කැනේඩියානු රැවටිල්ල

විකිපීඩියා වෙතින්
ඉරාන ප්‍රාණඇපකරු අර්බුදයෙහිදී ඇමරිකානු තානාපති නිලධාරින් බේරාගැනීමට දැරුණු කැනඩා පරිශ්‍රමයන් වෙනුවෙන් ඇමරිකානුවෝ කෘතඥතාවය පල කලහ.

1979 නොවැම්බර් 4 දිනදී ඉරානයේ, ටෙහෙරානයේ, එක්සත් ජනපද මහ කොමසාරිස් කාර්යාලය අල්ලාගැනීම හා ඉස්ලාමීය ශිෂ්‍යයන් සහ සටන්කාමීන් විසින් මහ කොමසාරිස් කාර්යාල කාර්ය මණ්ඩලය ප්‍රාණඇපකරුවන් ලෙස රඳවාගැනීමේදී, ග්‍රහණයෙන් මිදී පලායෑමට සමත්වූ ඇමරිකානු තානාපති නිලධාරින් සය දෙනා මුදවා ගැනුමට කැනේඩියානු රජය සහ මධ්‍යම රහස් තොරතුරු කාර්යාංශය (සීඅයිඒ) විසින් ඒකාබද්ධව රහසේ ක්‍රියාත්මක කල මෙහෙයුම සඳහා යෙදෙන ප්‍රචලිත නම "කැනේඩියන් කේපර්" හෙවත් "කැනේඩියානු රැවටිල්ල" යනු වෙයි.[1]

"රැවටිල්ල" හා සම්බන්ධ වූයේ ආර්ගෝ නම් කාල්පනික විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයෙහි දර්ශනයක් රූගත කිරීමට සුදුසු ස්ථානයක් සඳහා විපරම් කිරීම නිමකල, කැනේඩියානුවන් සය දෙනෙක්, අයිරිෂ් ජාතිකයෙක් සහ එක් ලතින් ඇමරිකානුවෙකුගෙන් ව්‍යාජ ලෙස සමන්විතවූ චිත්‍රපට නිෂ්පාදක පිරිසක් සුසැදීමට තානාපති නිලධාරින් සය දෙනා හා සම්බන්ධ වූ (ටෝනි මෙන්ඩෙස් සහ "ජූලියෝ" යනුවෙන් හැඳින්වුනු තවත් පුද්ගලයෙක්) සීඅයිඒ නියෝජිතයන් දෙදෙනෙකි. 1980, ජනවාරි 28 දින උදෑසනෙහිදී, ටෙහෙරානයේ මෙහ්රබාඩ් ගුවන් තොටුපොළෙහිදී මෙම ව්‍යාජය ක්‍රියාත්මක කෙරුණි. ස්විට්සර්ලන්තයේ සූරිච් වෙත වූ ස්විස්එයාර් පියාසැරිය වෙත සාර්ථක ලෙසින් ගොඩනැගුනු ඇමරිකානුවන් අටදෙනා, ඉරානයෙන් පලා යෑමට පොහොසත් වූහ.[2]

සරණ ස්ථානය[සංස්කරණය]

කෙන් ටේලර් සහ ජෝන් ෂියර්ඩවුන් යන කැනේඩියානු තානාපති නිලධාරින් වෙතින් රැකවරණය ලැබ 1980 දී ටෙහෙරානයෙන් පිටතට ගැනුණු ඇමරිකානු තානාපති නිලධාරින් සයදෙනා වූයේ, රොබට් ඇන්ඩර්ස්, කෝරා ඇම්බර්න්-ලයිජෙක්, මාක් ලයිජෙක්, ජෝසප් ස්ටැෆර්ඩ්, කැත්ලීන් ස්ටැෆර්ඩ් සහ ලී ෂැට්ස් වෙති. ඉරාන ජාතිකයන් තාප්පයෙන් පැන ඇතුළු වන විට, මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ, වෙනම පිහිටා තිබූ කොන්සල් කාර්යාලයෙහි ඔවුන් සේවය කලහ. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ඇවිද යා යුතුය යන නියෝගයට යටත්ව, තානාපති නිලධාරින් කණ්ඩායම් දෙකක් ටෙහෙරානයේ වීදි වලට පැන ගියහ: කවුන්සල් කාර්යාල සේවා සපයාගැනුමට පැමිණි ඇමරිකානුවන් දෙදෙනෙකුද සහිතවූ (මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කල ස්වදේශිකයෙකුගේ උදවුවෙන් පිටවීමේ විසා බලපත්‍රයක් සකස් කර ගෙන ගුවන් යානයකට නැග පිටවීමට මෙයින් එක් අයෙකු අත්‍යන්තයෙහිදී සමත් විය) ඇන්ඩර්ස් කණ්ඩායම; සහ කවුන්සල් ජනරාල් රිචඩ් මෝෆීල්ඩ් ද අඩංගුවූ තවත් කණ්ඩායමක් වක්‍ර මාර්ගයක් ගත් අතර විගසින් අල්ලා ගෙන මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයට යළි රැගෙන යන ලදහ. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අසබඩට පිවිසෙත්ම ඇන්ඩර්ස් කණ්ඩායම දුටුවේ විශාල සෙනඟක් ඔවුන්ගේ මග අවුරමින් උද්ඝෝෂණයක් පවත්වන අයුරුයි. එය අසල සිය නිවස පිහිටි බැවින් රොබට් ඇන්ඩර්ස් අනෙකුන්හට සිය නිවසට පැමිණෙන ලෙස ආරාධනා කලේය. කණ්ඩායමක් ලෙසින් ඔවුන්ගේ සය-දින ත්‍රාසජනක දිගු ගමනක් මෙයින් ඇරඹුනු අතර, තායි ජාතික අරක්කැමි සොම්චායි "සෑම්" ශ්‍රිවියව්නේත්‍රගේ උදවු සහිතව, ගෙයින් ගෙට ගොස් එක් රැයක් බ්‍රිතාන්‍ය නේවාසික පරිශ්‍රයෙහි ගත කලහ. තෙදිනකට පසු, බොසොගෝන්ගේ රජය බිඳවැටුනු අතර, සැවොම තේරුම් ගත්තේ ඔවුන් වැටී ඇති අමාරුවෙන් ගොඩ ඒම ඉක්මනින් සිදු නොවන බවයි. විකල්පයක් සොයමින් සිටි ඇන්ඩර්ස්, ඔහුගේ පැරණි මිතුරු හා කැනේඩියානු විගමන නිලධාරි ජෝන් ෂියර්ඩවුන් සම්බන්ධකරගත් විට සමස්ත කණ්ඩායමට නවාතැන් සැපයීමට උද්‍යෝගවත් ප්‍රතිචාරයක් ලැබුණි. [3] නොවැම්බර් 10 දිනදී, මෙම පස්දෙන ෂියර්ඩවුන් නිවහන වෙත ලඟාවූ අතර, එහිදී, ඔවුන් පිළිගැනුමට ජෝන් සහ සීනා ෂියර්ඩවුන් පමණක් නොව කැනේඩියානු මහ කොමසාරිස් ටේලර් ද එහි විය. ස්ටැෆර්ඩ් යුවල, කෙන් සහ ඔහුගේ බිරිඳ පැට් සමග ඔවුන්ගේ නිවසේ නවාතැන් ගත් අතර, අනෙකුන් නවාතැන් ලැබුයේ ෂියර්ඩවුන් නිවහනෙහිය. සති දෙකකට පසුව,[4] එජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලී ෂැට්ස්, ටේලර් නිවහනෙහි සිටි ස්ටැෆර්ඩ් යුවල හා එක් විය. ඔහු පළමුව ස්වීඩන මහ කොමසාරිස් කාර්යාලයේ බිම නිදා ඇති අතර පසුව ස්වීඩන කවුන්සල නිලධාරි සිසිලියා ලිතැන්ඩර්ගේ නිවසේ රැඳී සිට ඇත. මෙසේ සැඟවී සිටි සයදෙනා මෙම ස්ථානයන්හී දින 79 ක් රැඳී සිටියහ..[2]

ප්‍රබන්ධ කතාවෙහි කොටසක් ලෙස සීඅයිඒ සංවිධානය විසින් තැනුනු චිත්‍රපට පෝස්ටරය

අන්තරායට පත්ව සිටි ඇමරිකානු තානාපති නිලධාරින් සය දෙනාට, ඔවුන්ගේ පුද්ගලික නිවහන් තුල සරණ ස්ථානය සැපයීම තුලින්ම මෙහෙයුම ඇරඹුමෙහිදීම මහත් පුද්ගලික අවදානමක් ගැනුමට එවකට ඉරානයේ කැනේඩියානු මහ කොමසාරිස් කෙන් ටේලර් සහ කැනේඩියානු විගමන නිලධාරි ජෝන් ෂියර්ඩවුන් හට සිදු විය. "මිත්‍ර-රටවල්" දෙකක තානාපති නිලධාරින්හූද සහාය සැපයූ අතර, හිස්ව තිබූ තානාපති නිවහනක් සති කිහිපයක් සඳහා භාවිතා කෙරිණි.

මහා කොමසාරිස් ටේලර් විසින් උපකාර සඳහා එවකට කැනේඩියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ෆ්ලෝරා මැක්ඩොනල්ඩ් සහ කැනේඩියානු අග්‍රාමාත්‍යය ජෝ ක්ලාක් ඇමතූ විට ව්‍යායාමය සඳහා සියළු සහාය පල විය. කැනේඩියානු ගමන් බලපත්‍ර භාවිතයෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ඔස්සේ ඇමරිකානුවන් සයදෙනා ඉරානයෙන් හොර රහසේ පිට මං කරගැනුමට ඔවුහූ තීරණය කලහ. එසේ කල හැකි වන පරිදී, කැනේඩියානු සරණයෙහි පසුවන ඇමරිකානු තානාපති නිලධාරින් සඳහා කැනේඩියානු ගමන් බලපත්‍ර නිකුත් කල හැකි වන පරිදී රාජ්‍ය සභාවේ නියෝගයක් ලබා ගන්නා ලදි. ප්‍රදානය කෙරුණු ගමන් බලපත්‍රයන්හී එ.ජ. මධ්‍යම තොරතුරු කාර්යාංශය විසින් සකස් කෙරුණු ව්‍යාජ ඉරාන වීසා බලපත්‍ර මාලාවක් අඩංගු වූ අතර ඉරානයෙන් පැන යෑමට මේවා භාවිතා කිරීමට අදහස් කරන ලදි.

එම ආයතනයේ, බොරු වෙස් ගැනීම් සහ අපහරණ මෙහෙයුම් පිළිබඳ ප්‍රවීණයෙකු වන, ටෝනි මෙන්ඩෙස් වෙත, සීඅයිඒ සංවිධානය විසින් පැවරුණේ රැවටිලි කතාවක්, අවශ්‍ය ලේඛන සහ, ඔවුන්ගේ හැඩරුව වෙනස් කෙරුමට අවශ්‍ය වන්නාවූ සුදුසු ඇඳුම්, හා ද්‍රව්‍යයන් සකස් කරගන්නා ලෙසටයි. කැනේඩියානු තානාපති පණිවුඩ සේවය ඔස්සේ කැ‍නේඩියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත ගමන් බල පත්‍ර සහ අනෙකුත් උපකාරී ද්‍රව්‍යයන් එවීමට ක්‍රියා කල ඔටවාහී කැනේඩියානු රජයේ කාර්ය මණඩලය හා සමග මෙන්ඩෙස් සමීපව ක්‍රියා කලේය. මුදවාගැනුමට සහය වීම සඳහා "ජූලියෝ" නම් සහායකයෙක් හා සමග ටෙහෙරානය වෙත පිටත්වීමට ඊළඟට මෙන්ඩෙස් පියවර ගත්තේය. ජූලියෝ සහ මෙන්ඩෙස් දෙදෙනා පෙරදී සීඅයිඒ හී තාක්ෂණික සේවා කාර්යාල (OTS) ශාඛාවෙහි එක්ව වැඩ කර ඇත. . රැඟුම් සැකිලි විවිධාංගයක් සඳහා විකල්ප ගමන් බල පත් සහ අනන්‍යතාවයන් තිබූ මුත්, තෝරාගත් රැවටිලි කතාව පරිදි, තානාපති නිලධාරින් සය දෙනා, චිත්‍රපට රූ ගත සුදුසු ස්ථානයක් සඳහා විපරම් කිරීම සිදු කරන හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක පිරිසක් වූහ.


[4]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "කැනේඩියන් කේපර් හෙල්ප්ස් ඇමරිකන්ස් එස්කේප් යෙහෙරාන්". සීබීසී ආර්කයිව්ස්. සම්ප්‍රවේශය 2006-07-30.
  2. 2.0 2.1 මෙන්ඩෙස්, ඇන්ටෝනියෝ ජේ. (සිසිර සෘතුව 1999-2000). "සීඅයිඒ ගෝස් හොලිවුඩ්: අ ක්ලැසික් කේස් ඔෆ් ඩිසෙප්ෂන්". ස්ටඩීස් ඉන් ඉන්ටෙලිජන්ස්. සම්ප්‍රවේශය 2010-11-01. {{cite web}}: Check date values in: |date= (help); Italic or bold markup not allowed in: |publisher= (help)
  3. රයිට්, රොබට් (ජනවාරි 3, 2013). "අවර් අදර් මෑන් ඉන් ටෙහෙරාන්". ඔටවා සිටිසන්. http://www.ottawacitizen.com/opinion/op-ed/other+Tehran/7773125/story.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජනවාරි 5, 2013. 
  4. 4.0 4.1 "කැනඩා ටු ද රෙස්කියු". ටයිම් සඟරාව. පෙබරවාරි 11, 1980. http://web.archive.org/web/20110120111357/http://www.time.com/time/magazine/article/0,9171,950226,00.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-06-23. 
"https://si.wikipedia.org/w/index.php?title=කැනේඩියානු_රැවටිල්ල&oldid=244116" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි