එල්ලේ ක්‍රීඩාවේ රීති

විකිපීඩියා වෙතින්

බලන්න

  1. එල්ලේ ක්‍රිඩාව පිළිබද.......ශ්‍රී_ලංකා_එල්ලේ

ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාවේ විස්තර

ක්‍රිඩකයෙකු දැවි යන ආකාරය[සංස්කරණය]

එල්ලේ ක්‍රිඩාවේ නිති සහ රිතින්
ගොනුව:DSC09989.JPG
එල්ලේ තරගයක අවශ්ථාවක්
උසස්ම පාලන මණ්ඩලයඑල්ලේ පාලක මණ්ඩලය
පළමුව ක්‍රීඩා කලේශ්‍රී ලංකාව
ලියාපදිංචි ක්‍රීඩකයෝවැඩි විස්තර සදහා
ක්‍රීඩා සංගම්වැඩි විස්තර සදහා
ගුණාංග
කණ්ඩායම් සාමාජිකයෝ16 (අතිරේක 4)
මිශ්‍ර ලිංගපිරිමි කණ්ඩායම් සහ කාන්තා කණ්ඩායම්
වර්ගීකරණයකණ්ඩායම්, පිත්ත -සහ - බෝලයll
උපකරණ[එල්ලේ පන්දුව]
ස්ථානයක්‍රීඩා පිටියක්,වෙල්යාය හෝ මුහුදු වෙරළ
පැවතීම
ඔලිම්පික්නැත

1. එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවස්ථාවකදී පන්දු පහක් බැගින් පිරිනමනු ලබන ඉනිම් දෙකේ හෝ එක් ඉනිමේ එල්ලේ තරග.

  • ඉනිම් දෙකේ තරගයක හෝ එක් ඉනිමේ කරගයක එක් ක්‍රීඩකයෙකුහට පන්දු පහකට මුහුණ දිය හැකි තරගයකදී නම් පන්දු පහකට පහර එල්ල කිරිමට ගොස් එම පන්දු පහ තුලින් ප්‍රථම පන්දු තුනට ගන්නා උත්සාහයන් තුනම ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
  • එම තරගයකදී පන්දු පහකට පහර එල්ල කිරිමට ගොස් ප්‍රථම පන්දුව ප්‍රතික්ෂේප කොට ඉතිරි පන්දු හතර තුලින් ඉන් පසුව ගන්නා පන්දු තුනට ගන්නා උත්සාහයන් තුනම ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
  • එම තරගයකදී පන්දු පහකට පහර එල්ල කිරිමට ගොස් ප්‍රඑම පන්දු දෙක ප්‍රතික්ෂේප කොට ඉතිරි පන්දු තුන තුලින් ඉන් පසුව ගන්නා පන්දු තුනට ගත් උත්සාහයන් තුනම ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
  • එම තරගයකදී පන්දු පහකට පහර එල්ල කිරිමට ගොස් පන්දු තුනක් ප්‍රතික්ෂේප කොට ඉතිරි පන්දු දෙක තුලින් ඉන් පසුව ගන්නා පන්දු දෙකට ගන්නා උත්සාහයන් දෙකම ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
  • එම තරගයකදී පන්දු පහකට පහර එල්ල කිරිමට ගොස් පන්දු හතරක් ප්‍රතික්ෂේප කොට ඉතිරි එම පන්දුවට ගන්නා උත්සාහයනය ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
  • ඉනිම් දෙකේ තරගයක හෝ එක් ඉනිමේ කරගයක එක් ක්‍රීඩකයෙකුහට පන්දු පහකට මුහුණ දිය හැකි තරගයකදී නම් පන්දු පහකට පහර එල්ල කිරිමට ගොස් එම පන්දු පහම ප්‍රතික්ෂේප කලෙහි නම් එය දැවියාමකි.

2. එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු තුනක් බැගින් පිරිනමනු ලබන ඉනිම් දෙකේ හෝ ඉනිම් එකේ එල්ලේ තරග.

  • ඉනිම් දෙකේ තරගයක හෝ එක් ඉනිමේ කරගයක එක් ක්‍රීඩකයෙකුහට පන්දු තුනකට මුහුණ දිය හැකි තරගයකදී නම් පන්දු තුනකට පහර එල්ල කිරිමට ගොස් එම පන්දු තුන තුලින් ප්‍රථම පන්දු තුනට ගන්නා උත්සාහයන් තුනම ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
  • එම තරගයකදී පන්දු තුනකට පහර එල්ල කිරිමට ගොස් ප්‍රථම පන්දුව ප්‍රතික්ෂේප කොට ඉතිරි පන්දු දෙක තුලින් ඉන් පසුව ගන්නා පන්දු දෙකට ගන්නා උත්සාහයන් දෙකම ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
  • එම තරගයකදී පන්දු තුනකට පහර එල්ල කිරිමට ගොස් පන්දු දෙකක් ප්‍රතික්ෂේප කොට ඉතිරි පන්දුව තුලින් පසුව ගන්නා පන්දුවට ගත් උත්සාහය ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
  • ඉනිම් දෙකේ තරගයක හෝ එක් ඉනිමේ කරගයක එක් ක්‍රීඩකයෙකුහට තුනකට මුහුණ දිය හැකි තරගයකදී නම් පන්දු පහකට තුනටම පහර එල්ල කිරිමට ගොස් එම පන්දු තුනම ප්‍රතික්ෂේප කලෙහි නම් එය දැවියාමකි.

3. එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දුවක් පමණක් පිරිනමනු ලබන ඉනිම් දෙකේ හෝ ඉනිම් එකේ එල්ලේ තරග.

  • එම තරගයකදී ලැබෙන එකම පන්දුවට පහර එල්ල කිරිමට ගොස් එම පන්දුවට පහර දිමට ගත් උත්සාහය ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
  • එම තරගයකදී ලැබෙන එකම පන්දුවට පහර එල්ල කිරිමට ගොස් එම පන්දුවට පහර දිම ප්‍රතික්ෂේප කලෙහි නම් එයද දැවියාමකි.

4 දැවුම් කණු දෙක අතර සටහන් කර ඇති මිටර් 1.5 විස්කම්භයක් ඇති අඩකවයෙන් පිටතට එක් අඩියක් තබා පන්දුවට පහර එල්ල කිරිමද දැවියාමකි.
5.පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයා පන්දුවට පහර එල්ල කරන අවශ්ථාවේදි ගන්නා උත්සාහය අසාර්ථක වු අවශ්ථාවකදි එම ක්‍රීඩකයා වෙනුවට ධාවනය වන ධාවකයා විසින් මධ්යා රේඛාව පසුකල විට දැවීයාමකි.
6.ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා විසින් තම ධාවනයට නියමිත දැවුම් කනුව අසල සටහන් කර ඇති රේඛාව ඉදිරියෙන් සිට ධාවනය ආරම්භ කලෙහිනම් එයද දැවියාමකි.
7.ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා විසින් තමන් පහර එල්ල කරනු ලබන ක්‍රීඩකයා වෙනුවට ධාවනයේ යෙදෙන බව ප්‍රධාන විනිසුරැ දැනුවත් නොකොට ධාවනයේ යෙදිම පහර එල්ල කරනු ලබන ක්‍රීඩකයාගේ දැවියාමකි.
. 8. ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා හෝ පහර එල්ල කරනු ලබන ක්‍රීඩකයා විසින් ධාවන වටය පසු කිරිමට යාමේදි පළමු,දෙවන සහ තෙවන නැවතුම්හි ඇතුලත සිටුවා ඇති සටහන් කොඩිකණු කඩා දමමින් හෝ ඒවාට උඩින් පැන ධාවනයේ යෙදෙමින් වටය නිමකිරිමට උත්සාහ කර ධාවනයේ යෙදිම පහර එල්ල කරනු ලබන ක්‍රීඩකයාගේ දැවියාමකි.

එල්ලේ ක්‍රිඩාවේ නිති සහ රිතින්

8.පහර එල්ල කරන ලද පන්දුව ඉදිරියට මිටර් දොළහක් වශයෙන්ද ක්‍රීඩා පිටියේ දෙපැත්තට මීටර් විසිහතරක් වශයෙන් සටහන් කර ඇති සීමාවෙන් ඇතුලත වැදී දැවුම් කණු දෙක අතරින් පිටිපසට ගලායාම දැවීයාමකී.
10

11..
12. පහර එල්ල කරන ලද පන්දුව ඉහලින් හෝ පහලින් දැවුම් කනුවේ ඇතුලතින් දැවුම් කණු දෙක අතරින් පිටිපසින් යාමට පහර එල්ල කිරිම දැවීයාමකී.
13. පහර එල්ල කිරිමේදි එම පන්දුව ධාවකයාගේ හෝ පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයාගේ ඇගේ දැවටීම දැවීයාමකී.
14. පහර එල්ල කරන ක්‍රීඩකයාගේ පන්දුව උඩ පන්දුවක් ලෙස අල්ලා ගැනිම.
15. ක්‍රීඩාංගනයේ අවට පිහිටා ඇති ස්ථීර ගොඩනැගිල්ලක,ස්ථීර නිශ්චල වශ්තුවක,තුරැ ලතාවක හෝ ක්‍රීඩකයෙකුගේ දනහිසින් ඉහළ පුමාණයේ තුරැලතා කොටසක පන්දුව වැදී එම පන්දුව පන්දු රකිනු ලබන ක්‍රීඩකයෙකු විසින් බිම නොවැදී සුරැකිව රැක ගත්තේනම් එය දැවී යාමකි.
16. ධාවන වටයේ අවශානයේදි හෝ ධාවන වටයේ අතර මැදි කොටසේ දී පළමුව දිවයන ක්‍රීඩකයා පසුකර දිවයෑම දැවීයාමකි.
17. පහර දෙනු ලබන පන්දුව බිම නොවැදී පන්දු රැකීමේ නියුතු ක්‍රීඩකයායෙකුගේ ඇගේ ඔනෑම කොටසක වැදි ඉහල ගිය හොත් එම පන්දුව රැක ගැනිම දැවියාමකි.
18. පහර දෙනු ලබන පන්දුව පන්දු රැකීමේ නියුතු ක්‍රීඩයෙකු විසින් රැගෙන ධාවනයේ යෙදෙන ක්‍රීඩකයාගේ ඇගේ දැවටිම දැවියාමකි.
19. පහර එල්ල කරන ලද පන්දුව දැවුම් කනු දෙක අතර සටහන් කර ඇති සළකුන් ඉරෙහි පිටුපස වැදී ඉදිරියට ගමන් කිරිම දැවියාමකි.
20. පන්දුවට පහර දුන් ක්‍රීඩකයා වෙනුවට ධාවනයේ යෙදුන ක්‍රීඩකයා එක් නැවතුම් ස්ථානයක නැවතී සිටියදී නැවතත් ප්‍රහාර එල්ල කිරිමට අඩකවයට පැමිණිම දැවීයාමකි.
21. ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා විසින් නැවතුම් පසුකර ගොස් නැවත නැවතීම සදහා ස්ථාන ගැනීමද,නැවතුමක් උඩින් පැන නැවතීමද දැවීයාමක් වේ.
22. නැවතීම් ඉරක එකම පැත්තකට පා දෙක තබා නැවතීම දැවීයාමකි.
23. නැවතීමක ක්‍රීඩකයින් දෙදෙනකු නැවතීමේදී එම නැවතීමේ සිටි පළමුවන ක්‍රීඩකයාගේ දැවියාමකි.
24. නැවතුමක එක් පාදයක් ඔසවාගෙන සීටිම හෝ නැවතුමක නිසිඅයුරින් නැවතිමට ප්‍රවථම පන්දුව ඇගේ දැවටීම දැවීයාමකි.

එල්ලේ ක්‍රිඩාවේ නිති සහ රිතින්
ගොනුව:DSC09989.JPG

මුල් පිටුවට[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=එල්ලේ_ක්‍රීඩාවේ_රීති&oldid=498439" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි