එමිල් ඩුර්කයිම්

විකිපීඩියා වෙතින්
එමිල් ඩුර්කයිම්
ප්‍රංශ sociologist
උපත
ඩේවිඩ් එමිල් ඩුර්කයිම්

අප්‍රේල් 15, 1858(1858-04-15)
එපිනල්, නැගෙනහිර ප්‍රංශය
මියගිය දිනයNovember 15, 1917(1917-11-15) (වයස 59)
පැරීසිහ්, Île-de-France, France
ජාතිකත්වයප්‍රංශ
උගත් ශාස්ත්‍රාලයÉcole Normale Supérieure
ප්‍රසිද්ධව ඇත්තේInstitutionalizing sociology, introducing the sacred–profane dichotomy
Scientific career
ක්ෂේත්‍රයPhilosophy, Sociology, Education, Anthropology, Religious Studies
ආයතනපැරිස් විශ්ව විද්‍යාලය, University of Bordeaux
බලපෑමImmanuel Kant, René Descartes, Plato, Herbert Spencer, Aristotle, Montesquieu, Jean-Jacques Rousseau, Auguste Comte. William James, John Dewey, Fustel de Coulanges, John Stuart Mill
ආභාෂය ලැබුවේMarcel Mauss, Claude Lévi-Strauss, Talcott Parsons, Maurice Halbwachs, Lucien Lévy-Bruhl, Bronisław Malinowski, Fernand Braudel, Pierre Bourdieu, Charles Taylor, Henri Bergson, Emmanuel Levinas, Steven Lukes, Alfred Radcliffe-Brown, E. E. Evans-Pritchard, Mary Douglas, Paul Fauconnet, Robert Bellah, Ziya Gökalp, David Bloor, Randall Collins, Jonathan Haidt

ඩේවිඩ් එමිල් ඩුර්කයිම් 1858 අප්‍රේල්මස 15 වන දින නැගෙනහිර ප්‍රංශයේ එපිනල් නම් ප්‍රදේශයේදී උපත ලැබීය ඔහු සමාජ විද්‍යාඥයෙකු සමාජ මානව විද්‍යාඥයෙකු හා දාර්ශනිකයෙකුද විය පළමු වරට ඔගස්ට් කොම්ට් විසින් හදුන්වාදුන් සමාජ විද්‍යාව විෂයක් ලෙස විශ්ව විද්‍යාලවල ඉගැන්යාවීම ආරම්භ කලේය එබැවින් නූතන සමාජ විද්‍යාවපෙියා වශයනේද හදුන්වයි එමිල් ඩුර්කයිම් යුදෙවු ජාතිකයෙකුද විය ඔහුගේ පියා මෙන්ම සීයාද යුදෙවු ධර්මාචාර්යවරයවරුන් විය ඔහු මූලික අධ්‍යාපනය තමා උපතලද ප්‍රදේශයේ පැවති යුදෙවු පාසලෙන් ලැබීය පාසල් අධ්‍යාපනය ලබන සමයේ පාසලේ සිටි දීප්තිමත්ම සිසුවාද විය ඔහු අයත් පවුල් පරිසරය දැඩි සාම්ප්‍රදායික ආගමික අදහස් දැරුවද ඔහු සාම්ප්‍රදායික ආගමික අදහස් තරයේ ප්‍රතික්ෂේප කළේය ඩුර්කයිම් තම ද්වීතිය අධ්‍යාපනය ලබාගැනීමට එවක ඉතාමත් ප්‍රකට උසස් පාසලක්වූ École normale නම් ආයතනයට අතුලත්විය එහිදී ඔහුට ඔගස්ට් කොම්ට් ප්‍රමුඛ දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් අධ්‍යනය කිරීමට හැකිවිය 1882 දී ඩුර්කයිම් තම ප්‍රථම උපාධිය ලබාගත්තේය මෙම උපාධියට දර්ශනය සමාජීය විද්‍යා මානව විද්‍යාව යන විෂයන් ඇතුලත්විය උපාධිය ලබාගැනීමෙන් පසු ඔහු දර්ශනය හා සමාජ විද්‍යා සගරා වලට ලිපි සකස්කළේය ඒ අතර ඔහුට University of Bordeaux විශ්ව විද්‍යාලයේක තිකාචාර්ය පදවියක් ලැබූ අතර ඔහු එම විශ්ව විද්‍යාලයේ ප්‍රථම සමාජ විද්‍යා පාඨමාලාව ආරම්භකළේය එයින් පසු ඔහු ප්‍රංශයපෙැරිස් වීශ්ව විද්‍යාලයට සම්භන්ධවිය එහිදී ඔහුට මහාචාර්ය වරයකෙු ලසෙ උසස්වීමක් ලැබින පසුව ඔහු ප්‍රංශයේ ප්‍රකට සෝබෝන් සරසවියේ සමාජවිද්‍යාව පිළිබද මහාවාර්‍ය පදවිය ලැබින

ඩුර්කයිම් 1887 දී ලොයිස් ඩ්‍රෙයිෆස්(Louise Dreyfus) තරුණිය හා විවාහවිය ඔවුන්ට මාරි හා ඇන්ඩ්‍ර නමින් දරුවන් දෙදෙනකු විය

ඩුර්කයිම් 1883 දී The Division of Labour in Society නම් ග්‍රන්ථය ප්‍රකාශයට පත්කළේය මෙහි මුල් පිටපත ප්‍රංශ භාෂාවෙන්(DE LA DIVISION DU TRAVEL SOCIAL) පළවිය මෙම කෘතිය සමාජ විද්‍යාෙව් පියා ලෙස සැළකෙන ඔගස්ට් කොම්ට් ගේ සමාජ විද්‍යා න්‍යායන්හි ආභාෂය ලබා ඇති බව පැහැදිළිය මෙම කෘතියෙන් ප්‍රාථමික සමාජ යාන්ත්‍රික එකාබද්ධතාවයෙන් යුතු සමාජ බව පෙන්වා දෙයි 1895 දී ඔහු The Rules of Sociological Method නම් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය 1897 දී ඔහු SUICIDE සියදිවි නසාගාහීම ග්‍රන්ථය එළිදැක්විය එවක ප්‍රංශ සමාජය මුහුණදුන් ඛේදවාචකයක් වූ සියදිවි නසාගැනීම පිළිබද විධිමත් සමාජ විද්‍යාත්මක අධ්‍යනයකින් පසු මෙම කෘතිය බිහි කෙරිණී. මීට අමතරව ඩුර්කයිම් ශ්‍රාස්ත්‍රීය ප්‍රකාශන රැසක් සම්පාදනය කළේය.ඒ අතර professional ethics & moral,1898 collective & individual representation,1899 judgement of reality & judgement of value,1911 නම් ග්‍රන්ථ ප්‍රමුඛය.ඔහුගේ අවසන් ශ්‍රාස්ත්‍රීය සංග්‍රහය ලෙස The Elementary Forms of Religious Life නම් ග්‍රන්ථය 1912 දී ප්‍රකාශයට පත්කළේය.සමාජ විද්‍යාව නම් විෂය විශ්ව විද්‍යලයන් හි අධ්‍යනය ආරම්භ කිරීමට දායක වීම මෙන්ම ඩුර්කයිම් සේවය කළ සියළු විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යාව පිළිබද මහාචාර්‍ය වරයා ලෙස කටයුතු කරමින් සමාජ විද්‍යාව පෝෂණය කිරීමටත් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට ගුරුහරුකම් දීමටත් හැකිවීම නිසා සමාජ විද්‍යා ඉතිහාසයේ ස්වර්ණමය සලකුණක් ලෙස ඩුර්කයිම් දැක්විය හැත.මේ මහා විද්‍යාඥයා 1917 දී අවසන් හුස්ම හෙලීය.

සමාජ පරිණාමය පිළිබද ඩුර්කයිම්ගේ විග්‍රහය[සංස්කරණය]

සමාජ පරිණාම ක්‍රියාවලි වැදගත්ම සංකල්පය ශ්‍රම විභජනය බව ඩුර්කයිම් දක්වයි.1893 දී ඔහු විසින් රචිත the division of labour in society නම් ග්‍රන්ථ මෙම ශ්‍රම විභජනය පිළිබද සංකල්පය දැක්වේ.මෙම කෘතිය ඔහු තම ආචාර්‍ය උපාධිය සදහා අධ්‍යනයක් ලෙස එළිදැක්වීය.මෙම කෟතිය උදෙසා ඔහුට ආචාර්‍ය උපාධිය ද හිමිවිය.මෙහි දී ඔහු සෑම සමාජයකම සමාජ ඒකාබද්ධතාවයක් පවතිනබව දැක්වීය.ඔහු මෙම සමාජ ඒකාබද්ධතාවය කොටස් දෙකකට වර්ගීකරනයකොට දැක්වීය.ඒවා නම්

  • යාන්ත්‍රික ඒකාබද්ධතාව
  • ඓන්ද්‍රීය ඒකාබද්ධතාව

සියදිවි නසා ගැනීම[සංස්කරණය]

එමිල් ඩුර්කයිම් 1897 දී එවක ප්‍රංශ සමාජය මුහුණදුන් බරපතල සමාජ ප්‍රශ්නයක් වූ සියදිවි නසාගැනීම පිළිබද සමාජ විදයාත්මක නිරීක්ෂණයක් සිදුතරමින් සමාජ විදයා ඉතිහාසෙය් ඉතාමත් අගනා ග්‍රන්තයක් වූ සියදිවි නසාගැනීම නම් ග්‍රන්දය ප්‍රකාශයට පත්කළේය.මෙම ග්‍රන්තය මගින් ඉතා වැදගත් සමාජ විද්‍යාත්මක න්‍යායන් ඔහු ඉදිරිපත්කර ඇත.ඔහු මෙම ග්‍රන්තය මගින් සියදිවි නසා ගැනීම මෙසේ වර්ගීකරණය කර ඇත.

  1. ආත්මාර්ථකාමී සියදිවි නසාගැනීම.
  2. පරාර්ථකාමී සියදිවි සසාගැනීම.
  3. අනෝමීය සියදිවි නසාගැනීම.
  4. දෛවෝපගත සියදිවි නසාගැනීම.

ආත්මීය සියදිවි නසාගැනීම[සංස්කරණය]

ආත්මවාදී මමායනික සියදිවි නසාගැනීම් ලෙස ද හදුන්වයි.මෙහිදී සියදිවි නසා ගන්නා පුද්ගලයා තම පෞද්ගලික අභිමතාර්තයන් ඉටුකර ගැනීමට නොහැකිවීම තමාට අන් අයගේ ආදරය අනුග්‍රහය නොලැබීම තමා ආදරය කල අයකු දුරස්වීම ආත්මීය හුදෙකලාව තමාට පෞද්ගලිකව බලපාන යම් සිදුවීමක් නිසා ඇතිවන ලැජ්ජාව සුව නොවන දැඩි ශාරික හෝ මානසික පීඩනයක් ගෙනදිය හැකි රෝගයක් වැළදීම ආදී පෞද්ගලික කාරණා උදෙසා සිදුවන සියදිවි නසා ගැනීම් ආත්මාර්ථකාමී සියදිවි නසාගැනීම ලෙස හැදින්වේ.ලෝකයේ වැඩිපුඑම සිදුවන සියදිවිනසා ගැනීම් වලින් එකක් ලෙස මෙය හදුන්වයි.මෙවන් සියදිවි නසා ගැනීම් වලට උදාහරණ ලෙස තමා ආදරය කල පෙම්වතා/පෙම්වතිය අහිමි වීම තමාට සමීපතම ඥාතියකු අහිමි වීම තමාට දරුණු රෝගයක් වැළදීම තමාට ඉතා ලැජ්ජා සහගත සිදුවීමක් සිදුවීම ආදී කාරණා නිසා සිදුකරන සියදිවි නසාගැනීම් ආත්මාර්ථකාමී සියදිවි නසාගැනීම් ලෙස හදුන්වයි.

පරහිතකාමී සියදිවි නසාගැනීම[සංස්කරණය]

මෙම සියදිවි නසාගැනීම් වලදී තම පෞද්ගලික අරමුණක් උදෙසා නොව තමා නියෝජනය කරන සමූහයේ අපේක්ෂා සාධනය වෙනුවෙන් සියදිවි නසාගනී.තම සඹුහය වෙනුවෙන් යම් කරුණක් අරභයා ජීවිතය පරිත්‍යාග කිරීම පරාර්ථකාමී සියදිවි නසාගැනීම යනුවෙන් හදුන්වයි.මෙවන් සියදිවි නසාගැනීම් වලට උදාහරණ ලෙස ජපන් ජාතික සෙබළුන් තමාන් සතුරන්ට හසුවීමට යනවිට තමා අතින් යුධ රහස් සතුරන් අතට පත්වීම වැළැක්වීම සදහා තමා අතින් තම උදරය කපාගෙන මියයාම.ලංකාවේ සිටි කොටි සමාජිකයින් තම සිරුරේ බෝම්බ බැදගෙන පැමින මරාගෙන මැරෙන ප්‍රහාර සිදුකිරීම හා වෙනත් ත්‍රස්තවාදී කණ්ඩායම් සිදුකරන මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් දැක්විය හැක මෙහිදී ඔවුන් තම සමූහයේ අරමුණ උදෙසා ජීවිතය පරිත්‍යාග කරයි.මීට අමතරව ඉන්දියානු රජය විසින් කුලහීනයන්ටද අධ්‍යාපන රැකියා ආදී අයිතිවාසිකම් ලබාදීමට ගත් උස්සාහයේදී කුලහීනයන්ට වරප්‍රසාද නොදෙන ලෙස ඉල්ලමින් වංශවතුන් තම සිරුරට ගිනිතබාගෙන සියදිවි හානි කරගත්හ.මෙම ජීවිත පරිත්‍යාගයන්ද තම සමූහයේ ගරුත්වය වෙනුවෙන් සිදුතල සියදිවි නසාගැනීම්ය.

අනෝමීය සියදිවි නසාගැනීම[සංස්කරණය]

සමාජ විද්‍යාව තුල වැඩිම අවදානයක් යොමු කරන්නේ මෙම අනෝමීය සියදිවි නසාගැනීම කෙරෙහිය.කිසියම් සමාජයක ඇතිවන හදිසි වෙනස්වීමක් කැළඹීමක් හේතුවෙන් ප්‍රතිමාන විරහිතතාවය අනෝමීය තත්වයක් ලෙස හදුන්වයි.ΑΝΟΜΙΕ යන ග්‍රීක වචනයේ තේරුම නීති විරහිතබව යන්නයි.අනෝමීය යන වචකය මෙම ග්‍රීක වදනිනි බිදී ආවකි.සමාජයක් අනෝමීය තත්වයකට පත්වූවිට ජන චර්‍යා ගණාචාර නීති ඉක්මවායමින් කටයුතු කරන්නට මිනිසා පෙළඹේ.එමගින් සමාජය තුල විසංවිධානකාරී ස්වරූපයක් ඇතිවේ.මෙම නිසා සමාජය තුල විවිධ අපරාධ අපචාර අපගමනයන් වර්ධනයවේ.මෙමගින් පීඩනයට පත්වන ජනයා සියදිවි නසාගැනීමට පෙළඹේ.මෙවන් අනෝමීය තත්වයන් සමාජ ව්‍යුහයේ සිදුවන හදිසි වෙනස්කම් ජාතිවාදී අරගල වර්ගවාදී ගැටුම් ආදී යුධමය තත්වයන් හදිසි ස්වභාවික විපත් හදිසියේ සිදුවන ආර්ථික බිදවැටීම් පුදුගල සමාජ තත්වයන්හි ඇතිවන ක්ෂණික වෙනස්වීම් ආදිය නිසා ඇතිවේ.

සමාජ ව්‍යුහයේ ඇතිවන හදිසි වෙනස්වීම් වලට උදාහරණ ලෙස එවක බටහිර සමාජයේ එතෙක් පැවති වැඩවසම් ක්‍රමය බිදවැටී ධනවාදී ආර්ථික ක්‍රමය බිහිවීම පැවති පෞරාණික කතෝලික ආගම වෙනුවට පොතෙස්තන්ත ආගම ඉස්මතුවීම වැනි සාධක මත ජනයා මුදල් පසුපස හබායැමට පටන් ගැනීමත් සමග ඇතිවූ අනෝමීය තත්වය හමුවේ ඇතිවූ සියදිවි නසාගැනීම් දැක්විය හැක.

ජාතිවාදී හා අරගල යුධගැටුම් ආදිය නිසා ඇතිවන අනෝමීය තත්වයන්ට උදාහරණ ලෙස ලෝක යුද්ධයන්ට මැදිවූ ජනයා එමින් ඇතිවූ අනෝමීය තත්වයන් හේතුවෙන් සියදිවි නසා ගැනීමට යොමුවිය.යුධ ගැටුම් හා අරගලයන් ඇතිවූවිට දහස් ගනනින් මියයන බෙළුන් නිසා ඔවුන්ගේ ඥාතීන් දිවිනසා ගැනීම.යුධ පිටියේ දී ඇතිවන මානසික බිදවැටීම් හමුවේ සෙබළුන් දිවිනසා ගැනීම.යුධ ගැටුම් නිසා ඇතිවන ආහාර හිගකම් ආදිය නිසා සමාන්‍ය ජනයා සියදිවි නසා ගැනීම ආදිය සිදුවේ.

හදිසි ස්වභාවික විපත්නිසා ඇතිවන කම්පන තත්වයන් සම්ප ඥාතීන් ගේ වියෝව තමන් ඉතා අපහසුවෙන් කාලයක් තිස්සේ ගොඩනැගූ නිවාස ඉඩකඩම් විනාශවී යෑම් ආදිය දරාගැනීමට නොහැකිවීමෙන් ඇතමුන් සියදිවි කසා ගැනීමට යොමුවේ.එසේම මෙවන් ව්‍යසන නිසා ආර්ථිකයේ දැවැන්ත කඩාවැටීම්ද සිදුවේ මෙවන් තත්වයන්ට මුහුණ දීමට නොහැකි ජනයා මෙම අනෝමීය තත්වයන් හමුවේ සියදිවි නසාගැනීමට යොමුවේ.

හදිසි ආර්ථික බිදවැටීම් නිසා සිදුවන රැකියා විරහිතබව ආර්ථික දුශ්කරතා නිසා ඇතිවන අනෝමීය තත්වයන්ද සියදිවි නසාගැනීමට බලපායි.ඇරිකාව හා බටහිර රටවල 21 වන සියවස මුල් භාගයේ ඇතිවූ දැවැන්ත ආර්ථික බිදවැටීම් හමුවේ ඇතැමුන් සියදිවි නසාගැනීමට යොමුවීම උදාහරණ ලෙස දැක්විය හැක.

දෛවෝපගත සියදිවි නසාගැනීම[සංස්කරණය]

පුද්ගලයෙකුගේ සංවර්ධනයට සමාජය විසින් හෝ එම ඒකක මගින් සිදුවන බාධාකාරී ක්‍රියාකාරකම් නිසා තම ජීවිතය පිළිබද ඇතිවන කළකිරීම හේතුවෙන් සිදුවන සියදිවි නසාගැනීම් මෙයට අයත්ය.උදාහරණ ලෙස වහල් සමාජවල වහල් හිමියන් විසින් වහලාගේන් අනුකම්පා විරහිතව වහල් සේවයේ යොදන අතර ඔවුන්ට කිසිදු නිදහසක් ලබා නොදෙයි.වහල් හිමියා විසින් වහලාගේ සියළු ක්‍රියාකාරකම් පාලනය කරන අතර ඇතැම්විට වහලාගේ මූලික අවශ්‍යතා පවා ඉටු නොවෙයි.වහලුන්ට ස්වාධීන තීරන ගැනීමට නොහැකිය.එවන් තත්වයන්හිදී වහලුන් විසින් සියදිවි නසා ගැනීමට පෙළඹේ.මෙයට සමානවම වැඩවසම් සමාජවල ප්‍රෙව්ණි දාසයන්ද කුලහීනයන් ද තමාට සමාජයෙන් ඇතිකරන පීඩනය හමුවේ සියදිවි නසාගනී.එසේම පුරුෂාධිපත්‍ය පවතින සමාජවල පීඩනයට පත්වන කාන්තාවන්ද මෙසේ සියදිවි නසාගනී.සමාජ ව්‍යුහයතුල පවතින එක් පීඩිත පාර්ශවයකට සිදුවන අසීමිත තාඩන පීඩන හිරිහැර මෙන්ම ඒවාට විරුද්ධව හඩනැගීමට පවතින සමාජ සංස්කෘතිය විසින් ඉඩත් නොලැබෙන විට එම පීඩනයෙන් මිදීමට කලහැකි එකමදෙය සියදිවි නසාගැනීම පමනක් බව ඔවුන්ට අවබෝධවේ.

තෝටමවාදය[සංස්කරණය]

එමිල් ඩුර්කයිම් විසින් ආගමේ මූලික ස්වරූපය තෝටමවාදය ලෙස හදුන්වා දෙයි.තොටමයක් යනු ස්වභාව ධර්මයේ පවතින යමක් ශුද්ධ වස්තුවක් ලෙස සලකා වන්දනා කිරීමයි.මෙහිදී තොටමයට අධි අස්වාභාවික බලයක් පවතින බව විශ්වාස කෙරේ. ඩුර්කයිම් මෙම අදහස ඉදිරිපත් කරන්නේ ඔහු විසින් ඕස්ට්‍රේලියාවේ වාසය කරන අරුන්ටාවරු පිළිබද මානව විද්‍යාත්මක පර්යේෂණයක් කිරීමෙන් පසුවය.මෙවන් තොටමයකට උදාහරණලෙස සතෙක් සතකුගේ ඇට කැබැල්ලක් හෝ එවැනි ශරීර කොටසක් පැළෑටියක් මානව අස්ථි කැබැල්ලක් හෝ එවන් ශරීර අංගයක් දැක්විය හැක.මිනිසුන් එම තොටමයට අසීමිත බලයත් ඇතැයි සිතා එය වන්දනාමාන ගරුසත්කාර කිරීමට පෙළඹේ.මෙවන් තෝටම වන්දනයන් මිනිසුන් සාමුහිකව එක්වී සිදුකරනු ලබයි.ආගමේ මූලාරම්භය තෝටමවන්දනාව බව ඩුර්කයිම් පෙන්වාදෙයි.




ˌ

"https://si.wikipedia.org/w/index.php?title=එමිල්_ඩුර්කයිම්&oldid=518527" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි