කුර්ආන් - එහි අර්ථ විග්‍රහය (තඃවීල්)

විකිපීඩියා වෙතින්

ජැෆර් කුෂ්නි අර්ථ දක්වා ඇති ආකාරයට තඃවීල් යනු පසුපසට යෑම හෝ දෙයක් එහි මූලික සම්භවය දක්වා ආපසු හැරවීම නොහොත් එහි මූලික ආකෘතියකට උදාහරණයක් ලෙස එහි අදහස වන්නේ ආත්මීය මඟ පෙන්වීමක් වන අතර එය හාස්‍යයක් හා ක්ෂණිකව පහළ වූ අගනා අදහස් ගොන්නක් බවයි. එසේම තෆ්සීර් යනු සාහිත්‍යමය වචනාර්ථය නිවැරදිව පිළිගත හැකි ඉස්ලාමීය විද්‍යාත්මක කෘතියකි. අල්ලාවා තබතාබී පවසන ආකාරයට තඃවීල් යන්නට ප්‍රසිද්ධ අර්ථ විවරණය ලෙස සැලකෙන්නේ යම් වචනයකින් හෙලි දක්වන නිවැරදි අදහසකි. “තන්සීල්” යනු තඃවීල් හි විරුද්ධ අර්ථයයි. වචනවල නිවැරදි අදහස එය පහළ වූ ස්වරුපයෙන්ම පවතී. නමුත් මෙම අර්ථ විග්‍රහය පුළුල් ලෙස වර්තමානයේ ව්‍යාප්තව පවතින්නේ තඃවීල් යන පදයට නියම අර්ථය ලෙසය. එය අදාල වචනයේ සම්භවය ලෙස “ආපසු හැරීම”, ආපසු හැරෙන ස්ථානය යනුවෙනි. ඔහුගේ අදහසට අනුව තඃවීල් යන්නට නිවැරදි තේරුම හෝ අධ්‍යාත්මික මඟ පෙන්වීම ගැන පැහැදිලි කිරීමක් ශුද්ධ වූ කුර්ආන් වචනවල සරලව ගැබ් වී ඇත. තවද එහි සත්‍ය සිදුවීම් හා ස්වභාවික තත්වයන් මෙන්ම මිනිසාගේ එදිනෙදා ජීවිතයේ තොරතුරු ගැන ද පැහැදිලිව සඳහන් වී ඇත. මෙම මූලික සත්‍යන්ට අමතරව පහළ වූ ආගම් පිළිබඳ තොරතුරු හා අල්ලාහ්ගේ ආඥාවන් ගැන තොරතුරු ද පැහැදිලිව සඳහන් වී ඇත. වචනයක අර්ථය පැහැදිලි කිරීම යනු එම වචනයේ තේරුම නොවේ. එම තේරුම ගැන දැනුවත් කිරීමක් වන අතර එය විශේෂ ආකාරයක අර්ථය පැහැදිලි කිරීමක් වේ. එහි අධ්‍යාත්මික සත්‍යතාවයන් මූලික කරගෙන දේව ආඥා නිකුත් කිරීමක් හෝ හාස්‍යජනක වූ මූලික සත්‍යයන් පැහැදිලි කිරීම අරමුණු කරගත් සත්‍ය සිදුවීම් විස්තර කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකිය. කෙසේ නමුත් එක් පැත්තකින් ෂියාවරු හා සුෆිවරුද , අනෙක් පැත්තෙන් සුන්නිවරුන් ද එහි නීති රීති අතින් ප්‍රතිවිරුද්ධ අදහස් දරති. අල් කුර් ආන් වාක්‍යයකින් යම් අර්ථයක් එලි දක්වන නමුත් එය පාරායනය කළ යුතු ආකාරය ගැන ෂියා හා සුන්නිවරු අතර එකඟතාවයක් නොමැත. ෂියාවරුන්ගේ මතයට අනුව දැනුමෙන් අග තැන්පත් නබිවරු හා ඉමාම්වරු ශුද්ධ වූ අල් කුර්ආන් හි රහස් තොරතුරු සියල්ලම දනී. නමුත් සුන්නිවරු විශ්වාස කරන්නේ ඒවා සියල්ලම දෙවියන් වහන්සේ දන්නා බවයි. අල්ලාම් තබතබීවරුන්ට අනුව නම් අල් කුර්ආනය විග්‍රහ කිරීම සම්බන්ධ විස්තර දන්නේ අල්ලාහ් තආලා පමණක්ම වන අතර එහි කිසිම සැකයක් නැත. එම නිසා අල් කුර් ආන් වචනවලට අර්ථ කථනය ලබා දීමේ දී එහි අල්ලාහ්ගේ අදහසට මුල් තැන ලබා දිය යුතුය. තවද අල්ලාහ් විසින් තෝරා ගන්නා ලද සමහර උසස් පුද්ගලයන්ට යම් තරමකට එහි විස්තර විග්‍රහය ඉදිරිපත් කළ හැකිය. ඉතාමත් පැරනි අල් කුර් ආන් විග්‍රහයක ෂියා ඉමාම්වරු‍න්ගේ අදහස් ගැබ්වී ඇති අතර එය ආත්මීය හා අධ්‍යාත්මීය තොරතුරුවල එකතුවක් සුෆිවරු සමඟ එකඟතාවයකට පැමිණ ඉදිරිපත් කර ඇත. ඉමාම් අලි සහ ජඃෆර් අල් සාදික් ෂියාවරුන්ගේ සහ සුන්නිවරුන්ගේ ග්‍රන්ථ වශයෙන් එලි දක්වා ඇත. කෝබින්ගේ ප්‍රබන්ධයට අනුව ෂියාවරුන්ගේ මත ගැන අලි (රලි) තුමා තම අදහස් මෙසේ සඳහන් කරයි.

ශුද්ධ වූ අල් කුර් ආනයේ සෑම වචනයක්ම දෙවියන්ගේ වක්තෘතුමාට පහළ වූ ඒවා වන අතර එතුමා කිසිවිටෙකත් එය පිටපත් කිරීමට හෝ පාරායනය කිරීමට හෝ පවසා මට බල ‍කළේ නැත. මම එය මගේ කැමැත්තෙන් මගේ අතින්ම පිටපත් කරනු දුටු එතුමා එය පිටපත් කළ යුතු ආකාරය ගැන මට අවබෝධයක් ලබා දුන්නේ මෙසේය. එහි තෆ්සීර් හෙවත් සාහිත්‍යමය අර්ථ කථනය, තඃවීල් එහි අධ්‍යාත්මීය විවරය, නාසිඃ, වාක්‍යයක අවසානය, මන්සුඃ, අවසනාය වාක්‍යය, මුහ්කම් එක සමාන තේරුම් 2ක් නැති අවස්ථාව, මුතසාබිඃ, එක සමාන තේරුම් දෙකක් ඇති අවස්ථාව ආදී වශයෙන් කරුණු රාශියක් ඇති අතර ඒ සම්බන්ධව පුද්ගලිකව හා පොදුවේ මට උපදෙස් දී ඇත. අල්ලාව් තබතාබීවරුන්ට අනුව සමහර වාක්‍යවල තේරුම් විශේෂ දැනුමක් සහිතව සුළු පිරිසකගේ අවශ්‍යතාවය අනුව සැකසී ඇති අතර ඒවා සමහර අවස්ථාවල පිළිගත හැකි හා පිළිගත නොහැකි මට්ටම්වල පවතී. වාක්‍යයක තේරුම පිළිගත හැකි අර්ථ විග්‍රහය එහි සාහිත්‍යමය අර්ථයට එපිටින් පවතී. තවද එහි නිවැරදි විග්‍රහය දෙවියන් වහන්සේ පමණක් දන්නා අතර මිනිසාට එහි සෘජු අදහස් ඉදිරිපත් කළ නොහැක. මෙහි ප්‍රශ්ණයට තුඩු දෙන වාක්‍යවලට අදාල මිනිස් ගුණාංගයන් වන්නේ ඒම, යෑම, වාඩි වීම, සෑහීමකට පත්වීම, තරහ, දුක, ආදියයි. ගුණාංගයන් ගැන තීරණය කරන්නේ අල්ලාහ් තආලා පමණි. “තඃවීල්” යන්නට පිළිගත නොහැකි අර්ථය ලෙස “මාරු කිරීම” යනුවෙන් බාහිරින් අර්ථ කථනය කළ ද එය තර්කානුකූලව වෙනස් අදහස් සහිත බවට තහවුරු වී ඇත. මෙම ක්‍රමය එතරම් ඵලදායක නොවේ. නමුත් මෙම ක්‍රමයෙහි පිළිගැනීම් තිබුණ ද එය කුර් ආන් වාක්‍යවලට අදාලව යොදා ගැනීමට වැරදිය. වාක්‍යයක සැබෑ ස්වරූපය සෑම වාක්‍යයකින්ම හෙලිවන අතර ඉක්මනින් හා නිවැරදිව අර්ථ දැක්විය හැකි අතර ඒක හා සමාන තේරුම් 2ක් ද තිබිය හැකිය. එය තනි වචනයක අර්ථය පමණක්ම නොවේ. එහි නිවැරදි තත්වය නම් එම වචන ඉතාමත් ඉහල අගයක් හා අලංකාරයක් ඇති බවයි. අල්ලාහ් තආලා ඒවා අපගේ හදවත්වලට සමීප වීම උදෙසා එම වචන සරසා ඇත. එය කෙසේද යත් අපගේ සිත්සතන්වල රූප රාමුවක් මවා ගැනීම උදෙසා සහ එය පාරායනය කරන්නාට එහි අර්ථය පැහැදිලිව ග්‍රහණය කර ගැනීමට උදෙසාය. එම නිසා සුෆිවරුන්ගේ අදහස් දැක්වීම ඉස්ලාමීය විද්වතුන් පිළිගන්නා අතර එය නිවැරදි අර්ථ විග්‍රහය ලෙස පිළි ගැනිමට සමහර කොන්දේසි බලපා ඇත. සුෆිවරුන්ගේ ඉතිහාසයේ මෙම අර්ථ කථනය සමහර අවස්ථාවල දී ආගමට පටහැනි තොරතුරු ගැබ් වී ඇති බව සලෆිවරු අද විශ්වාස කරති. එසේම ෂියාවරු අතර ද තඃවීල් හෙවත් විස්තර විග්‍රහය පිළිබඳ විරුද්ධ මත පවතී. උදාහරණයක් ලෙස ඉස්ලාමීය විප්ලවීය නායක අයතුල්ලා රූහුල්ලා කුමේනි 1979 දෙසැම්බර් හා 1980 ජනවාරි මාසවල සුරතුල් ෆතිහාව ගැන දේශන ඉදිරිපත් කළ අවස්ථාවේ පළමු වාක්‍ය දෙක ඉදිරිපත් කිරීමට පෙරම සමහරු එය තරයේ ප්‍රතික්ෂේප කර තහනම් කර ඇත.