කරපිංචා

විකිපීඩියා වෙතින්
කරපිංචා ගස
Curry Trees.jpg
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Rosids
ගෝත්‍රය: Sapindales
කුලය: Rutaceae
ගණය: 'Murraya'
විශේෂය: M. koenigii
ද්වීපද නාමය
Murraya koenigii
(L.) Sprengel[1]

කරපිංචා මුරේයා කොයිනිගි (Murraya koenigii)[2]යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබයි.

කරපිංචා ආහාර සකස් කිරී‍මේදී අද නැතිවම බැරි ස්වභාවික රස කාරකයකි. එසේම මෙහි ඉතා ඉහල ඖෂධීය මෙන්ම පෝෂනීය වටිනාකමක් ද ඇත.

කිරුක්තිය සහ පොදු නම්[සංස්කරණය]

විස්තර[සංස්කරණය]

කුඩා මල් සුදු හා සුවඳයි.
ඉදුණු ගෙඩි හා නොඉදුණු ගෙඩි

එය කුඩා ගසක් වන අතර උස මීටර් 4–6 (අඩි 13-20)ක් දක්වාද,විෂ්කම්භය සෙන්ටිමීටර 40 (අඟල් 16) සහිත කඳක් ලෙසද වර්ධනය විය හැක.

ව්‍යාප්තිය සහ වාසස්ථාන[සංස්කරණය]

මෙම ගස ඉන්දියානු උප මහද්වීපයට ආවේණික වන අතර ශ්‍රී ලංකාවේ රට පුරා සහ නැගෙනහිරින් තායිලන්තයේද බහුලව දැකගත් හැකිවේ.මීට අමතරව කම්පුචියාව, ලාඕසය සහ වියට්නාමය යන රට වලද දැකගත හැකිවේ.[3]

භාවිතයන්[සංස්කරණය]

නැවුම් කොළ ගුජරාටයේ, දකුණු හා අග්නිදිග ආසියාවේ කුළුබඩුවක් ලෙස සලකනු ලැබේ.

ප්‍රචාරණය[සංස්කරණය]

ප්‍රචාරණය මූල මොරෙයියන් හෝ වායු ස්ථර මගින් වන නමුත් සාමාන්‍යයෙන් බීජ මගින් එය ප්‍රරෝහණය වේ.

රසායනික සංඝටක[සංස්කරණය]

කරපිංචාවල  අඩංගු Flavonoids හා කෙදි නිසා කරපිංචා රුධීරයේ  LDL කොලොස්ටරෝල් පාලනය කරන බව පරීක්ෂණ මගින් සොයා ගෙන ඇත.මෙය කෙදි සහිත නිසා කොලෙස්ටරෝල් අවශෝෂණය බාල කරනු ඇත. තව ද අවශෝෂනය අඩු කරනු ලබයි. එම නිසා ‍මෙය හෘද රෝගීන් සදහා දිව ඔසුවකි.

තවද කරපිංචාවල යකඩ සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වේ. කරපිංචා මේ නිසා (විටමින් A සහC) හොද ඔක්සිහාරකයකි. එනම් ශරීරයට ඇතුළු වන වස විෂ ද දියවැඩියා රෝගීන්ගේ රුධීර ග්ලුකෝස් පාලනය ද, කිරිමේ හැකියාව මෙයට ඇත.

කරපිංචාවල විටමින් A සහ C ද අඩංගුය,නමුත් මේවා එලෙසින්ම වැදගත් වන්නේ අමුවට ආහාරයට ගැනිමෙනි. වියළීමේ දී සමහර විටමින් කොටස් විනාශ වීයනු ඇත.

තවද සර්ප විෂට කොළ මිශ්‍රණය අඹරා යුෂ පානය කිරිමට දෙන්නේ ද මෙහි තිබෙන ඖෂධීය ගුණය නිසාය.

අප කළ යුත්තේ ආහාරයට එක් කරන කරපිංචා විසි කිරීම නොව ඒවා හොදින් සපා කෑමය. මෙවිට එහි ඇති ගුණය,පෝෂණය හා ඖෂධීය වටිනාකම අපට ලැබේ.              

සෑම ගෙදරකම කරපිංචා ශාකයක් වැවීම ඉතාමත් පලදායකය. දිනපතා උදේ පාන්දරම කොළ කැද සාදා කරපිංචා පානය කළහොත් ශරීරයට ඉතා ගුණදායකය.

කරපිංචා ඉතා හොද ප්‍රසිද්ධ කුළු බඩුවකි. මෙමගින් ආහාරයට සුවදක් ද, රසයක් ද, ප්‍රනීත බවක් දකරපිංඇති කරය. එය සිදු කරන්නේ එහි ඇති Flavonoids නිසාය.

කරපිංචාවල අඩංගු ප්‍රතිඔක්සිහාරක ගුණය නිසා පිළිකා සෛල නැසීමෙ ගුණය ද, සෛල චක්‍රය දික්කර වේගය අඩු කොට වයස් ගත විමද අඩුකිරීමේ ගුණයද ඇත.

කරපිංචා භාවිතය නිරෝගී දිවියක් සදහා උපකාරී වන බව කිවහැක.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Murraya koenigii information from NPGS/GRIN". www.ars-grin.gov. සම්ප්‍රවේශය 2008-03-11.
  2. Jayasinha, Purnima; Warnasuriya, Dilmani; Dissanayake (1999). Karapincha(Murraya koenigii). Colombo, Sri Lanka: Industrial Technology Institute. p. 1. ISBN 9558394017.
  3. Jayasinha, Purnima; Warnasuriya, Dilmani; Dissanayake (1999). Karapincha(Murraya koenigii). Colombo, Sri Lanka: Industrial Technology Institute. p. 2. ISBN 9558394017.

බාහිර වෙබ් අඩවි[සංස්කරණය]

http://vidathanet.blogspot.com/2016/12/blog-post_540.html

http://krushikarmaya.tharunaya.us/page.php?id=1444279447

https://en.wikipedia.org/wiki/Curry_tree

https://www.organicfacts.net/health-benefits/herbs-and-spices/health-benefits-of-curry-leaves.html


"https://si.wikipedia.org/w/index.php?title=කරපිංචා&oldid=445227" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි