Jump to content

කාල් ෆ්‍රෙඩ්රික් ගවුස්

විකිපීඩියා වෙතින්
කාල් ෆ්‍රෙඩ්රික් ගවුස්
Portrait of Gauss by Christian Albrecht Jensen (1840)
Born
Johann Carl Friedrich Gauss

30 අප්‍රේල් 1777(1777-04-30)
Died23 පෙබරවාරි 1855(1855-02-23) (වයස 77)
Alma mater
Known forSee full list
Spouse(s)Johanna Osthoff (වි. 1805–09)
Minna Waldeck (වි. 1810–31)
Children
  • Joseph
  • Wilhelmina
  • Louis
  • Eugene
  • Wilhelm
  • Therese
AwardsLalande Prize (1809)
Copley Medal (1838)
Scientific career
ක්ෂේත්‍රයMathematics and sciences
ආයතනUniversity of Göttingen
ThesisDemonstratio nova... (1799)
ආචාර්ය උපදේශකJohann Friedrich Pfaff
Other academic advisorsJohann Christian Martin Bartels
ආචාර්ය සිසුන්
Other notable students
ආභාෂය ලැබුවේFerdinand Minding
Signature
ගොනුව:Sdgsgdsdg.JPG

ජොආන් කාල් ෆ්‍රෙඩ්රික් (ලතින් ගවුස්සින් “Carolus Fridericus Gauss) සංඛ්‍යාවාදය, සංඛ්‍යානය, විශ්ලේෂණය, අවකල්‍ය ජ්‍යාමිතිය , භූමිතික විද්‍යාව, ස්ථිති විද්‍යුතය, තාරකා විද්‍යාව සහ ප්‍රකාශ විද්‍යාව ආදී විවිධ ක්ෂේත්‍රවලට සැලකිය යුතු දායකත්වයක් දැක් වු ජර්මානු ජාතික ගණිතඥයෙකු හා විද්‍යාඥයෙකු විය. ඔහු ගණිතඥයින‍ගේ කුමරු (මෙය princeps mathematicorum හි සාමාන්‍ය පරිවර්තනය වන අතර ලතින් පසින් ප්‍රමුඛය යන්ට ද princes යන පදය යෙදේ) ලෙසත් ආදී කාලයට පසුව පහල වු ශ්‍රේෂ්ටතම ගණිතඥයා ලෙසත් ඇතැම් විට හැඳින්වේ. විද්‍යාවේ සහ ගණිතයේ බොහෝ ක්ෂේත්‍රවලට ගවුස් ගෙන් එල්ල වූ බලපෑම ඉතා විශාල වන අතර ලොව පහල වු වැඩිම බලපෑමක් එල්ල කළ ගණිතඥයන් අතරට ද ඔහු අයත් වේ. ගෝස් කුඩා කළ පටන්ම අසාමාන්‍ය ලෙස බුද්ධිමත් විය. යන්තම් ඇවිදගත හැකි වයසට එලඹෙත්ම ඔහු පෙන්වූ වියත් බව පිළිබඳ කථා බොහෝ ඇත. ඔහු සිය පළමු වැදගත් ගණිතමය නව සොයා ගැනීම් සිදු කරන විට ගැටවර වියේ (13-19) පසුවිය. ඔහුගේ විශ්ෂිටතම ග්‍රන්ථය සේ සැලකෙන “Disquisitiones Arithmeticae,” ලියා අවසන් කරන ලද්දේ 1798 වසරේදීය. එවිට ඔහුගේ වයස අවුරුදු 21 ක් විය. කෙසේ නමුත් මෙම ග්‍රන්ථය පළ වූයේ 1801 වසරේ දීය. මෙම ග්‍රන්ථය සංඛ්‍යාවාදය විෂය පථයක් බව තහවුරු වීමට මූලික වශයෙන් හේතු වූ අතර වර්තමාන‍ය දක්වාම සංඛ්‍යාවාදය හැඩ ගැස්වීම සඳහා දායක වී තිබේ.