ඕත්‍රාන්තෝ හී ප්‍රාණපරිත්‍යාගවරු

විකිපීඩියා වෙතින්
ශුද්ධවූ අන්තෝනියෝ ප්‍රිමාල්ඩෝ සහ ඔහුගේ සහායකයෝ
ඕත්‍රාන්තෝ හී ප්‍රාණපරිත්‍යාගවරු
ඕත්‍රාන්තෝ ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ ශුද්ධ වස්තු
ප්‍රාණපරිත්‍යාගවරු
මරණය14 අගෝස්තු 1480
ගරු කරනු ලබනුයේකතෝලික සභාව
භාග්‍යවත් භාවයට එසවූයේදෙසැම්බර් 14, 1771, 14වන ක්ලෙමන්ට් පාප්වහන්සේ විසින්
ශුද්ධවර භාවයට එසවූයේමැයි 12, 2013, ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය, ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින්
ප්‍රධාන සිද්ධස්ථානඕත්‍රාන්තෝ ආසන දෙව්මැදුර
මංගල්‍යය දිනඅගෝස්තු 14
අනුග්‍රාහකත්වයඕත්‍රාන්තෝ

ඕත්‍රාන්තෝ හී ප්‍රාණපරිත්‍යාගවරු ලෙසින්ද හැඳින්වෙන, ශුද්ධවූ අන්තෝනියෝ ප්‍රිමාල්ඩෝ සහ ඔහුගේ අනුගාමික ප්‍රාණපරිත්‍යාගවරු (ඉතාලි: I Santi Antonio Primaldo e compagni martiri) යනු 1480 අගෝස්තු 14 දිනදී මරා දැමුණු දකුණු ඉතාලියෙහි ඕත්‍රාන්තෝ නම් සැලෙන්තියානු නගරයෙහි වැසියන් 813 දෙනෙක් වෙති. ගෙඩික් අහමද් පාෂා යටතේ වූ ඔටෝමාන් බල සේනාවට නගරය යටත්වූ පසුව ඉස්ලාම් ආගම වැලැඳගැනීම ප්‍රතික්ෂේප කල ඕත්‍රාන්තියානුවන් මෙසේ සමූලඝාතනය කල බවට බොහෝ විට පැහැදිලි කෙරෙයි.

විශේෂ ලක්ෂණ[සංස්කරණය]

ඉතාලිය තුල ඔටෝමාන් අභිලාෂයන් කෙළවරට පත් විය. ඕත්‍රාන්තෝ තුර්කිවරුන්ට යටත් වුනි නම්, ඉතාලියෙහි ඉතිහාසය බෙහෙවින් වෙනස් වීමට ඉඩ තිබුණි. එහෙත් ඕත්‍රාන්තෝ වැසියන්ගේ වීරත්වය, යුද්ධෝපාය සම්බන්ධ තීරණාත්මක ස්ථාවරයකට වඩා ඉක්මවූවක් විය. ඕත්‍රාන්තෝ හී ප්‍රාණකැපය වඩාත් විශිෂ්ට වූයේ ක්‍රිස්තුන්වහන්සේ නිෂ්ප්‍රභාකිරීමට වෙනුවට විශ්වාසය වෙනුවෙන් මියයෑමට ඔවුන් තුල වූ කැමැත්තයි. -- මැතිව් බන්සන්

ඕත්‍රාන්තෝ වටලෑම -වැසියන්ගේ ප්‍රාණපරිත්‍යාගත්වය හා සමගින් - , දකුණු ඉතාලිය ජයගැනුමට මුස්ලිම් හමුදාවක් විසින් ගත් අවසන් සැලකිය යුතු හමුදාමය උත්සාහය විය. මෙම ඝාතනය යුරෝපියානු ඉතිහාසයෙහි සන්ධිස්ථානයක් ලෙසින් රිසෝර්ජිමෙන්තෝ ඉතිහාසඥයින් (අර්නල්ඩි සහ සිරාකෝ වැනි) විසින් ආවර්ජනය කෙරෙන්නේ,[1] මෙම ප්‍රාණකැපයෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉතාලියානු අර්ධද්වීපය මුස්ලිම් හමුදා විසින් කිසිදිනෙක යටත් නොකල නිසාය.[2]

සමකාලීන තුර්කි ඉතිහාසඥ ඉබ්න් කෙමාල් විසින් මෙම ඝාතනය යුක්තිසහගත බව පවසන්නේ ආගමික පදනමක් මත සිටය.

  1. අල්ෆන්සෝ සිරාකො, ඉන් ඩිෆේසා ඩෙල් රිසෝර්ජිමෙන්තෝ, බොලොඤ්ඤ, ඉල් මුලීනො, 1998. ISBN 88-15-06717-5
  2. ජිරෝලමො අර්නල්ඩි, ලිටාලියා එ ඉ ස්වොයි ඉන්වසෝරි, රෝමා-බාරි, ලටේර්සා, 2002. ISBN 88-420-6753-9