කොන්සලේෂන් ඔෆ් ෆිලෝසෆි

විකිපීඩියා වෙතින්
පෙර මුද්‍රිත ග්‍රන්ථයෙහි අතින් අඳින ලද 15 වන ශතවර්ෂයට අයත් කාන්තා දර්ශනවාදය හා දෛනික ජීවිතයේ චිත්‍රයන් බහුලව පවතී. Ghent (1485)

කොන්සලේෂන් ඔෆ් ෆිලෝසෆි (ලතින්: Consolatio Philosophiae) යනු බෝතියස් විසින් වසර 524දී පමණ ලියන ලද දර්ශන විද්‍යාත්මක කෘතියකි. මධ්‍යතන සහ මුල් පුනරුද ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ අපරදිගෙහි පළවුනු අතිශයින් වැදගත් සහ ආභාෂයාත්මක කෘතිය සහ සම්භාව්‍ය යැයි නම් කළ හැකි අවසන් මහා අපරදිග කෘතිය ලෙසින් එය විස්තර කර ඇත .[1][2]

දර්ශන විද්‍යාවේ සැනසිල්ල[සංස්කරණය]

ප්ලැටෝ හෝ ටුලී හි විවේකයේ මහඟු ප්‍රමාණය අයෝග්‍ය නොවේ.-- එඩ්වඩ් ගිබන්[3]

දර්ශන විද්‍යාවේ සැනසිල්ල ලියන ලද්දේ නඩු විභාගය වන තෙක් සිරගතව සිටි වසරක කාලයක් තුළ දීය. අවසානයේ භයංකර නඩු තීන්දුවක් ඔස්ට්‍රොගොතික් රජු වූ තියොඩරික් ද ග්‍රේට් විසින් ඔහුට දෙන ලදී. බෝතියස්, රෝමයෙහි බලයෙන් ඉතා ඉහළින් සිටි අතර රාජද්‍රෝහී වීමෙන් බලයෙන් පහළට ඇද වැටුණි. සතුටේ හා දෙවියන්ගේ ස්වභාවය සැලකිල්ලට ගනිමින්, දෙවියන් පාලනය කරන ලෝකයෙහි අකුසලයන් පවතින ආකාරය (දේව යුක්තිවාදයේ ගැටළුව ) සහ අස්ථිර වූ වාසනාවක් අතරෙහි පවා සතුට ලබාගත හැකි ආකාරය ආනුභවික එම අත්දැකීම් ඇතුළත් ග්‍රන්ථයෙහි ඇතුළත් වේ.

දෙවියන් බොහෝ විට සම්බන්ධ කොට තිබුණත් මෙය දැඩි ලෙස ආගමට නැඹුරු වූ ග්‍රන්ථයක් නොවේ. ජේසුස් වහන්සේට හෝ ක්‍රිස්තියානි ධර්මයට හෝ වෙනත් ආගමකට හෝ සම්බන්ධ නොකළත් එම සම්බන්ධය ඇතැයි බොහෝ විට උපකල්පනය කරයි. දෙවියන්, අමරණීය හා සියල්ල දන්නා කෙනෙකු ලෙස පමණක් නොව සෑම යහපතකම උල්පත ලෙස පෙනී සිටී.

බෝතියස් විසින් ග්‍රන්ථය ලියන ලද්දේ, ඔහු සහ කාන්තා දර්ශන වාදය අතර සංවාදයක් ලෙසයි. ඇය කීර්තියේ හා සමෘධියේ අස්ථිර ස්වභාවය පිළිබඳ බෝතියස් සමඟ සාකච්ඡා කරමින් ඔහුව සනසන ලදී. ("වාසනාව විසින් යමෙකු අත්හරින තෙක් ඔහු කිසිදිනෙක සැබෑ ලෙස ආරක්ෂිත නොවේ."), මනසෙහි පරම ශ්‍රේෂ්ඨත්වය "එකම සැබෑ යහපත" යැයි ඇය විසින් හඳුන්වයි.සතුට පැමිණෙන්නේ එමඟින් බවත් යමෙකුට සැබෑ ලෙස ඇත්තේ ඔහුගේ දැහැමි බව පමණක් බවත් ඇය තරයේ කියා සිටින්නේ වාසනාවේ අස්ථිර බවෙන් එය විනාශ නොවන නිසාවෙනි.

බෝතියස්, දෛවයේ ස්වභාවය හා නිදහස් කැමැත්ත, අයහපත් මිනිසුන්ට යහපත සිදුවීමට හේතුව සහ යහපත් මිනිසුන් විනාශයට පත්වීමට හේතුව , මනුෂ්‍ය ස්වභාවය, දැහැමි බව සහ යුක්තිය වැනි දෑ පිළිබඳ ප්‍රශ්න කිරීම් සිදු කරනලදී.දෙවියන් සියල්ල දන්නේ දැයි හෝ සියල්ල පෙනෙන්නේ දැයි හෝ මිනිසාට නිදහස් කැමැත්ත තිබේදැයි ඔහු විමසන විට, ඔහු නිදහස් කැමැත්තේ ස්වභාවය, නියති වාදයට එදිරිව කතා කරන ලදී. උපුටා දැක්වීමක් ලෙස බෝතියස් හි වී.ඊ. වොට්ස්, දෙවියන් අශ්ව කරත්ත තරඟයක් නරඹන ප්‍රේක්ෂකයෙක් වැනි යැයි කියා තිබේ. ඔහු රියදුරු සිදුකරන ක්‍රියාව බලා සිටී. නමුත් එය ඔවුන්ට බලපෑමක් සිදු නොවේ. බෝතියස් පවසන ආකාරයට මිනිසා ස්වභාවයෙන්ම යහපත් වන අතර පාපකර්මයක් සිදුකළවිට සතුන්ගේ තත්වයට පත්වේ. යුක්තිය මත, ඔහු කියන ආකාරයට අපරාධ වැරදි ලෙස යෙදවිය යුතු නොවේ. කරුණාවෙන් හා ගෞරවයෙන් සැළකිය යුත්තකි.පැමිණිල්ල මෙහෙය වන්නා සහ අපරාධකරු අතර පැවතිය යුත්තේ වෛද්‍යවරයා සහ රෝගියා අතර පවතින සම්බන්ධතාවයට ප්‍රතිසම වන සබැඳියාවකි.

මෙම ග්‍රන්ථයෙහි, බෝතියස් ආගමික ප්‍රශ්න සඳහා ක්‍රිස්තියානි ධර්මයට සම්බන්ධ නොවී දර්ශන වාදය හා සම්භාව්‍ය ග්‍රීක සම්ප්‍රදාය මත පමණක් පිහිටා පිළිතුරු සපයන ලදී.භක්තිය හා හේතුව අතර සමඟියක් ඇති බව ඔහු විශ්වාස කළේය. ක්‍රිස්තියානි ධර්මයෙන් සොයාගත් සත්‍යයන් සහ දර්ශන වාදයෙන් සොයාගත් සත්‍යයන් අතර වෙනසක් නොමැත. හෙන්රි චැඩ්වික් පවසා ඇත්තේ, " ක්‍රිස්තියානි ධර්මයට විශේෂ වූ යමක් සැනසිල්ලෙහි අන්තර්ගත වී නැත්නම් එහි අන්තර්ගතයක් ද නොමැති අතර විශේෂයෙන් මිත්‍යාදෘෂ්ටිකයා ප්ලතෝනිකවාදියෙක් වුවත් ඔහු ක්‍රිස්තියානිකයෙකි. නමුත් එය ක්‍රිස්තියානික ක්‍රියාවක් නොවේ.


බලපෑම[සංස්කරණය]

මධ්‍ය කාලීන යුගයෙහි රසයක් අත්කර ගැනීමට සොබාදහමට සම්පූර්ණයෙන්ම වාගේ අනුගත වියයුතුය. -- සී.එස්. ලෙවිස්[4]

කැරොලින්ගියන් යුගයේ සිට මධ්‍ය යුගයේ හා ඉන් එපිට අවසානය දක්වා, යුරෝපයෙහි සමෘද්ධිමත් සාහිත්‍යයෙහි ඉතා පුළුල් ලෙස අනුගමනය කරන ලද කාර්යය විය. රාජතාන්ත්‍රිකයන්, කවියන්, ඉතිහාසඥයන් මෙන්ම දාර්ශනිකයන් සහ දේවධර්මධරයන් විසින් කියවන ලද ඉතාමත් ප්‍රසිද්ධ සහ බලගතු දාර්ශනික ක්‍රියාවක් විය. බෝතියස් විසින් අපරදිග මධ්‍යකාලීන ලෝකයට සම්භාව්‍ය යුගයෙහි සිතිවිලි ඇතිකර දෙන ලදී. බෝතියස්, "අවසාන රෝමානුවා සහ පළමු ශාස්ත්‍රඥයා ලෙස බොහෝ විට සැලකේ.

1385 දී "කොන්සලේෂන්" හි ඉතාලියානු අත්පිටපත: බෝතියස් සිරගෙය තුළ ඉගැන්වීමෙහි කුඩා චිත්‍රය.

මධ්‍ය යුගයේ ආගමික භක්තිය, ග්‍රන්ථයෙහි දාර්ශනික පණිවුඩය සමඟ මනාව ගැලපේ. මුදල්, බලය වැනි ලෝකයෙහි භාණ්ඩ සෙවීමෙන් වැළකී අභ්‍යන්තරික දැහැමි බව සෙවීමට පාඨකයන් පොළඹවන ලදී. යහපත වෙනස් කිරීමට උදව් කිරීමේ ආදර්ශයක් සැපයීමට අරමුණක් අකුසලයට තිබුණි. අකුසලයෙන් පෙළෙන අතරතුරේ, දැහැමි ලෙස පෙනෙන්නට වුණි. ප්‍රේමයෙන් මුළු විශ්වයම පවතින්නට දෙවියන් නියම කොට ඇත. දෙවියන් යදින්නා සහ ප්‍රේමයෙහි යෙදීම සැබෑ සතුටට මඟ පෙන්වන්නෙකි. ද කොන්සලේෂන්ස් ඔෆ් ෆිලෝසෆි හි අර්ථය, එහි දෛව වාදයේ කරුණු හා එහි නිහතමානී ක්‍රිස්තියානි ධර්මය සමඟ සම්බන්ධකමින් පෙන්වයි.




සටහන්[සංස්කරණය]

  1. The Consolation of Philosophy (Oxford World's Classics), Introduction (2000)
  2. Dante placed Boethius the “last of the Romans and first of the Scholastics” among the doctors in his Paradise (see The Divine Comedy) (see also below).
  3. Edward Gibbon's The Decline and Fall of the Roman Empire
  4. C. S. Lewis, The Discarded Image: An Introduction to Medieval and Renaissance Literature, 1964, ISBN 0-521-47735-2, pg. 75