ඔලිම්පික් ශ්‍රේණියේ සාගර නෞකාව
බෙල්ෆාස්ට් හිදි, 1912 මාර්තු 6 දින: හානියට පත් ඔලිම්පික් නෞකාව අළුත්වැඩියා කිරීමට ඉඩ දීම සඳහා ටයිටැනික් (දකුණුපස) ඩ්‍රයිඩොක් එකෙන් ඉවත් වන අවස්ථාව.
| |
| Class සමාලෝචනය | |
|---|---|
| Builders: | හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ෆ්, බෙල්ෆාස්ට් |
| Operators: | වයිට් ස්ටාර් ලයින්; කියුනාඩ්-වයිට් ස්ටාර් ලයින් |
| Built: | 1908–1914 |
| In service: | 1911–1935 |
| Completed: | 3 |
| Retired: | 1 |
ඔලිම්පික් ශ්‍රේණියේ සාගර නෞකා යනු 20 වන සියවසේ මුල් භාගයේදී වයිට් ස්ටාර් ලයින් සඳහා හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ෆ් නැව් අංගනය විසින් ඉදිකරන ලද බ්‍රිතාන්‍ය සාගර නෞකා තුනකි. ඒවා නම් ඔලිම්පික් (1911), ටයිටැනික් (1912) සහ බ්‍රිටැනික් (1915) ය. මේ තුනම නිර්මාණය කර ඇත්තේ ලොව විශාලතම හා වඩාත්ම සුඛෝපභෝගී මගී නැව් ලෙස වන අතර එය නිර්මාණය කර ඇත්තේ වයිට් ස්ටාර් ලයින් සඳහා අත්ලාන්තික් සාගරයේ මගී වෙළඳාමේ වාසියක් ලබා දීම සඳහා ය.
ප්‍රධාන නෞකාව වන ඔලිම්පික් වසර 24 ක් සේවය කර ඇති අතර 1935 දී විශ්‍රාම ලබා කොටස් කර විකුණනු ලැබුවද, ඇගේ සහෝදර නෞකාවන්ට ද එවැනිම සාර්ථකත්වයක් ලබාදිය නොහැකි විය: ටයිටැනික් අයිස් කුට්ටියක ගැටී ඇගේ මංගල ගමනේදිම ගිලී ගිය අතර, පළමුවන ලෝක සංග්‍රාමයේදී බ්‍රිටැනික් මගී සේවයට ඇතුළුවීමට පෙරදිම ඊජියන් මුහුදේ කීයා අසල බෝම්බයකට හසුවී ගිලී ගියාය.
යාත්‍රා දෙකකට සාර්ථක අවසානයක් නොලැබුනද, ඒවා මෙතෙක් ඉදිකර ඇති වඩාත්ම ප්‍රසිද්ධ සාගර නෞකා අතර වේ. ඔලිම්පික් හා ටයිටැනික් යන නෞකා ද්විත්වය එවකට ලෝකයේ විශාලතම නැව් ලෙස කීර්තියට පත්විය. 1936 දී RMS ක්වීන් මේරි නිපදවන තෙක්ම වසර 20 කට වැඩි කාලයක් බ්‍රිතාන්‍යය විසින් සාදා තිබූ විශාලම නෞකාව වන්නේද ඔලිම්පික් වේ. ටයිටැනික් නෞකාවේ කතාන්තරය බොහෝ පොත් සහ චිත්‍රපට වලට අනුවර්තනය වී ඇති අතර බ්‍රිටැනික් නෞකාවේ කතාන්තරයද එම නමින්ම 2000 වසරේදි චිත්‍රපටයකට තේමා වී ඇත.