කුර් ආන් ලේඛනගත කිරීම හා මුද්‍රණය කිරීම

විකිපීඩියා වෙතින්

ඉරාන් (දැන් ඇෆ්ගනිස්ථානය) ජාතික උමර් අක්තා ලියූ අල් - කුර්ආන් (පිටුවක්) Opaque - දිය සායම්, තීන්ත හා රත්‍රන් ආලේප කර ඇති මුක්කතා මුද්‍රණයකි. 170 x 109cm (66 15/16 x 42 15/16in) ලෝකයේ බහුලව භාවිතා කරන්නේ ශුද්ධ වූ අල් කුර්ආනයේ මුද්‍රිත පිටපත්ය. ශුද්ධ වූ අල්-කුර්ආනයේ පරිවර්තන විශාල සංඛ්‍යාවක් ලොව පුරා මුද්‍රණය කර ඇත. ලොකු පොඩි, සරසා නැති, සරසා ඇත, වියදම් අධික හෝ අඩු වියදම් ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ ද්වි භාෂාවන්ගෙන් යුක්ත වූ එනම් එක් පැත්තක අරාබි භාෂාවෙන් ද අනෙක් පැත්තෙන් එහි තේරුම සහිත එම රටවල්වල බොහෝ දුරට නිතරම භාවිතා වන හුරු පුරුදු භාෂා‍වකින් ද වේ. අල් කුර් ආන‍ය නොයෙක් ප්‍රමාණයෙන් යුත් කෘති ලෙස එලි දක්වා ඇත. බොහෝමයක් සාමාන්‍ය පොතක ප්‍රමාණයෙන් යුක්ත වන අතර ප්‍රදර්ශනය සඳහා යොදා ගත හැකි විශාල ප්‍රමාණයෙන් ද ත්‍යාග හැටියට ලබා දීමට තරම් වූ කුඩා ප්‍රමාණයෙන් ද ඇත. මුලින්ම ශුද්ධ වූ අල් කුර් ආනය මුද්‍රණය කළේ කැටයම් කරන ලද ලී පුවරුවල එක පිටුවක එක පුවරුවක් ලෙස යෙදාගෙනය. දහවන සියවස සිට දින යොදන ලද පුවරු විශාල ප්‍රමාණයක පිටු මුද්‍රණය කර ඇත. අඩු වියදමින් යුත් මුද්‍රණ තොගයක් ලිතොග්‍රැෆි නම් මුද්‍රණ ක්‍රමයකට එලි දක්වා ඇත. එමෙන්ම අල් කුර්ආනය නැවත නැවත අතින් නිමවන ලද අලංකාර අක්ෂර කළා සහිතව ද මුද්‍රණය කර ඇත. 1573/1538 වකවානුවල වැනීසියේ මුද්‍රණය කර භාවිතා වූ පැරණිම අල් කුර් ආන් පිටපත් ඉතාමත් සීඝ්‍රයෙන් අලෙවි කර ඇත. එය උස්මාන් පාලකයාටග් පාලන කාලයේ සකස් කර රටවල්වලට බෙදා හරින ලද පිටපතින් උපුටා ගෙන ඇත. 1787 දී රුසියානු ජාතික කැතරින අල් කුර් ආන් පිටපත් මුද්‍රණය කිරිම සඳහා තමන් විසින්ම වියදම් දරා ඇත. මෙය අනුගමනය කර 1828 දී කාසාන් වලද 1833 දී පර්සියාවේ ද 1877 දී ස්තාන්බුල්වල ද මුද්‍රණය කර ඇත. පරිගණකය උපයෝගී කර ගෙන වුවද මුළු අල් කුර් ආනයේම ඇති මූලික අදහස් සියල්ලම කැටි ‍කොට එලි දැක්වීම ඉතාමත්ම අපහසු කාර්යයකි. ඉන්ටනෙට් ජාලයේ වැදගත් කෘති අංශයේ කුර්ආන් පිටපත් මුද්‍රිතව හා තාවකාලික එකතුවක් ලෙස නොමිළයේ සපයා ඇත. පරිගණකය තාක්ෂණිය උපයෝගී කරගෙන බොහෝ නිර්මාණකරුවන් පරිගණක අක්ෂරයන් අල් කුර් ආන් අක්ෂරවලට අදාලව සැකසීමට ඉදිරිපත් වී උනන්දුවෙන් කටයුතු කරයි. අල් කුර්ආන‍ය තොග වශයෙන් මුද්‍රණය වීමට පෙර මෙය අත් පිටපත් ලෙස හා අක්ෂර කලාවන් ලෙස හුවමාරු විය. අතීතයේ පටන් මුස්ලිම්වරුන්ගේ ප්‍රතිපත්තිය හා පිළිගැනීම වන්නේ අල් කුර්ආනයේ තො‍රතුරු ඇසුරින් රූප නිර්මාණය කිරීම, එය රංගනයක් වශයෙන් එලි දැක්වීම, හෝ එහි අදහසට අංශු මාත්‍රයක් හෝ පටහැනි වන ආකාරයට කටයුතු කිරීම බරපතල වරදක් වන බවය. එදා පටන්ම මුස්ලිම්වරු ශුද්ධ වූ අල් කුර්ආනය තම ජීවිතයටත් වඩා උසස් කොට සලකා ආදරයෙන් ආරක්ෂා කරති. අරාබි අක්ෂර විවිධ අක්ෂර කළා අනුව හැඩකර ඉදිරිපත් කර ඇති අතර සමහර වාක්‍ය සංකීර්ණ හා අලංකාර ලෙස නිමවා ඇත. අරාබි අක්ෂර කලාව චීන අක්ෂර කලාව හා සමානවම ඉහලින්ම පසසා ඇති කලාවකි. මුස්ලිම්වරු ද අල් කුර් ආනයේ අක්ෂර වර්ණ තීන්ත රත්‍රන් තහඩුවල අරබෙක්ස් ක්‍රමයට සකස් කරන ලද පුවරු මේ සමඟ ප්‍රදර්ශනය කිරීමට උපයෝගී කර ගෙන ඇත.