කෘත්‍රිම ගුරුත්වය
Appearance
මෙම ලිපියේ මුඛ්‍ය ඡේදය, ලිපිය තුළ ඇති ප්‍රධාන කරුණු සාරාංශගත කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. (2013 මැයි) |
කෘත්‍රිම ගුරුත්වය යනු, විශේෂයෙන් අභ්‍යාවකාශයෙහිදී මෙන්ම සමහර විට පෘථිවියෙහිදීද, දෘශ්‍ය ගුරුත්වය (g-බලය), කෘත්‍රිම ක්‍රම මගින් විචලනය (වැඩිකිරීම හෝ අඩුකිරීම) කිරීම වෙයි. එය ප්‍රායෝගික ලෙසින් සාක්ෂාත් කරගැනුම සඳහා විවිධ බලයන්, විශේෂයෙන් කේන්ද්‍රාභිසාරි බලය සහ රේඛීය ත්වරණය භාවිතා කළ හැක.
කෘත්‍රිම ගුරුත්වය උත්පාදනය කිරීම අභිමත යැයි සැලකෙනුයේ දිගු-කාලීන අභ්‍යාවකාශ සංචාර හෝ වාසය කිරීම, චලනයෙහි යෙදීමේ පහසුව, අභ්‍යාවකාශය-තුලදී ද්‍රව කළමනාවෙහි පහසුව සහ, අහිතකර දිගු-කාලීන බර-නොමැති වීමේ ප්‍රතිවිපාක මග හැරීම යන්නන් සඳහාය.