ඔගස්ට් කොම්ට්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඔගස්ට් කොම්ට්
Auguste Comte by Tony Touillon.
උපත 19 ජනවාරි 1798(1798-01-19)
Montpellier, ප්‍රංශය
මරණය 5 සැප්තැම්බර් 1857 (වයස 59)
පැරීසිය, ප්‍රංශය
ජාතිකත්වය ප්‍රංශ
සංගණ්‍ය අදහස් Positivism, law of three stages, encyclopedic law, altruism

ඉස්ඩෝර් ඔගස්ට් මේරි ෆ්‍රැන්සිස් ෂේවියර් ක්‍රි.ව. 1798 ජනවාරි මස 19 වන දින දක්‍රණු ප්‍රංශයේ දී උපත ලැබීය. ඔගස්ට් කොම්ට් නමින් ප්‍රකට මෙම ප්‍රංශ දාර්ශනිකයා සමාජ විද්‍යාවේ පියා යනුවෙන් හදුන්වයි. ලයිසි ප්‍රංශයේ ලයිසි(Lycée Joffre) පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු මොට්පෙලර්(Université de Montpellier)විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය. ඉන්පසු ඔහු ප්‍රංශයේ ජනප්‍රිය පාසල යන විරුදාවලිය ලත් පොලිටෙක්නික්(École Polytechnique)නම් බහු තාක්ෂණික ආයතනයෙන් අධ්‍යාපනය ලැබීය.

උපත හා අධ්‍යාපනය[සංස්කරණය]

කොම්ට් උසස් යයි සම්මත රදළ පෙළපතකට අයත් විය. කොම්ට්ගේ පියා උසස් රාජ්‍ය නිළධාරියකු විය. ඔවුන්ගේ පවුල දැඩි සාම්ප්‍රධායික මත දැරූ දැඩි කතෝලික භක්තිකයන් විය. එහෙත් කොම්ට් කුඩා කල සිට ම මෙම දැඩි සාම්ප්‍රධායික ගතානුගතික අදහස් ප්‍රතික්ෂේප කළේ ය. මිනිසුන් උසස් හා පහත් ලෙස බෙදී පීඩිත ජනයා තවතවත් පීඩනයට පත්කරන සමාජ ක්‍රමයට දැඩිව විරුද්ධ විය. ඔහු කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂකම් දැක්වී ය. පාසැල් ජීවිතය තුල විවිධ ත්‍යාග දිනා ගැනීමට ද හැකි විය. පාසලේ දීප්තිමත් ම ශිෂ්‍යයාද විය. පාසලේ මිතුරන් අතර ඔහු දාර්ශනිකයා යන සුරතල් නමින් පුසිද්ධ විය. කෙසේ වෙතත් කොම්ට් කුඩා කාලයේ පටන් මුරණ්ඩු ගති ලක්ෂණ පෙන්වී ය. පාසැල තුලදී වංශවතුන්ට වැඩි සැලකිලි හා පීඩිත ජනයාට දක්වන අඩු සැලකිලි පිළිබද ප්‍රශ්න කළේ ය. රදළයන්ට විශේෂ වරප්‍රසාද හා සාමාන්‍ය ජනයාට අඩු වරප්‍රසාද වෙනුවට සෑම මිනිසකුටම සම වරප්‍රසාද ලැබිය යුතු බව ප්‍රකාශ කළේ ය. පාසැල තුල ඒ වෙනුවෙන් අරගල කිරීමට පවා ඔහු නිර්භීත විය. එය නිසාම ඇතැම් සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ අප්‍රසාදයට කොම්ට් ලක්විය. ඔහුට පාසැල් පරිපාලනය විනය විරොධි ක්‍රියා සිදුකළේ යැයි නිතර අවවාද කිරීම් වලට ලක් විය. කෙසේ වෙතත් ඔහු පාසැල් අධ්‍යාපනය සාර්ථකව නිමකළේ ය. කොම්ට්ගේ අධ්‍යාපනික ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයක් ලෙස පොලිටෙක්නික් බහු තාක්ෂණික ආයතනයේ උගත් කාලය සැලකිල්ලට ගත හැක. මෙහි දී ඔහුට ප්‍රකට භෞතික විද්‍යාව හා ගණිතය පිළිබද විශ්ව ශ්‍රේණියේ මහාචාර්යවරුන්ගෙන් ගුරු හරුකම් ලබා ගැනීමට හැකි විය. මෙහිදී ද ඔහුගේ සුපුරුදු මුරණ්ඩු ගති නිසා ශිෂ්‍යයන්ගේ හා ගුරුවරුන්ගේ අප්‍රසාදයට බඳුන් විය. මෙම ආයතනය පිළිබද කළ කිරුණ ඔහු යළි තමා උපන් ගමට පැමිණෙයි.

රැකියාව හා විවාහය[සංස්කරණය]

කොම්ටි පෙරළා ගමට පැමිණියද දැඩි සම්ප්‍රධායික මතදැරූ තම දෙමාපියන් හා මතගැටුම් ඇතිකරගත් නිසා ඔහු තම නිවසින් ඉවත්ව පැරීසිය බලා යන්නේ රැකියාවක් සොයාගැනීමටයි.ඉතා ධනවත් රදළ පවුලක උපලත් මෙම විප්ලවවාදියා පැරීසියට ගොස් කුඩා රැකියන්හි නිරත වෙමින් තම ජීවිකාව ගෙනහියේය.මෙසේ සිටින අතරතුර එවක ප්‍රකට දාර්ශනිකයෙකුවූ හෙන්රි සැට් සිමොන් මුණගැසෙයි.සැට් සිමොන්ගේ සිත දිනා දිනාගැහීමට කොම්ට වැඩිකලක් ගතවූයේ නැත.සිමොන්ගේ හොදම ශිෂ්‍යා මෙන්ම ඔහුගේ පෞද්ගලික ලේඛම් පදවිය දිනාගැනීමටද කොම්ට හැකිවිය.මොවුන් දෙදෙනාගේ ගුරු ශිෂ්‍ය සබදතාවය කොතරම් දුරදිග ගියේද කිවහොත් ඔවුන් දෙදෙනා එක්ව සමකතෘත්වයෙන් ග්‍රන්ත කිහිපයක්ම ප්‍රකාශයට පත් කළහ.කෙසේ නමුත් කොම්ට් හා සිමොන් අතර ඇතිවූ බුද්ධිමය ප්‍රතිවිරෝධතා නිසා මෙම ගුරු ගොල එකමුතුව බිදවැටිණ.කෙසේ වෙතත් සෙට් සිමොන් හා ඔගස්ට් කොම්ට් සමාජය පිළිබදව විද්‍යාත්මක අධ්‍යනයකර තේරුම් ගත හැකිවනසේ නවතම විෂයක් නිර්මාණය කිරීමට අවශ්‍යවිය.කොම්ටි විසින් තම ගුරුවරයාවූ සිමොන්ගෙන් ලැබුන දායකත්වයත් ඔහු ශෞතික විද්‍යාව හා ගණිතය පිළිබද ලැබූ දැනුමත් මුල් කරගෙන 1838 දී සමාජ භෞතිකය නමින් නවතම විෂයක් නිර්මාණය කිරීමට හැකිවිය.පසුව තවදුරටත් තම විෂය දියුණුකළ ඔහු මෙම විෂය 1839 දී සමාජ විද්‍යාව නමින් නම් කළේය. සිමොන්ගෙන් වෙන්වූ කොම්ට දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවිය.මේවනවිට උගතකු ලෙස නමක් දිනාසිටි කොම්ට උගතුන් ගෙන් හා බුද්ධිමතුන්ගෙන් නිතර ඔහුගේ යථානුභූත දර්ශනය පිළිබද පෞද්ගලික දේශන පවත්වන ලෙස ආරාධනා ලැබිනි.පසුව මෙම දේශන සටහන් Course of positive philosophy නමින් ග්‍රන්තයක් ලෙස පළ කලහ.

1825 දී කොම්ට් කැරොලින් මෙසින් නම් කාන්තාව හා විවාහවෙයි. ඇය ගණිකාවක් හා අවජාතක තරුණියක් බව පැවසේ. කෙසේ වෙතත් මෙම විවාහයට කොම්ටගේ ධනවත් දෙමාපියන් දැඩිසේ විරුද්ධවූ බව පැවසේ.1826 දී කොම්ටි මානසින රොගියකු ලෙස මානසික රොහලට පවා ඇතුලත් වීමට සිදුවූ බව කියැවේ. 1827 දී ඔහු සියදිවි නසාගැනීමටද උස්සාහකර ඇත.‍කෙසේ වෙතත් ඔහු සුව වීමෙන් පසු නැවත ශ්‍රාස්ත්‍රීය අටයුතු ආරම්භ කළේය. 1842 දී ඔහුගේ විවාහය දෙදරා ගියේය.කොම්ට් ගේ ජීවිතයේ තවත් එක් වැදගත් අවස්ථාවකි කොටිල්ඩේ වොක්ස්(Clotilde de Vaux) නම් මිතුරිය මුණගැසීමයි. කොම්ට් හා වොක්ස් අතර අතිවූ ප්‍රේමය ඉතා සුවිශේෂීවිය.කොම්ට් පවසා ඇත්තේ තම ජීවිතයේ හමුවූ සුන්දරතම ගැහැණිය වොක්ස් බවයි.මොවුන් දෙදෙනා අතර කොතරම් දැඩි බැදීමක් ආදරයක් තිබුණද ඔවුන් අතර කායික බැදීමක් හෝ විවාහයක් පැවතියේ නැත.මොවුන් දෙදෙනාම උගත් හා බුද්ධිමතුන්විය. කොම්ට්ගේ දාර්ශනික අදහස් හොදින් තේරුම් ගන්නට තරම් ඇය බුද්ධිමත් තැනැත්තියක් විය.කොම්ට් කොතරම් වොක්ට ආදරය කළේද යත් ඇය මියයෑමෙන් පසු කොම්ටි විසින් තම හොදම මිතුරියවූ වොක්ස්ගේ හිසකෙස් සිහිවටනයක් ලෙස තබාගත්තේය. කොම්ටි මියයන විට පවා මෙම සිහිවටනය ඔහු සුරක්ෂිතව තබාගෙන ඇත.වොක්ස් 1846 දී රෝගාතුරව සිට මියගියාය.කොම්ට් සදහන්කර ඇති පරිදි ඔහුගේ ජීවිතයේ වඩාත්ම දුක්වූ අවස්ථාව වොක්ස්ගේ මියයාමයි. වොක්ස් හා කොම්ට් අතර ඇතිවූ බුද්ධිමය සංවාද ඇසුරෙන් religion of humanity නම් ග්‍රන්තය ප්‍රකාශයට පත්කළේ ඇගේ මියයෑමෙන් පසුවය.මින් පසු කොම්ට්ගේ අවසන් ශ්‍රාස්ත්‍රීය කෘතියවූ system of positive politics ග්‍රන්තය ප්‍රකාශයට පත් කළහ.

වොක්ස්ගේ මියයෑමත් සමග හුදෙකලා දිවියක් ගතකළ කොම්ට් 1857 සැප්තැම්බර් 5 වන දින උදරයේ ඇතිවූ පිළිකාවක් හේතුවෙන් මිය ගියහ. ඔහුගේ දේහය ප්‍රංශයේ ප්‍රකට Père Lachaise Cemetery නම් සුසාන භුමියේ මිනිදන් කළහ. කොම්ට්ගේ මව හා වොක්ස් භුමදාන කරඇත්තේද මෙම සුසාන භුමියතුල බව සදහන්වේ.

කොම්ටිටියානු දර්ශනය[සංස්කරණය]

සමාජ විද්‍යාවේ පියා වශයෙන් කොම්ටි විසින් සමාජ විද්‍යාවට කරනලද න්‍යායාත්මක දායකත්වය ඉතා ඉහළය.

අවධි තුන පිළිබද නීතිය[සංස්කරණය]

ඔගස්ට් කොම්ට් ගේ අවධි තුන පිළිබද න්‍යාය සරල රූසටහනකින්

මානව සමාජ පරිණාමයේ අවධි තුනක් කොම්ට් හදුනාගනී.මෙම අවධි තුන ඔහු අවධි තුන පිළිබද නීතිය ලෙස සංකල්පගත කරයි.මෙම අවධිතුන සමාජ විකාශන අවධි තුනක් පමණක් නොව මානව චින්තනයේ අවධි තුනක් ලෙස දැක්විය හැක.මෙමගින් මානවයා යුධමය සමාජයක සිට තාර්කික හා කාර්මික සමාජයක් දක්වා පරිණාමය වන අයුරු පෙන්වා දෙයි.පොදුවේ මෙය එක් එක් පුද්ගලයාගේ මනසේ පරිණාමයට සමාන්තර යැයි කොම්ට් දිටීය.මෙම අදහස් ඔහු විසින් රචිත The Course in Positive Philosophy නම් ග්‍රන්ථයේ සදහන්වෙයි.

දේවවාදී අවධිය[සංස්කරණය]

සමාජ පරිණාමයේ මුල්ම අවධිය දේවවාදී අවධියයි.මෙම අවධියේ දී මිනිසා සියලු ස්වශාවික වස්තූන් දේව නිර්මාණයක් බව පිළිගැනීමට පෙළඹේ.මිනිසාට තේරුම්ගත නොහැකි ස්වභාව ධර්මයේ සිදුවන සංසිද්ධීන් දෙවියන්ගේ මෙහෙයවීමෙන් සිදුවනබව විශ්වාස කරය‍ි.මානව සමාජයේ මලුම අවධියවන මෙම යුගයේ ගුප්ත බලවේග දේවවාදී සංකල්ප ආත්ම සංකල්ප ආදී අනේකවිද ප්‍රාථමික ආගම් අභිචාර වලින් පිරී පැවතුනි.මෙම අවධියේ සමාජය බොහෝවිට ගොත්‍රික සමාජ විය.මෙම අවධියේ සමාජයේ නායකයා වන්නේ ශාරීරික ශක්තියෙන් යුධ ශක්තියෙන් හෙබි නායකයෙකි.මොවුන් මිලිටරි නායකයන් ලෙ කොම්ට් දකී.මොවුන් තම බලය රැකගැනීමට දේව ධර්මාණුකූල න්‍යාය ඉදිරියට දමයි.ඒ අනුව මෙවැනි නායකයින් දෙවියන් පිළිබද විශ්වාසය ඉදිරියට ගෙනයමින් තම නායකත්වය රැකගනී.

පාරභෞතික අවධිය[සංස්කරණය]

මෙම අවධියේ දී මනිසා ගුප්ත බලවේග ප්‍රශ්න කිරීමට පෙළඹේ.පෙර තමාට තේරුම්ගත නොහැකිව සිටි ස්වභාව ධර්මය දේව නිර්මාණයක් නොව ස්වශාවික සංසිද්ධි පමණක්බව තේරුම්ගනී.මෙහිදී මිනිසා ගුප්ත බලවේග ප්‍රශ්න කිරීමට යොමුවෙයි.මෙම අවධියේ දී මිනිසා ගුප්ත බලවේග මත හිද තමාගේ මානසික මට්ටම දේවත්වයට හො අධිඅස්වාභාවික බලවේගයන්ට යටත් නොවියයුතු බව විශ්වාම කරයි.මෙම යුගය තුල විවිධ දාර්ශනිකයන් බිහිවීම දැකිය හැකිය.ඔවුන් සාම්ප්‍රධායික ගතානුගතික සංකල්පයන් විවේචනය කරමින් මිනිසා විසින්ම නිර්මාණය තරගත් ගුප්ත බලවේග ප්‍රශ්නකරති.මෙම අවධිය නීතිමය සමාජයක් වන අතර දේව දඩුවම නොන නෛතික ආදිපත්‍ය මගින් සමාජය පාලනය කරයි.මෙය නෛතික සම්භන්ධතා අගයන සමාජයකි.

යථානුභූත අවධිය[සංස්කරණය]

මෙම අවධිය සමාජ පරිණාමයේ ඉහළම අවධියයි.මෙම අවධිය තුල මිනිසා සමාජය තේරුම් ගැනීමේ දී තාර්කික හා විද්‍යාත්මක ඥානය යොදාගනී.මෙම අවධිය කාර්මික සමාජ අවධියක්ලෙස කොම්ට් පෙන්වා දෙයි.මෙම අවධියේ සිටින මිනිසා තාර්කික මිනිසෙකි.මෙම අවධිය සමාජ පරිණාමයේ හා මිනිස් දැනුමේ ඉහළම අවධියයි.මෙහි අතාර්කික හා අවිද්‍යාත්මය ස්වරූපයක් නැත.

විද්‍යාව වර්ගීකරණය[සංස්කරණය]

විද්‍යාව පිළිබද වර්ගීකරණය කොම්ට්ගේ අවධි තුනේ නීතිය හා බැදේ.මානව පරිණාමයේ අවධින් විවිධ විද්‍යාවන් එක් එක් මට්ටමින් ඉහළට ඔසවා තැබීය.කොම්ට අනුව සමාජ පරිණාමයත් සමග විද්‍යාවන් ප්‍රගතිය කරා ගමන් කලේය.

වාස්තවිකවාදය[සංස්කරණය]

වාස්තවිකවාදය යනු පවතිනදේ පවතින අයුරින්ම අධ්‍යනය කිරීමයි.වරෙක මෙය බුද්ධිවාදී ස්වරූපයන් අනුභුතිවාදී ස්වරූපයත් ගනී.එම නිසාම යාථානුභුතවාදය අවුල් සහගත වන බව ඇතැම් සමාජ විද්‍යාඥයනගේ අදහසයි.

ජේතිෂ්‍යවන්දනය[සංස්කරණය]

මෙම සංකල්පය මගින් අර්චනකාමයේ සිට බහුදේව වාදයටත් පසුව ඒක දේවවාදය දක්වා සමාජය පරිණාමයවූ අයුරු කොම්ට් පෙන්වාදෙයි.අවසානයේ ඔහු මනුෂ්‍යත්වයේ ආගම නම් සංකල්පය හදුන්වාදෙයි.

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Pickering_192ff. නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. Pickering (2009b), pp. 216 and 304.
  3. Sutton, Michael (1982). Nationalism, Positivism, and Catholicism. The Politics of Charles Maurras and French Catholics 1890–1914. Cambridge: Cambridge University Press. ISBN 0521228689. 2
"https://si.wikipedia.org/w/index.php?title=ඔගස්ට්_කොම්ට්&oldid=402966" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි