ඔපරේෂන් ගෝල්ඩ් මෙහෙයුම

විකිපීඩියා වෙතින්
උමග තුල සිටින සෝවියට් නිලධාරියෙක්.

ඔපරේෂන් ගෝල්ඩ් ( බ්‍රිතාන්‍යයන් විසින් ඔපරේෂන් ස්ටොප්වොච් ලෙසින්ද හැඳින්වෙන ) යනු, සෝවියට්-නතු කලාපය දක්වා දිවෙන උමං භාවිතයෙන්, බර්ලිනයේ සෝවියට් යුද්ධ හමුදා මූලස්ථානයේ භූ-කම්බි සන්නිවේදන පද්ධතියට රහසේ සවන් දීමට, ඇමරිකානු සීඅයිඒ සහ බ්‍රිතාන්‍ය රහස් බුද්ධිතොරතුරු සේවාව විසින් 1950 ගණන් වලදී ඒකාබද්ධව දියත් කෙරුණු මෙහෙයුමකි. මෙය, කලින් වියෙනාහිදී සිදුකෙරුණු ඔපරේෂන් සිල්වර් ව්‍යාපෘතියෙහි මහත් සංකීර්ණ ප්‍රභේදනයක් විය. ඔපරේෂන් ගෝල්ඩ් මෙහෙයුම පිළිබඳ තොරතුරු, ඔවුන්ගේ ඉත්තාවූ ජෝර්ජ් බ්ලේක් විසින් ආරම්භයේ සිටම සෝවියට් බලධාරින් වෙත දැනුම් දුන් අතර, 1956 වසරෙහිදී එම උමග "සොයා ගැනිණි."

සමාලෝචනය[සංස්කරණය]

ඔපරේෂන් ගෝල්ඩ් මෙහෙයුම සැලසුම් කලේ එස්අයිඑස් සහ සීඅයිඒ විසින් වුවද, එය ක්‍රියාත්මක කෙරුණේ සීඅයිඒ මුදල් සහ මිනිස්බලය තුලිනි[උපහරණ ඇවැසිය]. ව්‍යාපෘතිය පිළිබඳ විස්තර තවමත් ආරක්ෂණය කර පවතින අතර, සොයාගත හැකි විශ්වසනීය තොරතුරු ඉතා හිඟ වෙයි. මෙයට ප්‍රාථමික හේතුව වන්නේ, එකල-මධ්‍යම රහස් තොරතුරු අධ්‍යක්ෂක, ඇලන් ඩලස් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය දෙන විට, "ලිඛිත වාර්තා" "හැකිතරම් අඩුවිය යුතු බවට" කල නියමය නිසාය.


සටහන්[සංස්කරණය]

මෙයද බලන්න[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]


ඛණ්ඩාංක: 52°24′44″N 13°31′42″E / 52.41222°N 13.52833°E / 52.41222; 13.52833