ඔසරිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සිංහලයේ මනාලියගේ ඔසරිය වර්තමානයේ හඳුන්වන සම්ප්‍රදායික ශ්‍රේෂ්ඨත්වයක් පිළිබිඹු කරයි. හරියට ඇය රජ බිසවක නියෝජනය කරනවා යැයි කිව්වොත් නිවැරැදියි. ඇගේ කරට දමන මාල 7 සත්පත්තිනි පතිවෘතාව සංකේතවත් කරයි. පොල් මල් මාලය, බැබිල මාලය, අරළු මාලය, ගෙඩි මාලය, පෙති මාලය, අගස්ති මාලය හා පදක්කම් මාලය දැනට භාවිත වන මාල වේ. පදක්කම් මාලය පැළඳීමෙන් සංකේතවත් කරන ලද්දේ පියාගේ ගෞරවය ආරක්ෂා කළා සේම තම ස්වාමියාගේ ගෞරවය ද ආරක්ෂා කරන බවයි. උඩරට මනාලියකගේ ආභරණ කට්ටලය පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණු දායාදයක් හැටියට පැරැන්නන් සලකනු ලැබීය. ඇගේ හිස මත පළඳවන තැල්ල පත්තිනි තැල්ල හැටියටත් හඳුන්වයි. හිසේ දකුණ සහ වම්පස තිබෙන ඉර හඳ දෙක මඟින් හිරු සහ සඳු තිබෙනා තුරු සිය ආදරය හිස් මුදුනින් පිළිගන්නා බව සංකේතවත් කරයි. බෝලයක් මෙන් සකස් කරනු ලබන කොණ්ඩය මහමේරු පර්වතය සංකේතවත් කරයි. එයින් කියැවෙන්නේ ඕනෑම බරක් හිස තබාගෙන ජීවත්වීමේ ආත්ම ශක්තියක් තමාට ඇති බවයි. හැට්ටයේ අත් දෙක බෝරිච්චි කිරීමෙන් කියැවෙන්නේ පිරුණු උරමඬලක හෙවත් පවුල් ජීවිතයේ හැම බරක්ම දරාගත හැකි පූර්ණත්වයක් ඇය තුළ සංකේතවත් වන බවයි. ඔසරිය එදා රජ මාළිගාවේ රාජාභිෂේකය සදහා භාවිත කළ රජ බිසවගේ ලාලිත්‍යය මතු කළ අයුරින් හැඩ ගැන්වීම කළ යුතුය. නැතහොත් උඩරට මනාලිය තුළින් දිස්වන තේජස් බව හා ගාම්භීරත්වය යටපත් වී යා හැකියි. එදා මෙදාතුර ඔසරියට මේ ලැබුණු ගාම්භීරත්වය විවාහ මංගල්‍ය දිනයේ සතුට හා විශ්වාසය තවදුරටත් සනාථ කරන සංකේතයක් ලෙස ප්‍රකටය.

සිංහලයේ කාන්තා ජාතික ඇඳුම ඔසරියයි. එයටම කැපෙන පුරුෂ ඇඳුම මුල් ඇදුමය.

"https://si.wikipedia.org/w/index.php?title=ඔසරිය&oldid=437032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි