කොම්ප්ටන් මිලර් පදක්කම

විකිපීඩියා වෙතින්
කොම්ප්ටන්–මිලර් පදක්කම
තරගාවලියඅළු බඳුන තරගාවලිය
ප්‍රදානය කෙරුණේඅළු බඳුන තරගාවලියෙහි තරගාවලියෙහි වීරයා
රට ඕස්ට්‍රේලියාව
 එංගලන්තය
පිරිනමනු ලබන්නේක්‍රිකට් ඕස්ට්‍රේලියා
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය
ඉතිහාසය
පළමු ප්‍රදානය2005
සංස්කරණ9
පළමු ජයග්‍රාහකයාඑංගලන්තය ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්
වඩාත් දිනාගැනීම්ඕස්ට්‍රේලියාව ස්ටීව් ස්මිත් (2)
වඩාත් මෑතඑංගලන්තය ක්‍රිස් වෝක්ස් (2023)

කොම්ප්ටන්–මිලර් පදක්කම යනු, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක් එක් අළු බඳුන ක්‍රිකට් තරගාවලියක් තුල තරගාවලියේ වීරයා වෙනුවෙන් පිරිනැමෙන ප්‍රදානයකි.[1][2]

මෙම ප්‍රදානයෙහි සමාරම්භය 2005 වසරෙහි සිදුවූ අතර, එංගලන්තයෙහි පිතිකරු ඩෙනිස් කොම්ප්ටන් සහ ඕස්ට්‍රේලියාවෙහි සියළු-ඉරියව් ක්‍රීඩක කීත් මිලර් අනුව නම් කෙරිණි. එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයෙහි (ECB) ප්‍රධාන විධායක ඩේවිඩ් කෝලියර් පවසන පරිදී, "ඩෙනිස් කොම්ප්ටන් පැවතුනේ අපර-යුද්ධ පස්වරු දර්ශන මූර්තියක් ලෙසිනි – ජීවිතයට ආදරය කරමින් සහ ජීවත්වීම වෙනුවෙන් අත්‍යන්තයටම ආදරය දක්වමින් සිටියෙකි. කීත් මිලර්ද මෙවැනිම ආකල්පයක් දැරූ අතර ඔවුන් දෙදෙනා මහත් විරූද්ධවාදීන් වූවා සේම මහත් මිතුරන්ද වූහ."

නව පදක්කම ප්‍රකාශයට පත් කෙරුණේ 2005 අළු බඳුන තරගාවලියෙහි පළමු ටෙස්ට් තරගය ඇරඹීමට මෙහොතකට පෙර වන අතර, ප්‍රදානය තුලින් බුහුමනට ලක්වූ ක්‍රීඩකයන් දෙදෙන නියෝජනය කරමින් මිලර්ගේ වැන්දඹුව මාරි චැල්මන් සහ කොම්ප්ටන්ගේ පුත් රිචඩ් සහභාගී වූහ. තරගාවලියෙහි නායකයන් දෙදෙනවූ, මයිකල් වෝන් සහ රිකී පොන්ටිං යන දෙදෙනද සහභාගි වූහ.

පදක්කම්ලාභීහූ[සංස්කරණය]

තරගාවලිය ක්‍රීඩකයා සටහන්
2005 එංගලන්තය ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් එංගලන්තය සඳහා සියළු-ඉරියව් ක්‍රීඩකයා (40.20 සාමාන්‍යයක් සහිතව සහ එක් ශතකයක් සහිතව ලකුණු 402 ලබා ගත් අතර, එක් කඩුළු 5ක් දවා ගැනීමක් ඇතුළුව, 27.29 සාමාන්‍යයක් සහිතව කඩුළු 24 දවා ගති ; තරගයෙහි වීරයා සම්මාන දෙකක් පිරිනැමිණි).[3]
2006–07 ඕස්ට්‍රේලියාව රිකී පොන්ටිං ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මුල් පෙළ පිතිකරු සහ නායකයා (ශතක දෙකක් සහිතව සහ සාමාන්‍යය 82.28 සහිතව ලකුණු 576 රැස් කල අතර තරගයේ වීරයා සම්මාන දෙකක් පිරිනැමිණි).[3]
2009 එංගලන්තය ඇන්ඩෘ ස්ට්‍රාවුස් එංගලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරුවා සහ නායකයා (එක් ශතකයක් සහිතව සහ සාමාන්‍යය 52.66 සහිතව ලකුණු 474 රැස් කළේය).[4]
2010–11 එංගලන්තය ආල්ස්ටර් කුක් එංගලන්තය සඳහා ආරම්භක පිතිකරුවා (ශතක දෙකක් හා එක් ද්විත්ව ශතකයක් සහිතව සහ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 127.66 සහිතව ලකුණු 766 රැස් කල අතර තරගයේ වීරයා සම්මානය දෙවරක් ලැබීය).[5]
2013 එංගලන්තය ඉයන් බෙල් එංගලන්තය සඳහා මැද පෙළ පිතිකරුවා (ශතක තුනක් හා ලකුණු රැස් කිරීමෙහි සාමාන්‍යය 62.44 සහිතව ලකුණු 562 රැස් කළේය).[6]
2013–14 ඕස්ට්‍රේලියාව මිචෙල් ජොන්සන් ඕස්ට්‍රේලියාව සඳහා පන්දු යවන්නා (පන්දු යැවීමෙහි සාමාන්‍යය 13.97 සහිතව කඩුළු 37 ලබමින් තරගයේ වීරයා සම්මානය තෙවරක් ලැබීය).[7][8]
2015 එංගලන්තය ජෝ රූට් එංගලන්තය සඳහා මැද පෙළ පිතිකරු (ශතක දෙකක් සහිතව සහ සාමාන්‍යය 57.50 සහිතව ලකුණු 460 රැස් කළ අතර තරගයේ වීරයා සම්මානය එක් වරක් පිරිනැමිණි).[9]
2017–18 ඕස්ට්‍රේලියාව ස්ටීව් ස්මිත් ඕස්ට්‍රේලියාව සඳහා මුල් පෙළ පිතිකරු සහ නායකයා (ශතක දෙකක් හා එක් ද්විත්ව ශතකයක් රැස් කරමින් සාමාන්‍යය 137.40 සහිතව ලකුණු 687 රැස් කළ අතර, තරගයෙහි වීරයා සම්මානය දෙවරක් ලැබීය).[10]
2019 ඕස්ට්‍රේලියාව ස්ටීව් ස්මිත් ඕස්ට්‍රේලියාව සඳහා මුල් පෙළ පිතිකරු (ශතක දෙකක් හා එක් ද්විත්ව ශතකයක් රැස් කරමින් සාමාන්‍යය 110.57 සහිතව ලකුණු 774 රැස් කළ අතර, තරගයෙහි වීරයා සම්මානය දෙවරක් පිරිනැමිණි).[11] සම්මානය දෙවරක් ලැබූ එකම ක්‍රීඩකයා වෙයි.
2021–22 ඕස්ට්‍රේලියාව ට්‍රැවිස් හෙඩ් ඕස්ට්‍රේලියාව සඳහා මැද පෙළ පිතිකරු (ශතක දෙකක් හා සාමාන්‍යය 59.50 සහිතව ලකුණු 357 රැස් කළ අතර තරගයේ වීරයා සම්මාන දෙකක් ලැබීය).[12]
2023 එංගලන්තය ක්‍රිස් වෝක්ස් එංගලන්තය සඳහා සියළු ඉරියව් ක්‍රීඩකයා (19.75 සාමන්‍යයක් සහිතව ලකුණු 79 ලබා ගත් අතර එක් කඩුළු පහක් දවා ගැනීමක් සහ 18.14 සාමාන්‍යයක් සහිතව කඩුළු 19 ලබාගති; තරගයෙහි වීරයා සම්මානය එක් වරක් දිනා ගති.)[13]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "නිව් අවෝඩ් ෆො ඈෂස් ප්ලේයර් ඔෆ් ද සීරීස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2019.
  2. "ඈෂස් බෙස්ට් ප්ලේයර් ටු රිසීව් කොම්ප්ටන්-මිලර් මෙඩල්". ඒබීසී නිවුස් (ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි බසින්). 21 ජූලි 2005. සම්ප්‍රවේශය 12 අප්‍රේල් 2020.
  3. 3.0 3.1 "කොම්ප්ටන් මිලර් මෙඩල් අප් ෆො ග්රැබ්ස් අගේන් ඉන් 2009". යොර්ක්ෂයර් සීසීසී. 27 සැප්තැම්බර් 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-08-30.
  4. "දි ඈෂර්ස්: හවු දි ඉංග්ලන්ඩ් ප්ලේයර්ස් ෆෙයාර්ඩ්". ද ඩේලි ටෙලිග්‍රාෆ්. සම්ප්‍රවේශය 2013-08-30.
  5. "දි ඈෂර්ස්: ප්‍රසන්ටේෂන් සෙරමිනි ඩිසෙන්ඩ්ස් ඉන්ටු ෆාර්ස් ඈස් ඕර්ගනයිසර්ස් ෆොගෙට් ආල්ස්ටර් කුක්ස් මෙඩ්ල්". ද ඩේලි ටෙලිග්‍රාෆ්. සම්ප්‍රවේශය 2013-08-30.
  6. විල්සන්, ඇන්ඩි (25 අගෝස්තු 2013). "ඉංග්ලන්ඩ්ස් ඇන්ඩි ෆ්ලවර් ඩිෆෙන්ඩ්ස් හිස් කැප්ටන් බට් කීප්ස් මම් ඔන් ඕන් ෆියුචර්". ද ගාඩියන්. https://www.theguardian.com/sport/2013/aug/25/england-andy-flower-future. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2013-08-30. 
  7. "ඕස්ට්‍රේලියා ක්‍රෂ් ඉංග්ලන්ඩ් ටු සීල් 5–0 ඈෂර්ස් ස්වීප්". රොයිටර්ස් (ඉංග්‍රීසි බසින්). 5 ජනවාරි 2014. සම්ප්‍රවේශය 12 අප්‍රේල් 2020.
  8. "ජොන්සන් අමං ද ෆාස්ට් බෝලිං ග්‍රේට්ස්, සේස් ස්කිපර් ක්ලාක් – ඉන්ඩියන් එක්ස්ප්‍රස්". archive.indianexpress.com. සම්ප්‍රවේශය 12 අප්‍රේල් 2020.
  9. අගෝස්තු 2015, ජෝන් පෙනිංටන් තර්ස්ඩේ 27. "ජෝ රූට්, කොම්ප්ටන්-මිලර් මෙඩ්ල් විනර්". ක්‍රිකට් වර්ල්ඩ්. සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2019.{{cite web}}: CS1 maint: numeric names: authors list (link)
  10. "ස්මිත් වින්ස් කොම්ප්ටන්-මිලර් මෙඩ්ල්". cricket.com.au (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2019.
  11. "ඕස්ට්‍රේලියා ලිෆ්ට් ඈෂර්ස් ආෆ්ටර් ඩ්‍රෝන් සීරීස්". cricket.com.au (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2019.
  12. "හෙඩ්ස් ගෝල්ඩන් සමර් කැප්ඩ් විත් ඩුවල් හෝබාට් ගොංග්ස්". cricket.com.au (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 16 ජනවාරි 2022.
  13. වොල්ෂ්, ඩෑන් (31 ජූලි 2023). "ඈෂස් 2023 ඈස් ඉට් හැපන්ඩ්: ෆයිව් විකට්ස් ඉන් 30 මිනිට්ස් සෙකියූස් ත්‍රීලිං ඉංග්ලන්ඩ් වින්". දි ඒජ් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 31 ජූලි 2023.

බාහිර සබැඳි[සංස්කරණය]