කාදම්බරී දේවී

විකිපීඩියා වෙතින්
කාදම්බරී දේවීගේ ඡායාරූපයක්

කාදම්බරී දේවී (5 ජූලි 1859 — 21 අප්‍රේල් 1884) ‍යනුවෙන් හැඳින්වෙන්නේ ජ්‍යෝතීරින්ද්‍රනාථ් ඨාකූර්ගේ භාර්යාව සහ දේබේන්ද්‍රනාථ් ඨාකූර්ගේ ලේලියයි. 1868 ජූලි 5 දින විවාහ වන විට ඇගේ වයස අවුරුදු 9ක් වූ අතර, ඇගේ සැමියා ඇයට වඩා වසර දහයක් වැඩිමහල් විය. ඔහු ඇයට අධ්‍යාපනයට අවස්ථාව සලසා දුන්නේ ය.[1] ඇය සිය මස්සිනා වූ රබීන්ද්‍රනාථ් ඨාකූර් හා සමවයස් කාණ්ඩයේ පසුවූවා ය.[2]

ඇය සිය නිර්මාණාත්මක ප්‍රතිපෝෂණය සහ අදහස් මඟින් රබීන්ද්‍රනාථ්ගේ කවි හැඩගැස්වූවා ය. එසේම ඇය ඔහුගේ හොඳම මිතුරිය ද විය. ඇය සහ ඨාකූර් අතර තිබූ සම්බන්ධය මතභේදාත්මක අතර, එය ඛේදාන්තයක් බැව් පෙනීයයි.

නොදන්නා හේතූන් මත, 1884 අප්‍රේල් 21 දින ඇය සියදිවි හානිකරගත්තා ය.[3] මේ වන විට රබීන්ද්‍රනාථ් ඨාකූර්ගේ විවාහය සිදුවී මාස හතරකි. ඇගේ මරණය පිළිබඳ ඨාකූර් පවුල නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළහ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Ahmed, Wakil (2012). "Tagore, Jyotirindranath". In Islam, Sirajul; Jamal, Ahmed A. (eds.). Banglapedia: National Encyclopedia of Bangladesh (Second ed.). Asiatic Society of Bangladesh.
  2. Mallika Sengupta, Kobir Bouthan & Tamal Ghosh, Kadambari, 432 pp., (A novel), Ujjwal Sahitya Mandir, College St. Kolkata
  3. Tamal Ghosh. Kadambari. Ujjwal Sahitya Mandir. p. 432.

බාහිර සබැඳි[සංස්කරණය]


සැකිල්ල:India-bio-stub

"https://si.wikipedia.org/w/index.php?title=කාදම්බරී_දේවී&oldid=487094" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි