කුර්ආන් - අනෙකුත් ආගම් අතර සම්බන්ධය

විකිපීඩියා වෙතින්
මෙම ලිපිය විකිපීඩියාවේ පැවැතිය යුතු ද?

ශුද්ධ වූ අල්කුර්ආනය අනෙකුත් පහළ වූ ආගම් (පැරණි ගිවිසුම, බයිබලය) සමග ඇති සම්බන්ධතාවය මනාව පැහැදිලි කරන අතර අනෙකුත් පහළ වූ ආගම්වල කරුණුවල ඇති සමාන බව හා එහි සම්භවය සනාථ කරන්නේ මේ ප්‍රස්තකයන් සියල්ලම නැමදීමට සුදුසු එකම දෙවියන් වහන්සේගෙන් පහළ වී ඇති බවය.

ශුද්ධ වූ අල් කුර්ආනය පුන පුනා පවසන කතන්දර, පුද්ගලයන්ගේ තොරතුරු, හා සිද්ධීන් සලකා බැලීමේදී ඒවා පැරණි ගිවිසුමේ හා බයිබලයේ ඇති තොරතුරුවලට බො‍හෝදුරට සමාන වන අතර එහි සාහිත්‍යමය අගය ඉහළින් පවතී.

(එම්බා මුහම්මද් !) සත්‍යයෙන් යුත් (මෙම) පුස්තකය (අල් කුර්ආන්) හයට පෙර තිබූ පුස්තකය මුඔට පහළ කළේය. (මෙයට) පෙර (මුසාට) “ තෞරාත්ද” (ඊසාට) “ඉන්ජීල්” ද මිනිසුන්ට යහමග පෙන්වමින් පහළ කළේය. “ අසත්‍යයෙන් සත්‍ය වෙන් කිරීම” පහළ කළේය.

අල්කුර්ආන් (3:3)එහෙත් එහි තොරතුරු හැදෑරීමේදී අල්කුර්ආන් සහ අනෙකුත් ග්‍රන්තවල තොරතුරු විශ්ලේෂණය කිරීමේදී එහි බොහෝ වෙනස්කම් දැකිය හැකිය. ආදම් නබි තුමාගෙන් පටන් එනෝක්, නුන්, හේබර්, ෂෙලාන්, ආබුහට්,ලුත්, ඉස්මිඉල්, ඉස්හාක් , යඃකූබ්, යුසුන් , ජොබ්, ජෙත් රෝ, දාවුද්, සුලෙයිමාන්, එලීජා, එලීෂා, ජෝනා ,හාරුන්, මුසා ,එස්රා, ස්කරියියා, ඊසා.... නබිතුමා දක්වා නබිවරුන්ගේ නම් දේව වක්තෘන් වශයෙන් අල් - කුර්ආනයේද සඳහන් වන අතර ඒ ගැන (Prophets of Islam) නම් ග්‍රන්තයේ සඳහන් වී ඇත.

මුස්ලිම්වරු විශ්වාස කරන්නේ පොදුවේ ඇති අනාවරකයන් කුර්ආනයේ සහ අනෙකුත් පහළ වූ දේව ග්‍රන්තවල ප්‍රචාරය කිරීම සිදු කරනු ලබන අතර එය පැරණි ගිවිසුමේ සහ බයිබලයේ සඳහන් ඒ ඒ නබිවරුන්ම පහළ වූ සුභ ආරංචි තහවුරු කරයි.

මුස්ලිම්වරු විශ්වාස කරන්නේ කලින් පහළ වූ ආගම් ප්‍රතික්ෂේප කිරීමට ‍හේතුව ඒවා පිළිගැනීමට නොහැකි තත්වයක පවතින අතර ඒවා කළින් කළ වෙනස්කම්වලට භාජනය කර ඇති බවත්ය. දෙවියන්ගේ නීතියට අමතරව මිනිසුන්ගේ අදහස් එයට එක්කර ඇති නිසාය. නමුත් ශුද්ධ කර්ආනය මෙම කරුණු සියල්ලෙහිම සම්පිණ්ඩණයක් ලෙස අවසන් වරට පහළ වූ අංග සම්පූර්ණ ජීවන සැළැස්මකි.

යුදෙව්වරුන් හා කිතුණුවන් බොහෝ දෙනෙකුගේ විශ්වාසය වන්නේ පුරාණ බයිබලයේ සඳහන් හා කැනීම්වලින් සොයාගන්නා ලද තොරතුරුවලින් තහවුරුවන මළ මුහුදේ සම්බවය ගැන ශුද්ධ වූ අල්කුර්ආනයේ සඳහන් තොරතුරුවන අතර පරණ ගිවිසුමේ හා බයිබලයේ තොරතුරු පරිවර්තනය කිරීමෙන් හා ග්‍රීක සිද්ධාන්ත තොරතුරුවල අඩංගු කරුණු සංසන්දනය කිරීමෙන් හෙළිවන්නේද එහි ඓතිහාසික සංසිද්ධීන් බවයි.