සොංදොක් රජුගේ ඝණ්ඨාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(එමිලේ ඝණ්ඨාරය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

ඛණ්ඩාංක: 35°49′46.47″N 129°13′40.54″E / 35.8295750°N 129.2279278°E / 35.8295750; 129.2279278

සොංදොක් රජුගේ ඝණ්ඨාරය
කොරියාවේ ජාතික වස්තුව අං. 29: සොංදොක් රජුගේ ඝණ්ඨාරය.
කොරියානු නම
හංගුල්성덕대왕신종, 에밀레종
හංජා聖德大王神鍾, 에밀레鍾
සංශෝධිත රොමානුකරණයSeongdeok daewang sinjong, Emile jong
මෙකන්–රයිෂවර්Sŏngdŏk taewang sinjong, Emile chong

සොංදොක් රජුගේ ඝණ්ඨාරය යනුවෙන් හඳුන්වන්නේ කොරියාවේ පිහිටි දැවැන්ත ලෝකඩ ඝණ්ඨාරයකි. මෙය කොරියාවේ වර්තමානයේ විද්‍යාමාන විශාලතම ඝණ්ඨාරය ද වේ. මෙහි සම්පූර්ණ කොරියානු නාමයෙහි අරුත වන්නේ "මහා සොංදොක් රජුගේ පූජනීය (හෝ දිව්‍යමය) ඝණ්ඨාරය" යන්නයි. මෙය වාත්තු කිරීම පිළිබඳ පුරාවෘත්තය හේතුවෙන් එමිලේ ඝණ්ඨාරය ලෙසත්, මෙය මුලින් පිහිටුවා තිබූ ස්ථානය ඇසුරෙන් බොංදොක්සා විහාරයේ ඝණ්ඨාරය ලෙසත් හඳුන්වනු ලබයි.

මෙම ඝණ්ඨාරය ඉදිකරවන ලද්දේ ග්යොංදොක් රජු විසින් සිය පියා වූ සොංදොක් රජුට ගෞරව පිණිස ය. කෙසේනමුත්, මෙම ඝණ්ඨාරය ඉදිකොට අවසන් වනු දැකීමට ග්යොංදොක් රජුට හැකිවූයේ නැත. ඔහු ක්‍රි.ව. 795දී මියගියේ ය. අවසානයේ ක්‍රි.ව. 771දී, ග්යොංදොක්ගේ පුත් හ්යේගොං රජු විසින් මෙය නිමවා අවසන් කරන ලදී.

වර්තමානයේ ග්යොංජුහි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති මෙම ඝණ්ඨාරය 1962 දෙසැම්බර් 12 දින 29වන කොරියානු ජාතික වස්තුව ලෙස නම්කෙරිණි. මෙම ඝණ්ඨාරයේ උස මීටර 3.33කි. මීටර 2.27ක විෂ්කම්භයෙන් යුත් මෙහි බිත්තියේ ඝනකම සෙන්ටිමීටර 11 සිට 25 දක්වා වූ පරාසයක විහිදී පවතී. 1997දී ග්යොංජු ජාතික කෞතුකාගාරය විසින් මෙහි ස්කන්ධය කිරා බැලූ අතර, එහි අගය ටොන් 18.9කි.[1]

නාද වන විට, පැහැදිළි දිනයක මෙම ඝණ්ඨාරයේ හඬ සැතපුම් 40ක් ඈතට ශ්‍රවණය කළ හැකි වූ බැව් පැවසේ.

කලාත්මක ලක්ෂණ[සංස්කරණය]

සොංදොක් රජුගේ ඝණ්ඨාරයේ සමීප දසුනක්
ග්යොංජු ජාතික‍‍ කෞතුකාගාරයේ ඝණ්ඨාරය ස්ථානගත කොට ඇති අයුරු
ඝණ්ඨාරය ස්ථානගත කොට ඇති අයුරු

මෙම ඝණ්ඨාරය එක්සත් සිල්ලා කලාවේ අග්‍රකෘතියක් ලෙස සැලකේ. සෙසු කොරියානු ලෝකඩ ඝන්ඨාර අතර මෙයට වැදගත් ස්ථානයක් හිමිවන්නේ එහි කොක්ක අසල කුඩා, කුහරයක් පිහිටි නාලයක් පිහිටි නිසාවෙනි. සැරසිලි අංග ද ඇතුළත්ව සම්පූර්ණ ව්‍යූහයම සැලකූ විට පුළුල් පරාසයක වූ ධ්වනි සංඛ්‍යාත උත්පාදනය කිරීමේ හැකියාවක් පවතියි. මෙහි නාලය මගින් උච්ච සංඛයාත තරංග අවශෝෂණය කර ගනියි. ‍මෙමගින් සුවිශේෂී ස්පන්දයක් ඇති වේ.[2]

ඝණ්ඨාරයෙහි ඇති කොක්ක මකර හිසක හැඩයෙන් යුක්ත ය. ඝණ්ඨාරයේ විවිධ කැටම් රටා දැකගත හැක. මෙහි විල්ල සහ මුදුනෙහි මල් මෝස්තර ද වේ. මීට අමතරව නෙළුම් මල්, තෘණ රටා සහ අප්සරාවියන් දෙදෙනකුගේ කැටයම් දෙකක් ද දක්නට ලැබේ. ඝණ්ඨාරයේ පහර එල්ල කරන ස්ථානය (ද්වංජා) ද නෙළුම් මලක හැඩයෙන් යුක්ත අතර, එය අප්සරා රූ දෙක අතර පිහිටා ඇත. ඝණ්ඨාරයේ පත්ළ රොම්බසාකාර හැඩැති හෙයින්, එය පෙරදිග හමුවන සෙසු ඝණ්ඨාරවලින් සුවිශේෂී වේ.

හන්ජා අක්ෂර දහසකට අධික සංඛ්‍යාවකින් යුත් ඝණ්ඨාරයේ ඇති අභිලේඛන කොරියානු චාරුලේඛන කලාව සහ කැටයම් ශිල්පයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරයි. එමගින් ඝණ්ඨාරය පිළිබඳ සහ එය නිර්මාණය කිරීමට හේතුව පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සපයයි.

ඝණ්ඨාරය එල්ලා ඇති කුළුණ රළු ස්වභාවයක් ගනියි. එම විෂ්කම්භයෙන්ම යුතුව වර්තමානයේ දක්නට ඇති මිශ්‍ර ලෝහයකින් කුළුණක් තැනුවහොත් එය ඝණ්ඨාරයේ බරට නැවෙනු ඇත. නමුත් සියවස් ගණනාවක් පුරාවට මෙම පුරාතන කුළුණ තවමත් ඝණ්ඨාරය දරා සිටියි.[3]

පුරාවෘත්තය[සංස්කරණය]

මෙම ඝණ්ඨාරය එමීලේ ඝණ්ඨාරය ලෙස ද හඳුන්වයි. මෙය "mommy" යන්න සඳහා යෙදුණු පුරාතන සිල්ලා පදයකි.

පුරාවෘත්තය අනුව, මුල් ඝණ්ඨාරය සෑදූ විට එයින් කිසිදු ශබ්දයක් නොනැගිණි. එය කිහිප වරක් ප්‍රති නිර්මාණයට උත්සාහ ගත්ත ද ඉන් ඵලක් නොවිණි. ඝණ්ඨාරය තැනීමට අවශ්‍ය වූ රජු එය නිම කිරීමට ප්‍රථම මියගියේ ය. සිහසුනට පත් ඔහුගේ ලාබාල පුතු සිය මව් බිසවගේ උපකාරයෙන් රාජ්‍ය පාලනය මෙහෙයවී ය. පුත්‍රයා ද පිය රජුගේ කාර්යය නිම කිරීමට උත්සාහ දැරූ නමුත් එය ද සාර්ථක නොවිණි. පසුව, පූජකයකු සිහිනයක් දුටු අතර ඉන් කියැවුණේ කුඩා දැරියක ලෝහ මිශ්‍රණයට මුදා හැරියහොත්, ඝණ්ඨාරය නාදවනු ඇති බවයි. ආසන්න ගමක සිට කුඩා දරුවකු ‍රැගෙන ආ පූජකයා එම දැරියව ලෝහ මිශ්‍රණයට ඇතුළු කළේ ය. ඉන් අනතුරුව, ඝණ්ඨාරය සම්පූර්ණ විය. නාද වන විට ඉන් නැගුණු හඬ අතිශයින් අලංකාර විය.

කෙසේනමුත්, ඇතැමුන් විශ්වාස කරන්නේ මෙම ජනප්‍රවාදය නූතන නිපැයුමක් බවයි. මෙම කථා පුවත 1920 දශකයේ සිදුවීමක් නිසා උපත ලබන්නට ඇතැයි ඔවුහු පවසකි. "ඉයෝමිල්නේ ඝණ්ඨාරය" හෙවත් "ඉයර්මිල්නේ ඝණ්ඨාරය" (어밀네 종) පිළිබඳ ප්‍රකාශිත පුවත නැවත ඉදිරිපත් කිරීමේ දී විකෘති වන්නට ඇත.[4] වඩාත් මෑතකාලීනම මතය නම්, අනෙක් ඝණ්ඨාරය පිළිබඳ ජනප්‍රවාදය එමිලේ ඝණ්ඨාරයේ ප්‍රවාදය සමග වරදවා වටහා ගත් බවයි.[5][6]

අදාළ ලිපි මගින් මෙම ජනප්‍රවාදයට සමාන පුවතක් හෝ එම ජනප්‍රවාදයම වාගේ ඉදිරිපත් කොට ඇත. එයට උදාහරණ පහත දක්වා ඇත: එච්. එන්. ඇලන්, "Places of interest in Seoul - with history and legend"(The Korean Repository, 1895.4), එච්. බී. හල්බර්ට්, "The Korean Legend on the 'Spirit of the Bell'"(The Korean Review, 1901), කොන්ස්ටන්ස් ජේ. ඩී. කූල්සන්, "The Sight of Seoul"(Korea, 1910), ෆ්‍රෑන්ක් එලියස්, "Korea-chapter4(Places, Bells, and Dogs)"(The Far East(China, Korea, Japan), 1911), E. M. Cable, "Old Korean Bells"(Royal Asiatic Society XVI, 1925)

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Official Site of Korea Tourism: The Divine Bell of King Seongdeok
  2. Beat Maps of King Song-Dok Bell, Beat Map Drawing Method of Bell Type Structures and Beat Maps of the King Seong-deok Divine Bell by Kim Seok Hyun. http://www.ndsl.kr/ Another article can search at JSV 2005.3 by Yi JangMu and Yi CiUk
  3. 나의 문화유산답사기(literally My Cultural Heritage Exploration.) book 3 chapter 9, by Yu HengJun
  4. http://cha.korea.kr/gonews/branch.do?act=detailView&type=news&sectionId=co_sec_1&categoryId=&dataId=155312736 (Korean), also fiction section of the '매일신보(Official newspaper of the Governor-General of Korea, published by the Japanese colonial government). One picture of the link is original text of Earmilne bell. Opponents reference is 326 page of The Passing of Korea (Homer Bezaleel Hulbert, 1906, a story about other bell in Seoul and Japanese records about 1920).
  5. 326 page of The Passing of Korea.
  6. http://orumi.egloos.com/4061904 (Korean) References of this post is a article of journal called Byeolgungon(별건곤, 別乾坤), 23rd(1929.9.27).

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සොංදොක්_රජුගේ_ඝණ්ඨාරය&oldid=410748" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි