්තිය සහ මායා වී ස්වභාවයේ බලපු`ඵවන්කාරකම ධාරණය කර ගැනීමේ දැනුම් සම්භාරය ගුණදාස ගුරුන්නාන්සේ සතුව තිබිණ. වෙස්මුහුණු කැපීම පිළිබ`දවත්  වෙස්මුහුණු පැළැ`ද අලංකාර ලෙස චරිත නිර්මාණය සහ භූමිකා නිරූපණය පිළිබ`දවත් ඔවුන්ගේ දස්කම් දැක බලා ගැනීමට පමණක් නොව නැටුමේ ස්වරූපය තාල පද්ධතිය හා ගායනා විලාසවල විවිධත්වය තේරුම් ගැනීමේ රිසියෙන් දිවයිනට පැමිණි රසිකයෝ විවිධය. රංගා විවේකානන්දන් නැමැති භාරතීය කලාකාරියන් ජර්මන් ජාතික වර්නර් හැංසෙන් ඇමරිකානු ජාතික ටෙරී රූනී ගුණදාස ගුරුන්නාන්සේගෙන් ගුරුහරුකම් ලබාගත් කිහිපදෙනෙකු පමණි.

1955 දී සිය පියා වූ ටුක්කා වඩු පෑලිස් සිල්වාගේ මරණයෙන් පසු මෙම පරම්පරාගත කෝලම් නැටුම් කණ්ඩායම රැකගෙන ඉදිරියටයාමේ භාරදූර වගකීම කරටගත් ගුණදාස ගුරුන්නාන්සේ විසින් මහඅම්බලන්ගොඩ ප්‍රදේශයේ දී කෝලම් මඩු කීපයක් පවත්වන ලදී. එකල විශේෂයෙන් සිංහල අවුරුදු උත්සවය වෙනුවෙන් කෝලම් මඩුවක් පැවැත්වීම අනිවාර්ය ලක‍ෂණයක් විය. ඇදුරු කරුණාව පිතු සෙනෙහසින් ෙක‍ෂ්ත්‍රයේ දුහුනනට ම`ග පෙන්වීම සහ ඔවුන්ගේ දස්කම් අව්‍යාජව ඇගයීමේ මාහැගි ගුණාංගය  එතුමා තුළ විය.  අතිවිශාල ශිෂ්‍ය පිරිසක් බිහිකර ගැනීමට එතුමාට හැකිවූයේ එ නිසාය.

රුහුණු නැටුම් කලායතනයේ අධ්‍යක‍ෂවරයෙකු ලෙසද රජයේ කලා උපදේශකයෙකු ලෙසද නැටුම් උපදේශකයෙකු ලෙසද අසීමිත සේවයක් කල මොහුගේ වෙස්මුහුණු 64ක් අද ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

ශ්‍රී ලංකාවේ කෝලම් නාටක පිළිබ`ද විසූ ප්‍රාමාණික විද්වතකු වූ මහාචාර්ය එම්. එච්. ගුණතිලක මහතා විසින් 1966 දී විද්‍යෝද්‍ය විශ්ව විද්‍යාලයේ (වත්මන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) දින කීපයක් තිස්සේ කෝලම් (වෙස්) මුහුණු ප්‍රදර්ශනයක් පවත්වා ඉන් පසු කෝලම් නැටුම් සහ කෝලම් කතාන්දර පැරණි ජන රං`ග ක්‍රම පිළිබ`දව අවබෝධයක් ලබා දීමේ අරමුණින් ර`ග දක්වන්නට යෙදුණි.

ඒ ස`දහා දිරිගැන් වූ අය අතුරින් මහ අම්බලන්ගොඩ ටුක්කා වඩු ගුණදාස ගුරුන්නාන්සේගේ නම පළමුවෙන්ම ස`දහන් වේ.2  එපමණක් නොව කෝලම් නාටක සාහිත්‍ය පිළිබ`ද මහාචාර්ය ගුණතිලක සිංහලෙන් පළ කොට ඇති කෝලම් නාටක සාහිත්‍ය ග්‍රන්ථයේ පෙන්වා ඇති අන්දමට එම ග්‍රන්ථ රචනයේ දී පළමු වන සාකච්ඡාව පවත්වා ඇත්තේ ටී. ඩබ්ලිව්. ගුණදාස ගුරුන්නාන්සේ සම`ගය.  ඒ 1965 ජනවාරි මස 22 වන දින දීය.