කොළබද
Appearance
වාද්දුව ප්‍රදේශයේ පොතුපිටිය ග්‍රාමයේ පිහිටි කුඩා ප්රදේශයකි. කොලාබද්ද යන නාමය බිඳී නම් පට බැඳුන ඉපැරණි පුරවරයකි.
ලංදේසි යුගයේදී හලාගම කුලයේ හින්න උපකුලයේ රදා උපවර්ගයට අයත් වූවන් බහුලව වාසය කළ ප්රදේශයකි. සලාගම කුලයේ හේවාකාර උපවර්ගයට අයත් පිරිසකගේ ඉඩම් වල පදිංචි හින්න සේව්‍ය පක්ශය තමා පදිංචි වීම වෙනුවෙන් හේවාකාරයන්ට බදුගෙවීම නියමයයි. බොහෝ විට රදා උප වර්ගය තම බදු ගෙවීම සිදුකළේ රෙදි ඇපිල්ලීමෙනි. එසේම රදා උපවර්ගයේ පිරිමි පාර්ශවය පලා වගාකරමින් විශේෂ පංගුවක් හේවාකාරයන්ට ලබා දුන්නේය. පලා සඳහා එකල ව්‍යවහාර වූවේ කොළ යන පදයයි. කොළවලින් සිදුකරන බදුගෙවීම කොළාබද්ද වී පසුව කොළබද වූ බව ජනප්රවාදයේ සඳහන් වේ.