Jump to content

සාකච්ඡාව:කෝළම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

කලාගුරු ටුක්කා වඩු ගුණදාස

[සංස්කරණය]

සිංහල වෙස්මුහුණු කලාව හෙවත් කෝලම් නැටුම් කලාව ගැන කියැවෙන විට දකුණුලක මුහුදුබඩ ස්ථාන කිහිපයක් ගැන සිහියට නැගුනත් ජාතික සහ අන්තර් ජාතික වශයෙන් එA සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශය බව පෙනීයයි. අම්බලන්ගොඩ කෝලම් නැටුමේ සම්භවය කවදා සිදු වී දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි වුවද දැනට වසර දෙසීයයකට පමණ පෙර එහි බිහිවීම සිදු වූ බව නිගමනය කළ හැකිය. කෙසේ වෙතත් ලක්දිව දක්නට ලැඛෙන වෙස්මුහුණු වසර 200කට වඩා පැරණි නොවන බව මහාචාර්ය එම්. එච්. ගුණතිලක මහතාගේ අදහසයි.1

අම්බලන්ගොඩ ප්‍රදේශයේ තවමත් සාම්ප්‍රදායික කෝලම් නැටුම් ර`ග දක්වන ගුරුකුල දෙකක් පවතී . එනම් මහ අම්බලන්ගොඩ (තුඩුවමුල්ල) ගුරුකුලය සහ නම්බිමුල්ල (හිරේවත්ත) ගුරුකුලය යනුවෙනි. මහ අම්බලන්ගොඩ ගුරුකුලය ටුක්කා වඩු පරපුරේ නායකත්වයෙන් පවත්වාගෙන එනු ලබන අතර නම්බිමුල්ලේ ගුරුකුලය ජුවන් වඩු පරපුරේ නායකත්වයෙන් පවත්වාගෙන එයි. මේ නිසා අම්බලන්ගොඩ කෝලම් නැටුමේ ප්‍රභවය කෙබදුදැයි විචාරාත්මක සංවාදයකට බ`දුන් කරලීම මෙහි අරමුණයි.

අම්බලන්ගොඩ කෝලම් කලාවේ මුල් ස්ථානය මහ අම්බලන්ගොඩ බව ඔප්පු කිරීමට සාක‍ෂි කීපයක් තිබේ. මුල් අවදියේ මහ අම්බලන්ගොඩ මූලික කරගත්2 කෝලම් ගුරු කුලය පසු ව දෙකොටසකට ඛෙදී ගියේ ය.3

මුල් කාලයේ දී කෝලම් මුහුණු නිර්මාණය කරන ලද්දේ අද මෙන් වෙල් ක`දුරු :ීඑරහජයබදි භමං ඪදපසජ්- ලීයෙන් නොව මාදම්පා නදී තෙර ස්වාභාවිකව වැවුණු ජලාශ්‍රිත ශාකයක් වන ගිමිපොල් හෙවත් දින් ගස් :භසච් ත‍රමජඑසජ්බි- අතු වලිනි. මෙම ශාකය පොල් අතු වැනි ප්‍රමාණයෙන් සමාන අතු ඇත්තා වූ ද, එහෙත් තාල වර්ගයේ ගස්වල මෙන් ක`දක් නැත්තා වූ ද ප`දුරක් සේ වැඩෙන්නකි. මුහුණ කැපීමට භාවිතා කරන ලද්දේ මෙම ගිමිපොල් (දින්) අත්තේ ප`දුරට සම්බන්ධ මහත කොටස මිස අත්තේ අග කොටස නොවේ. කෝලම්කරුවන් ඛෙහෙවින් වාසය කොට ඇත්තේද, එම කලාව හැදී වැඩී ඇත්තේ ද, අම්බලන්ගොඩ දකුණු මායිමේ පිහිටි මාදම්පා නදිය අයිනේ ය. එනම් මහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ (තුඩුමුල්ල, පල්ලියතොට වැනි ගම්වල)ය. මීට ප්‍රධාන හේතුව වූයේ මුල් කාලයේ දී මුහුණු කැපීමට උපයෝගී කොටගත් ගිංපොලA (දිං) ශාකය මේ ප්‍රදේශයේ සුලභව පැවතීමයි. අනික් කරුණ නම් පසුකලෙක වෙස්මුහුණු කැපීමට උපයෝගී කොටගත් වෙල් ක`දුරු (Strychnos Nux Vomica) ගස ඉතා සාරවත් ලෙස මහ අම්බලන්ගොඩ මාදම්පා නදී තෙර සුවිශාල ලෙසින් පැතිර තිබීමයි.

මහ අම්බලන්ගොඩ කෝලම් කණ්ඩායමට සුවිශේෂී ස්ථානයක් හිමිවන තවත් කරුණක් තිබේ. එනම් ලංකාවේ ගැමි නැටුම් සම්ප්‍රදායන් පිළිබ`ද පළමු ශාස්ත්‍රීය පර්යේෂණයන් කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා එතුමන් විසින් විරචිත සිංහල ගැමි නාටකය හා එහිම ඉංග්‍රීසි පිටපතක් රචනා කිරීමේ දී කෝලම් නැටුම් සම්ප්‍රදාය පිළිබ`ද විස්තර විමර්ශනයේ දී ආදර්ශය පෙන්වන්නේ මහ අම්බලන්ගොඩ ටුක්කා වඩු ගුණදාස මහතාගේ නැටුම් විලාස සහ කෝලම් නාටක පිටපත් පන්තියේ පෙළ ඇසුරිණි. පහත ස`දහන් වන්නේ මීට අවුරුදු 15කට පමණ පෙර(එනම් 1950) දී පමණ අම්බලන්ගොඩ දී ගුණදාස ගුරුන්නාන්සේගේ කණ්ඩායම විසින් ර`ග දක්වන්නට යෙදුණු කෝලම් නාටකයක විස්තරයකි.5

මුල දී ගිංපොලA (දිං) අතු වලින් නිර්මාණය කළ කෝලම් මුහුණු ආලෝක කීර්ති නැමති කුමාරයෙකුගේ පැමිණීමෙන් පසු වෙල් කදුරු ලීයෙන් නිර්මාණය කළ බව සමහරකුගේ අදහසයි. මෙය ඇදහීමට නොහැකිවා පමණක් නොව හාස්‍ය ද දනවන කතාවකි. ලංකා ඉතිහාසයේ රාජාවලියේ ආලෝක කීර්ති නමින් රජ වූ කෙනෙකු හමු නොවේ. එනිසා මේ කථාව මනෝරාජිකය. අනෙක නම් මේ අදහස නිසා අපේ මූලික වෙස් මුහුණු නිර්මාපකයන්ට සිදුවන නිගාවකි. පැරණි කෝලම්කරුවන්ට ගිංපොල් (දිං) අතු වෙනුවට වෙස්මුහුණු කැපීම ස`දහා වෙල් කදුරු ලීය යෝග්‍ය බව තේරුම් ගියේ ලීයේ සැහැල්ලූ බවත්, ඒවා කල්තබා ගැනීමට හැකි බවත්, කැටයම් කිරීමට පහසු බවත් තේරුම් ගැනීමට ඔවුන් සතුව තිබූ නිර්මාණශීලී විඥානය නිසාය.

කලාගුරු ගුණදාස ගුරුන්නාන්සේගේ සීයා වන ටුක්කා වඩු ඔයිනිස් මහතා එකල ගම්වාසීන් විසින් හ`දුන්වනු ලැබ ඇත්තේ —කෝලම් ඔයිනිස්˜ යන සුහද නාමයෙනි. ඔහු හා එස්. එච්. ඔදිරිස් යන දෙදෙනා එකතු වී දැනට වසර 150ට පෙර පවා වෙස් මුහුණු කපා ඇති බව පෙනී යන කරුණකි. මේ ස`දහා ඛෙන්තර දානි ගුරුන්නාන්සේගේ හා තුන්දූවේ සින්දා ගුරුන්නාන්සේද දායක වී ඇත. —ගුණදාස සහ දැනට වයෝවෘද්ධව සිටින ජේ.ඩබ්ලිව්. ආරියපාල බාස් උන්නැහේ මොවුන්ගේ ගෝලයන් බව මම දැනගතිමි˜6 යනුවෙන් එවකට කැලණි විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යානාංශපති ව සිටි මහාචාර්ය එච්. එම් ගුණතිලක පවසයි. තවදුරටත් අදහස් දක්වන මෙතුමා කෝලම් නාටක සාහිත්‍ය නැමති කෘතියේ මෙසේ ස`දහන් කරයි. — අම්බලන්ගොඩ හිරේවත්තෙA ජේ.ඩබ්ලිව්. ආරියපාල ගුරුන්නාන්සේ ඔහුගේ මුත්තණුවන් වූ ජුවන් වඩු ඔන්දිරිස් ද සිල්වා විජේසූරිය වඩු ආරච්චි මහත්තයාගෙන්ද7 කෝලම් නැටුම් හා මුහුණු කැපීම උගත් අතර....˜8 — මේ අය අතරින් ද කලා ෙක‍ෂ්ත්‍රයට කැපී පෙනෙන ආරම්භකයා වන්නේ ජුවන් වඩු ඔන්දිරිස් ද සිල්වා විජේසුරිය වඩු ආරච්චි පදවියෙන් සම්මාන ලද කලාකරුවාය.9 මේ ප්‍රකාශ අනුව පෙනීයන්නේ හිරේවත්තේ කෝලම් පරපුරේ ආරම්භකයා ජුවන් වඩු ඔන්දිරිස් ද සිල්වා බවයි. ඔහු ජීවත් වී ඇත්තේ ක්‍රි.ව 1860 - 1929 යන කාලයේ දී ය.

නමුත් මහ අම්බලන්ගොඩ කෝලම් පරපුරේ දෙවන ආචාර්යවරයා වන ටුක්කා වඩු පෑලිස් ගුරුන්නාන්සේ උපත ලබා ඇත්තේ ක්‍රි.ව 1856 දීය. වසර 99ක් ආයු වළ`දා එතුමා අභාවප්‍රාප්ත වූයේ 1955 දීය. පෑලිස් ගුරුන්නාන්සේගේ පියා වන ටුක්කා වඩු ඔන්දිරිස් ගුරුන්නාන්සේගේ ජීවන කාලය ඊටත් ඇතට දිවයයි. එනම් ක්‍රි.ව 1800 මුල් දශක දක්වා විනැයි සැපකීම ප්‍රඥාගෝචරය. මේ අනුව නිගමනය කළ හැක්කේ අම්බලන්ගොඩ කෝලම් නැටුම් ඉතිහාසයේ මූලය මහ අම්බලන්ගොඩ ප්‍රදේශය බවයි.

1829 දී ජෝන් කැලවේ පියතුමා විසින් රචිත —යකුන් නටනවා සහ කෝලම් නටනවා˜10 යනුවෙන් ඉංග්‍රීසියට පෙරළා රචිත කෘතිය කෝලම් නාටකයේ මුල් ස්වරූපය වටහා ගැනීමට ඇති විශ්වාස කටයුතු සාක‍ෂියකි. මෙම ග්‍රන්ථයේ කෝලම් පිටපතට අනුව මුලින්ම ඇතුලත් කර ඇති ප්‍රාරම්භ ශ්ලෝක කවි කලාගුරු ගුණදාස ගුරුන්නාන්සේගේ අත්පිටපතේ එලෙසම ස`දහන් වී තිබේ. එපමණක් නොව කැලවේ ගේ ග්‍රන්ථයේ මෙන් කලාගුරු ගුණදාස ගුරුන්නාන්සේගේ අත්පිටපතේ ද අණඛෙරකරු පැමිණෙන්නේ හේවා කෝලමට පසුවයි.11 ජෝන් කැලවේ පියතුමා 19 වන සියවස මුල්භාගයේ ගාල්ල, මාතර යන ප්‍රදේශවල ආගමික කටයුතුවල යෙදුණු වෙස්ලියානු මීසමේ පූජකයෙකි.

මේ සාම්‍යයෙන් පවා පෙනෙන්නේ 1829 වන විට දී වුව ද මහ අම්බලන්ගොඩ කෝලම් කණ්ඩායම ස්ථාපිතව තිබූ බවයි.

මහ අම්බලන්ගොඩ කෝලම් කණ්ඩායම ප්‍රදේශයේ වඩාත් පැරණිම එක විය යුතුයයි හැගෙනුයේ තවත් කරුණක් නිසාය. එනම් ලංකාවේ කෝලම් නාටක සාහිත්‍යZ පිළබ`දවද

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:කෝළම්&oldid=424944" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි