කොන්-ටිකි

විකිපීඩියා වෙතින්

කොන්-ටිකි යනු නෝර්වේජියානු ගවේෂකයෙකු සහ ලේඛකයෙකු වන තෝර් හෙයඩාල් විසින්, ශාන්තිකර සාගරය හරහා, දකුණු ඇමරිකාවේ සිට පොලිනීසියානු දිවයින් වෙත දිවුණු, ඔහුගේ 1947 ගවේෂණයේදී භාවිතා කල පහුර වෙයි. ඉන්කා හිරු දෙවි, විරාකෝචා අනුව යමින් මෙය නම් කර තිබූ අතර, "කොන්-ටිකි" යනු එම දෙවියාට භාවිතා කල පැරණි නමක් බව කියති. හෙයඩාල්ගේ වික්‍රමාන්විතයන් වාර්තාකෙරුණු ඔහු විසින් රචිත ග්‍රන්ථය සහ සම්මාන-ලාභී වාර්තා චිත්‍රපටයකොන්-ටිකි යන නම දරයි.

සමාලෝචනය[සංස්කරණය]

ප්‍රාග්-කොලොම්බසියානු කාලයන්හිදී දකුණු ඇමරිකාවේ ජනයා පොලිනීසියාව වෙක ගොස් ජනාවාස ඇති කල බව හෙයඩාල් ගේ විශ්වාසය විය. කොන්-ටිකි වෙත නැග හෙයඩාල් විසින් සිදු කල මෙම දේශාටනයෙහි අරමුණ වූයේ, එසේ සිදුකිරීම වැලැක්වීමට එම ජනයා හට කිසිදු තාක්ෂණික බාධාවන් නොතිබූ බව, එම මිනිසුන් හට එකල සපයා ගත හැකිවූ ද්‍රව්‍යයන් සහ ඔවුන් වෙත එකල තිබූ තාක්ෂණයන් පමණක් භාවිතා කරමින් පෙන්වා දීම විය. (ගුවන් විදුලි යන්ත්‍රයක්, ඔරලෝසු, සිතියම්, සෙක්ස්තන්තුවක්, හා ලෝහ පිහියා යන නවීන උපකරණ කිහිපයක් මෙම දේශාටනයෙහිදී රැගෙන ගිය නමුත්, මෙම ගමන සිදුකිරීමට පහුර ප්‍රමාණවත් බව ඔප්පු කිරීමට මේවා අමතර ලෙසින් පමණක් භාවිත වූ බව හෙයඩාල් ගේ තර්කය විය.)

කොන්-ටිකි ගවේෂණය සඳහා අරමුදල් සැපයුණේ, පුද්ගලික ණය වලට අමතරව, එක්සත් ජනපද යුද්ධ හමුදාව විසින් ප්‍රදානය කෙරුණු උපකරණ වෙතිනි. හෙයඩාල් සහ කුඩා කණ්ඩායමක් පෙරු රාජ්‍යය වෙත ගිය අතර, එහිදී, පෙරුවියානු බලධාරීන් විසින් සැපයුණු තටාකාංගන පහසුකම් උපයෝගී කොට ගෙන, ස්පාඤ්ඤ ආක්‍රමණික‍යන් විසින් වාර්තා කර තිබූ රූපසටහන් ආදර්ශනය කොට ගත් දේශීය ශෛලීයකට, බැල්සා ලී කඳන් හා අනෙකුත් දේශීය ද්‍රව්‍යයන් භා‍විතයෙන් පහුර තැනූහ. 1947 අප්‍රේල් 28 වන දිනදී සංචාරය ඇරඹුනි. 1947 අගෝස්තු 7 වන දිනදී, ටුවාමොටු දිවයින් හි රාරොයියා අසබඩ ගල්පරයක් වෙත එය හැපීයන තෙක්, හෙයඩාල් සහ සහචරයන් පස්දෙනා පහුර භාවිතයෙන් දින 101 පුරා සැතපුම් 4,300 කට වැඩි දුරක් ශාන්තිකර සාගරය හරහා ‍යාත්‍රා කලහ. නාවික පිරිස සාර්ථක ලෙස ගොඩබිමට සේන්දු වූ අතර සියළු දෙන නිරුපද්‍රිතව යලි පැමිණියහ.

"https://si.wikipedia.org/w/index.php?title=කොන්-ටිකි&oldid=424830" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි