කාර්මුඩී

විකිපීඩියා වෙතින්
Carmudi Logo


Carmudi
වර්ගයපෞද්ගලික
ස්ථාපිතය2013
මූලස්ථානයBerlin, Germany
ප්‍රධාන පුද්ගලයන්Stefan Haubold (Global MD)
Fritz Simons (Global MD)
Erwin Sikma (Global MD)
කර්මාන්තයInternet & Automotive
වෙබ්අඩවියwww.carmudi.com

කාර්මුඞී යනු අන්තර්ජාල වාහන වෙළෙදපොලකි, එහි දී පාරිබෝගිකයාට නාවීන හෝ භාවිතා කල රථවාහන පෞද්ගලික විඉකුණුම් කරුවන්ගෙන් හෝ රථවාහන වෙළෙන්දන්ගෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙනු ඇත. බහුජාතික සමාගමක් වන කාර්මුඞී, සිය ව්‍යපාරික කටයුතු මෙක්සිකෝව, බංගලාදේශය, මියන්මාරය, පාකිස්ථානය, පිලිපීනය, ඉන්දුනීසියාව, වියෙට්නාමය, නියිජීරියාව, ගානාව, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, කැමරුන් රාජ්‍යය, සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, ශ්‍රී ලංකාව, සෙනගාලය සහා අයිවරි කොස්ට් රාජ්‍යය වැනි සංවර්ධනය වෙමින් පවතින වෙළෙදපොලවල් හී ක්‍රියාත්මක කෙරේ. කාර්මුඞී විසින් පාරිබෝගිකයාට විකිණීමට තිබෙන නවීන සහ සහතිකලත් පාවිච්චි කරන ලද වාහන දැන්වීම් විශාල ප%මාණයක් සලසනු ලැබේ. ගැනුම්කරුවන්ට වාහන පිළිබද විවේචන, උපදෙස්, සහ ඊට අදාළ මාතෘකා පිළිබද තොරතුරු ලාබාදෙනු ඇත.

ඉතිහාසය[සංස්කරණය]

කාර්මුඞී 2013 වර්ෂයේ ජර්මනියේ ආරම්භ කරන ලදී. කාර්මුඞී විසින් කාමිඩෝ (නිජිරියාව), උබිලිස්ටා (මෙෂිකෝව) සහා Motors.com (මියන්මාරය) යන ව්‍යපාර සියල්ල එක්සත් සමාගමක් ලෙස 2013 ඔක්තෝබර් මස පරිවර්තනය කරන ලදී. Motors.com තව දුරටත්, ඒ නමින්ම ව්‍යපාර කටයුතු කරගෙන යනු ලැබේ. කාර්මුඞී සමාගම ස්ටෙෆාන් හෞබෝල්ඩ්, එර්වින් සික්මා, සහා ෆ්‍රිට්ස් සිමොන්ස් ගේ මුලකත්වය යටතේ ක්‍රියාත්මක වේ. මෙම ආයතනය මූලිකව Rocket Internet ආයතනයේ සහයෙන් අනු-ආයතනයක් ලෙස පවත්වාගෙන යනුලැබිණි.

2013 ඔක්තෝබර් මස, කාර්මුඞී විසින් සිය ව්‍යපාර කටයුතු ආසියාවේ, අප්‍රිකාවේ, සහා ලතින් ඇමෙරිකාවේ ආරම්භ කරන ලදී. 2014 වර්ෂයේ දී එය වියෙට්නාමය, ඉන්දුනීසියාව, පිලිපීනය, පකිස්ථානය, කැමරුන් රාජ්‍යය, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, ශ්‍රී ලංකාව, අයිවරි කොස්ට් රාජ්‍යය සහා සෙනගාලයට ව්‍යාප්ත කරන ලදී. කාර්මුඞී වෙබ් අඩවිය වර්තමානයේ රටවල් 15 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇත.

2014 වර්ෂයේ මාර්තු මස Carmudi විසින් තම ජංගම වෙබ් අඩවිය දියත් කරන ලදී.

සේවාවන්[සංස්කරණය]

කාර්මුඞී හරහා පාරිබෝගිකයට රථවාහන, මොටර්සයිකල්, වානිජමය වාහන මිලදී ගැනීමට හෝ විකිණීමට හැකිය. මෙම වෙබ් අඩවියේ සිය දැන්වීම් සදහා වෘතිමය ඡයාරූප, සවිස්තරාත්මක සටහන්, වාර්තාවන් සහ ශ්‍රේණිය පළකරනු ලැබේ.

ජංගම සේවාවන්[සංස්කරණය]

2014 ජුලි මස කාර්මුඞී වෙතින් සිය ජංගම දුරකථන මෘදුකාංග ව්‍යාප්ත කරනු ලැබුණු අතර, එය Android ජංගම දුරකථන සදහා ලබා ගැනීමට හැකියාව පවති.

විමර්ශන මූලාශ්‍රය[සංස්කරණය]


භාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කාර්මුඩී&oldid=341736" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි