කොරියෝලිස් ආචරණය

විකිපීඩියා වෙතින්

භෞතික විද්‍යාවෙහි, කොරියෝලිස් ආචරණය යනුවෙන් හැඳින්වෙන්නේ භ්‍රමණය වන සමුද්දේශ රාමුවක් මත සිට නරඹන කල්හී සචල වස්තූන්හී දක්නට ලැබෙන උත්ක්‍රමයකි. දක්ෂිණාවර්තව භ්‍රමණය වන සමුද්දේශ රාමුවකදී, උත්ක්‍රමය වස්තුවෙහි චලිතයෙහි සිය වම් පසට වෙයි; වාමාවර්ත භ්‍රමණය සහිත එකකදී , උත්ක්‍රමය දකුණු පසට වෙයි. කොරියෝලිස් බලය සඳහා ගණිතමය ප්‍රකාශනය එළිදැක්වුනේ ජල රෝද සිද්ධාන්තය සබැඳි ප්‍රංශ විද්‍යාඥ ගස්පාඩ්-ගුස්ටාෆ් කොරියෝලිස් ගේ 1835 විද්‍යාත්මක ලියැවිල්ලක සහ, පියරේ-සිමොන් ලප්ලාස් ගේ 1778 උදම් සමීකරණයන්හීදිය. 20වන සියවසෙහි මුල් භාගයෙහිදී, කොරියෝලිස් බලය යන පදය කාලගුණ විද්‍යාව හා සම්බන්ධව භාවිතය ඇරඹිණි.[උපහරණ ඇවැසිය]


"https://si.wikipedia.org/w/index.php?title=කොරියෝලිස්_ආචරණය&oldid=168135" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි