කොහා

විකිපීඩියා වෙතින්
කොහා
Female (nominate race)
Male (nominate race)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Cuculiformes
කුලය: Cuculidae
ගණය: 'Eudynamys'
විශේෂය: E. scolopaceus
ද්වීපද නාමය
Eudynamys scolopaceus
(Linnaeus, 1758)
The distribution of Asian Koel in black[2]
පර්යාය නාම(ය)

Cuculus scolopaceus
Eudynamis honorata
Eudynamys scolopacea

ගොනුව:කොහා
කොහා
Eudynamys scolopaceus + Corvus splendens

කෝකිල කුලයට අයත් වන කොහා පරපුටු පක්ෂියෙකු ලෙස සලකනු ලබයි. එනම් අන් පක්ෂීන්ගේ කූඩු වල බිත්තර දමයි. නමුත් ඔවුන්ගේ විශේෂ 3 ක් පමණ කුඩුව තමන්ම සාදාගෙන බිත්තර දමයි. විද්‍යාත්මකව කොහා Cuculidae කුලයට අයත් වේ. කෝකිල කුලයට අයත් පක්ෂීන් නම්, ගුරු කොහා, කවුඩු කොහා, උකුසු කොහා, පතන මල් කොහා, වයිර ගුරු කොහා, නිල්මල් කොහා, පුංචි කොහා, ගෝමර කොහා, ශ්‍රී ලංකා වන රතු කොහා, ලෙසයි. කොහාගේ නාදය නිතර ඇසෙන්නේ අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වාය. ඒ කාලය තුල කොහා බිත්තර දමන බැවිනි. කොහා බිත්තර දැමීමට ප්‍රදාන වශයෙන් කපුටු කූඩු යොදා ගනියි. අළු පාටට හිරු කොවුල් බිත්තර ප්‍රමානයෙන් මි:මි: 31×23 පමණ වේ. ලාකොළ පැහැති හොටක් ඇති ශ්‍රී ලංකා වත රතු මල් කොහාගේ මුහුණ රතු පාට වේ. ශරීරයේ උඩු පැත්ත කළුවන් කොළ පැහැති වන අතර උදරය ප්‍රදේශය සුදු පාට වේ. රතු මල් කොහා ලංකාවට අවේනික පක්ෂියෙකි. ප්‍රමාණයෙන් 23 cm පමණ වන කවුඩු කොහාගේ වලිගය කවුඩකුගේ මෙන් දෙකට බෙදී ඇත.

වලිගයේ සුදුපාට වයිරම් සහිත බවක් දක්නට ලැබෙන බැවින් කවුඩාගෙන් කොහා වෙන් කර හඳුනාගත හැක. කවුඩු කොහාගේ ශරීරය සම්පුර්ණයෙන්ම කලුපාට වන අතර සුදුපාට තිත් දක්නට ලැබේ.

ගෝමර කොන්ඩ කොහා ලෙස හඳුන්වන හොවුල් විශේෂය ප්‍රමාණයෙන් 35cm පමණ වන අතර උදරය ප්‍රදේශය සුදු පාට වන අතර පසුපස ප්‍රදේශය කලුපාට වේ. මොවුන්ගේ වලිග කොටස් සුදු පාට වන අතර කහකුරුල්ලන්ගේ කුඩු වල බිත්තර දමයි. ඉන්දියන් කොහා තද කළු පාටට හුරු අළු පැහැයක් ගන්නා අතර දුඹුරු පැහැයක්ද මිශ්‍රව පවතී. මොවුන්ද බිත්තර දමන්නේ පෙබරවාරි සිට ජුනි මාසය දක්වාය. කැලෑ වල තුරු මුදුන් වල ඉහලම ප්‍රදේශයේ වාසය කරන ඔවුන් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ පහතරට වියලි කලාපයේදීය.

තවද පහතරට වියලි කලාපයේ වැඩිපුර දක්නට ලැබෙන කොහා විශේෂයක් ලෙස නිල් මල් කොහා හඳුන්වයි. ගසක රිකිල්ලක සාදා ගන්නා කූඩුවක 31×25 mm ප්‍රමාණයේ බිත්තර 2 ක් දමන මෙම පක්ෂියා සුවපහසු කැදැල්ලක් නිර්මාණය කරන කුරුල්ලෙකි.

කැලය තුල නිහඬ බව බිඳහෙලන උකුසු කොහා සෙමෙන් පටන්ගන්න හඬ ක්‍රමයෙන් වැඩි කර ටික වෙලාවකින් එකවර නිහඬ වෙයි.මොවුන් දෙමලිච්ච්න්ගේ කුඩු වල බිත්තර දමයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. BirdLife International (2012). "Eudynamys scolopaceus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2012.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. සම්ප්‍රවේශය 16 July 2012. {{cite web}}: Invalid |ref=harv (help)
  2. Johnsgard, PA (1997). The avian brood parasites: deception at the nest. Oxford University Press. p. 259. ISBN 0-19-511042-0.
"https://si.wikipedia.org/w/index.php?title=කොහා&oldid=488054" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි