කුර්ආන් - එහි සැකැස්ම

විකිපීඩියා වෙතින්

ශුද්ධ වූ අල් කුර්ආනය නොයෙකුත් දිග ප්‍රමාණයෙන් යුත් සුරාවන් වන පරිච්ඡේද 114කින් සමන්විතය. ඒවා මක්කියා සහ මදනීයා ලෙස වර්ග කර ඇත්තේ එය පහල වීම අනුවය. එම පරිච්ඡේදවලට ආවේණික අක්ෂරවලට අනුවය. මුස්ලිම්වරු විශ්වාස කරන්නේ මුහම්මද් නබි (සල්) තුමා අල්ලාහ්ගේ අණට අනුව අල් කුර් ආනයේ පරිච්ඡේද‍නම් කර ඇති බවයි. අල් කුර්ආනයේ ආරම්භයේ ඇති සුරාවන් දීර්ඝ සුරාවන් වන අතර අවසානයට ඇති සුරාවන් කෙටි ඒවා වෙයි. පරිච්ඡේද පෙළ ගස්වා ඇති අනුපිළිවෙල පහල වූ අනුපිළිවෙල හා සම්බන්ධ නොවේ. එක සුරාවන් එනම් 9වන පරිච්ඡේදය හැර ඉතිරි සියල්ලම ආරම්භ වන්නේ “බිස්මිල්ලාහිරිරන්මාහිරිරහීම්” යනුවෙනි.

සෑම සුරාවක්ම වාක්‍යය හෙවත් ආයත්වලින් සමන්විතය. සෑම වාක්‍යයක්ම අල්ලාහ්ගෙන් පහල වී ඇත. සුරතයක ඇති ආයත් සංඛ්‍යාව තවත් සුරතයක ආයත් සංඛ්‍යාවට වඩා වෙනස්ය. තනි ආයතයක් හෙවත් වාක්‍යයක් අකුරු කිහිපයක් හෝ පේලි කිහිපයක් විය හැකිය. ඉස්ලාමයට පෙර විසූ අරාබිවරුන්ගේ සාහිත්‍යය පද්‍ය තාලය හා තනුව ආදිය කුර්ආන් ආයතයකින් සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඒවා බොහෝ දුරට සමාන වන්නේ යුදෙව්වරුන්ගේ හා කිතුණුවන්ගේ ධර්මයෙහි අඩංගු ශුද්ධ වූ වචනවලටය. ඉස්ලාමයේ ආරම්භක කාලයේ සිටම ශුද්ධ අල් කුර්ආනයේ අඩංගු සම්පූර්ණ ආයත් සංඛ්‍යාව ගැන ඇති අදහස් මුස්ලිම් විද්වතුන‍්ගේ මතහේදයට තුඩු දී ඇත. සමහරු එය 6,00ද, සමහරු 6,204, සමහරු 6,219, තවත් සමහරු 6,236 ලෙසත් හඳුන්වා දී ඇත. එනමුත් අක්ෂර සංඛ්‍යාව සමානය. කුෆාහී ඉතාමත් ප්‍රසිද්ධ පැරණි අල්කුර්ආන් ග්‍රන්ථයේ පිටපතක ඇති ආයත් සංඛ්‍යාව 6,236කි.

එහි (අජ්සා) කුඩා කොටසක් තිහකින් සමන්විතය එය අහසාබ් නම් ප්‍රධාන කොටස් 2කින් ද මෙය (ජුක්උ භාගය - නග්බු) ව‍ශයෙන් ජුස්උ කාල (රුබ්උ) හෙවත් රුබ්බුල් අහ්සාබ් යන තවත් කොටස් 4කින් ද මන්සීල් හෙවත් විශාල කොටස් 7කින් ද සමන්විතය.

ශුද්ධ වූ අල් කුර්ආන් වාක්‍යව ආරම්භයක්, ගර්භයක් අවසානයක් හෝ නොමැති අතර එය එකක් අනිකට සම්බන්ධව ජාලයකට හෝ දැලකට සමාන වේ.

නොයෙකුත් මතධාරීන් මෙහි සැකැස්ම සම්බන්ධව විවේචන ඉදිරිපත් කර ඇත. එනම් එහි නැවතීමක් පහල වූ අනුපිළිවෙලින් ගායනය කරන පිළිවෙලක් හෝ නැවත නැවත සඳහන් කිරීමක් හෝ දක්නට නොමැති බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=කුර්ආන්_-_එහි_සැකැස්ම&oldid=136646" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි