ඔමේගා-3 මේද අම්ලය
Jump to navigation
Jump to search
ඔමේගා-3 මේද අම්ල — ω-3 මේද අම්ල හෝ n-3 මේද අම්ල[1] ලෙසින්ද හැඳින්වෙන— යනු කාබන් දාමයෙහි අග සිට තෙවන කාබන් පරමාණුවෙහි ද්විත්ව බන්ධනයක් (C=C) සහිත බහු අසංතෘප්ත මේද අම්ලයකි (PUFAs). [2] මේද අම්ලයන්හි අන්ත දෙකක් ඇති අතර, මේ අතරින් කාබොක්සිල් අම්ල (-COOH) අන්තය දාමයෙහි ආරම්භය ලෙසින් සැලකෙන අතර, මේ අනුව එය "ඇල්ෆා" නම් වන අතර, මෙතිල් (CH3) අන්තය සැලකෙන්නේ දාමයෙහි "අග" හෙවත් "ඔමේගා" ලෙසිනි. මේද අම්ලයක් නම් කිරීමේ ආකාරය තීරණය වන්නේ, මෙතිල් අන්තයෙහි, එනම් ඔමේගා (ω-) හෝ n- අන්තයෙහි සිට ගණන් ගත් විට පළමු ද්විත්ව බන්ධනය පවතින ස්ථානය අනුව වෙයි.
- ↑ "රිලේටඩ් ටර්ම්ස්". ඔමේගා-3 ෆැටි ඇසිඩ්ස්, ෆිෂ් ඔයිල්, ඇල්ෆා-ලිනොලිනික් ඈසිඩ්. ඹායෝ ක්ලිනික්. Retrieved ජූනි 20, 2012.
- ↑ ස්කෝර්ලෙටී ඊ, බර්න් සීඩී (2013). "ඔමේගා-3 ෆැටී ඈසිඩ්ස්, හෙපාටික් ලිපිඩ් මෙටබොලිසම්, ඇන්ඩ් නොන්ඇල්කොහොලික් ෆැටී ලිවර් ඩිසස්". ඇනුවල් රිවිව් ඔෆ් නියුට්‍රිෂන්. 33 (1): 231–48. doi:10.1146/annurev-nutr-071812-161230. PMID 23862644. Vancouver style error: name (help)