ක්‍රිමිරාජ කරල්ගුලි

විකිපීඩියා වෙතින්
ගොනුව:Krimiraja.PNG
ක්‍රිමිරාජ කරල්ගුලි පැකට්ටුව

ශ්‍රී ලංකාවේ, හෝමාගම, කිරිවත්තුඩුවේ, බලෟෂධාගාරය හි එම්. ඩී. ලිවේරිස් අමරතුංග සහ පුත්‍රයෝ සමාගම විසින් නිෂ්පාදිත මෙම සිංහල/ආයුර්වේද ඖෂධය, ගුලි ආකාරයට පාරිභෝගිකයා අතට පත් වේ. මුලින්ම 1949 දී ලංකා ජනතාව අතර ප්‍රචලිත වූ මෙය මල බද්ධය, අජීර්ණය, අන්ත්‍ර මාර්ගය ශුද්ධ කිරීම සඳහා මෙන්ම කුඩා දරුවන් අතර මෙන්ම වැඩිහිටියන්ටද පීඩා දෙමින් පැවති කොකු පණු ආබාධ වලටද මහඟු ඔසුවක් විය.

ගතයුතු ප්‍රමාණ[සංස්කරණය]

  • අවුරුදු 5ට අඩු:ගුලි 1
  • අවුරුදු 5-12: ගුලි 2
  • අවුරුදු 12ට වැඩි:ගුලි 3

ඉතිහාසය[සංස්කරණය]

මෙම මහෞෂධය හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ ආයුර්වේද වෛද්‍ය ඒ. ඒ. දොන් හරමානිස් මහතා ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වූ ආයුර්වේද වෛද්‍ය ලිවේරා අමරතුංග මහතාණන්ටය. කිරිවත්තුඩුව කිතුලවිල හි උපන් එතුමා සාම්ප්‍රදායික සාමාර්ථ විකලාංග හා සර්වාංග වෛද්‍යාචාර්ය වරයෙකි. මුළු මහත් දේශයටම මහඟු සේවයක් ඉටු කල මේ මහතාණන් එතුමාගේ සාමාර්ථයන් උකහා ගත්තේ තම පියාණන්ගේ අත්දැකුම හා ප්‍රවීණත්වය සෙවනැල්ලේ සිටිමිනි.

ආයුර්වේද වෛද්‍ය සේවාවෙහි යෙදෙමින් සිටින අතරතුරදීම ක්‍රිමිරාජ ඖෂධ රාජයා සොයාගැනුමට මෙතුමා සමත් විය. 1949 දී මෙම ඖෂධය සොයාගැනුමද සමගින් මල බද්ධය, අජීර්ණය, අන්ත්‍ර මාර්ගය ශුද්ධ කිරීම සඳහා මෙන්ම කුඩා දරුවන් අතර මෙන්ම වැඩිහිටියන්ටද පීඩා දෙමින් පැවති කොකු පණු ආබාධ වලටද මහඟු ඔසුවක් ලෙසින් දිවයිනේ ජනතාව අතර තුඩ තුඩ පැතිර ගියේය. ඒ හා සමගම ලිවේරා අමරතුංග වෛද්‍යාචාර්ය තුමන්ගේ බෙහෙත් ශාලාව වූ බලෟෂධාගාරය මහත් වූ උන්නතියකට ලක් වූයේ තවද ආයුර්වේද ඖෂධ වර්ග සොයා ගනිමින් මහජනයාගේ සුභ සිද්ධිය තකා ඉදිරිපත් කිරීම නිසාවෙනි. මෙම ඖෂධ සමුදාය වෙසෙසින්ම එතුමාගේ ගම් පියසෙහි ද දිවයිනෙහි අනෙකුත් පළාත් වලද විශිෂ්ඨ ප්‍රතිඵල ගෙන දෙමින් ජන ප්‍රසාදයට ලක්වූ බව කිව මනාය.

1960 වසරෙහිදී හවුරුදු 51 ක් ආයු වළඳා ලිවේරා අමරතුංග වෛද්‍ය තුමන් මිය පරලොව ගිය අනතුරුව වුවද මෙම ප්‍රසිද්ධ ඖෂධාලය ප්‍රවීණ කළමණාකාරිත්වයක් භාරයෙහි දියුණුවට පත්ව අද දින වන විට සමස්ත දේශයටම ඉමහත් සේවාවක් ඉටු කරන්නේ නව ආයුර්වේද ඖෂධයන් සොයා ගන්නා හා බෙදාහරින්නාවූ කේන්ද්‍රස්ථානයක් ලෙසිනි.

වත්මන් කළමණාකාරිත්වය කල් මරමින් සිටින්නේ තම සෞඛ්‍ය මධ්‍යස්ථානය සඳහා ඉඩකඩැති විභූතිමත් ගොඩනැගිල්ලක් සපයාගැනුමටය. පුළුල් වූ රසායනාගාර සහ වෛද්‍ය පර්යේෂණාගාර පහසුකම් සපයමින් බලෟෂධාගාරයෙහි නවෝත්පාදන හැකියාව උන්නතියකට හා විස්තාරණයකට ලක් කෙරුම මෙහි ඒකායන අරමුණ වන්නේය. මෙහිදී බැංකු වැනි මූල්‍ය ආයතනයන්ට අත නොපාමින් හුදු ස්වෝත්සාහයෙන් ලක්දිව ජනයාට ආදර්ශමත් ආයුර්වේද ආයතනයක් ලෙසින් නැගී සිටීම වත්මන් කළමණාකාරිත්වයෙහි අභිප්‍රාය වේ. පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් ලෙසින් ප්‍රදේශයෙහි සමතුන් බඳවා ගැනුම ඔස්සේ විරැකියාවට විසඳමක් සපයමින්, ප්‍රතිකාරක හා ස්වාස්ථ්‍ය බැර තරමක් දුරට සැහැල්ලු කිරීමෙන් රාජ්‍යයට සහයයක් දෙමින්, විදේශ විනිමය අල්වා ගැනුමට මගක්ද සකසමින්, දුක්පත් හා අපාංග වූවන්ට අඩු මිලට රෝග නිවාරණය සැපයීම ඔවුන්ගේ අරමුණු සම්භාරය අතරට වැටී ඇත්තේය.


නිෂ්පාදන[සංස්කරණය]

ක්‍රිමිරාජ අරිෂ්ඨ වර්ග ක්‍රිමිරාජ ආසව වර්ග ක්‍රිමිරාජ ක්වාත වර්ග ක්‍රිමිරාජ චූර්ණ වර්ග ක්‍රිමිරාජ පැණි වර්ග
අභයරිෂ්ඨය අරවින්දාසවය එරන්ද සප්තක ක්වාත අශ්වගන්ධ චූර්ණය ඇහැල පැණිය
අමුර්තාරිෂ්ඨය උෂිරාසාගය කමලක්කධි ක්වාත අමලක්‍යාධරී චූර්ණය ඉඟුරු පැණිය
අර්ජුනාරිෂ්ඨය කණකසාවය දන්තමුල්‍යාදි ක්වාත කොත්තමල්ලි චූර්ණය එක්ෂුරු ම්‍රැත පැණිය
අෂ්වගන්ධාරිෂ්ඨය චන්දනසුවය පඨෝලකටුක ක්වාත තලිසාදි චූර්ණය කප්පරවල්ලි පැණිය
අශෝකාරිෂ්ඨය පිප්පලයදාසවය පංචමුල්‍යාධි ක්වාත භෂ්කරලවණ චූර්ණය කන්ඨකාරි පැණිය
කුඨජාරිෂ්ඨය පුනස්නවසාවය දරුපර්පථාධි ක්වාත මහාසරස්වතී චූර්ණය ගොක්ෂුරු පැණිය
කදිරාරිෂ්ඨය ලස්හුනසාවය රස්න සප්තක ක්වාත වැල්දෙහි චූර්ණය බටු පැණිය
ජීරකාධ්‍යරිෂ්ඨය ලොවර්ධසාවය යක්ෂස්ථි ක්වාත සීතෝපලධි චූර්ණය වසක පැණිය
දන්තාරිෂ්ඨය ලොහුවසාවය පුෂ්යානුග චූර්ණය වැල්මී පැණිය
දශමූලාරිෂ්ඨය සිද්ධජීවමෘත පැණිය
ද්‍රක්ෂාරිෂ්ඨය බ්‍රහ්මී පැණිය
ධාත්‍රීරිෂ්ඨය නාග්රා පැණිය
නිම්බාරිෂ්ඨය
පර්පඨධ්‍යාරිෂ්ඨය
බලාරිෂ්ඨය
මුෂ්තකාරිෂ්ඨය
ෂරිවාධ්‍යාරිෂ්ඨය
සරස්වතාරිෂ්ඨය
ක්‍රිමිරාජ වටී වර්ග ක්‍රිමිරාජ ගුග්ගුලු වර්ග ක්‍රිමිරාජ කල්ක වර්ග ක්‍රිමිරාජ අවලේහ/
රසායන/මෝධක වර්ග
ක්‍රිමිරාජ සෘත වර්ග ක්‍රිමිරාජ රස වර්ග
ආරෝග්‍ය වර්ධන වටිය කයිෂෝර ගුග්ගුලු නවරත්න කල්කය කුෂ්මාන්ද රසායනය අශ්වගන්ධ සෘත ආනන්ද බහිරව රසය
කුංකුමාදී වටිය ගොක්ෂුරාඩි ගුග්ගුලු දෑසඳුන් කල්කය ධත්‍රි රසායනය වෘහත් අශ්වගන්ධ සෘතය ඉච්ඡා බෙද් රසය
කුචිල ගුලිය පංචතිති සෘත ගුග්ගුලු බුද්ධරාජ කල්කය අස්වගන්ධ රසායනය වෘහත් ජගලාදි සෘතය චන්ද්‍රමෘත රසය
ජියනන්ද ගුලිය වතනගංගකුෂාය ශර්කරාධි කල්කය මනිබද්‍ර මෝදකය මකරද්වජය
දිවවේදිය යුවය යෝගරාජ ගුග්ගුලු යෂ්ටිය කල්කය ත්‍රීකාන්තකදි මෝදකය රබන රසය
සීතාරාම වටී පවත්ත ගුලිය ප්‍රමභ ගජන්කුෂය ලක්ෂ්මී විලාස රසය
සුරන්විදුර පත්තියම ප්‍රමේහ ගජකේෂරී රසායනය වසන්ත කුසුමාකාර රසය
සුරන්විදුර විරේක වජක්ෂර
චන්ද්‍රප්‍රභා වටිය වතරි රසය
වාත ගජේන්දසිංහ රසය
ස්වර්ණවංග රස
හිඟුලේෂ්වර රසය
රස සින්දූර මණික්ක රසය
ශ්‍රී මුර්තුංග ගුලිය
කපකේතු රසය
චිතාමණී රසය


ක්‍රිමිරාජ තෛල වර්ග
අශ්වගන්ධ තෛලය අරූද තෛලය ඉරිමේදාදි තෛලය රස පර්පත් ශන්ක් භෂ්ම
කෝලෂල්ෂමව තෛලය ගුඩුච්චඩි තෛලය චිත්‍රකරංජ තෛලය දසවග ප්‍රමේහ තෛලය
නිර්ගුණ්ඩායදී තෛලය නිෂාදි තෛලය මහා නීල්‍යාදි තෛලය පිණ්ඩ තෛලය
පිළිස්සුම් තෛලය පීනස් භංග තෛලය බටු තෛලය බලකෝරන්ද තෛලය
භෘංගමාලක තෛලය මහා නාරායන තෛලය මහා මාෂ තෛලය රත තෛලය
රතුළූණු තෛලය ලසුනේරන්ද තෛලය ලෝකාන්ත තෛලය වජිරකන්ද තෛලය
වාත විදුරංග තෛලය විසර්පහාර තෛලය සුලහාර තෛලය සර්වවිශාදි තෛලය
ශපද් තෛලය සිද්ධාර්ථ තෛලය සිතෝදක තෛලය ස්වල්පමාෂ තෛලය
හන්දි නාරායන තෛලය නාගරාජ තෛලය
ක්‍රිමිරාජ නව නිෂ්පාදන වර්ග
ක්‍රිමිරාජ පේයාව ක්‍රිමිරාජ පස් පංගුව ක්‍රිමිරාජ දන්ත චූර්ණය
ක්‍රිමිරාජ මුඛ දෝවනය ක්‍රිමිරාජ කුරුලෑ සුවය ක්‍රිමිරාජ සඳුන් පැණිය


අභිමතාර්ථ[සංස්කරණය]

  • ආයුර්වේද පැලෑටි සහ ඖෂධ නිෂ්පාදකතාවය නැංවීම
  • පොදු ජනතාවගේ මනසෙහි ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ විශ්වාසයක් ගොඩනැංවීම
  • දේශීය ඔසු පැල හා බෙහෙත් වර්ග වගාකිරීම, ඉදිරිපත් කිරීම හා සංරක්ෂණය කිරීම
  • ආයුර්වේද විශය පථයට අනුකූල වන පරිදී ආයුර්වේද පර්යේෂණ ක්‍රමවිධි ප්‍රමිතිකරණයට ලක් කිරීම
  • අත්‍යන්ත වූ පර්යේෂයන්ට භාජනය කිරීමෙන් දේශීය වෙදකමෙහි සැඟවුණු හැකියාවන් එළිදක්වා එම කුසලතා හා විශ්‍රම්භය අනෙකුත් වෛද්‍යාචාර්යය වරුන්ට ලබා දීම
"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිමිරාජ_කරල්ගුලි&oldid=268965" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි